Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලොන්නරුවේ තව්හිද් පල්ලි තහනම් කරන්න; ඉස්ලාම් ආගමික නායකයෝ ඉල්ලති

තව්හිද් ජමාත් සංවිධානයට අයත් පල්ලි 03 ක් පොලොන්නරුවේ පිහිටා තිබෙන බවත්, ඒවා තහනම් කිරීමට වහාම පියවර ගත යුතු යැයි පොලොන්නරුව

බදුර්දීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න - එස්. බී. දිසානායක

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන්

රාජ්‍ය සේවයකයන් භාගයක්ම සේවයට පැමිණ නෑ

රටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති

ත්‍රස්ථ ප්‍රහාරයට සම්භන්ධ මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දන්වන්න

පසුගියදා ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.නමුත්

අරාබි ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට

ගල්ගමුව ප්‍රදේශයට පැමිණ නගරයේ හෝටලයක නැවතී සිටි අරාබි ජාතිකයකු ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ

පාසල් ආරක්ෂාවට විශේෂ අවධානයක්

පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි

ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 359ක් දක්වා ඉහළට

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට

මාදම්පේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව වීසා බලපත්‍ර හෝ විදේශ ගමන්

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
වසර 5ක් තුළ මෙරට ක්‍රීඩා අමාත්‍ය ධුරයට පැමිණි 5 වැනිය
GossipClanka.com

මෑතක මෙරට මුහුණ දුන් දේශපාලනමය විපර්යාසයන් හේතුවෙන් දැන් යළි නව ක්‍රීඩා අමාත්‍යවරයකු පත්වී ඇත. එනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව පත්වූ 16 වැනි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසට හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ දී වැඩ

 

භාරගත් අතර පසුගිය වසර 5ක කාලය තුළ මෙරට ක්‍රීඩා අමාත්‍ය ධුරයට පැමිණි 5 වැනි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසද හරීන් ප්‍රනාන්දු මහතාගේ නම ඉතිහාසයට එක්වනු ඇත.

ඒ අනුව බැලූ විට වසර පහක් තුළ ක්‍රීඩා ඇමැතිවරයාට අයත් පුටුව පස්දෙනකු අතට පත්වන්නට තරම් මෙරට දේශපාලන ක්‍ෂේත්‍රය හෙල්ලීමකට ලක්වී ඇති අතර එසේ මෙරට ක්‍රීඩා පරිපාලනයේ මහගෙදර තුළ ඇති කළ වෙනස හේතුවෙන් අවශේෂ ක්‍රීඩා පරිපාලන යාන්ත්‍රණයන්ද දෙදරා ගොස් ඇති බව පැහැදිලිය. ඒ බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩ භාරගත් දිනයේදී කළ කතාවෙන්ම පැහැදිලි විය. නමුත් පසුගිය දශකයක පමණ ක්‍රීඩා පරිපාලනය ගැන සලකා බැලූ විට බොහෝ අමාත්‍යවරුන් වැඩ භාරගත් දිනයේ කරන ලද කතා මඟින් පුම්බා ගන්නා ලද ප්‍රතිරූපයට කාලයාගේ ඇවෑමෙන් තමන් විසින්ම හුළං බස්සවා ගත් අවස්ථාද දැකගත හැකි විය. එයට හේතුව ක්‍රීඩාව යනු ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් හෙබි විෂයක්ය යන අත්දැකීම් අඩුකම නිසා හෝ පොරොන්දු දේශපාලනය ක්‍රීඩාවටත් ආදේශ කිරීම වැනි අයහපත් කාරණා නිසා වන්නට පුළුවන.

එනම් ක්‍රීඩාවේ මහපුටුවේ අසුන් ගෙන පරිපාලනයට අතගැසීමෙන් පසුව පළමු දිනයේදී කළ කතාවට අනුව වැඩ කිරීමට බොහෝ ක්‍රීඩා ඇමැතිවරුන්ට අපහසු වී ඇත. හේතුව ක්‍රීඩා ඇමැතිවරයා යනු දේශපාලන පත්වීමක් නිසාත් ඊට අනුබද්ධ මෙරට ලියාපදිංචි ක්‍රීඩා පරිපාලන ආයතනයන්හි බහුතරයක බලය අරක් ගෙන සිටින්නේද දේශපාලනඥයන් නිසාත්ය. මෙරට පවතින ක්‍රීඩා නීතියට අනුකූලව ක්‍රීඩා 62ක් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිව ඇතත් මෙකී දේශපාලනමය වටපිටාව පිළිබඳව හොඳම සාක්ෂි සපයන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය මඟිනි. ජාත්‍යන්තර මට්ටමෙන් මෙරට තුළ ක්‍රියාකාරීව පවතින අනෙක් සියලුම ක්‍රීඩා අභිභවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දුගේ මංගල කතාවේදී කටයුතු කළේ ක්‍රිකට් තුළට ඔඩු දුවා ඇති දේශපාලනය ගැන හරීන්ද දැනුවත්ව ඇති නිසා වන්නට පුළුවන.

බොහෝ ක්‍රීඩා ඇමැතිවරුන් මින් පෙරද පැවැසුවේ තමන් ක්‍රිකට් ඇමැති නොව හැම ක්‍රීඩාවකම ක්‍රීඩා ඇමැති බවයි. නමුත් කාලය ගතවත්ම එසේ කී ක්‍රීඩා ඇමැතිවරුන්ට එම සංකල්පයෙන් මිදී කටයුතු කිරීමට සිදුව ඇත්තේ මෙරට තුළ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් නිසාත් එම ජනප්‍රිය ක්‍රීඩාවට හරි මැදිහත්වීමක් නොවී තමන්ගේ ජනප්‍රියත්වය නැති කරගැනීමට ඇති අකැමැත්ත නිසාත්ය. තවත් විදියකින් කිවහොත් මෙරට තුළ මෙතෙක් ක්‍රීඩාව මෙහෙයවූ ඇමැතිවරුන්ගේ කෙරුවාව මැනබැලුවේද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද වැඩ කිඩ අනුවය. එයට හේතුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලී ජනතාව තම දෙවැනි ආගම ලෙස සලකන්නේ ක්‍රිකට් නිසාත් ශ්‍රී ලංකාවට මෙතෙක් ක්‍රීඩාව පැත්තෙන් වැඩි ගෞරව ලබාදීමට සමත් වී ඇත්තේ ක්‍රිකට් මඟින් වීම නිසාත්ය.

ඒ නිසා ක්‍රීඩාව භාරගත් බොහෝ ඇමැතිවරුන් තමන් නොදැනුවත්වම වැඩිපුරම ක්‍රිකට් ක්‍රීඩාවට අතපොවන්නේ එකී ජනප්‍රියත්වයේ සුවඳ තමන්ටද දැනෙන නිසා වන්නට පුළුවන. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවට අතගැසීම දැළි පිහියෙන් කිරි කනවා වැනි වැඩක් බවද හරීන්ද අමතක නොකළ යුතුය. හේතුව පැමිණි බොහෝ ඇමැතිවරුන් ජනප්‍රිය වූයේත් ජනයා අතර අප්‍රිය වූවේත් ක්‍රිකට් සමඟ කළ සෙල්ලම්වල ප්‍රතිඵලය අනුවය. බොහෝ අවස්ථාවලදී ක්‍රිකට් පරිපාලනය භාරගන්නට එන සභාපතිවරයා සහ ක්‍රීඩාවේ පරිපාලනයට එන ඇමැතිවරයා එකම සමාජීය හා දේශපාලන මට්ටමක පුද්ගලයන්ය.

ඒ නිසා මෙම දෙදෙනා අතර ඇතිවන පරස්පරතාවන් හෝ එකඟතාවන් මත ක්‍රිකට් සභාපතිවරයාගේ හෝ ක්‍රීඩා ඇමැතිවරයාගේ පැවැත්ම තීරණය වූ අවස්ථාද නැත්තේ නොවේ. අහවලාට ක්‍රිකට් සභාපති තනතුරට එන්නට ඉඩදෙනවා නම් තමන් ක්‍රීඩා ඇමැතිකමෙන් ඉල්ලා අස්වන බවට දන්වා ජනාධිපතිවරයාගේ මේසයට ලිපියක් දැමූ ක්‍රීඩා ඇමැතිවරුද සිටියේය. එය මීට වසර 4කට පෙර මෙම ලියුම්කරු ලැබූ අත්දැකීමකි.

එපමණක්ද නොවේ, අද මෙරට තුළ දිස්ත්‍රික් මට්ටමෙන් මෙන්ම පළාත් මට්ටමෙන්ද ක්‍රිකට් මෙහෙයවන්නේ දේශපාලනඥයන්ය. වත්මන් ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද පළාත් මට්ටමෙන් ක්‍රිකට් සභාපති තනතුරු දැරූ පුද්ගලයෝය. සමහර වත්මන් හා හිටපු කැබිනට් ඇමැතිවරුන්ද ක්‍රිකට් පරිපාලනයේ කොටස්කරුවෝය. ඊට අමතරව වටේ සිටින නිලධාරීන්ද ඇමැති අන්දවා ඔවුන්ගේ පැවැත්මට වැඩ කරගනිති. ඒ නිසා පත්වී එන ක්‍රීඩා ඇමැතිවරුන්ට තමන් පළමු දිනයේදී කරන කතාවට අනුව ඉදිරියට වැඩක් කරගෙන යෑම ප්‍රායෝගිකව ඉතාමත් අසීරු වී ඇත.

එයට හේතුව ඇමැතිවරයාගේම වැරැද්ද නොව පවත්නා ක්‍රමවේදයේ වැරැද්දය. ක්‍රීඩාව සඳහා නිලවරණයක් රටක් සඳහා මැතිවරණයක් යනු ප්‍රායෝගිකව වෙනස්ම කාරණා දෙකක් වුවද ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව නම් මේ දෙකම එකකි. හේතුව රටක මැතිවරණයකට පෙරත්, පවත්වන දිනයේදීත් සහ පසුවත් ඡන්ද අපේක්ෂකයන් කරන දේවල්ම ඊට සමරූපීව එකී වකවානු තුනේදීම ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සිදුකරති.

එතරම්ම ඡන්ද උණුසුමක් ක්‍රිකට් නිලවරණයක් වෙළා ගෙන සිටී. ඒ නිසා ක්‍රිකට්වල පමණක් නොව සමස්ත ක්‍රීඩාවේම යහපත සඳහා දශක 5කට පමණ පෙර ස්ථාපිත කළ රටේ ක්‍රීඩා නීතියද පූර්ණ සංශෝධනයකට ලක්විය යුතුය. ඒ අනුව ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට අදාළ ව්‍යවස්ථාවද වෙනස් කළ යුතු බව සැබෑය. හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමැතිවරයාද ඒ බව වටහා ගෙන ඇති බව පෙනේ. නමුත් මින් පෙර ක්‍රීඩාව භාරගත් ඇමැතිවරුන්ද එහෙන් මෙහෙන් පැලැස්තර දමා එකී සංශෝධනයන් කළද ඒවා සිදු කෙළේ කුමක්ද? කියන සාධකයට වඩා කවුද? කියන සාධකය ඉස්සරහට දමා ගැනීමෙන් යැයි අදටත් බොහෝ චෝදනා එල්ල වී ඇත. එය වෙනම සංවාදයට ලක්විය යුතු මාතෘකාවකි.

නමුත් හරීන් ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දිනයේම එවූ බවුන්සර් පන්දුවෙන් සමහරුන් දැවී ගොස් ඇති අතර තවත් සමහරුන්ට ලකුණු රැස්කර ගන්නට තරම් ආශීර්වාදයක් විය. හේතුව දැනටමත් ක්‍රිකට් නිලවරණයක් ප්‍රකාශයට පත් කර ඇතත් නිලවරණයෙන් නව ක්‍රිකට් පාලකයන් තෝරා නොගෙන අතුරු පාලක කමිටුවක් මඟින් ඉදිරි කෙටි කාලයක් ක්‍රිකට් පාලනයට කටයුතු කරන බවට හරීන් කළ ප්‍රකාශයයි.

එය යහපත් ගමනක් වෙත මෙරට ක්‍රිකට් යොමු කිරීමට නව අමාත්‍යවරයා ලෙස ගත් හොඳ පියවරකි. එනම් ක්‍රීඩා නීතිය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන්ම ක්‍රිකට් අතුරු පාලනයක සහාය පතන්නේ නම් එය යම් සාධනීය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ අතරට මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ කැඳවා ඇති නිලවරණය නිසි කලට පවත්වා ඒ මඟින් පත්වන නව ක්‍රිකට් පරිපාලකයන් ලවා සිදු කළ යුතු ව්‍යවස්ථා සංශෝධනය කරවා ගත නොහැකිද යන්නය.

'හරීන් ආපසු හැරේන්' යන ඉල්ලීම ඉදිරි ක්‍රිකට් පරිපාලනය භාරගන්නට වලිකන පිරිසගෙන් මතුවන්නේ මේ ප්‍රශ්නයත් සමඟය. ඔවුන්ගේ මතය වන්නේ අවශ්‍ය සංශෝධන කිරීමට අතුරු පාලක කමිටුවක්ම පත් කළ යුතුද යන්නය. නමුත් නව ඇමැතිවරයා අදහස් කරන පිරිසුදු පුද්ගලයන්ගෙන් සමන්විත අතුරු කමිටුවක් හා ඡන්දය පෙබරවාරි 7දා පැවැත්වුවහොත් ඉන් පත්වන නව පාලන කමිටුවත් අතර වෙනස ක්‍රීඩා ඇමැති පුටුවට එන්නටත් පෙර හරීන් හොඳින් හඳුනාගෙන ඇති බවද පැහැදිලිය. එම වෙනස හඳුනාගන්නට ක්‍රීඩා ඇමැති වෙන්නටම අවශ්‍ය නැත. ක්‍රීඩාවට ළැදි මෙරට ඕනෑම කෙනකුට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබඳව ඒ තරමටම හොඳ අවබෝධයක් ඇත. ක්‍රිකට් තරගයක් පැරැදුණු විට ක්‍රීඩකයාත්, පාලකයාත්, ඇමැතිවරයාත් බැනුම් අසන්නේ ඒ නිසාමය.

කෙසේ වෙතත් කවුරුත් කතා කරන රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනමය ව්‍යුහයෙහි වෙනසක් කරන්නට නම් හරීන් පළමුව කළ යුත්තේ ක්‍රිකට් ජාත්‍යන්තරයේ මහගෙදර වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (අයි.සී.සී) ඒ සඳහා අනුමැතිය හා ආශීර්වාදය ලබාගැනීමය. එසේ නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගොඩවැදී ඔවුන්ගේ පැහැදිලි කිරීම්වලට පළමුව සවන්දීම අපිටත් පැහැදිලි නැත. ක්‍රමය වෙනස් කිරීමට නම් වැඩ කරන ක්‍රමයද වෙනස් කළ යුතුය.

එනම් සාම්ප්‍රදායික ඇමැතිවරුන්ගේ වැඩකරන කලාව ක්‍රීඩාවේ වැඩ කරන්නට යොදා ගත යුතු කලාව නොවන බව හරීන් තේරුම් ගත යුතුය. හේතුව ක්‍රීඩා ඇමැතිවරයාට ජාත්‍යන්තරයේ රටවල් 205ක් සමඟ ගනුදෙනු කිරීමට සිදුවනු ඇත. සමහර විට එම කාර්යභාරය මෙරට විදේශ කටයුතු භාර ඇමැතිවරයාටත් වඩා දුර දිග ගිය එකකි. ඊට ප්‍රධානම හේතුව ක්‍රීඩාව යනු තාක්ෂණය මුසු වූ දෙයකි. ඒ නිසා ක්‍රීඩාවේ යහපත් පරිපාලනයකට තාක්ෂණය මුසු වූ දැනුමක් අවශ්‍යය.

ඒ අනුව ක්‍රීඩාව හා පරිපාලනය යන විෂයයන් දෙකම පිළිබඳව දැනුම ඇති අය සොයා යෑම අද ලෝක ක්‍රීඩා පරිපාලනයේ ප්‍රවණතාව වුවද එය ශ්‍රී ලංකාවට ගළපා ගැනීම අසීරු වූයේ සැමටම ඉහළින් සිට කිසිවක් නොදන්නා පුද්ගලයන් තීරණ ගත් නිසාය. නමුත් ක්‍රීඩාවේ සක්‍රියව නියැළුණු කෙනකු ලෙස හරීන් ඇමැතිවරයාගේ දැක්ම වෙනස් එකක් විය හැකි වුවද මින් පෙර සිටි බොහෝ ක්‍රීඩා ඇමැතිවරුන් පැවැසුවේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ වඩාත් දූෂණ හා අක්‍රමිකතා සිදුවූයේ අතුරු පාලක කමිටු පැවැති සමයන් තුළ බවයි. නමුත් ක්‍රීඩාවට යහපතක් සලසන්නට තාවකාලික පදනමකින් පත්කරන අතුරු කමිටුව ක්‍රීඩාවට හතුරු කමිටුවක් නොවේ නම් හරීන්ගේ නව සංකල්පය සාර්ථක වන්නට ඉඩ ඇත.

එහෙත් රට හදන තැන තමන් සමඟ සිටින සගයකු යැයි හෝ පාසලේ මිතුරකු යැයි හෝ සිතමින් ඒ තුළ සැරිසරන ක්‍රියාකාරීන්ටම ඕනෑ දෙය කරන්නට ඉඩ දුනහොත් කයිවාරු ලැයිස්තුවේ සිටි ක්‍රීඩා ඇමැතිවරුන්ගේ නම් අතරට හරීන් ප්‍රනාන්දුගේ නමක් එක් වනු ඇත. තවද ඒ සඳහා ලැබෙන ප්‍රසිද්ධියද වෙනත් ඇමැතිවරුන්ට සාපේක්ෂව වැඩිය. හේතුව කිසිදු පුවත්පතක ක්‍රීඩා විෂයට මෙන් වෙනත් ඇමැතිවරුන්ගේ විෂයයන්ට කියා විශේෂ පිටු වෙන්කර නැත. ඒ නිසා ක්‍රීඩාවේ යහපත වෙනුවෙන් පුවත්පත්වල පිටු එක දෙක තුන වෙන් කරද්දී අදාළ ඇමැති කරන යහපත් දේ වෙනුවෙන්ද නිතැතින්ම ලකුණු වැටෙයි. ඒ නිසා හරීන් කෙළින් වැඩ කළොත් පමණක් 'හරීන් ආපසු හැරේන්' යන සංඥාව කරන්නට කාටත් ඉඩක් නොලැබෙනු ඇත.

සිරිනාම රාජපක්ෂ

2018-12-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements