Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මෛත්‍රි - රනිල් සීතල යුද්ධය පාර්ලිමේන්තුවේ දී ඇවිළේ
GossipClanka.com

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සීතල යුද්ධය මේ වනවිට රටට රහසක් නොවේ. එම සීතල යුද්ධය යම් යම් අවස්ථාවලදී විවිධ ස්වරූපවලින් කරළියට පැමිණේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

 

සභාව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ඇතිවූ කතාබහත් සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින සීතල යුද්ධය එළියට පැන්නේය.

එය එළියට පැන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා බෝම්බය මැතිසබය තුළදී පිපිරීමත් සමඟමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යනු කුමක්ද? එය බොහෝදෙනකු හරිහැටි තවම නොදන්නවා විය හැකිය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අනුව මෙරට ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කෙරේ. මෙම කොමිෂන් සභාවලට සභාපතිවරුන් පත්කිරීම, ශේ්‍රෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත්කිරීම ආදී කටයුතු සිදුවෙන්නේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟිනි.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා මෙම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වන අතර අගමැති හා විපක්‍ෂ නායක නිල බලයෙන් මෙහි නියෝජනය කරති.

මීට අමතරව ජනාධිපතිවරයාගේ නියෝජිතයා, අගමැතිවරයාගේ නියෝජිතයා සහ විපක්‍ෂ නායකගේ නියෝජිතයා වශයෙන් තිදෙනෙක්ද මෙම ව්‍යවස්ථා සභාවට අයත් වෙති.

ඊට අමතරව ප්‍රධාන දේශපාලන පක්‍ෂ නොවන සුළු දේශපාලන පක්‍ෂවලින් එක් නියෝජිතයකු නම් කරනු ලබන අතර අගමැති හා විපක්‍ෂ නායකගේ එකඟතාවයෙන් තිදෙනකු නම් කරනු ලබන අතර එම තිදෙනා සිවිල් නියෝජිතයන්ය.

මේ වනවිට නව විපක්‍ෂ නායක ලෙස මහින්ද රාජපක්‍ෂ පත්වීමෙන් අනතුරුව මීට පෙර සිටි විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් විසින් ඔහුගේ නියෝජිත ලෙස පත්කරන ලද හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මේ වනවිට ඉල්ලා අස්වී තිබේ.

නව විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ ඔහුගේ නියෝජිත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දාගේ නම යෝජනා කර ඇත.

නමුත් අගමැති හා විපක්‍ෂ නායකගේ එකඟතාවයෙන් පත්කරන නියෝජිතයන් තිදෙනා අලුතින් පත්කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කළද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ සේවා කාලය අවසාන වනතුරු නව පත්කිරීම් නොකළ යුතු බවයි.

විපක්ෂ නායක වෙනස් වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුක්තිය වෙනස් කළ යුතු බවට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි සඳහන් නොවන බවද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ අතරතුර පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුව ආරම්භයේදීම කරු ජයසූරිය කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව අදහස් දක්වන්නට වූයේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සියලුම සාමාජිකයන් සහ සභාපති ලෙස මා විසින් මෙතෙක් ගත් සෑම තීරණයක්ම නීත්‍යනුකූලය. විනිවිද මෙන්ම ස්වාධීනව හා අපක්ෂපාතීව ගත් තීරණ බවට අවධාරණය කරමි. මතභේදයට තුඩුදී ඇති ඇතැම් තනතුරු සඳහා තැනැත්තන් පත්කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් අප වෙත එවන ලද සෑම යෝජනා සලකා බැලීමේදී ද සභාවේ සියලුම දෙනාගේ කැමැත්ත මත එම තීරණ ලබාදී ඇති බවද දන්වමි. යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.

මීට වහාම නැඟී සිටිමින් ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනයි.

"කනගාටුයි කියන්න ව්‍යවස්ථා සභාව අතිගරු ජනාධිපතිතුමා විසින් නිර්දේශකොට ඉදිරිපත් කරන නම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ පිළිවෙතක් අනුගමන කරන්න පටන් ගෙන තිබෙනවා. නීතිපතිතුමා පත්කිරීමේදී පොලිස්පතිතුමා පත්කිරීමේදී මේ ප්‍රශ්නය ආවා. දැන් අභියාචනාධිකරණයේ සභාපති ධුරය පත්කිරීමට මේ ප්‍රශ්නය ඇවිල්ලා. ව්‍යවස්ථා සභාව ජේ‍යෂ්ඨත්වයට සලකන්නේ නැහැ. සුදුසුකමට සලකන්නේ නැහැ.

දේශපාලන හිතවත්කමට තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිතුමා පවා ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව දුන්නට පස්සේ ඒකට ගරු කළා. ආණ්ඩුක්‍රම අර්බුදයක් මේ ව්‍යවස්ථා සභාව ඇති කරගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලය පවත්වාගෙන යන්නද" යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා විසින් විමසන ලදී.

ඊට ප්‍රතිචාර දැක්වීමට නැඟීසිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය.
"එක්සත් ජාතික පක්ෂය කියලා එතැන නැහැ. කිසිම පක්ෂයකට බහුතරයක් එතැන නැහැ. තීරණ ගන්නකොට ඔක්කොම එකඟවෙලා රහස් ඡන්දයෙන් තමයි ගන්නේ.

ශේ‍ර්ෂ්ඨාධිකරණය ගැන ඔච්චර හිතනවා නම් මාර්ක් ප්‍රනාන්දු මැතිතුමා මේ රටේ අග්‍රවිනිශ්චයකාර තනතුරට පත්කරන්න තිබුණා. එයාව පත්කළේ නැහැ. සරත් සිල්වා ගෙනැල්ලා පත් කළා. මෙතැන මේ තරහ තියෙන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණය දෙසැම්බර් මාසෙදී දුන්නු තීරණ ගැන. රටේ මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතැනට ඇවිල්ලා කෑගහලා මේවා මාධ්‍යයට කියනවා මේවා දාන්න.

දැන් පටන් අරන් තියෙනවා නඩුකාරවරුන්ට බනින්න.

ඒ අයගේ ආගම ගැන කතා කරනවා. ඕකට ඉඩ දෙන්න බැහැ. අඩුගානේ ව්‍යවස්ථා සභාව නිසා මේ ටික ආරක්ෂා වෙලා තියෙනවා. මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා. අපිට විරුද්ධවත් තීන්දු දීලා තියෙනවා. එතකොට කියනවා හොඳයි කියලා. නඩුවලින් නිදහස් කළාම හොඳයි කියනවා. අනෙක් එක කැක්කුම තියෙන්නේ ජනාධිපතිතුමාට නෙවෙයි. වෙන කාටවත් මට පේන හැටියට. ඒක තමයි වෙලා තියෙන්නේ." යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කරු ජයසූරිය කථානායකවරයාද ඊට යමක් එක් කළේය.

"මං ගෞරවයෙන් සඳහන් කරනවා. මෙතෙක් කල් ගත්ත සෑම තීරණයක්ම ඒකමතිකව ගත්තු තීරණ කියලා. පසුගිය රැස්වීමේදීත් අතිගරු ජනාධිපතිතුමා එවපු නම් තුන හතරක්ම ව්‍යවස්ථා සභාව අනුමත කළා. සමහර අවස්ථා තිබුණා, අතිගරු ජනාධිපතිතුමාගේ නම් පිළිගන්නේ නැති අවස්ථා. හේතුව පහදලා දුන්නා නම් අතිගරු ජනාධිපතිතුමා පිළිගත්තා" යනුවෙන් කරු ජයසූරිය කථානායකවරයා සඳහන් කළේය. මේ අවස්ථාවේදී නැඟීසිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශය.

'අගමැතිතුමා ප්‍රකාශ කරන ආකාරයට රටේ අධිකරණය මනරම් ස්වාධීනත්වයකින් අනූන නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (ජ්ඛ්ධ්ච්) නීත්‍යනුකූල පදනමෙන් පිහිටා නැත කියලා පදනම් කරගෙන ගොනු කළ නඩු විභාගය අවසන්.

එය අවසන් වෙලා අවුරුදු තුනහමාරකටත් වැඩියි. නමුත් තවම ශේ‍ර්ෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ වාගේම පසුගිය පළාත් පාලන මැතිවරණය කල්දැමූ වෙලාවේ එය කල්දැමීමට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පවරනු ලැබුවා. එම නඩු තීන්දු කිසිවක්වත් මේ දක්වා ලබාදීලා නැහැ.

ඒ විතරක් නෙවෙයි. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ හිටපු ජේ්‍යෂ්ඨතම විනිශ්චකාරතුමිය ඊවා වනසුන්දර මහත්මිය අගවිනිසුරු ධුරය සඳහා ජනාධිපතිතුමා නිර්දේශ කරලා මේ ව්‍යවස්ථා සභාවට එවනවා.' යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. එම කතාව පිළිනොගත් කථානායකවරයා ප්‍රකාශ කළේ එම නව ව්‍යවස්ථා සභාවට එව්වේ නැත කියාය.

නමුත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා එය පිළිගත්තේ නැත.

ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේ කියලා තියෙනවා ඒ නම ව්‍යවස්ථා සභාවට එව්වා කියලා' විමල් වීරවංශ මන්ත්‍රිවරයා යළිත් හඬ අවදි කළේය.

'ඒ නම එව්වේ නැහැ. අසාධාරණ චෝදනා කරන්න එපා. ආවේ නැහැ. ඒ නම ආවේ නැහැ' කරු ජයසූරිය කථානායකවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය.

'එහෙනම් ඒ නම එව්වේ නැත්තේ මොකද?'

විමල් වීරවංශ ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

'ඒක මං දන්නේ නැහැ' කථානායකවරයා පිළිතුරු ලබාදුන්නේය.

'ජනාධිපතිතුමා ඒ නම එවන්න හදනකොට අගමැතිතුමාගේ කණ්ඩායම කිව්වා, ඒ නම එවන්න එපා. ප්‍රතික්ෂේප කරනවා කියලා' විමල් වීරවංශ මන්ත්‍රිවරයා යළිත් ප්‍රකාශ කරන විට මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

'අසාධාරණ චෝදනා කරන්න එපා' කථානායකවරයා කියා සිටියේය.

'අපට ලබන පාර්ලිමේන්තු සතියේදී දින 2ක විවාදයක් මේ ගැන ලබාදෙන්න. මොන පදනමින්ද ඔය පත් කිරීම් ලබාදීලා තියෙන්නේ. මොන ආගමික කරුණුද සලකා බලලා තියෙන්නේ කියලා විවාදයේදී අපි අනාවරණය කරන්නම්' විමල් වීරවංශ මන්ත්‍රිවරයා දැඩි ලෙස ප්‍රකාශ කළේය. මීට ප්‍රතිචාර දැක්වීමට නැඟී සිටියේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය.

'මේ රටේ ශේ‍ර්ෂ්ඨාධිකරණය මේ කියන විදියට ස්වාධීන නැත්නම් ඇයි එතුමාගේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා පළාත් සභා මැතිවරණය ලබාගන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයට යනවායි කියලා තියෙන්නේ.' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කෑකෝ ගසන්නට වූහ.

ඒ සමඟම මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

'ඔබතුමාලා ගිහිල්ලා අහන්න ඔබතුමාලගේ නායක ජී.එල්. පීරිස් මහත්තයාගෙන් ඇයි මේක කරන්නේ කියලා. මෙතැන කෑගහලා වැඩක් නැහැ. නොදැන නිකන් පච පච ගාලා කෑගහනවා. හැම එක්කෙනාටම වැඳ වැඳ මිරිස් කුඩු ගහලා ඇවිල්ලා මෙතැන කතා කරනවා.' යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන විට යළිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් කෑ කෝ ගසමින් ඊට විරෝධය දැක්වීම නිසා යළිත් මැතිසබය උණුසුම්කාරී විය.

2019-01-28

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements