Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
ආණ්ඩුවට උපරිම යන්න පුළුවන් තව මාස 04ක් පමණයි.
GossipClanka.com

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරපු දින 51 ආණ්ඩුව රට විනාශ කළා කියමින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළා? ඒ බරපතළ චෝදනාව මුළුමනින්ම අසත්‍යයි. මේ රටේ

 

පොදු මහජනතාව ඇතුළු මුළු රටම වසර 4කට ආසන්න කාලයක් හොඳටම දුක් විඳලා යම් බලාපොරොත්තුවක් අනාගතය ගැන ඇතිකර ගත්තේ මෙම දින 51 ඇතුළතයි. දින 51 නුත් දින 30ක් පමණයි හරියට වැඩ කළේ. ඉතිරි දින 20 අධිකරණයෙන් ලැබුණු තීන්දු සමඟ හරියට වැඩ කරන්නත් බැරි වුණා. ඒක නිසා වසර 4ක් පෑගී මිරිකී සිටි ජනතාවට ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබූ ඓතිහාසික දින 51ක් වශයෙන් මෙය ඉතිහාසගත වෙනවා.

දින 51 තුළ දීපු සහනයක් නැහැ කියලත් එක්සත් ජාතික පක්ෂය චෝදනා නඟනවා? මේ රටේ ජනතාවගෙන් ඇහුවා නම් ඒකට එක්සත් ජාතික පක්ෂයට පිළිතුරු ලැබෙයි. තෙල් මිල සූත්‍රය අපි අහෝසි කරලා තුන් පාරක් ඉන්ධන මිල අඩු කළ නිසා තමයි වර්තමාන ආණ්ඩුව තෙල් මිල සුළු මුදලකින් හරි අඩු කිරීමට පියවර ගත්තේ. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා බදු සහන රැසක් ලබාදුන්නා. තවත් සහන දෙන්න තමයි සිටියේ. ඒක නිසා වර්තමාන ආණ්ඩුව කුමක් හෝ සහනයක් රටේ ජනතාවට ලබා දෙනවානම් ඒ ලබාදෙන්නේ දින 51 ආණ්ඩුව ලබාදුන් සහනවල දිගුවක් ලෙසයි.

රටේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 8000 දක්වා වර්ධනය වීමට තිබුණු අවස්ථාව දින 51 ආණ්ඩුව නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 6500 දක්වා පහත වැටිලා කියලා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා චෝදනා කරනවා? රටේ විදේශ සංචිතය පාලනය කිරීමේ කාර්යභාරය තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. එක එක දේශපාලඥයන්ට අවශ්‍ය විදියට මහ බැංකුවේ සංචිත පාලනය කරවන්න බැහැ. පසුගිය අවුරුදු 4ක ආණ්ඩුව දුර්වල ආර්ථික කළමනාකරණය නිසයි මේ තත්ත්ව ඇති වුණේ. ඒක දින 51 ආණ්ඩුව පිට පටවන්න බැහැ.

ඇමෙරිකානු ඩොලරය හමුවේ රුපියල අව ප්‍රමාණය වීම පාලනය කරගන්න බැහැ කියලා ඔබලා මේ ආණ්ඩුවට දිගටම චෝදනා නඟනවා. නමුත් දින 51 ආණ්ඩු කාලය තුළ 3.5% කින් රුපියල අව ප්‍රමාණය වුණා කියලා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා? දින 51 ආණ්ඩුව තුළ මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් ගත් කාර්යභාරය නිවැරැදි තීන්දු නිසා තමයි රුපියල අව ප්‍රමාණය වීම ඔය මට්ටමට හරි අවම වුණේ. මේ වර්තමාන ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 200 සීමාවට එනවා කියලා අපි පෙර සිටම පෙන්වා දුන්නා.

නමුත් දින 51 තුළදී ආර්ථිකයට දැනෙන යමක් වුණාද? පැහැදිලිව ඔව්. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර මෙරට කොටස් වෙළෙඳපොළ සීග්‍ර ලෙස කඩාගෙන වැටුණා. නමුත් දින 51 ආණ්ඩුව තුළ කොටස් වෙළෙඳපොළ ශක්තිමත් වුණා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීලා දින කිහිපයක් තුළ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍ර ලෙස වර්ධනය වුණා. කොටස් වෙළෙඳපොළ ශක්තිමත් වීම තුළ මේ රටේ ආර්ථිකය යහපත් ආකාරයෙන් ගොඩ නැඟෙමින් තිබුණා. 2015දී අපෙන් ආණ්ඩුව ගන්නකොට ඇමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 131යි. අද ඒක රුපියල් 185 දක්වා වැඩි වී රුපියල් සීග්‍ර ලෙස අවප්‍රමාණය වෙලා. රුපියල 200 වෙන්න අඩු රුපියල් 15යි. ඉතා ඉක්මනට එම සීමාවන් පසුවේවි. රුපියල මෙතරම් අවප්‍රමාණය වීමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුවයි.

දින 51 තුළ කිසිම විදේශ ණය හෝ ආධාර මුදලක් ලැබුණේ නැහැ. කිසිදු ආයෝජකයෙක් මෙරටට ලැබී නැහැ කියලා එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරනවා. නමුත් දැන් ජාත්‍යන්තරය මේ ආණ්ඩුව එක්ක ඉන්න නිසා ආධාර, ණය සහන සියලුම දේවල් ලැබෙනවා කියලා මේ ආණ්ඩුව ප්‍රකාශ කරනවා? ඇතැම් රටවල අවශ්‍යතාවන් අපේ රටට අවාසි වුණත් මේ ආණ්ඩුව ඒවා ඉටුකරන නිසා එම රටවල් මේ ආණ්ඩුව එක්ක ඉන්නවා වෙන්න ඇති. තවද වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණා කියලා විශේෂයෙන්ම ණය, ආධාර, මෙරටට ලබාදෙන්න කිසිම රටක් ඉදිරිපත් වෙලා නැහැ. මේ ආණ්ඩුවට සිදුවෙලා තියෙන්නේ වැඩිපුර ණය ලබාගැනීමටයි. ජාත්‍යන්තර ණය වර්ගීකරණය කිරීම්වලදී අපේ රට දිනෙන් දින අවදානම් තත්ත්වයට පත්වෙනවා. ඒ පත්වෙන්නේ දින 51න් පසු නොවෙයි. මේ ආණ්ඩුව පළමු අවුරුදු 4දී කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2010-2015 කාලයේ පැවැති ආණ්ඩුවට ‍ෙදාස් කීමයි. දැන් මේ ආණ්ඩුවට දින 51 ආණ්ඩුව ‍ෙදාස් කියමින් පටන් අරගෙන තියෙනවා. එතකොට වර්තමාන ආණ්ඩුව පසුගිය ආණ්ඩුවලට ‍ෙදාස් කිය කියා ඉන්නවා ඇරෙන්න කිසිම දෙයක් කරගන්න බැරිවෙලා තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයට විතරද ජාත්‍යන්තර සබඳතා තියෙන්නේ. ඔබගේ පාර්ශ්වයට එහෙම සබඳතා නැද්ද? අනාගතයේදී ආණ්ඩු බලය ගත්තොත් ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගැනීමට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? ජාත්‍යතරයෙන් කිසිම අප්‍රසාදයක් අපට නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව රටවල් කිහිපයක ඇතැම් පිරිස් කතා කරන එක ඇත්ත. කොටි සංවිධානය සමඟ යුද්ධය පැවැති අවස්ථාවේදී ප්‍රභාකරන්ට නිදහස ලබාදීලා ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරනවා කියලා කියපු රටවල් තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට දැඩි සහාය ලබා දෙන්නේ.

නමුත් ජාතන්තර රටවල් සහාය දැක්වීමත් ආණ්ඩුව කරගෙන යෑමට පහසුවක් නොවෙයිද? නැහැ. රටේ ඒකීයභාවයට බලපෑම් කරලා ලබාගන්න සහායෙන් වැඩක් නැහැ. නියම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහයෝගය ලබානොගෙන රටට එරෙහිව ලබාගන්නා සහයෝගයෙන් පෙනෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ දීනකම නැතුව වෙන මොකක්ද?

ඔබලාගේ ආණ්ඩුව විදේශ රටවල සහාය ලබාගන්නේ කුමන ප්‍රතිපත්තිවලටද? රටේ ගෞරවය රැකගෙන, නියම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තමයි අපේ ආණ්ඩු කාලේදී විදේශ රටවලින් සහයෝගය ලබාගත්තේ. අපේ ආණ්ඩුව කාලේදී ශ්‍රී ලංකාවට සහයෝගය දීපු ප්‍රබල රටවල් රැසක් වර්තමාන ආණ්ඩුව අමනාප කරගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනා ගේනකොට රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළු මැදපෙරදිග රටවල් රාශියක් ස්වාධීන වෙන්න තීරණය කළා. සමහර රටවල් එම යෝජනාවට විරුද්ධ වුණා. එවැනි ස්ථාවරයක් තියෙන අවස්ථාවකදී තමන්ට දඬුවම් දෙන්න තමන් විසින්ම යෝජනාවක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළාම අපිට සහයෝගය ලබාදීමට සිටි රටවල සහාය අපිට අහිමි වුණා. ඊළාම් රාජ්‍යයක් මෙරට ඇති කිරීම සඳහා ඇතැම් රටවල සිටින ඊළාම්වාදීන් ඒ ඒ රාජ්‍යවලට බලපෑම් සිදුකරන බව වටහාගනිමින් මේ ආණ්ඩුව හොඳ සිහිබුද්ධියෙන් හිටියොත් හොඳයි.

දින 51 ආණ්ඩුවට පසුව එක්සත් ජාතික පෙරමුණ නව ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. නමුත් මේ ආණ්ඩුවට වැඩිකල් යන්න බැරි බව ඔබලා ප්‍රකාශ කළාට කොහොම හරි මේ ආණ්ඩුව ඉදිරියට යනවා වගේ නේද? මේ ආණ්ඩුවට තව මාස 04යි උපරිම යන්න පුළුවන්. තව මාස 04කට පසු යන්න බැහැ කියලා මං කියන්නේ දැඩි විශ්වාසයකින්.

ඔබ එහෙම කියන්නේ කුමන සාධක සහිතවද? දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද රැසක් එළියට පැනලා. දැන් එළිපිටම එකිනෙකාට කෑ කෝ ගසමින් බැන ගන්නවා. මෙහෙම එකම පක්‍ෂයක කිසිම විනයක් නැතුව ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද? දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය තිබිලත් ආණ්ඩුවට 113ක බහුතරයක් නැති බව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම්වලදී ඔප්පු වුණා. ඒවා නිසා මේ වනකොට එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයක් හිත හදාගෙන ඉන්නේ මේ ගෙවෙන්නේ ඔවුන්ගේ අවසන් මාස දෙක තුන කියලා. මේ වෙනකොටත් එක්සත් ජාතික පක්‍ෂය ඉතා ශිඝ්‍ර ලෙස රටේ පොදු මහජනතාවගේ අෑත් වෙමින් පවතිනවා. ජාත්‍යන්තර බලපෑම්වලට යටත්වෙලා කොටි හිතවාදීන්ගේ ග්‍රහණයට හසුවී ප්‍රාණ ඇපකරුවන් වෙලා ඉන්න ආණ්ඩුවකට තවදුරටත් ඉදිරියට යන්න බැහැ කියලා මේ රටේ ජනතාව ඉතා හොඳින් තේරුම් අරගෙන ඉන්නේ.

නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රකාශ කරන්නේ මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා? මේ වෙලාවේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍යයි කියලා මහා සංඝරත්නය ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. අගරදගුරුතුමා ඒ මතය ප්‍රකාශ කරනවා. වෙනත් ආගමික නායකයන්ද මේ කතාව කියනවා. විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අනවශ්‍යයි කියලා කියනවා. ඡන්ද පදනම ආරක්ෂා කරගැනීම සඳහා ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවක් පෙන්වා. එසේම කොටි සංවිධානයට කැමැති පිරිස්වල ඡන්ද පදනම ලබාගන්නත් ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තියෙනවා.

නමුත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය බහුතරය සම්බන්ධයෙන් මේ වනතුරු ආණ්ඩු පක්ෂයට ගැටලුවක් ඇතිවෙලා නැහැ නේද? මොකද නැත්තේ. පාර්ලිමේන්තුව ඇතුළේ මේ වෙනකොට ඕනෑම අවස්ථාවක බහුතරයක් වර්තමාන ආණ්ඩුවට නැතිවෙලා තියෙනවා. සුමන්තිරන්ගේ ප්‍රාණ ඇපයේ ගොදුරක් බවට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. අගමැතිතුමාගේ උපදෙස් නොතකා අද ඇමැතිවරුන් ඇමැතිකම්වලට, තනතුරුවලට, විෂයයන් බෙදාගන්න බැරිවෙලා රණ්ඩු වෙනවා. ඒ අස්සේ එක්සත් ජාතික පක්ෂයේ සමහර නායකයන් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනඟමින් එක එක දේවල් කරනවා. ප්‍රතිරූපය ගොඩනඟන්න අය අතරත් රණ්ඩු. මේ අර්බුද එක්ක ජනතාව, රටට සේවයක් කරන්න මේ ආණ්ඩුවට පුළුවන්ද. ඒක නිසා හොඳම දේ අප්‍රේල් මාසයේදී පමණ පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑම. ආණ්ඩුවේ බොහෝ දෙනකුම ආණ්ඩුව මෙහෙම යනවට කැමැති නැහැ. ඔවුනුන් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ඉක්මනින් පවත්වනවටයි කැමැතියි.

පාර්ලිමේන්තු මහ මැතිවරණ වෙනුවට ජනාධිපතිවරණයක් පවත්වන්න කියලා එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා. ඔවුන් කියන්නේ ජනාධිපතිවරණයට ඔබලා බයයි කියලයි? අපි කිසිදු මැතිවරණයකට බය නැහැ. මේ වෙලාවේ රටට සාධාරණයක් වෙන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමෙන්. ඒවට අකැමැති නම් අඩුම ගානේ පළාත් සභා 6ක ඡන්දය පවත්වන්න දැන් හැකියාව තියෙනවා. ඡන්දවලට බය නැත්නම් ආණ්ඩුවට පළාත් සභා මැතිවරණයක් පහසුවෙන් පවත්වන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. ස්ථාවර ආණ්ඩුවක් නොමැති වීමෙන් රට අරාජික වෙලා. මේ පාර්ලිමේන්තුවට සුජාතභාවයක් නැහැ. ඒක නිසා වහාම කළ යුත්තේ ස්ථාවර ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තු මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමයි. හදිසි ජනාධිපතිවරණයක් පවත්වනවා නම් ඒකටත් අපි සූදානම්. නමුත් අස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන ගැටලුවෙන් මිදෙන්න ජනාධිපතිවරණයකට බැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක්.

නමුත් පාර්ලිමේන්තුව ස්ථාවර කරගෙන ඉදිරි දින කිහිපය තුළදී ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනඟන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා? ඔව්. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩියෙන් හොරකම් කරපු මුදල්, කොටි හිතවාදීන්ගේ මුදල්, රටට එරෙහි එන්.ජී.ඕ.කාරයන්ගේ මුදල් යොදලා මන්ත්‍රිවරුන් මුදලට මිලදී ගෙන ආණ්ඩුව ස්ථාවර කරගන්න සූදානමක් තියෙන නිසා ඔය කතාව කියනවා ඇති.

ජනාධිපතිවරණයකට දැන්ම ගියොත් අපේක්ෂක ධුරය සම්බන්ධයෙන් ඔබ පාර්ශ්වයට තිබෙන ගැටලු නිසා ජනාධිපතිවරණයට අකැමැත්ත ප්‍රකාශ කරනවා කියලයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ? අපේ කිසිම ගැටලුවක් නැහැ. ඊට ඉස්සර වෙලා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කවුද කියලා මං දැනගන්න කැමැතියි. එක්සත් ජාතික පක්ෂයට මේ වෙලාවේ හරි ජනාධිපති අපේක්ෂකයෙක් නැහැ. දිනන්න පුළුවන් අපේක්ෂකයා ඉන්නේ අපේ පැත්තේ. හරි වෙලාවට ඒ අපේක්ෂකයා කවුද කියලා කියන්නම්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර එකඟතාවක් ඇතිවද ඔබලාගේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ? ජනතාවට විශ්වාසයක් තබන්න පුළුවන්, ජනතාව විශ්වාස කරන ඒ වගේම මේ රටේ ජනප්‍රියතම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. නමුත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපති අපේක්ෂක වීමේ යම් ගැටලුවක් තිබෙනවා නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ඡා කරලා යම් එකඟතාවකට ඇවිල්ලා ජනාධිපති අපේක්ෂක ධුරය නම් කරනවා. එහිදී මූලික සාධකය වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතරේ සාකච්ඡාවක් සිදුවෙනවාද? ඕන තරම් වෙමින් පවතිනවා. අපේ කණ්ඩායම් රැස්වීම්වලදීත් මේ නායකයන් දෙදෙනා මුණගැසෙනවා. එම නායකයන් දෙදෙනා පමණක් මුණගැසී සාකච්ඡා කරන අවස්ථාත් තිබෙනවා. ඒ ගැන එක්සත් ජාතික පක්ෂය කලබල වෙන්න ඕන නැහැ. ඒ වැඩේ නායකයන් දෙදෙනා බලාගනීවි.

ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළොත් ඊට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආශීර්වාදය සහ සහයෝගය හිමිවේද? නම් වෙන ඕනෑම අපේක්ෂකයකු ඒ නායකයන් දෙදෙනාගේම ආශීර්වාදයෙන් තමයි නම් වෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙයි කියලා මේ අවස්ථාවේදී නිශ්චිතවම ප්‍රකාශ කරන්න බැරිද? ජනතාව සූදානම් නම් තමාත් සූදානම් කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයකට සූදානම් බව ප්‍රකාශ කරලා තියෙනවා. මේ රටේ අතිබහුතරයක් ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියලා. අපේ පැත්තට අපේක්ෂකයන් සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. දිනන අපේක්ෂකයා ඉන්නේ අපේ පැත්තේ.

2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ 4කින් පමණ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වෙනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ ඇතැම් මැතිවරණ කොට්ඨාසවලදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වෙන්නේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින්. මෙවර එම තත්ත්වය නැති කරගන්න ඔබලාට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද? එහෙම වැඩපිළිවෙළක් නැත්නම් එම ඡන්ද ප්‍රමාණයට සරිලන ලෙස සිංහල බෞද්ධ ඡන්ද වැඩිපුර ලබාගත යුතුයි. මේ ගැන අවධානය යොමු කරලා තියෙනවාද? ඒ අවස්ථාවේදී උතුරු නැඟෙනහිර පළාත්වල අපිට ඡන්ද අඩුවීමක් තිබුණා. නමුත් මේ වෙනකොට තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. උතුරු නැඟෙනහිර ජනතාව වැඩිපුරම පීඩාවට පත්වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ. ඒ වගේම අනෙකුත් පළාත්වල ජනතාවත් මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වෙලා තියෙනවා. ඒ වගේම අලුතින් ඡන්ද ලක්ෂ 14ක් මෙවර එකතු වෙනවා. මේ ඡන්ද ලක්ෂ 14ම ඔවුන්ගේ අනාගත ස්ථාවරත්වය ගැන දැඩිව සිතනවා. ඔවුනුත් දන්නවා රටේ අනාගතය භාරදෙන්න ඕන කාටදැයි කියලා.

ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලක්ෂ 4කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔබලාගේ අපේක්ෂකයා මීළඟ ජනාධිපතිවරණය ජයගන්නවා කියලාද? වැඩි ඡන්ද සංඛ්‍යාව කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍ය වන 50.1%කට වඩා ප්‍රතිශතයක් ලබාගැනීමේ හැකියාව අපට ඉතා පැහැදිලිව තියෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එක්ව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟෙන බව ප්‍රකාශ වුණා. මේ ජාතික සන්ධානය ගොඩනැඟෙන්නේ කවද්ද? ඒ ගැන තවදුරටත් සාකච්ඡා සිදුවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ ප්‍රතිසන්ධාන කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්, සංවිධාන රැසක් සමඟ ගිවිසුම්ගත වීම් සිදුකරනවා. පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් වඩා පුළුල් ජාතික සන්ධානයක් ගොඩනඟා ගන්නවා. මේ නව ජාතික සන්ධානය තුළට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක්ද එක්වීමට නියමිතයි.

තව මාස 4කින් ඔබ කියන ආකාරයට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ආණ්ඩුව නොගියොත් ඔක්තෝබර් 26 වැනිදා වගේ දේශපාලන බල පෙරළියක් යළිත් සිදුවීමට පුළුවන්ද? ඔක්තෝබර් 26 බල පෙරළිය ආරක්ෂා කරගන්න ඕනවටත් වඩා අවස්ථාව අපිට තිබුණා. අපට තිබුණු ප්‍රශ්නය වුණේ අපිට එකතු කරගන්න කණ්ඩායම සදාචාර සම්පන්නව අපිට එකතු කරගන්නවාද නැද්ද කියන ප්‍රශ්නය තමයි අපිට තිබුණේ.

එහෙම එකතු කර ගැනීමට හැකිව තිබූ පිරිස කවුද කියලා කියන්න පුළුවන්ද? ඒ සාකච්ඡා කළ සමහර අයට බරපතළ චෝදනා එල්ල වෙලා තිබුණා. ඒක නිසා ආණ්ඩුවක් ගෙන යන්න එකතු කරගන්න අයගේ ගැටලුවක් තමයි අපිට තිබුණේ. එම ගැටලු තියෙන පිරිස එකතු කරගෙන ආණ්ඩුවක් ගෙනයෑම ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබුණා. ඔය ගැටලුව ඉදිරියටත් තියෙනවා. චෝදනා එල්ල වී ජනතා අප්‍රසාදයට පත්වී ඇති කණ්ඩායම් එකතු කරගෙන ආණ්ඩුවක් ගෙනයනවාද? නැත්නම් තවදුරටත් විරුද්ධ පක්ෂයේ ඉන්නවාද? කියන කාරණය තවම අප ඉදිරියේ ඉතිරිවෙලා තියෙනවා. ඒක නිසා අපිට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක්. එතැනදී ජනතාව තීරණය කරයි ආණ්ඩුව හදන්න ඕන කවුද කියලා.

දේශපාලන බලය තහවුරු කරගැනීමේදී උපාය, උපක්‍රමශීලී විය යුතුයි. සුදු හා කළු දේශපාලන චරිත වශයෙන් වෙන්කර ගැනීම හැමවිටකම පහසු වෙන්නේ නැහැ. සුදුම සුදු දේශපාලන චරිත හුඟක් අඩුයි. මීට කලිනුත් පිල් මාරුවීම් ඕන තරම් සිදුවෙලා බල පෙරළි ඇතිවෙලා තියෙනවා. ඔබේ ආකල්පය හොඳයි. නමුත් ඔබ කියන ආකාරයේම පිරිසක් ලබාගැනීමට නොහැකි වුවහොත් මැතිවරණයක් එනකම්ම බලාගෙන ඉන්න වෙනවා නේද? මං අදහස් කළේ ඒක නෙවෙයි. මේ රටේ පොදු මහජනතාවගේ අපේක්ෂාව කුමක්ද? පිරිසුදු දේශපාලන කණ්ඩායමක් බිහිකරගැනීම. ඒ වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නවා. අපේ වගකීමක් බවටත් එය පත්වී තිබෙනවා. දේශපාලන උපක්‍රම අපේ වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒ එක උපක්‍රමයක් තමයි ඔක්තෝබර් 26 වැනිදා ක්‍රියාත්මක වුණේ. අවාසනාවකට එක්සත් ජාතික පක්ෂය අධිකරණයට ගිහිල්ලා පාර්ලිමේන්තු මහ මැතිවරණය වැළැක්වූවා. ජනතා පරමාධිපත්‍යයෙන් බිහිවන ආණ්ඩුවක් ලබාගැනීමටයි අපි මැදිහත් වී කටයුතු කරන්නේ.

ඔක්තෝබර් 26 දේශපාලන පෙරළිය ඔබලාගේ ඉදිරි දේශපාලනයට බලපාන්නේ කොහොමද? ඒක වාසියක්ද? ආවාසියක්ද? ඒ ගැන විවිධ මත තියෙනවා. මං හිතන්නේ එම සිදුවීම නිසා රටට සිදුවීමට ගිය විශාල අනතුරකින් රට බේරුණා.

ඒ අනතුර මොකක්ද? රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට තිබුණු සූදානම නැති කිරීම, රට අත්තනෝමතික ලෙස ඉදිරියට ගෙනයෑමට මේ ආණ්ඩුවට තිබුණු තුනෙන් දෙකක බලය නැති කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම, එක්සත් ජාතික පක්ෂය සමඟ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ තිබුණු සම්බන්ධතාව බිඳවැටීම, මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවීම ඇතුළු ජයග්‍රහණ රැසක් රටට හිමි වුණා. ආණ්ඩුවේ හීලෑ විපක්ෂය වශයෙන් දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 3 1/2ක් තිස්සේ කරගෙන ගිය නාඩගම දැන් ඉවරයි. ඔවුන්ට දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට එක්වීම පමණයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ විපක්ෂයේ නියම කාර්ය භාරය දැන් ආරම්භ කර තිබෙන බවට ආණ්ඩුවට අපි අනතුරු අඟවනවා.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

2019-01-19

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements