Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
උසස්පෙළ විශිෂ්ඨයින් තම ජයග්‍රහණය පිළිබද දැක්වූ අදහස්
GossipClanka.com

ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් තම ජයග්‍රහණය පිළිබදව දැක්වූ අදහස් -  ජෛවීය විද්‍යා විෂය ධාරාව ප්‍රථම ස්ථානය කළණි සමුදා රාජපක්‍ෂ

 

රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ - සහෝදර සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ කළණිගේ මව සහ පියා දෙදෙනාම වෛද්‍යවරුන්ය. සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ කළණි මෙසේ පැවැසීය. මම හිතුවා විශිෂ්ට ලෙස මට විභාගය සමත්විය හැකියි කියලා. නමුත් ප්‍රථමයා වෙයි කියලා හිතුවේ නැහැ. මේ ජයග්‍රහණයට පාසලෙන් ලැබුණු පිටිවහල විශිෂ්ටයි. ගුරුවරුන්ගේ හා විදුහල්පති-නියගේ කැපවීම නිසයි මට මේ තැනට යන්න හැකි වුණේ. පාසලේ කරන වැඩ එදාම ඉවර කරනවා. පහුවදාට තියා ගන්නේ නැහැ. මට අරමුණක් තිබුණා ජය ගන්නවාමයි කියලා. ඒ නිසා මම අරමුණටම ගියා. විභාගේ අන්තිම දවස වෙනකම් මම පාසල් ගිය නිසා මට හුඟක් දේ ගුරුවරුන්ගෙන් ලබා ගන්න පුළුවන් වුණා.

දෙවැනි ස්ථානය රවිඳු ශෂික ඉලන්ගම්ගේ ඩී.එස්. සේනානායක විද්‍යාලය - කොළඹ

තමන් ලැබූ මේ ජයග්‍රහණය පිටුපස තම මව හා පියා සිටි බවත් මෙවන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවුණත් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තරම් තම ප්‍රතිඵල ප්‍රමාණවත් වන බවට දැඩි විශ්වාසයක් තිබූ බව රවිඳු ශෂික ඉලන්ගම්ගේ පවසයි.

රවිඳුගේ පියා රාගම ළය රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු වන අතර මව ජාතික රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

පාසලේ ගුරුවරුන් මෙන්ම උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ලැබුණු දැනුම් සම්භාරයත් මිතුරන්ගේ සහායත් මේ ප්‍රතිඵලය ලබා ගැනීමට හේතු වූ බවත් පවසන රවිඳු අනාගතයේ වෛද්‍යවරයකු ලෙස රටට සේවාවක් ලබාදීම තම මූලික අරමුණ බව හෙළි කරයි. තමන් ලබාගත් ප්‍රතිඵලය තම සොයුරාගේත් සොයුරියගේත් අධ්‍යාපන කටයුතුවලට දිරියක් බවත් තමන්ට සහාය දුන් මවුපියන් ඇතුළු ගුරුභවතුන්ටත් හිතවතුන්ටත් ප්‍රණාමය පුද කරන බවත් රවිඳු පවසයි.

තෙවැනි ස්ථානය මුහම්මද් රිෂ්මි මුහම්මද් හකීම් සහිරා ජාතික පාසල - මාතලේ

ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වීමේ අභිලාෂයෙන් ඉගෙනීමේ කටයුතු කළ රිෂ්මි දිවයිනේ තෙවැනි ස්ථානය ලබා ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයට කීර්තියක් අත්කරදී තිබේ. මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යරියක වන රිෂ්මිගේ මව එම්.යූ.එෆ්. හිදායා රිෂ්මිගේ

ආභාෂය හා ඉන්ජිනේරුවරයකු වූ පියා මොහම්මදු කරීම් මොහම්මදු රිෂ්මිගේ මඟ පෙන්වීම ඇතිව ලැබූ මේ ජයග්‍රහණය සමූහ උත්සාහයක ප්‍රතිඵලයක් බව රිෂ්මි නිහතමානීව පවසයි.

"මම අ" යන්න කීවේ සහීරා විද්‍යාලයෙන්. පළමු වසරේ සිට මේ දක්වා මට ඉගැන්වූ අකුරු කියා දුන් සෑම ගුරුවරයකු මෙන්ම මගේ මව, පියා සහ පාසලේ සහෝදරයන් මගේ මේ ජයග්‍රහණයට උරදුන් අයයි."

මාතලේ සහීරා විද්‍යාලයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාතික තලයේ ජයග්‍රහණයක් ලැබූ රිෂ්මි අභියෝගයකදී නොබියව මුහුණ දීම ජයග්‍රහණයට හේතුවන බව පවසයි. පන්ති කාමරයේ ක්‍රියකාරකම් මෙන්ම විෂය බාහිර ක්‍රියාවන්හිදීද එක සේ දක්ෂතා දක්වා ඇති රිෂ්මිගේ

ආගම හා බැඳුණු ජීවිතය පලදායක පුරවැසියකු ලෙස සමාජ ගතවීමට හේතු වී ඇත. මවුපියන්, ගුරුවරුන් හා සමීප සබඳතාවන් විසින් දිරිමත් කළ අධ්‍යාපන ජීවිතය තුළ මෙවන් වූ ජයග්‍රහණයක් අත්වෙතැයි බලාපොරොත්තු නොවූවද උසස් අධ්‍යාපනය ලබා ස්නායු ශෛල්‍ය වෛද්‍ය අංශයෙන් රටට මෙන්ම ලොවට වැඩදායී අයකු වීමට අධිෂ්ඨානයක් තිබුණු බව රිෂ්මි පැවැසුවේය.

භෞතික විද්‍යා විෂය ධාරාව ප්‍රථම ස්ථානය චතුනි වසන්තා විජේගුණවර්ධන විශාඛා බාලිකා විද්‍යාලය - කොළඹ

ඉන්ජිනේරු අංශයේ ඉහළටම ගොස් රටට විශාල සේවයක් කිරීම තම බලාපොරොත්තුව බව භෞතික විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් චතුනි හන්සනි වසන්තා විජේගුණවර්ධන ශිෂ්‍යාව පැවැසුවාය.

පවුලේ එකම දරුවා ඇය වන අතර ඇගේ මව පියා දෙදෙනාම ඉන්ජිනේරුවරුය. වැඩිදුරටත් අදහස් දැක්වූ එම ශිෂ්‍යාව මෙසේද කීවාය.

මගේ අම්මයි, තාත්තයි නැතිනම් මම අද මෙතැන නෑ. ඉස්කෝලේ ඉන්න හැම ගුරුවරයෙක් වගේම උපකාරක පන්තිවල ගුරුවරුනුත් මට ගොඩක් උදවු කළා. මගේ යාළුවොත් හැම වෙලාවකම මගේ එක්ක හිටියා.

ඉන්ජිනේරු අංශයෙන් ඉදිරියට ගිහින් රටට සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. උසස් පෙළ විභාගය කියන්නේ ලේසි විභාගයක් නෙවෙයි. නිකම් ඉඳලා ජයග්‍රහණයක් ලබා ගන්න බෑ. විෂයන්වලට කැමැත්තෙන් වැඩකටයුතු කළොත් ජයග්‍රහණයක් ලබාගන්න ඒ තරම් අමාරු නෑ.

මම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරලා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු අරන් තමයි විශාඛා විද්‍යාලයට ආවේ.

සංගීත කටයුතු, ක්‍රීඩා කටයුතුවලටත් සහභාගි වුණා. පසුගිය වසරේ පාසලේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී පාසලේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යාව ලෙස තේරී පත් වුණා.

ජයග්‍රාහණයක් ලබන්න පුළුවන් කියලා දැනන් හිටියා. නමුත් පළමු වැනියා වෙයි කියලා හිතුවේ නෑ.

දෙවැනි ස්ථානය චාමිඳු සුරාන් ලියනගේ රිච්මන්ඩ් විද්‍යාලය - ගාල්ල

අනෙක් අය සමඟ තරග කරනවාට වඩා තමන් එක්ක තරගයක් ඇති කර ගනිමින් තමන් ගැන ආත්ම විශ්වාසය තියලා විභාගයට මුහුණ දුන් තමන්ට මේ ප්‍රතිඵලය ලබාගැනීමට හැකි වූ බව මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් භෞතික විද්‍යා විෂය ධාරාවෙන් ලංකාවෙන්ම දෙවැනි ස්ථානය හිමිකරගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ සිසුවා පවසයි.

පස් දෙනකුගෙන් යුත් පවුලක බාලයා වන චාමිඳු සුරාන් ලියනගේ සිසුවාගේ මව මංගලිකා දමයන්ති ද සිල්වා මහත්මියයි. ඇය ගෘහණියකි. පියා ජනිත සෙනරත් ලියනගේ මහතා ව්‍යාපාරිකයෙකි. ඔහු පුවත්පත් අලෙවි නියෝජිතවරයකු ලෙසද කටයුතු කරයි. චාමිඳු ලියනගේ සිසුවාගේ වැඩිමහල් සහෝදරයා විරිදු සහන් ලියනගේ පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු ලෙසද දෙවැනි සහෝදරයා රවිදු සුපුන් ලියනගේ පෞද්ගලික ආයතනයකද සේවය කරයි.

චාමිඳු සුරාන් ලියනගේ සිසුවාගේ නිවෙසට අප ඊයේ (30දා) ගොඩවැදුණු අවස්ථාවේ ඔහු අප සමඟ මෙසේද කීවේය.

ලංකාවෙන්ම දෙවැනි තැනට පත්වෙන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් දිස්ත්‍රික්කයේ මුල් ස්ථානයක් හිමිවේවි කියලා බලාපොරො-ත්තු වුණා. ලොකු පීඩනයක් ගත්තේ නැහැ. සාමාන්‍ය විදියට අධ්‍යාපන කටයුතුවල නිරත වුණා.

මිතුරන් සමඟ එකතුවෙලා පාඩම් කළා. ප්‍රශ්න පත්‍ර හුවමාරුකර ගත්තා. අපි කණ්ඩායමක් විදියට වැඩ කළා. මම කාල සටහනක් අනුව නම් වැඩ කළේ නැහැ. උපකාරක පන්තිවලටත් ගියා. නමුත් පාසලෙන් තමයි විශාල දායකත්වයක් ලැබුණේ. අපේ පාසලේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අයියලා අපි වෙනුවෙන් සම්මන්ත්‍රණ සංවිධාන කළා. ඒ සඳහා විදුහල්පති සම්පත් වේරගොඩ මහත්තයා විශාල සහයෝගයක් ලබා දුන්නා.

ගිංතොට මහා විද්‍යාලයෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 169ක් අරගෙන සමත්වෙලා තමයි රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වුණේ. රිච්මන්ඩ් විද්‍යාලයට නොගියා නම් මට මේ වගේ ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වෙනවා.

මගේ අනාගත බලාපොරොත්තුව ඉලොක්ට්‍රොනික් ඉන්ජිනේරුවරයෙක් වෙලා රටට සේවය කිරීමයි. මට පෙර පාසලේ සිටි ඉගැන්වූ සියලුම ගුරු භවතුන් රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය එරන්දි නාඔටුන්න ගුරුතුමිය, ධනුෂ්ක රණසිංහ සර්, නෙළුම් මිස් මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා. ගිංතොට මහා විද්‍යාලයේ ගුරු භවතුන්ද සිහිපත් කළ යුතුයි. අම්මා, තාත්තා, අයියලා දෙදෙනා මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි. මගේ පොඩි අයියා 2011 වර්ෂයේ පැවැති අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත්වුණා. මේ ප්‍රතිඵලය ලබා ගන්න එයත් දිරි ගැන්වීමක් වුණා යැයි චාමිදු සුරාන් ලියනගේ සිසුවා කීවේය.

තෙවැනි ස්ථානය තෙමිදු ජනිත් විජේසේකර රාජකීය විද්‍යාලය - කොළඹ ජයත් ශ්‍රී බණ්ඩාර

මගේ ජයග්‍රහණය පිටුපස සිටියේ අම්මයි, තාත්තයි. මගේ එකම බලාපොරොත්තුව ඉන්ජිනේරුවෙක් වෙලා මා උපන් බිමට අවංකයම සේවය කිරීම" යැයි මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ තෙවැනි ස්ථානය ලබාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිදු ජනිත් ශිෂ්‍යා පැවැසීය.

සිය ජයග්‍රහණය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ තෙවිදු ජනිත් මෙසේද පැවැසීය.

මම ගොඩක් මහන්සි වුණේ තැනි වුණත් මම පාසලේ එදිනෙදා පාඩම් නොපිරිහෙළා සිදු කළා. ඵඅමතර පන්ති ගොඩකට ගියේ නැති වුණත් නිවෙස අසල පිහිටි උපකාරක පන්ති කිහිපයකට සහභාගි වුණා.

සාමාන්‍ය පරිදි පාඩම් කටයුතු කරගෙන ගියා. දිනපතාම පාසල් ගියා. මගේ අම්මයි, තාත්තයි දෙන්නම වෛද්‍යවරු. මට මේ ජයග්‍රහණය ලබා ගන්න ගුරුවරු කළ උදවු උපකාර, මඟ පෙන්වීම් අමතක කරන්න බෑ.

අනාගතේ විභාගවලට මුහුණ දෙන නංගිලා මල්ලිලාට කියන්නේ තමන්ට පුරුදු විදියට ගැළපෙන විදියට වැඩකටයුතු කරන්න කියලයි. තමන්ට පහසු ක්‍රමයක් තෝරා ගැනීම ඉතාම වැදගත්.

වාණිජ විෂය ධාරාව ප්‍රථම ස්ථානය කසුන් ඉඳුරංග වික්‍රමරත්න මලියදේව පිරිමි විද්‍යාලය - කුරුණෑගල

තමන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී උසස් පෙළ පන්ති සාමාර්ථයක් සහිත උපාධියක් ලබාගෙන වරලත් ගණකාධිකාරිවරයකු වීම එකම බලාපොරොත්තුව බවද කසුන් ඉඳුරංග වික්‍රමරත්න සිසුවා දැඩි අධිෂ්ඨානයකින් යුතුව සඳහන් කළේය. කරගස්වැව පාදෙණිය ප්‍රදේශයේ පදිංචි වී සිටින අතර තම මවුපියන් ගොවිතැන් කරමින් ජීවත් වන බවත් ආර්ථික අපහසුතා මැද අධ්‍යාපනය ලබා මේ ජයග්‍රහණය ලබා ගැනීමට තමන්ට හැකි වූ බවත් 'මව්බිම'ට පැවැසීය.

කසුන්ගේ වැඩිමල් සොයුරා රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසර සිසුවෙකි. වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් ඒ සාමාර්ථ අටක් හා බී සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ සමත්ව මලියදේව පිරිමි විද්‍යාලයට ඇතුළත් වීමේ සිතිවිල්ල සාර්ථක කර ගැනීමට තමන්ට හැකි වූ බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

දෙවැනි ස්ථානය උවිනි අයත්මා රණවීර රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ

වාණිජ අංශයෙන් දිවයිනේ දෙවැනි ස්ථානය හිමි කරගත් ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර ශිෂ්‍යාව ඇගේ ජයග්‍රහණය ගැන මෙසේ පැවැසීය.

මේක මගේ තනි ජයග්‍රහණයක් නොවේ. විදුහලේ විදුහල්පතිනි, නියෝජ්‍ය විදුහල්පතිනි ඇතුළු ආචාර්ය මණ්ඩලයේද ජයග්‍රහණයක්. මගේ දයාබර මවුපියන්, නෑදෑයන් මට ආශීර්වාදයක් වුණා. මගේ අනාගත අරමුණ විශ්වවිද්‍යාල කථිකාචාර්වරියක් වීමයි. මා එදිනෙදා පාසල් කටයුතු නිවෙසේදී කාලසටහනක් අනුව තමයි කළේ. දිනපතා පාසලට පැමිණීමත් පාසල් විෂයයන් එදිනෙදා ඉටු කිරීමත් නිසා මට විභාගය ගැන බයක් තිබුණේ නැහැ.

මගේ පියා උභයකුල රණවීර. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගණකාධිකාරිවරයෙක්. මගේ මව පී.කේ.පී සමන්තිලකා මහර පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරියක්.

කලා විෂය ධාරාව ප්‍රථම ස්ථානය සෙනාලි දම්යා ද අල්විස් ලයිසියම් ජාත්‍යන්තර විදුහල - පානදුර

මම ඔළුව නිදහසේ තියා ගත්තා. මම ස්මාට් ෆෝන් එහෙම පාවිච්චි කළේ නෑ. මගේ එකම බලාපොරොත්තුව කථිකාචාර්යවරියක් වී රටට සේවය කිරීමයි.

මෙවර කලා විෂය දහරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දමියාද අල්විස් සිසුවිය පැවැසුවාය. ඇය චීනයේ වෙළෙඳ නාවික ආයතනයක සේවය කරන වජිර ද අල්විස් හා ගෘහණියක වන ප්‍රියානි සලුවඩන දෙපළගේ එකම දරුවායි.

කළුතර උතුර තිස්ස ගාඩ්න්ස්හි පදිංචි සෙනාදිගේ නිවෙසට අප යන විටත් ඇයගේ මිතුරියෝ, අසල්වාසීහු මෙන්ම ඥාතීහු පැමිණ ඇය ලද ජයග්‍රහණයට සුබ ප්‍රාර්ථනා එක් කරමින් සිටියහ.

සෙනාදි මෙසේද පැවැසුවාය. මම දිනපතා නිදි වරාගෙන පාඩම් කළේ නැහැ. පාසලේ මෙන්ම ටියුෂන් ගුරුභවතුන් කියා දෙන දේ හොඳින් ධාරණය කර ගත්තා. මගේ මෙම ජයග්‍රහණය පිටුපස මගේ අම්මා, තාත්තා වගේම සියලුම ගුරු මවුවරු පියවරු සිටියා. ඒ සියලු දෙනාම මේ අවස්ථාවේ නැවත නැවත සිහිපත් කරනවා.

දෙවැනි ස්ථානය සිත්මි නිමාෂා එදිරිසිංහ මලියදේව බාලිකා මහා විද්‍යාලය - කුරුණෑගල

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ දිවයිනේ දෙවැනි ස්ථානයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් හිමි කරගත් සිත්මි නිමාෂා එදිරිසිංහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. පෙරපාසලේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදැරූ සිත්මි සිසුවිය අ.පො.ස. සා/ පෙළ තෙක් කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති අතර අ.පො.ස. සා/ පෙළ විභාගයෙන්ද 'ඒ' සාමාර්ථ 9ක් හිමිකරගෙන ඇත.

විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීම සහ ඉන් ඔබ්බට ගිය ඉංග්‍රීසි මාධ්‍ය භාවිත කරමින් කටයුතු කරන තනතුරක් දැරීම ඇගේ අනාගත බලාපොරොත්තුවයි. සිත්මිගේ පියා ගිරිඋල්ල ලංකා බැංකු ශාඛාවේ කළමනාකරුවෙකි. ඇගේ මව නන්කාවත්ත ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනියයි. එකම දියණිය වන සිත්මි ගුරුවරුන්ගේ උපදෙස් හා අවවාද අකුරටම පිළිපැද්ද බවත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වේලාවට ඉටු කළ බවත් පවසයි. ඇය නිරන්තයෙන්ම පොතපත කියැවීමට රුචිකත්වයක් දැක්වූ බවත් විශේෂයෙන්ම ඉංග්‍රීසි පොතපත කියැවීමට උනන්දුවක් දැක්වූ බවත් මේ නිසාම තමන්ට මෙවැනි උසස් ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවත් ඇය පවසන්නීය.

මලියදේව බාලිකාවේ විදුහල්පතිනි සෝමා රත්නායක මහත්මිය ඇතුළු තමන්ට අධ්‍යාපන කටයුතු සඳහා සහාය දැක්වූ ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් තමන්ට මූලික අධ්‍යාපනය ලබා දුන් කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත් තමන්ගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන බවද සිත්මි පැවැසුවාය.

තෙවැනි ස්ථානය ඉෂානි උමේෂා කුමාරි පිටිගල මහමායා බාලිකා විද්‍යාලය - මහනුවර

කලා අංශයෙන් දිවයිනේ තෙවැනි ස්ථානය ඉංග්‍රීසි මාධ්‍යයේ කලා අංශයේ මහනුවර දිස්ත්‍රික් ප්‍රථමයා බවට පත් වූ ඉෂානි ප්‍රංශ භාෂාව, ඉංග්‍රීසි සාහිත්‍ය, ආර්ථික විද්‍යාවෙත් යන විෂයයන්වලින් උමේෂා කුමාරි පිටිගල උසස් පෙළට මුහුණ දී ඇත.

බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් අතින්ද කැපීපෙනෙන දක්‍ෂතාවන් දක්වා ඇති ඉෂානි විද්‍යාලයේ සංගමයේ සභාපතිනිය ලෙසත් ප්‍රංශ සංගමයේ භාණ්ඩාගාරික ලෙසත් කටයුතු කර ඇත.

නීතිය හදාරා තානාපතිවරියක ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවාවට එක් වීමට බලාපො-රොත්තුවෙන් සිටින ඇය කියා සිටියේ ජයග්‍රහණය පිටුපස බාලාංශ පන්තියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන් සිටි බවයි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඉෂානිට හැකි වී ඇත. වැඩිමහල් සහෝදරයකුද සිටී. පියා නාවික හමුදාවේ කපිතාන්වරයකු වන අතර මව වෘත්තියෙන් ගුරුවරියකි.

ඉන්ජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව ප්‍රථම ස්ථානය පමුදිත යසස් පතිරත්න ආනන්ද විද්‍යාලය - කොළඹ

මේ විෂය හදාරන කොට අන්තර්ජාලය හොඳ විදියට පාවිච්චි කරන්න. තමන්ගේ ඉලක්කයට යනකොට එන බාධකවලට නොසැලී මුහුණ දෙන්න' යැයි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉන්ජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ ලංකාවෙන්ම පළමු තැන හිමිකර ගත් පචමුදිත යසස් පතිරත්න පැවැසුවේය.

තම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසුවේය. ප්‍රතිඵල ගැන දැන ගත්ත වෙලාවේ ලොකු සතුටක් දැනුණා. හොඳ ප්‍රතිඵලයක් තියේවි කියලා හිතුවා. නමුත් ලංකාවෙන් පළමු වැනියා වෙයි කියලා හිතුණේ නැහැ.

මම විෂය බාහිර වැඩ විදියට ඉන්ජිනේරු තාක්‍ෂණ සංගමයේ වැඩ කළා. එදිනෙදා අධ්‍යාපන වැඩ එදිනෙදාම කළා. ඒ වගේම නොතේරුණු යාළුවන්ට මම ඒ පාඩම් කියලා දුන්නා. මට නොතේරුණු දේවලුත් මම යාළුවන්ගෙන් අහගත්තා.

ඉදිරියේදී විභාගයට මුහුණු දෙන නංගිලා මල්ලිලාට මම කියන්නේ තමන්ගේ කාලය නිවැරැදිව කළමනාකරණය කරගන්න කියලා. තමන්ටම ඉලක්කයක් හදාගන්න. ඒ ඉලක්කයට යනකොට එන බාධකවලට නොසැලී මුහුණ දෙන්න. අනෙක් අයටත් අධ්‍යාපන කටයුතුවලදී උදවු කරන්න. ඒ වගේම මේ වගේ විෂයක් හදාරණකොට අන්තර්ජාලය හොඳ විදියට පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. ගුරුවරුන්ගේ උපදෙස් පිළිපැදලා ඔවුන් පෙන්වන මාර්ගයේ ගමන් කරන්න.

මම අමතර පන්ති ගියා. එහෙම කියලා මම පාසල් නොගිහින් හිටියේ නැහැ. හැමදාම පාසල් ගියා. හැම වාර විභාගයකටම පෙනී හිටියා. ඉස්කෝලේ තමයි අංක එක වෙන්න ඕනි.

මගේ අම්මා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. තාත්තා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක්.

මගේ අම්මටයි, තාත්තටයි වගේම මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මට අධ්‍යාපනය ලබා දුන්නු උපකාරක පන්ති ගුරුවරුන්ටත් ස්තුති කරනවා. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හලුගම ධර්මපාල විද්‍යාලයේ. ඊට පස්සේ මම කොළඹ නාලන්දා විද්‍යාලයට ගියා. ඒ පාසල් දෙකේම විදුහල්පතිවරු ඇතුළු ගුරුවරුන්ට මම ස්තුති කරනවා.

විශේෂයෙන්ම කහටපිටිය ගුරුතුමියට මම ස්තුති වෙනවා. ඇය තමයි මට මේ තරම් දුරට එන්න ගුරුහරුකම් දුන්නේ.

දෙවැනි ස්ථානය තරිඳු හේෂාන් සමරනායක ආනන්ද විද්‍යාලය - කොළඹ

විෂය බාහිර ක්‍රියාකාරකම් මොන තරම් කළත් හිතේ අධිෂ්ඨානය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ' යැයි කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉන්ජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාව යටතේ ලංකාවෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත් සමරනායක තරිඳු හේෂාන් පැවැසුවේය.

තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු එසේ සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ තරිඳු හේෂාන්, මගේ ගම හම්බන්තොට. මම 2010 වසරේ ලකුණු 176ක් අරගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තමයි කොළඹ ආනන්ද විද්‍යාලයට ආවේ. උසස් පෙළ ප්‍රතිඵලවලින් ලංකාවේ පස්දෙනා අතර අනිවාර්යයෙන් ඉඳිවී කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක් නොවුණා නම් මේ ප්‍රතිඵලය මට ගන්න වෙන්නේ නැහැ.

අධ්‍යාපන කටයුතු වගේම විෂය බාහිර කටයුතුත් ගොඩක් මම කළා. අපේ පාසලේ පා පන්දු කණ්ඩායමේ උප නායකයා විදියට කටයුතු කළා. ඒ වගේම ගුවන් හමුදා ශිෂ්‍ය බට කාණ්ඩයේ ප්‍රධාන කෝප්‍රල් විදියටත් කටයුතු කළා. විභාගයට මාසයකට කලින් මම රන්ටැඹේ ශිෂ්‍ය භට ඇගැයීම් කඳවුරකට පවා සහභාගි වුණා

විෂය බාහිර වැඩ වගේම අධ්‍යාපන කටයුතුත් හොඳට කරලා පාසලට මේ කීර්තිය ලබා දීපු එක ගැන මට ගොඩක් සතුටුයි. නංගිලා, මල්ලිලාට කියන්න තියෙන්නේ මොන තරම් විෂය බාහිර ක්‍රියාකාරකම් කළත් හිතෙ අධිෂ්ඨානය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියලයි. අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්.

මගේ පවුලේ ඉන්නේ මල්ලිලා දෙන්නයි, අම්මයි, තාත්තයි. අම්මා තලාව ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක්. තාත්තා දෙබොක්කාව මහ විද්‍යාලයේ විදුහල්පති විදියට කටයුතු කරනවා. මගේ අනාගත බලාපොරොත්තු තමයි ගුවන් හමුදාවට බැඳිලා උසස් නිලධාරියෙක් වෙන එක.

මගේ අම්මාට, තාත්තාට, මල්ලිලා දෙන්නට වගේම මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ගුවන් හමුදා ශිෂ්‍ය භට ඛාණ්ඩය භාර ආචාර්යතුමාට, පා පන්දු පුහුණුකරුටත්, මගේ යාළුවන්ටත් මම මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුති කරනවා.

තෙවැනි ස්ථානය සෙෂාන් රංගන විජේකෝන් මහසෙන් ජාතික පාසල - නිකවැරටිය

නිකවැරටිය නාවන ප්‍රදේශයේ පදිංචි අයකු වන සෙෂාන් තම ජයග්‍රහණය පිළිබඳ පැවැසුවේ මෙවැන්නකි.

මට ඉතාම නිහතමානි සතුටක් දැනෙනවා. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ නාවන කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසුව මහසෙන් ජාතික පාසලට ඇතුළත් වුණා. මගේ තාත්තා පෙදරේරුවෙක්. අම්මා ගෘහණියක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් උපකාරක පන්තිවලට නොගොස් මේ ජයග්‍රහණය ලබා ගන්න ගෙදරින් වගේම පාසලෙනුත් ලොකු සහායක් ලැබුණා. සංගීත පැත්තට වැඩි වශයෙන් යොමු වෙලා කටයුතු කළා. ගෙදරදී වගේම පාසලේත් කිසිම කෙනකුගෙන් වැරදි දෙයක් අහන් නැතිව ඉන්න මට පුළුවන් වුණේ දහම් අධ්‍යාපනය නිසා. මේ ජයග්‍රහණය මට වගේම මගේ ප්‍රදේශයටත් පාසලටත් ලොකු වටිනාකමක් කියලා මම හිතනවා.

ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාව ප්‍රථම ස්ථානය සඳුනි පියුමාෂා කොඩිප්පිලි නාරන්දෙණිය ජාතික පාසල - කඹුරුපිටිය

නාරන්දෙණිය ජාතික පාසලේ පළමු ශේ්‍රණියේ සිට උසස් පෙළ දක්වාම මේ ශිෂ්‍යාව අධ්‍යාපනය ලබා ඇත. තිදෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියා වූ සඳුනි පියුමාෂා දියණිය පාසලේ පහළ පන්තිවල සිටම විශේෂ දක්‍ෂතා දක්වමින් පාසලට විවිධ අවස්ථාවලදී කීර්තිය ගෙන දීමට සමත් වී තිබේ. ඉඩම් හිමි වැවිලිකරුවකු වන සරත් කොඩිප්පිලි ඇයගේ පියා වන අතර ඇයගේ මව විජේසිංහ මහවත්තගේ පියසීලි කොටපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස සේවය කරයි. සඳුනි පියුමාෂා දියණියගේ වැඩිමහල් සහෝදරිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ශිෂ්‍යාවක ලෙස අධ්‍යාපනය හදාරයි. සඳුනිගේ බාල සහෝදරයා සඳුන් ප්‍රබුද්ධ කොඩිප්පිලි නවවැනි වසරේ ශිෂ්‍යයකු ලෙස මාතර ශාන්ත තෝමස් කුමාර විදුහලේ අධ්‍යාපනය ලබයි.

තම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් ඇය මෙසේ පැවැසුවාය.

මම හිතුවේ නෑ පළමු ස්ථානය ලැබේවි කියලා. හැබැයි මම දැනගෙන සිටියා පළමු දසදෙනා අතරට තේරේවි කියලා. පාසලේ වැඩවලට මුල්තැන දීලා අපේක්‍ෂා සහගතව විභාගයට මුහුණ දුන්නා. එදිනෙදා වැඩකටයුතු හොඳින් කළා. ඒ වගේම නිවෙසේ දෛනික කටයුතුවලට උදවු උපකාර කළා. මොකද මගේ අම්මත් රාජ්‍ය සේවිකාවක්. අක්කා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් කටයුතු කරන නිසා මටත් වගකීම් පැවරෙන බව තේරුම් අරගෙන කාලය හොඳින් කළමනාකරණය කර ගත්තා. විශේෂයෙන්ම නාරන්දෙණිය ජාතික පාසලේ වත්මන් විදුහල්පති ලාල් ප්‍රියදර්ශන ගුරු පියාණන්ටත් මගේ පන්ති භාර සුජිත් සෝමසිරි ගුරු පියාණන්ටත් වගේම පළමුවැනි පන්තියේ සිට මේ දක්වා ඉගැන්වූ ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට හිස නමා මේ මොහොතේ ආචාර කරනවා. ඒ වගේම මට උදවු උපකාර කළ සෑම දෙනාටම ස්තුති කරනවා.

මගේ අනාගත බලාපොරොත්තුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වීමටයි.

දෙවැනි ස්ථානය මොහිදීන් බාවා රාෂා මොහොමඩ් සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය - කල්මුණේ

මෙවර ජෛව පද්ධති තාක්‍ෂණ විෂය යටතේ සමන්තුරේ මුස්ලිම් ජාතික පාසලෙන් ඉදිරිපත්වූ සිසුන් අතරින් සිසුන් 10 දෙනකු සමත්ව ඇති අතර ලංකාවෙන් දෙවැනි ස්ථානයට පත්වූ මොහිදීන් බාවා රිෂා මොහොමඩ් තම ජයග්‍රහණය ගැන මෙසේ පැවැසීය.

මම මුලින්ම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා මගේ මේ සමත්වීම පිළිබඳව. ඒ වගේම මම පළමුව අපේ විදුහලේ විදුහල්පතිතුමාට සහ ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තාක්‍ෂණ විෂය ඉගැන්වූ සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත් ස්තුතිවන්ත වෙනවා. මගේ මව, පියා සහ පවුලේ සියලු දෙනාම ඥාතීන් සහ මගේ මිතුරන් මට විශාල සහයෝගයක් ලබා දුන්නා. මම විභාගයට හොඳින් මුහුණ දුන්නා. හොඳින් සූදානම් වුණා. ඒකේ ප්‍රතිඵල මම අද ලබාගෙන තියෙනවා.

තෙවැනි ස්ථානය විසිඳු දිලෙන්ක ලක්මාල්් මහින්ද රාජපක්ෂ විද්‍යාලය - හෝමාගම

මෙවර උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයෙන් ලංකාවේ තුන්වැනි ස්ථානයත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවැනි ස්ථානයත් දිනා ගැනීමට හෝමාගම, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසිඳු දිලෙන්ක ලක්මාල් සිසුවා සමත් විය.

ලැබූ ජයග්‍රහණය පිළිබඳව දිලෙන්ක ලක්මාල් සිසුවා මෙසේ පැවැසීය.

මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්සෙ විද්‍යා විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත් වෙලා උසස් පෙළ සඳහා ජෛව තාක්ෂණ විෂය තෝරාගෙන මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇතුළු වුණා. මට මේ තත්ත්වෙට එන්න මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මහත්ම මහත්මීන් බාහිර පන්තිවල ගුරුවරු වගේම මගේ අම්මත්, නංගීත් මට ගොඩක් උදවු කළා. මාව ධෛර්යවත් කළා. මම මේ ගමන තනියම ආපු ගමනක් නෙවෙයි. මේ සියලු දෙනා මගේ පිටුපසින් සිටි නිසා තමයි මට අද මේ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණේ.

ඉදිරියේදී විභාගවලට පෙනී සිටින නංගිලා, මල්ලිලාට මම කියනවා විභාගෙකට සූදානම් වෙනවා නම් කැපවීමෙන්, උනන්දුවෙන් වැඩ කරන්න කවදාවත් වරදින්නේ නැහැ.

2018-12-31

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements