Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

සා/පොළ ප්‍රථිපල නිකුත් වෙයි ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන්

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

තැපැල් ස්ථානාධිපතිවරු 1000ක් බඳවාගැනීමේ වැඩසටහනක්

ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසා සිටියි.අමාත්‍යවරයා

අද සිට උත්පත්තියෙන්ම හැදුනුම්පත් අංකයත්....

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට

ලංකාවේ සංචාරයට ඇවිත් ගත්ත ජායාරූපයට හැමතැනින්ම දොස්..!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ලබා ගත් ඡායාරූපයක් නිසා පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙනවා.ඒ පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව

බදුල්ල හාලිඇලි අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.අද උදෑසන

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කළඹයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන්

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මීළඟ ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් එනවා - ලොකුගේ
GossipClanka.com

ජනාධිපති අපේක්‍ෂකයා විදියට යෝජනා වෙන නම් අතර චමල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ නම් කියවෙනවා. මේ අතරින් ප්‍රමුඛතාව ලැබෙන්නේ කාටද? මේ තුන්දෙනාම සුදුසුයි, තුන්දෙනාගේම

 

කිසිම ප්‍රශ්නයක් නැහැ. තුන්දෙනාම යෝජනා කරන්න බැහැනේ. ඒ නිසා එක් කෙනෙක් ගැන ඔබතුමාටත් අදහසක් ඇතිනේ නේද? අපි ඉතින් තුන්දෙනාටම කැමැතියි.

ඔබතුමා කාටද කැමැති? මම කැමැති ඉතින් මේ රට කරන්න පුළුවන් නායකයෙක්ට තමයි. නම් කරපු අය අතර ඉතා හොඳ අය ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතිව යෝජනා කරන්න පුළුවන්.

මට නම් හිතෙන්නේ ඔබතුමා ඒ ප්‍රශ්නෙට සෘජු උත්තරයක් දෙන්නේ නැහැ කියලයි? මම සෘජුව ප්‍රකාශයක් නොදීම නෙවෙයි, අපි මේ වෙලාවේ හැටියට ඔය ප්‍රශ්නේ දාලා තව ප්‍රශ්න ඇති කරන්න හොඳ නැහැ. නැතිනම් උත්තරය මේ දිව ආගම තියෙනවා. ඒක දැන් නෙවෙයි. වේලාව ආවම දෙන්නම්.

ඔබතුමා ඕක ආරක්‍ෂා කරගෙන හිටියට සමහරු නම් මමයි ජනපති අපේක්‍ෂක, තව එයාට බැරි නම් අපිට බැරිද වගේ කතා කියනවානේ. ඇයි එහෙම එක එක කතා කියන්නේ. පක්‍ෂය ඇතුළේ පොදු එකඟතාවක් නැද්ද?

එකඟතාවක් ඇතිවෙන්නේ පක්‍ෂ නායකයෙක් කිව්වොත් මිසක ඔය ගමේම ඉන්න ආසන සංවිධායකලා එහෙම සාකච්ඡා කරලා තීන්දු ගත්තම නෙවෙයි. ඔය ඕන කෙනෙක්ට තමන් කැමැති අපේක්‍ෂකයෝ ගැන විවිධ අදහස් දක්වන්න පුළුවන්. කවුරු මොනවා කිව්වත් හරි වේලාව ආවම හැමෝටම පෙනෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ජනාධිපති අපේක්‍ෂකයා කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක ජී.එල්.පීරිස් මහත්මයාගේ නිවෙසේ සාකච්ඡාවක් පැවැත්වුණා නේද? ඔව්. පැවැත්වුණා.

සියලු දෙනාම වගේ එයට සහභාගි වෙනකොට පොහොට්ටුවේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙක් වන බැසිල් රාජපක්‍ෂ මහත්මයා එයට සහභාගි වුණේ නැහැ. පිට ඉඳන් බලනකොට මේ ක්‍රියාවෙන් යම් විරෝධයක්, අර්බුදයක්, තිබෙන බව පේනවා නේද? නැහැ. නැහැ. එහෙම කිසිම අර්බුදයක් නැහැ. මම දැක්කා වාසුදේව නානායක්කාර මැතිතුමා කියනවා ගෝඨාභය රාජපක්‍ෂ ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ කොන්දේසි සහ අපිත් සමඟ එකඟතාවකට එනවා නම් කියලා.

නමුත් මුලින් කිව්වේ ඊට පටහැනි කතාවක්නේ? අන්න ඒකම තමයි මාත් කියන්නේ එහෙම විරුද්ධව කතා කරපු අය පොඩ්ඩ පොඩ්ඩ දැන් වෙනස් වෙනවා.

බැසිල් රාජපක්‍ෂ මහත්තයා කියනවා 9දා මේ රටේ ජනාධිපති විදියට දිවුරුම් දෙන්නේ පොහොට්ටුවේ කෙනෙක් කියලා. ඒ කියන්නේ කා ගැනද? මීළඟ ජනාධිපතිවරයා පොහොට්ටුවෙන් එනවා කියන එක වෙන්න පුළුවන්. අපේ සාමාජිකයෙක් සමහර විට පොහොට්ටුවේ අපේක්‍ෂකයා වෙයි. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. අපේ ඉන්න සහෝදර දේශපාලන පක්‍ෂත් සමඟ එකතු වෙලා පොහොට්ටුවේ අපේක්‍ෂකයෙක් තමයි මීළඟ ජනාධිපති වෙන්නේ.

ඒ කියන්නේ එතුමා ගැනම වෙන්න බැරිද? නෑ. නෑ. එතුමා ගැන නම් නෙමෙයි. හැබැයි ඒක හරියට හෙට අනිද්දට බලාගන්න පුළුවන් වෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වුණොත් අගමැතිවරයා වෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්මයානේ. එතකොට කෙනෙක්ගේ ප්‍රතිවිරෝධයක් ඇති වෙන්න පුළුවන් නේද? එක පවුලක් වටා කේන්ද්‍ර වුණු ආණ්ඩුවක් කියලා? මෙහෙමනේ මිනිස්සු ඡන්දය දෙන්නේ රාජපක්‍ෂ පවුල නිසා නෙවෙයිනේ. මිනිස්සු ඡන්දය දෙන්නේ ඒ දෙන්නා කරපු කාර්යයන් බලලා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දෙන්නේ මේ රටේ තිබුණු යුද්ධය අවසන් කරලා රටේ යෝධ සංවර්ධන ව්‍යාපාරයක් කරලා ජනතාවට යහපතක් කරපු නායකයා විදිහටයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට ඡන්දය දෙන්නේ යුද්ධය මෙහෙයවලා යුද්දෙන් පස්සේ මේ රටේ ආරක්‍ෂක ලේකම් විදිහට ඉඳලා යූ.ඩී.එක අරගෙන රටේ නව සංවර්ධන වැඩපිළිවෙළක් හදලා විනයක් හදපු නායකයා විදිහටයි. ඉතින් පවුල් දේශපාලනයට ඡන්දය දෙන්නේ නැහැ. මිනිස්සු දන්නවා ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ආවොත් අලුත් දියුණුවක්, විනයක් ඇති වෙන බව ඔවුන් රාජපක්‍ෂ පවුලෙන් ඇවිත් ජනතාවට එය ඒත්තු ගන්වලා අවසානයි.

2019 වසරට තවමත් අයවැයක් නැහැ නේද? 5දා හරිනම් බජට් එක එන්න ඕනා. අපිත් බලාගෙන ඉන්නේ බජට් එක එනකන් තමයි. ඕක අරගෙන ආවම බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

ඇයි එදාට මොකක් හරි ලොකු දෙයක් වෙනවද? බලාගෙන ඉන්නකෝ

ඔබතුමාල ඔහොම කිව්වට බලන් ඉන්න අයට පේන්නේ විපක්‍ෂය පණ මදි වගේ එකක්? අපි පණ මදි නැහැ. අපි වේලාවට වැඩේ කරලා පෙන්නන්නම්කෝ අයවැය ලේඛනය ගෙනාවම.

ඔක්තෝබර් 26දා කළා වගේ දවස් ගාණක තාවකාලික පෙරළියක්ද කරන්න හදන්නේ? අපි ඒකත් වේලාවට හරියට කළා. කරනකන් කිසිකෙනෙක් දැනගෙන හිටියද නැහැනේ. ඒක කරපු නිසා තමයි මේ ප්‍රගතිශීලී වෙනස්කම් ඇති වෙලා තියෙන්නේ. කවුද හිතුවේ මහින්ද රාජපක්‍ෂ මහත්තයා රටේ අගමැති වෙයි කියලා. හැබැයි අපි ඒක කළානේ.

හැබැයි ඒ වුණු වැඩෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාට එතෙක් තිබුණු කීර්තියට සහ ජනප්‍රියත්වයට හානියක් වුණා නේද? ඒක ඇත්ත. නමුත් ඒ මොනවා වුණත් එදා ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා දැඩි තීන්දුවක් ගත්තා රට බේරාගන්නේ නැතිව අපිට ආණ්ඩුවක් තියාගෙන වැඩක් නැහැ කියලා. මොන ප්‍රශ්නය වුණත් මේ රටේ බේරගන්නයි අපි වැඩ කරන්න ඕනා. ඒ මොහොත වෙනකොට පලාලි විකුණන්නයි සූදානම් කරලා තිබුණෙ. තව හම්බන්තොට වරාය, තෙල් සංස්ථාව විකුණන්න සූදානමක හිටියා. කොළඹ වරායේ දකුණු ජැටියත් දෙන්නයි හිටියේ. අපි ඔක්තෝබර් 26 කරපු පෙරළිය නිසා මේ සේරම නතර වුණා. දැන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හොඳටම හිර වෙලා ඉන්නේ.

අපිට තව මාස 8යි මෙහෙම අල්ලාගෙන ඉන්න තියෙන්නේ. අපි මහන්සි වෙන්නේ ඒකට. හැබැයි එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ වෙන කතාවක්.

ඒ මොකක්ද? ඔවුන් කියනවා ඔක්තෝබර් 26 වැඩේ නිසා ඔවුන්ට ප්‍රථම වරට ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකය ගෙවන්න වෙලාලු. ආර්ථිකය කඩන් වැටිලාලු, කිසිම විදේශීය රටකින්වත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින්වත් ණය දෙන්නේ නැහැලු. ඒ කෙටිකාලීන පසුබැස්ම නිසා.

රනිල් වික්‍රමසිංහ මහත්තයාට වෙන ඉතින් කියන්න දේකුත් නැහැනේ. ඕකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා. එයා 77 ආණ්ඩුව පිහිටුවලා අවුරුදු 10න් හදන්න යෝජනා වුණු මහවැලිය අවුරුදු 5න් ඉවර කළා. ඒකට ජාත්‍යන්තරයෙන් ණය ගත්තා. හැබැයි කිසිම ආණ්ඩුවක් ඇවිත් කිව්වේ නැහැ අපිට ඒ ණය ගෙවන්න බෑ කියලා.

ඒකෙන් තමයි මහවැලි යෝජනා ක්‍රමය හැදිලා අපි බතින් සහලින් ස්වයංපෝෂිත වුණේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේ රටේ ගුවන්තොටුපොළවල්, වරායවල්, අධිවේගී මාර්ග, ගල් අඟුරු බලාගාර හැදුවා. ගල් අඟුරු බලාගාරය නිසා අද කොච්චර විදේශ විනිමයක් මේ රට තුළ ඉතිරි වෙනවාද?. නමුත් මත්තලවත්, හම්බන්තොට වරායවත් ලාභ උපයන්න සමත් වුණේ නැති බවට චෝදනාවක් තිබෙනවා නේද?

මේ ආණ්ඩුව නාවා නම් ඒවා මේ වෙනකොට ආදායම් ලබන තැනට ඇවිත්. ඔවුන් ආපු ගමන් ගුවන් ගමන් සේරම නැවැත්තුවානේ. ඒ මොහොතේ මත්තලට ගුවන් මගීන් ලක්ෂ එකහමාරක් හිටියා. ගුවන් තොටුපොළක් හැදුව ගමන් ස්ථාවර වෙන්න බැහැනේ. ලාභ උපයන්න කාලයක් ගත වෙනවා. වරායේ අපි ප්‍රති අපනයන කටයුතු ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින තෙක් හරි විදියට විදේශ ණය වාරික ගෙවපු රටක් මේක.

තවමත් පළාත් සභා මැතිවරණයක් නැහැ නේද? ඔව් මේ වෙනකොට පළාත් සභා 6ක්ම අක්‍රියයි.

ජනාධිපතිවරණයක් තියන කතාවකුත් කියනවානේ. මුලින් පැවැත්විය යුත්තේ පළාත් සභා ඡන්දෙද, ජනාධිපතිවරණයද? අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා නම් මුලින්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයිනේ. ඊට පස්සේ ජනාධිපතිවරණයට ගියාට කමක් නැහැ. පළාත් සභා 6ක් මේ වෙනකොට අක්‍රියයි. නමුත් අධිකරණයත් නිශ්ශබ්දයි. රාජ්‍ය නොවන ආයතන ගැන කවුරුත්ම කතා කරන්නේ නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව කතා කරන්නෙත් නැහැ. පක්ෂග්‍රාහී ආයතන බව මේකෙන්ම තේරෙනවානේ.

එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ ඒක කලට වෙලාවට තියාගන්න බැරිවුණේ ඔබතුමන්ලා ප්‍රමුඛ කණ්ඩායම නිසා කියලා. ඒකට අපිට චෝදනා කරලා හරියන්නේ නැහැනේ. ඒකට වගකියන්න ඕනා කථානායකවරයා. එදා නියමිත වෙලාව ඡන්දය ගන්න සැලසුම් කරලා තිබුණාම කවුද ඒක කල් දැම්මේ. මේ රටේ මහජනතාව දන්නවා කවුද මැතිවරණ කල් දාන්නේ කියලා. ඔවුන් බයයි ඡන්දෙකට යන්න. කොටින්ම මේක ඡන්ද අරහන් ආණ්ඩුවක්.

සීමා නිර්ණ කමිටුවේ කල් ඉකුත්වීම නිසා අලුත් ක්‍රමයට ඡන්දය තියන්න වෙන එකක් නැහැනේ. පරණ ක්‍රමයටම ඡන්දය තියන්න වුණොත් ඔබතුමන්ලා ඊට එකඟද? අපි ඔය ඕනෑම ක්‍රමයකට ලෑස්තියි. අපිට ඕන මැතිවරණයක්. පැරැණි ක්‍රමයට යනවා නම් එහෙමයි. ආසන මට්ටමට යනවා නම් ඒත් එමෙයි. අපිට කෝකත් එකයි.

එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් ගැන කියනවා නේද? ජාතික ආණ්ඩුවක් ඉල්ලලා තිබුණට තුනෙන් දෙකක් නැතිව කොහොමද හදන්නේ. අපිත් බලාගෙන ඉන්නේ ජාතික ආණ්ඩුවක් හදන හැටි තමයි.

ඔක්තෝබර් 26 දා ඔබතුමන්ලා කරපු ආණ්ඩු මාරුව කුමන්ත්‍රණයක් විදියට අර්ථ ගන්වන පාර්ශ්වත් සිටිනවා නේද? කොහොමද කුමන්ත්‍රණයක් කියන්නේ. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අතර ප්‍රශ්නයක් ඇති වුණාම අපි ඒකෙන් ප්‍රයෝජන ගත්තා.

ඒකට තමයි දේශපාලනය කියන්නේ. ඒකට විරුද්ධව උසාවි ගියේ නැහැනේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් මහත්තයාව අස් කරලා අගමැතිකම මහින්ද රාජපක්ෂට මහත්තයාව දාපු එකට කවුරුවත් උසාවි ගියේ නැහැනේ. එයාලා උසාවි ගියේ මැතිවරණයට විරුද්ධව. ඊට පස්සේ කථානායකවරයා කිව්වා තුනෙන් දෙක නැහැ 50% නැහැ වගේ කතන්දර. දැන් ඉතින් ආයෙත් පාරක් උසාවි යන්න පුළුවන්නේ ඕන නම්.

පසුගිය දිනෙක ජනාධිපතිතුමා කිව්වා අවස්ථාව ලැබුණු පළවැනි තත්පරයේම ආණ්ඩුව පෙරළන බව. ඔව් එහෙම කරන්න ඕනා.

නමුත් ආණ්ඩු පෙරළන එක ලේසි වැඩක් නෙමෙයිනේ. මේ මොහොතේ ආණ්ඩුව පෙරළන්න කරන ඔබතුමන්ලාගේ සටන ශක්තිමත්ද? ඒක තමයි අපි මේ නොකියාම ඉන්නේ. ගිය සැරේ වගේ අපි කොයි වෙලාවේ හරි මේක පෙරළලා දානවා. බලාගෙන ඉන්නකෝ අපි කරන්න යන දේ දිහා.

ඒ වුණාට පිටින් බලන අයට පේන්නේ නම් එදා ඔබතුමන්ලාගේ ආණ්ඩුව ගෙදර යවන්න ක්‍රියාත්මක වුණු රටට සතුරු විදෙස් බලවේගවල කුමන්ත්‍රණකරුවන් තවමත් ඔබතුමන්ලාගේ කඳවුර තුළ සිටින බවක්.

ඇත්ත වශයෙන්ම අපිටත් සැකයක් තියෙනවා ඒ ගැන. 2012 සිට ඔය සතුරු බලවේග මේකට ඇතුළු වෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නැති කරන්න වුවමනා කරන ක්‍රියාදාමය ඇතුළතින් සහ පිටතින් යන දෙකෙන්ම කළා. ඇතුළේ හිටපු කට්ටියව ඒ අය ප්‍රයෝජනයට අරගෙන ඔවුන්ව ක්‍රියාත්මක කළා ඇතුළෙ අයට මහින්ද රාජපක්ෂ මහතාව එපා වෙන විදියට. ඒ අතර පිටත මතයක් හැදුවා වෙනසක් අවශ්‍යයි, හොරකම නවත්තන්න ඕනෑ කියලා. නමුත් එහෙම කියපු අයම තමා ලොකුම හොරකම කළේ.

දැනුත් සමහර වේලාවට ඔය පක්ෂ සේරම අස්සට මේ අය රිංගලා ගෝඨාභය තමා හොඳ, ගෝඨාභය තමා නරක, බැසිල් තමා හොඳ, බැසිල් තමා නරක, චමල් තමා හො½ද, චමල් තමා නරක වගේ මත හදන්න උත්සාහ කරනවා. අපි ඒවා ගැන එච්චරම කල්පනා කරන්නේ නැහැ. ඒ වගේ සතුරු බලවේග තියෙනවා ඇති. අපි එවැනි අයගෙන් ප්‍රවේශම් විය යුතුයි. මිතුරු වෙසින් පැමිණෙන සතුරන්ගෙන් අපි විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙතැයි සිතෙන මිලේනියම් කෝපරේෂන් ඇමෙරිකානු ආයතනය පිළිබඳ මේ වනවිට ඔබතුමන්ලා සිටින ස්ථාවරය කුමක්ද? අපි මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. මිලේනියම් කෝපරේෂන් එකට වඩා බරපතළ ප්‍රශ්නය තමයි දැන් ඇමෙරිකානු 7 වැනි නාවික හමුදාව ඉන්දියන් සාගරයේ සිටින එක. ඒ කුමක් සඳහාද කවුරුත් දන්නේ නැහැ. ඔවුන්ට අවසර දීලා තියෙනවා කිසිම වග විභාගයකින් තොරව අවශ්‍ය කරන බඩු භාණ්ඩ කටුනායක ගුවන්තොටුපොළෙන් ගෙනයෑමට කිසිම පරීක්ෂාවකින් තොරව. මම අහන්නේ මොකක්ද අපේ නිදහස, මොකක්ද අපේ ආරක්ෂාව කියලයි.

මිලේනියම් කෝපරේෂන් එක හරහා ත්‍රිකුණාමලය සිට මන්නාරමට හයිවේ එකක් හැදෙනවා. එතකොට මේ රට නිකන්ම දෙකට බෙදෙනවා. ඇත්තටම ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ආශි්‍රත අක්කර 35,000ක් මෙම ව්‍යාපාරයට දෙන්නත් යෝජනා වී තිබෙනවා. එතකොට මේ 7 වැනි නාවුක හමුදාව ඉන්දියන් සාගරයේ ඉන්නේ ඕනෑම වෙලාවක ලංකාවේ ප්‍රශ්නෙකට බිමට බහින්නද කියලත් අපිට හිතෙනවා. පසුගිය කාලේ ඇමෙරිකාව කරපු දේවල් බලනකොට අපිට විශාල සැකයක් තියෙනවා.

මේ මොහොතේ ජනාධිපතිවරණයක් ගැන කතා කරන ඔබලාට සුළු ජාතික ඡන්ද ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවාද? පෙරත් මම සඳහන් කරපු ආකාරයටම අපි ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්. දැන් පළාත් සභා ක්‍රමය තුළින් අපිට හැකි වුණා ඔවුන් පත්කරන මහජන නියෝජිතයෝ සමඟ සෘජුව ගනුදෙනු කරන්න.

අතට ආයුධ ගත්තු එල්.ටී.ටී.ඊ. වගේ සංවිධාන සමඟ සාකච්ඡා කරන්න බැරි වුණාට, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සමඟ කතා කරන්න හැකියාව තිබුණානේ. පිල්ලෙයාන්ල වගේ අය පළාත් සභාවට පත්වෙලා ආවම අපිට ආයුධ නැතිව සාකච්ඡා කරන්න පුළුවන් වුණා. නමුත් දැන් ඒ අයගේ විකෘතිය පේනවා. නැත්නම් දැනුත් ටී.එන්.ඒ. එක කෑගහන්න එපැයි අපිට පළාත් සභා දෙන්න කියලා. එයාලත් කැමැති පළාත් සභා ඡන්දය කල් දාන්නනේ.

අරුණි මල්ලවආරච්චි

ඡායාරූප - ගැමුණු වැල්ලගේ

2019-02-24

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements