Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

චීනය ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට චීනය පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ. ඒ අද පෙරවරුවේ සංචාරක කටයුතු

සහරාන්ලාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්මයි

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි

සිසේරියන් සැත්කම් 8000 ක්‌ කළ බව පිළිගනියි

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තවුහීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු බවට

තිහාරියේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය මන්ත්‍රිවරයකු ඇතුළු 26ක් අත්අඩංගුවට

නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ඇතුළු 26 දෙනෙක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස්

දරු තිදෙනාටම වස පොවලා අම්මාත් බීලා; සිවු හැවිරිදි දරුවා මිය යයි

පොළොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්‌ ඊයේ (24 දා) දහවල් තම දරුවන් තිදෙනාට වස පොවා ඇයත්

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ

ගාල්ලේ පාසලක විද්‍යාගාරයේ පිපිරීමක්

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ විද්‍යාගාරය තුළ පෙරේදා (22දා) දහවල් පිපිරීමක් සිදුව ඇති අතර පිපිරීමට හේතුව රජයේ රස පරීක්ෂකවරයාගේ

හැටන්-මහනුවර බස් වර්ජනයක්

හැටන් සිට මහනුවර දක්වා ධාවනය කරවන සියලුම පෞද්ගලික  බස් රථ සහ ලංගම බස් රථ අද (24) වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව

ෆේස්බුක් ජාතිවාදීන් ලේඛණය CID අතට.. සියළු දෙනා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්..

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන් මගින් ආගම්වාදය හා ජාතිවාදය අවුස්සමින් වැරදි ප්‍රචාර ගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු ලේඛනය රහස් පොලීසිය

මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම්

හුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ  නාම ලේඛනය මේ වනවිට

"කිසිදිනෙක පාසල් ගොස් නෑ" අන්තර්ජාලයෙන් බලා ලොව සුපිරිම ගිනි අවි නිපදවු ශ්‍රිලාංකිකයා

පොලීසිය විසින් ඔහුගේ කම්හල වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවි හා ගිනි අවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග

අලෙවිය සීග්‍රයෙන් අඩුවෙයි , ලාභය වැඩිවෙයි - 2019

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ‍්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා.ලංකා දුම්කොළ සමාගම පවසන්නේ

යනකොට පාර වහන්න ඇමතිලා කවුද

කොළඹ නගරයේ මාර්ගයක ඇමතිවරයෙක් ගමන් කරන විට පාරවල් වසා දමා තිබෙන අයුරු දැක්වෙන වීඩියොවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ

Google සේවා සීමාකිරීම ගැන Huawei මෙසේ කියයි

ලොව වටා Android තාක්ෂණයේ වර්ධනයට සහ දියුණුවට සැළකියයුතු දායකත්වයක් Huawei සමාගම විසින් ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධාන

බේරුවල වෙසක් සැරසිලි කළ මුස්ලිම් ජාතිකයන්ට තර්ජනය කරලා

බේරුවල නගරයේ වෙසක් සැරසිලි කිරීමට දායක වූ මුස්ලිම් ජාතිකයන්ට යතුරුපැදියකින් පැමිණ තර්ජනය කළ බව කියන බේරුවල නගර සභාවේ

කුරුණෑගල පොල් වත්තක පුහුණු කඳවුරක්- සැකකරුවන් කොටුවෙයි

අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවටඅප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට

දරුවන් පාසල් වෙත එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ

Huawei දුරකථන වලට ගුගල් සමාගමේ තහංචි

චීනයේ Huawei සමාගම සමග තිබෙන වෙළද ගිවිසුම අත්හිටුවීමට අමෙරිකාවේ ගුගල් සමාගම තීරණය කර තිබෙනවා. ඒ සමග ගුගල් සමාගම

පොහොට්ටුවේ මැරයන් මිනුවන්ගොඩ බුදු පිලිම ගිනි තිවුවා..- රන්ජන්

පොහොට්ටුවේ මැරයන් විසින් මිනුවන්ගොඩ නගරයේ බුදු පිලිම ගිනි තබා ඇති බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.එම මැරයන්ටත්

රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයට ටී.එන්.ඒ සහාය

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලුම රහස් හෙළි කරයි.
GossipClanka.com

පසුගිය කාලයේ සිදු වූ සුවිශේෂී දේශපාලන සිදුවීම් නිසා කියැවුණු ජනප්‍රිය දේශපාලනඥයන් කීප දෙනකුගේ නම් හැරුණු කොට මෑතදී මේ රටේ වැඩියෙන් කියැවුණු නම ඩුබායි මධුෂ්ය. එය පසුගිය සති කිහිපය තුළ දී නම් මේ රටේ

 

ජනතාවගේ මුවින් වැඩියෙන් ම කියැවුණු නම බවට පත්වුණේය. ඒ ලංකාවේ ප්‍රසිද්ධ ගායකයකු ද ඔහුගේ පුතා ද අපේ නළුවකු හා තවත් පාතාල සගයින් පිරිසක් ද සමඟ ඩුබායි හෝටලයක් තුළ දී මධුෂ් අත්අඩංගුවට පත් වීමත් සමඟිනි. දැන් මේ රටේ ප්‍රබලතම අපරාධකාරයකු ලෙස හඳුන්වන්නට පටන් ගෙන ඇති සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ් හෙවත් ඩුබායි මධුෂ් ගැන මුළු රට ම කතා කරන්නට පටන් ගෙන තිබේ.

කඹුරුපිටිය, ගතාර, බැරගම්මුල්ල 'සමරගිරි' නිවෙසේ 1979 පෙබරවාරි 24 වැනිදා මේ පුංචි කොලු පැටියා උපදින විට මේ රටේ මේ තරම් පෙරළියක් කරන අපරාධකාරයකු වෙතැයි කිසිවකු නොසිතන්නට ඇත. ඒ අනුව මධුෂ්ට හරියට ම වයස අවුරුදු 40 පිරුණේ පසුගිය 24 වැනි ඉරිදාට ය.

මධුෂ් හොඳ මිනිසකු නොවේ. ප්‍රබල අපරාධකාරයෙකි. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඒ සියලු හැඳින්වීම්වලට යටත්ව මධුෂ් යනු මේ සමාජය විසින් , මේ සමාජයේ උත්තේජනයන් විසින් නිර්මාණය කළ මිනිසෙකි. මේ රටේ මෙවැනි තක්කඩි, අවස්ථාවාදී, බලලෝභී දේශපාලනයක් නොවන්නට මධුෂ් වැන්නකු බිහි වේ යැයි සිතිය නොහැකිය. ඉදිරියට ද මධුෂ්ලා වැන්නන් බිහි කරන ඒ දේශපාලනය ද සමාජය ද ඒ විදියටම වැජඹෙමින් තිබේ. මධුෂ් සමඟ කුඩු කෑ දේශපාලනඥයන්ගේ ද පොලිස් ලොක්කන්ගේ ද එළියට ආ කතාවලින් පහුගිය දවස්වල මේ තත්ත්වය මැනවින් පැහැදිලි වූයේය.

මධුෂ්ගේ උපන් ගම පිහිටියේ මාතර කඹුරුපිටිය නගරයේ සිට මාකඳුර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විටය. අදටත් වඩා එදා මේ ගම තේ, කුරුඳු හා කුඹුරු යායන්ගෙන් සුන්දරව පිරී පැවැතිණි.

බොහෝ මිනිසුන්ගේ මෙන්ම මධුෂ්ගේ ජීවිතය ද හමුවීම්, වෙන්වීම්වලින් මෙන්ම බරපතළ දුක්ඛදායක මුහුණදීම්වලින් ද පිරී පැවැති එකක් විය. කුඩා කලදීම ඔහුගේ ජීවිතය ඉතා කනගාටුදායක සිදුවීම්වලින් පිරුණක් විය.
මෙරට මහා භීෂණයක් පැවැති 1989 දී මධුෂ්ගේ මව ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මරු වැල½ඳ ගත්තාය. ඒ ඇය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධව සිටි නිසාය.

එම අමිහිරි සිදුවීම තදින් ඔහුගේ සිතේ පැලපදියම් වෙත්ම තාත්තා වෙනත් විවාහයක් කර ගෙන ඔවුන්ගෙන් වෙන්ව ගියේය.

බොහෝ අගහිඟකම් මැද මධුෂ් තම පුංචි අම්මාගේ සෙවණේ හැදී වැඩුණේය. ඔහුගේ එකම නැගණිය වූ ලක්ෂිණි ද එකම සහෝදරයා වූ නිරෝෂන් ලක්ෂිත ද හැදී වැඩුණේ එම නිවෙසේය. කෙසේ වෙතත් මවගේ මරණයෙන් ආසන්න කාලයක ම මේ එකම මල්ලී ද කිසියම් පිරිසක් විසින් ඝාතනය කරන ලදුව මාතර වේල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබිණ. එය මධුෂ්ගේ ජීවිතයට තදින් බලපාන වේදනාකාරී දෙයක් විය. ඔහුගේ ජීවිතය විශාල කඩාවැටීමකට ලක් වන්නට ද සමාජය කෙරෙහි වෛරයක් නිර්මාණය වන්නට ද අම්මාගේ සහ එකම සොහොයුරාගේ ඝාතන දෙක හේතු වන්නට ඇති බවට සැකයක් නැත.

මධුෂ් ගැන විවිධ පුවත්, විවිධ කතා පසුගිය කාලයේ කෙළවරක් නැතිව දිග හැරෙන්නට විය. ඒ අතරින් ඔහුගේ ජීවිතයේ පාසල් අවධියේ පටන් හොඳම කතාව එළියට ආවේ පසුගිය සතියේය. ඒ ඔහුගේ විවාහක බිරිය ගයානි මුතුමාලිගෙනි. ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සිය කාර්යාලයට කැ¼දවා ඇය සමඟ කළ කතාවේදී ඇය මේ බොහෝ දේ හෙළි කර තිබුණාය.

අනෙක් බොහෝ තරුණයන්ට මෙන්ම මධුෂ්ට ද පාසල් ප්‍රේමයක් තිබිණ. මධුෂ් ඉතා කඩවසම් මනා පෙනුමින් යුත් තරුණයකු ලෙස පාසල් අවධියේ පටන් ප්‍රකටව සිටියේය. ඒ නිසා බොහෝ තරුණ සිසුවියන්ගේ ඇස මධුෂ් කෙරෙහි නැඹුරු වන්නට විය. එහෙත් ඔහුගේ හිත දිනා ගත්තේ ගයානි මුතුමාලි ය.

මේ පාසල කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයයි. එය මිශ්‍ර පාසලක් විය. දෙන්නාම හිටියේ එකම පන්තියේ ය. ගයානි පාසල් ආවේ කඹුරුපිටිය මාවරල පොලිස් වසමේ මාකඳුරේ වටේවල මහගෙදරවත්තේ ඉඳන් ය. මධුෂ් කඹුරුපිටිය ගතාරේ ය.

"අපි යාළුවුණු මුල් කාලෙම මධුෂ්ලාට ගොඩාක් කරදර ආවා. 1988-89 අපේ පළාත්වල ලොකු භීිෂණයක් තිබ්බා. මධුෂ්ගේ අම්මාව මරන්නෙ ඒ කාලෙදි. හමුදාවෙන් මැරුව කියලයි ආරංචි වුණේ. ඒත් එක්ක ම මල්ලිවත් මාතර වේල්ලදි මරල දාල තිබුණා. ඒ මරණ දෙක මධුෂ්ගෙ ජීවිතයට හරියට බලපෑවා. ඔය අතරෙ තමයි තාත්ත එයාලව දාල ගියේ.....

මධුෂ් ඉගෙන ගන්න දක්ෂයි. සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා. මේ කරදර නිසා එයාට දිගින් දිගට ම ඉගෙන ගන්න බැරි වුණා....

ඉස්කෝලෙන් අයින් වුණාට පස්සෙත් අපේ සම්බන්ධය දිගට ම තිබුණා. මධුෂ් ටිකක් දාමරික නිසාත් ඒ ගොල්ලන්ගේ පවුල්වලට ඇති වුණු ප්‍රශ්න නිසාත් අපේ අම්මයි තාත්තයි මේ සම්බන්ධෙට කොයි විදියෙන් වත් කැමැති වුණේ නෑ. ඒත් අපේ ආදරය දිගට ම තිබුණා....

ඕ ලෙවල් විභාගෙන් පස්සෙ ඉස්කෝලෙන් අයින් වෙලා එයා පුංචි පුංචි වැඩ කරන්න පටන් ගත්තා. අම්පාර පැත්තෙ ගරාජ් එකකත් ටික කාලයක් වැඩ කළා. එක එක දේශපාලකයො එයාව සම්බන්ධ කර ගෙන ඒ ගොල්ලන්ගෙ නොයෙකුත් වැඩ කර ගන්නත් පටන් ගත්තා..."

සල්ලිබාගේ හා පවුල් පසුබිමක් තිබුණු ගයානිගේ පවුලෙන් මොන තරම් විරෝධයක් එල්ල වුවත් ඔවුන්ගේ ආදරය ලියලා ගියේය. ඒ අනුව 1999 දී ඔවුහු දෙදෙනා කාටත් රහසින් විවාහ වූහ.

"විවාහ වුණායින් පස්සෙ මුලින් ම අපි කඹුරුපිටිය ගතාරේ මධුෂ්ගෙ ගමේ හිටියෙ. ඊට පස්සෙ අපේ ගම මාකඳුරේ වටේවෙල මහගෙදර වත්තෙත් හිටියා. අම්මල තාත්තලගෙ විරුද්ධකම් නැති වෙලා ගියා. මධුෂ් ත්‍රීවීල් එකක් එළෙව්වා. පස්සෙ ඒ රස්සාව අතඇරල අත්ට්‍රැක්ටරයක් අරගෙන ඒකෙත් වැඩ කළා. ඒ දවස්වල අපේ ජීවිත හරි සාමයෙන් සතුටින් ගෙවිල ගියා..."

මේ අතර මධුෂ්ට හා බිරිය ගයානිට එක්තරා දේශපාලනඥයකු මාර්ගයෙන් මාතර මහ රෝහලේ සුළු සේවකයන් ලෙස රැකියාව ලැබෙන්නේ ය. මධුෂ්ට උපස්ථායකයකු ලෙස රැකියාව ලැබෙන අතර ගයානි වැඩ භාර ගත්තේ කනිෂ්ඨ සේවිකාවක ලෙසය. එහෙත් ටික කාලයක් රැකියාව කළ මධුෂ් හදිසියේ ම එයින් ඉවත් වන්නට තීරණය කළේ ඇයි දැයි දන්නේ නැත. ඒ විතරක් නොව ඔහු රැකියාවෙන් වහාම අස්වන්නැයි ගයානිට ද බලපෑම් කළේය.

"මධුෂ්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තෙ එතන ඉඳලා. මං පුළුවන් තරම් කිව්වා. ඒත් පස්සෙ මට කරන්න දෙයක් තිබුණෙ නැහැ...." ගයානි කියන්නීය.

මධුෂ් අපරාධකාරයකු ලෙස අත්පොත් තබන්නේ මාවරලේ කුසුමදාස නම් තැනැත්තකු ඝාතනය කිරීමෙන් යැයි කියනු ලැබේ. එහෙත් ඒ චෝදනා මධුෂ්ට එරෙහිව ඔප්පු කර ගත හැකි වූයේ නැත.

'අපට අපේ පාඩුවේ ඉන්න දෙන්න' යැයි ළාබාල තරුණ අවධියේ දී ගමේ දේශපාලන අධිකාරියෙන් ආයාචනා කළ ඩුබායි මධුෂ් වැන්නකු රටවල් දෙකක් හොල්ලන තරමේ දරුණු අපරාධකරුවකු වූයේ කෙසේද යන්න මේ සමාජය විසින් විමසා බැලිය යුතු කරුණක් බව ගයානි මුතුමාලි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ කළ පාපෝච්චාරණයෙන් ධ්වනිත වන සැබෑ යථාර්ථයයි.

මහගෙදරවත්ත ගයානිගේ මහ ගෙදර තිබූ ප්‍රදේශයයි. කිසියම් ව්‍යාපෘතියක් සඳහා මේ ප්‍රදේශවල ඉඩම් අත්පත් කර ගන්නට යැයි මුලින් ම වැඩේට බහින්නේ පළාත් අමාත්‍යවරයකු වූ ඩැනී හිත්තැටියගේය. එම ඇමැතිවරයාගේ මස්සිනා වූ උපනන්ද නමැත්තා මධුෂ්ට මෙන්ම ඒ පවුල්වල අයට ද ඉතාම හිංසාකාරී ලෙස කරදර කර තිබිණ. මධුෂ් මෙවැනි තත්ත්වයක් දක්වා නිර්මාණය කිරීමට හේතු වූ සාධක ඔහුගේ බිරිය ගයානි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ කියා තිබිණ.

"ඩැනී හිත්තැටියගේ අපේ නෑදෑයො වෙනවා. මේ ඔක්කොම ගැටුම් ඇති වුණේ ඉඩම් ප්‍රශ්න නිසා. අපි ඒ මිනිස්සුන්ට ඇති තරම් කිව්වා අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඇත්තම කිව්වොත් මධුෂ් ඒ කාලෙ ඒ අයව පුළුවන් තරම් මග ඇරලයි හිටියෙ. ඒත් අපට නොසෑහෙන්න කරදර කළා. උපනන්ද මධුෂ්ට ශාරීරිකවත් හරියට හිංසා කළා. මේ තාඩන පීඩන මැද්දෙ අපිට 2011 අවුරුද්දෙ පුතෙක් ලැබුණා. ඒත් එක්ක මේ කරදර මැද්දෙ ඉන්න බැරි නිසා මධුෂ් මට කතා කළා වෙන කොහේ හරි ගිහින් ජීවත් වෙමු කියලා. අපි අපේ ගමේත් මධුෂ්ගේ ගතාරේ ගෙදරත් විටින් විට දරුවත් එක්ක ජිවත් වුණා...."

පසුකාලයක මොන තරම් අපරාධකාරයකු වුව ද මධුෂ්ට මේ කෙනහිලි හා හිංසාවන්ට විරුද්ධව නැඟී සිටින්නට සිත් පහළ වන්නේ බොහෝ විට අම්මාගේ ලේ වල ගතිය ඇඟේ තිබුණු නිසා විය හැකිය. මධුෂ්ගේ අම්මා මාලනී සමරසිංහ 89 භීෂණය වකවානුවේ පවා කඹුරුපිටිය පැත්තේ ජවිපෙ කාන්තා අංශයේ ක්‍රියාකාරිනියක වූවාය. දැනුවත්වම මේ දේශපාලනයට සම්බන්ධ වූ ඇය ඝාතනය වන්නේ ඒ ප්‍රදේශයේ කිසියම් අභ්‍යන්තර වැඩකට සම්බන්ධ වූ අවස්ථාවේදී හෝ ඉන්පසුව හමුදා අත්අඩංගුවට පත් වූ පසුව බව කියනු ලැබේ. දරුවන් දෙදෙනකු ඉන්නා අම්මා කෙනකු හැටියට ඇය මෙවැනි අවදානමකට මුහුණ දුන්නේ කිසියම් එඩිතර බවක් තිබුණු ගැහැනියක නිසා වන්නට ඇත.

කෙසේ නමුත් මේ ගමේ ඉඩම් ආරවුල අවසානයේ මධුෂ් අතින් සිදුවන මීනීමැරුම් වැලක් බවට පරිවර්තනය වී තිබිණ. කුසුමදාස මරා ඉන් ගැලවෙන ඔහු අනතුරුව උපනන්දව මරා දැම්මේ ය. අපරාධ චෝදනා මත රිමාන්ඩ් ගතව සිටියදී අනතුරුව සැලැසුම් කරන්නේ පළාත් ඇමැති ඩැනී හිත්තැටියගේ මරා දමන්නටය. දේශපාලකයන්ගේ පසුපස යන පාතාලයන් වෙනුවට දේශපාලකයන්ට අභියෝග කරන පාතාලයකු බවට මධුෂ් පත් විය. එතැන් සිට මධුෂ් පාතාල ලෝකය තුළ හොල්මන් කරන්නට පටන් ගත්තේ ය. අනතුරුව ක්‍රමයෙන් ලංකාව තුළ සැඟවී සිටිමින් ද ඩුබායි සිට ද පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නට විය.

රටින් පැන ගිය මධුෂ් අවසන් වරට තමන්ට හමු වූ අයුරු ද බිරිය ගයානි මුතුමාලි නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියා තිබිණ.

"දරුවත් අරගෙන මම පහුගිය අගෝස්තු 11 වැනිදා සිංගප්පූරු ගියා. දරුවට දැන් අවුරුදු 18 ක්. ලොකු අසනීප තත්ත්වයක් තියෙනවා. මං ගියේ දරුවට බෙහෙත් ගන්න. පස්සෙ මං නාඳුනන දෙන්නෙක් එවල තිබුණා සිංගප්පූරුවට. ඒ ගොල්ල අපිව ඩුබායි එක්ක ගියා. ඩුබායිවලදි මට මධුෂ්ව හම්බ වුණා.

මට එදා මධුෂ් කිව්ව දරුව එයාට දෙන්න කියල. දරුවා එහෙ තියලා මට හිස් අතින් ගෙදර එන්න සිද්ධ වුණා. මට කරන්න දෙයක් තිබුණෙ නැහැ. මට මගේ පුතා ගැන පුදුම තරම් දුකයි..."

මධුෂ්ගේ නම ඉදිරියේ ලියැවෙන මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් හා වෙනත් සාහසික පාතාල අපරාධ නිමක් නැත. ඉතා සූක්ෂ්ම ලෙස අපරාධ කිරීමේ හා කිසිදු සාක්ෂියකට ඉඩ නොතබා ඒවා සඟවා තැබීමේ පුදුමාකාර හැකියාවක් ඔහු සතුව තිබිණ. අද මොන මොන දේශපාලකයන් තමන්ගේ ගැලවීමට විවිධ දේ කිව්වත් මධුෂ් මේ තත්ත්වය දක්වා වර්ධනය කිරීමේ හා පවත්වා ගැනීමේ උත්තේජනය හා සහයෝගය ලැබී ඇත්තේ සමහර දේශපාලකයන්ගෙනි. ඇතැම් පොලිස් ලොක්කන්ගෙනි. ඔහු ඒ සඳහා ඔවුන්ට ප්‍රතිඋපකාර ද දක්වා තිබේ.

මධුෂ් මේ රටේදී අත්අඩංගුවට පත් වූයේ නම් මේ කතාව මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබිණ. ජනතාවට දැන් මෙහි අරුමයක් හා උනන්දුවක් ඇත්තේ මධුෂ් ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වීමය. එරට නීතිය අනුව කටයුතු සිදු වීමය.

තිස්ස කොරතොට

2019-02-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements