Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨාභය දරුණු පාලකයෙක් වෙන්නේ නෑ... බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

අනතුරෙන් මියගිය බිරිඳ පැළඳ සිටි මාලෙයි, මුදුවයි මාරු කරලා මට දුන්නේ ඉමිටේෂන් බඩු

මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි

මට බෙහෙත් ගන්න ඇඹරැල්ලා විකුණාගෙන එන්න ගිය පුතා මෙහෙම එයි කියලා හිතුවේ නෑ - මියගිය හසාන්ගේ මව

ඇඹරැල්ලා අරන් කොළඹ ගිය මගේ පුතා ගෙදර ආවේ කිසිම කථා බහක් නැතුව. අම්මෙි මම දවල් 12 වෙනකොට ගෙදර එනවා අම්මා බෙහෙත් ගන්න යන්න

අධිකරණයෙන් ඇප ලැබූ ගණන් සර් මාධ්‍යට කියූ දේ

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියලා අයිතිකරුවන්ටම බෙදා දෙන්න

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක

වයස 14 දැරියක් එක්ක පවුල් කෑ 22 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට

දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් (01) පැවැති

ඔසාමා බින්ලාඩන්ගේ පුත්‍රයෙකු මියගිය බව ඇමරිකාව කියයි

අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ

මස්කෙළිය ගොවිපළක සිටි ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 200ම මරුට

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2017 මැයි මස 14වැනි දින කිරි ගවයන් 1994 දෙනෙක් හා 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයන් 3024 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 70%කින් පමණ ඉහල අගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කඩාවැටී තිබූ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය සති දෙක පමණ වනවිට සියයට හැත්තෑවකින් පමණ ඉහළ

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ සහය

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.ශ්‍රී ලංකාව

පිච්චමල් පූජාවේදී ගැට කපන්නට ආ කාන්තාවක් දැලේ

නුරාධපුර මහමෙව්නා පින්බිමේ ඉකුත් 27දා පැවැති පිච්ච මල් පූජාවට පැමිණ ගැට කැපීමේ නිරත වූ බවට සැකකරන තෙලිඟු ජාතික කාන්තාවක් අනුරාධපුර උඩමළුව

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට්

නන්පේරියල් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ

චීනයේ නාය යාමෙන් සිදු වූ මරණ ගණන 36 දක්වා ඉහළට

නිරිතදිග චීනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නාය යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙක් අතුරුදහන් ව

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල

අවිශ්ක පිටිය මැද සැණකෙළියක් මවද්දී තරඟය බැලූ පියා හදිසියේම රෝහල්ගත කරයි

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියාවන කොලින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර තිබෙනවා.රෝගී වන අවස්ථාවේ

රූමස්වල නෞකාව ඉවත් කිරිම කොටස්වලට වෙන්කිරීමෙන්

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි  අනතුරකට ලක්ව ඇති  ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ලාල්කාන්ත ගැන මහින්ද අනුරගෙන් විමසයි
GossipClanka.com

2019 අය - වැය දෙවැනි වර කියැවීමේ විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් (07) දින පාර්ලිමේන්තුව ආරම්භ වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික්

 

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් මංගල සමරවීර අමාත්‍යවරයාගේ අය - වැය ගීතයක කොටසකින් හැඳින්විය.

‘හීන තියෙනවා, කෝටියක්.....අතේ නැහැ එක පිච්චියක්’ යනුවෙන් ගීතයක කොටසක් ගායනා කරමින් නලින්ද ජයතිස්ස විවාදය ආරම්භ කළේය.

‘මේ අය - වැය මඟින් මංගල ඇමැතිතුමාගේ සිහින සෘජුව විවෘත කර තිබෙනවා. හැම ක්‍ෂේත්‍රයකටම මංගල ඇමැතිතුමා සිහින ලබාදීලා තියෙනවා. ලස්සන ලස්සන නම් දාලා ණය යෝජනා ක්‍රම හඳුන්වා දී තිබෙනවා. මේක ලීසිං සමාගමක් වගෙයි. ඇඩ්වර්ටයිසින් කම්පැනි එකකටවත් කරගන්න බැරි විදියට මංගල ඇමැතිතුමා නම් දාලා තියෙනවා. මේක මංගලගේ ෆැන්ටසි අය - වැයක්’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා මෙවර අය - වැය පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළේය.

එල්ලෙන්නට වැල් නැතිව සිටි ආණ්ඩුවට මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා විසින් එල්ලීමට වැලක් දුන් බවද නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේය.

‘දැන් මේ ආණ්ඩුව තමන්ට කරගන්න බැරිවුණු හැමදේකටම කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වෙලා හිටපු දින 52 නිසා මේ තත්ත්වය ඇති වුණා කියලා.

මීට කලින් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයක් ඇතිවුණු වෙලාවේ සිරිකොත අවට මාර්ගවල තාර දාලා කාපට් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විපක්‍ෂනායක ධුරය බේරලා දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතායි.

මේ ආණ්ඩුව දැන් කතා කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වෙලා හිටපු දින 52 නැත්නම් රට සුරපුරයක් කරන්න පුළුවන් වෙනවා කියලයි’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ මන්ත්‍රි පිවිසුම අසලදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන්ට විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මුණගැසුණේය.

‘මොකද ලේකම්තුමා ඔතන ඉන්නේ විපක්‍ෂ නායකතුමාවත් එන නිසාද?’ යනුවෙන් විජයකලා මහේශ්වරන් විමසුවාය.

‘ඔව්, විපක්‍ෂ නායකතුමා මඟ එනවා’ කුමාරසිරි හෙට්ටිගේ ප්‍රතිචාර දැක්වීය.

‘අම්මෝ, අනෙයප්පා එහෙමනම් මං ඉක්මනට යන්න ඕන’ විජයකලා මහේශ්වරන් පැවැසුවාය.

‘මොකද විපක්‍ෂ නායකතුමාට බයද?’ යනුවෙන් විමසුවේ කුමාරසිරි හෙට්ටිගේය.

‘නැහැ. එහෙම එකක් නෙවෙයි. එතුමන් එක්ක කතා කර කර ඉන්න එක කවුරුත් දැක්කොත් හොඳ නැහැනේ’ යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ විජයකලා රාජ්‍ය අමාත්‍යවරියයි.

ඒ සමඟම මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා පැමිණියේය.

‘යාපනයේ ඇමැතිතුමිය මොකද කරන්නේ’ මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා සිනහසෙමින් කතාවට මුල පිරුවේය.

‘සර්, හම්බවෙන්න ටිකක් බයයි කියලා ඇමැතිතුමිය කියනවා’ හෙට්ටිගේ ප්‍රකාශ කළේය.

‘අනේ නැහැ සර්, ඉතින් දන්නේ නැද්ද’ යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ විජයකලා මහේශ්වරන්ය.

‘ඔබතුමියගේ මහත්තයා මහේශ්වරන් මන්ත්‍රිතුමා අපේ හොඳ හිතවතෙක්’ මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා කීවේය.

ඉන් අනතුරුව උතුරේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා සහ විජයකලා මහෙශ්වරන් රාජ්‍ය ඇමැතිනිය අතර කෙටි අදහස් හුවමාරුවක් සිදුවූහ.

එම සාකච්ඡාවෙන් අනතුරුව කුමාරසිරි හෙට්ටිගේ විජයකලාට කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසූහ.

‘බයයි කියලා කිව්වට මහින්ද රාජපක්‍ෂ නායකතුමා හමුවුණාම හුඟක් වෙලා කතා කරනවා. ඒක තමයි එතුමාගේ ආකර්ෂණයේ රහස’ යනුවෙන් කුමාරසිරි හෙට්ටිගේ පැවැසීය.

කැබිනට් මණ්ඩලයේ දෝලනය වන අමාත්‍යාංශයක් තිබෙන බවට පාර්ලිමේන්තුවට හෙළිකළේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වේලුකුමාර් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ලක්ෂ්මන් කිරිඇල්ල පාවෙන අමාත්‍යාංශය ගැන පැවැසීය.

ශ්‍රී  ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් සේවකයන්ට ගෙවීමට හිඟ වී තිබෙන සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වේලුකුමාර් මන්ත්‍රිවරයා විසින් ප්‍රශ්නය යොමු කර තිබිණි.

‘2015 ජනවාරි 08 යහපාලන ආණ්ඩුව පැමිණෙන විට වසර 25ක් තිස්සේ මෙම සේවකයන්ට සේවක අර්ථසාධක සහ පාරිතෝෂික මුදල් ගෙවලා තිබුණේ නැහැ. යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා රුපියල් මිලියන 1,800ක් මුදාහැරලා හිඟ මුදල්වලින් අඩක්ම ගෙවීමට මං මැදිහත් වුණා. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මං මැදිහත් වන විට එයට මුදල් ඇමැති ලෙස රවි කරුණානායක අමාත්‍යවරයා රුපියල් මිලියන 1,800ක් ලබා දුන්නා.

මේ වැවිලි කර්මාන්ත ඇමැතිකම කාලෙන් කාලෙට දෝලනය වෙනවා. කාලයක් මට තිබුණා. ආපහු මගෙන් ගැලවිලා වෙන කෙනකුට ගියා. ආපහු එනවා. මෙහෙම ඇමැතිකම් දෝලනය වන විට තීරණ ගන්න අපහසු වෙනවා’ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර ‘මතට තිත’ සහ ‘තිතට මත’ ගැන කතාබහක් ඊයේ දින පාර්ලිමේන්තුව තුළ සිදුවිය.

මෙම කතාබහ මැතිසබය තුළ ඇති වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට යොමුකරන ලද ප්‍රශ්නයක් හේතුවෙනි.

මෙරට ප්‍රධාන පෙළේ පාසල් අතර වාර්ෂික පැවැත්වෙන ක්‍රිකට් හා වෙනත් ක්‍රීඩා තරගවලදී බියර් සහ මත්වතුර නිපදවන සමාගම් මඟින් බියර් පානය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව පිළිගන්නේද කියා විමලවීර දිසානායක මන්ත්‍රිවරයා විසින් විමසන ලදී.

ඊට පිළිතුරු ලබාදෙමින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා කියා සිටියේ ‘නැත’ කියාය.

‘ඔය වාර්තා ගැන පුවත්පත්වලත් වාර්තා පළවෙලා තියෙනවා. මේවා දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්’ යනුවෙන් විමලවීර දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළේය.

‘මාධ්‍යවල යන ඒවාට උත්තර දිදී ඉන්න ගියොත් දවසම යාවි’ ඊට ප්‍රතිචාර දැක්වූයේ අකිල විරාජ් කාරියවසම්ය.

‘මං දන්නවා ඇමැතිතුමා බියර්, අරක්කු විකුණන්නේ නැහැ කියලා. නමුත් මේවයේ ප්‍රවර්ධන සිදුවෙනවා’ විමලවීර දිසානායක පෙන්වා දුන්නේය.

‘බියර්, අරක්කු ප්‍රවර්ධනය කරන කිසිම සමාගමක් අධ්‍යාපන අමත්‍යාංශයට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා මං ඉතා වගකීමෙන් කියනවා’ අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

‘මතට තිත ක්‍රියාත්මක වෙනවා නේද?’ යනුවෙන් මීට මැදිහත් වූයේ කරු ජයසූරිය කථානායකවරයාය.

‘කථානායකුමනි මතට තිත නෙවෙයි. තිතට මත’ යනුවෙන් විමලවීර දිසානායක කියපු කතාවට සියල්ලෝම සිනහසූහ.

මේ අතර විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තිබුණු සාකච්ඡාවට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සමඟ දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරුද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ජනතා විමුක්ති පෙරමුණෙන් සහභාගි වූයේ එහි නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරුන්ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භ වූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂයට වෙන් වී තිබෙන කාලවේලාව ගැන සිදුවූ කතාබහකිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිනකට වෙන්වී තිබෙන්නේ විනාඩි 168කි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 97 දෙනකු වෙනුවෙනි.

දෙමළ ජාතික සන්ධානයට විනාඩි 30ක් වෙන් වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට වෙන් වී තිබෙන්නේ විනාඩි 15කි.

තමන්ට හිමි වී තිබෙන කාලය තවත් විනාඩි කිහිපයකින් වැඩි කිරීමට තිබෙන හැකියාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් මෙහිදී අවධානය යොමු කර තිබිණි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා විමසා සිටියේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පිළිබඳවයි.

‘ලාල්කාන්ත බලන්න ගියේ නැද්ද?’ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායවරයා විමසුවේය.

‘ලාල්කාන්ත සහෝදරයා බලන්න අපේ කට්ටිය ගියා. හෙට දින මෝසමක් මඟින් උසාවියට කරුණු දිරිපත් කරන්න නීතිඥයන් කටයුතු කරනවා’ යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පුස්තකාලය අසලදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා මුණගැසුණේය.

‘මෙතුමා අපේ පැත්තට ගන්නවා. මෙතුමායි මායි දෙන්නම කොළඹ රාජකීය විද්‍යාලයේ. ඒක නිසා ඔබතුමා මගේ පැත්තට එන්නම ඕන.’ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ අත අල්ලාගෙන ප්‍රකාශ කළේය.

ඉන් ටික වේලාවකට පසුව එම ස්ථානයට පැමිණියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමය.

‘මන්ත්‍රිතුමා කිව්වා ජාතික ඇඳුම අඳින ජනාධිපති අපේක්ෂකයෙක් ගැන. ඒ කිව්වේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා ගැනද?’ එහි සිටි පුද්ගලයකු කුමාර වෙල්ගමගෙන් විමසුවේය.

‘ඔව්. ඔව්. මං කිව්වේ මෙතුමා ගැන තමයි. මේ බොරළුගොඩ පරම්පරාවේ සිංහයෙක්’ යනුවෙන් කුමාර වෙල්ගම දිනේෂ් ගුණවර්ධන දෙස බලමින් පැවැසුවේය.

2019-03-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පාකිස්තානයේ ආරක්ෂාව සොයන්න - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා

සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ කොළඹ

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ

සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස

2015න් පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය

ලොවක් ආදරය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳව

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements