Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

විරෝධතාවයක් හේතුවෙන් වෙසක් කූඩු ප්‍රදර්ශනය තහනම් කරයි

සාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය

ජාතික රණවිරු සැමරුම අද-සාමයේ පහනක් දල්වන්න

තිස් වසරක කුරිරු යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වෙයි.ජනාධිපති

වෙසක් පොහොයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් දන්සැලක්..! (PHOTOS)

වෙසක් පොහොය නිමිති කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව එහි නිළධාරීන් විසින් පැවැත්වූ

මෙරට ආගමික සභ්‍යත්වය පෝෂණය වූයේ බුදු දහමින්-කාදිනල්තුමන්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.සම්බුදු තෙමගුල සමරණ අතිපූජනීය

බුදු දහමේ දායකත්වය එක්සත් ජනපදය පොහොසත් කෙරුවා

බුදු දහම ලොවට ගෙනහැර පෑ ගෞතම බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීමට ලොව පුරා බෞද්ධ ජනතාව එක්ව සිටින මේ මොහොතේ,

ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා

ෆේස්බුක් හිරකිරීමේ අවාසි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය

මුස්ලිම් සමාජය ස්වයං විවේචනයකට සූදානම් - කබීර්

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග

ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පතරොම් තොගයක් අත්අඩංගුවට

ත්‍රිරෝද  රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් පෙරේදා (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු

අද ලංකාවට ඇඳිරි නීතිය නෑ

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක්

බෙන්ස් ගිලන්රථ 100ක් රෝහල් වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ‘ගිලන්රථ 100ක් දිවයින පුරා රෝහල්වලට බෙදාදීමේ ව්‍යාපෘතිය’ යටතේ අද (16) දිනයේදී

ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ සරසවි සිසුන් පාරට

අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් ඊයේ(15) යාපනය විශ්ව විද්‍යාලය

හෙට සිට දින 4 ක් සුරාසල් වැසේ

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (17 වැනිදා) සිට 20 වැනිදා දක්වා සියලූම සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත.එ අනුව එම දිනවල

මුහුණ සැගවෙන ඇගලූම් තහනම්: - ගැසට්ටුව නිකුත් වේ

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත්

කොළඹ කසළ බැහැර කිරිමට වැඩිපුර මිලියන 200ක් ගෙවලා

කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ

තවුහීත් ජමාත් තහනම් කළ ගැසට් පත්‍රය

ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (13) මධ්‍යම රාත්‍රියේ නිකුත්

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

හලාල් මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයේ. හලාල් එපා- පැමිණිලි ගොනු කෙරේ…

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල්

හදිසි නීතිය යටතේ නිකුත් කළ හිජාබය ගැන ගැටලුව අවසන්-එම්.එච්.ඒ.හලීම්

මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලුව විසඳී තිබෙන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

උතුරරේ ජනතාවට හමුදාවේ අගය වැටහීම

“හමුදාවට උතුරෙන් යන්න කිව්ව අපටම උතුරට හමුදා ආරක්ෂාව ඉල්ලන්න වුණා”දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන මාවෙයි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ඉක්මනින්
GossipClanka.com

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පෙරමුණේ සහාය හිමිව තිබෙනවා. ඊයේ (18) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදය සඳහා ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද

 

ජයතිස්ස මහතා විසින් යෝජනාව ඉදිරිපත් කෙරිණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන කටයුතු කඩිනම් කළ යුතු බවට යෝජනාව ඉදිරිපත් විය. එය ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථිර කෙරිණි.

රනිල්ට ඡන්දයකින් ජනාධිපති වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලින් ජනාධිපති වීමට උත්සාහ කරනවා' යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කවදාවත් ඡන්දයකින් දිනන්න බැරි නිසා ජවිපෙ ලවා කොහොමහරි ජනාධිපති වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩිවලින් රනිල් ජනාධිපති වෙන්න. ජවිපෙ කැමැති ඇති රනිල් ජනාධිපති වෙනවට. මේ ඔළු ගෙඩි මාරු වෙන හැටියට පාර්ලිමේන්තුවට තෝරන්න දුන්නොත් ඒක හොඳට හිටියි. ඒ වගේම අගමැති වුණ ගමන්ම ඡන්දයකට යනවා කියලා තමයි යූඑන්පීය කිව්වේ. අපි හිතුවා මේ අය අද පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වන්න යෝජනාවක් ගෙන එයි කියලා. කෝ ගෙනාවද?

රනිල් බලහත්කාරයෙන්. දවස් 50ක් අරලියගහ මන්දිරයේ හිටියා. මේ හදන්නෙ 2025 වෙනකන් ඡන්ද නොතියා ඉන්නයි. ජවිපෙ රනිල්ව අගමැති කරන්න උදවු කළා. දැන් විපක්ෂයේ ඉඳගෙන වැඩ කරමු. ටී.එන්.ඒ. එකටත් අපිට කියන්නෙ, දැන් විපක්ෂයේ වැඩ කරමු. මේ විදියට පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. දෙවියන්ගෙ නාමයෙන් දැන් අපි ඡන්දයකට යමු කියලා අපි ආණ්ඩුවට බල කරනවා. දැන් ජවිපෙටයි, ටී.එන්.ඒ. එකටයි විපක්ෂ නායකකමයි, සංවිධායකකමයි නැති වුණ නිසා ආණ්ඩුවට රිදිලා ඇති. ඒකයි මේ වැඩිපුර දඟලන්නෙ.

නිදහස ලැබුණ දා සිට ඉන්දියාවට තියෙන්නෙ එකම ව්‍යවස්ථාවයි අපේ ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය කරලා
'ඉන්දියාවට නිදහස ලැබුණ 1947 සිට අදවන තුරු තියෙන්නේ එකම ව්‍යවස්ථාවයි. 1948 නිදහස ලැබුණ අපේ රටේ ව්‍යවස්ථාව 19 වරක් සංශෝධනය කර තිබෙනවා' යැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවැසීය.

එදා මහින්ද මොකද කෙළේ. ප්‍රභාකරන් එක්ක ගිවිසුමක් ගැහුවා. රනිල්ට ඡන්දෙ දෙන්න එපා කිව්වා. උතුරේ ඡන්දෙ දාන්න ගිය මිනිසුන්ගෙ ඇඟිලි කැපුවා.

අද අපේ රටේ ජනාධිපතිවරු අධිකරණයට ගෙනියන්න බෑ. ඒක ඇත්ත. හැබැයි 19 වැනි සංශෝධනය ගෙන ආවේ නැත්නම් මොකද වෙන්නෙ. එදා අපට මතකයි අධිකරණ පද්ධතියට කරපු දේ. එක රැයකින් අගවිනිසුරුවරිය ගෙදර යැව්වා. දිවිනැඟුම පනත ගැන දුන්න තීන්දුවක් නිසා තමයි ඇයට එහෙම වුණේ.

ඒ වගේම ජවිපෙ 20 වැනි සංශෝධනය ගේන්න ගියා. ඒකටත් තීන්දුවක් ලැබුණා. මෙතැනදී අපි ඒ ගැන යළිත් හිතන්න ඕනේ. අපි 20 වැනි සංශෝධනය ගැන යළි සලකා බැලිය යුතුයි. ඉන්දියාවේ 1947 නිදහස ලැබූ දවසේ ඉඳලා අදත් එක ව්‍යවස්ථාවයි තියෙන්නේ. අපට නිදහස ලැබුණේ 1948 හැබැයි කියන්න කනගාටුයි අපි එය 19 වතාවක් සංශෝධනය කරල තියෙනවා. මෙය නතර කළ යුතුයි.

ඒ වගේම විධායක ජනාධිපතිතුමා අධිකරණයට ඉදිරිපත් කළ හැකි සංශෝධනයක් ගේන්න ඕනෙ. එයයි අපි ඉන්න ස්ථාවරය.

බල්ලට ජල භීතිකාව හැදිලා වගේ එජාපයට ජන භීතිකාව හැදිලා
බල්ලට ජල භීතිකාව හැදිලා වගේ එක්සත් ජාතික පක්ෂයට ජන භීතිකාව හැදිලා තියෙනවා. ඒ ගොල්ලො මැතිවරණවලට බයයි' එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

බල්ලට ජල භීතිකාව හැදිල වගේ එක්සත් ජාතික පක්ෂයට ජන භීතිකාව හැදිලා තියෙන්නෙ. මැතිවරණවලට බයයි. සීමා නිර්ණයට මුවා වෙලා පළාත් සභා මැතිවරණය කල් දාලා තියෙනවා. ඒ වගේම අධිකරණ තීන්දුවට මුවා වෙලා මහ මැතිවරණය කල් දැම්මා. ඒත් මොන මැතිවරණ කල් දැම්මත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කිව්වා 2025 වෙනකන් අපි තමයි බලයේ ඉන්නෙ කියලා.

අපිට කමක් නෑ 2050 වෙනකම් බලයේ හිටියත්. හැබැයි ඡන්ද තියලා ඕන එකක් කරගත්තට අපට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට තියෙන ලොකුම හෙණේ තමයි ජනාධිපතිවරණය. ඒ නිසා දැන් මේ අයට අපූරු වැඩක් වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කෙනෙක් නැති නිසා ජවිපෙට ඕනෙ මේක අහෝසි කරගන්න.

ඒකටයි ජවිපෙ මේ ලෑස්ති වෙන්නේ. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමයේ වැරැද්දක් මිසක් විධායක ජනාධිපති ධුරයේ වැරැද්දක් නොවේ. විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසක් ඇති විය යුතුයි. ජනාධිපති තනතුරේ අත්තනෝමතික බලතල තියෙනවා. එය නැති කළ යුතුයි. ඒ නිසා අපි කියන්නෙ විධායක ජනාධිපති ක්‍රමයේ සංශෝධනයක් ඇති විය යුතුයි. අපි එදත් හිටියේ ඒ ස්ථාවරයේ. අදත් හිටියේ ඒ ස්ථාවරයේ. ඒකෙ කිසි වෙනසක් වෙලා නෑ. අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමයයි, ව්‍යවස්ථාදායකයයි ස්වාධීන ආයතන දෙකක් විය යුතුයි. ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන ජනතාවට තීන්දුවක් ගන්න කටයුතු කළ යුතුයි. ජනතාව විසින් ආණ්ඩුව මාරු කරගන්න අවස්ථාව ලබාදිය යුතුයි.

විසි වැනි සංශෝධනය සම්මත වුවහොත් මහින්දට ආයෙත් ජනාධිපති තනතුරට ඉල්ලන්න පුළුවන්
විසි වැනි සංශෝධනය සම්මත වුවහොත් මහින්ද මහත්තයාට ආයෙත් ජනාධිපති තනතුරට ඉල්ලන්න පුළුවන්. ආයෙත් අගමැති වෙන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

දැන් මොකද වෙලා තියෙන්නේ. මෛත්‍රිපාල ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහත්තයාව උස්සලා පොළොවේ ගැහුවා. එතුමාගෙ දේශපාලන ජීවිතය මේ දේශපාලන කුමන්ත්‍රණය නිසා විනාශ වුණා.

ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් දුන්නු බලයක් තනි පුද්ගලයකුට පැහැර ගන්න දෙන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිළිබඳව අධිකරණ මතය වුණේ එයයි. ජනාධිපතිතුමා පක්‍ෂයේ පුරවැසියෙක්. එබැවින් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව ඉක්මවා යා නොහැකියි. එම නිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවෙන් බාධා නොකළ යුතුයි. ඒ ව්‍යාවස්ථාව ජනතාවට ලබා දෙන්න.

ජනතාවට ඉඩ දිය යුතුයි විධායක ජනාධිපති ධුරය අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරන්න. පාර්ලිමේන්තුවේදී අපි විසි වැනි සංශෝධනය සම්මත කර ගත්තොත් මහින්ද මහත්තයාට තමයි වැඩිපුර වාසියක් එන්නේ. මොකද ආයෙත් පාරක් එතුමාට ඉල්ලන්න පුළුවන්. ඕනේ නම් එතුමාට අගමැති වෙන්න පුළුවන්. ඕනේ නම් බලයක් නැති ජනාධිපති වෙන්නත් පුළුවන්. එහෙම නැතිව සෙල්ලම් කැබිනට් මණ්ඩල හදන්න ඕනේ නෑ. දේශපාලන කුමන්ත්‍රණ හදා ගන්න ඕනේ නෑ.

ශ්‍රී ලනිපය ගොඩගන්න දරදිය ඇදපු කිසිම කෙනෙක් මේ ක්‍රමයට කැමැති නෑ
සිරිමාවෝ මැතිනිය ජනාධිපතිවරණයට ඉල්ලනකොටත් මැතිවරණ ප්‍රකාශනයේ මූලික වගන්තියක් වුණේ විධායක ජනාධිපතිකම අහෝසි කිරීම, චන්ද්‍රිකා මැතිනියත් එහෙමයි. හැබැයි කළේ නෑ' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස පැවැසීය.

විධායක ජනාධිපතිකම කියන්නේ රට විනාශකාරී ගමනකට යන තනතුරක්. එම නිසයි අපි මේ තනතුර අහෝසි කරන්න යෝජනා කළේ. මේ තනතුරේ තියෙන භයානකකම පසුගිය දවස් 50 ඇතුළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයෙන්ම රටේ ජනතාවට තේරුණා. එය රටට ඉතා භයානකයි. කුමාර වෙල්ගම මන්ත්‍රිතුමා කියලා තිබුණා අපූරු කතාවක්. එතුමා කියලා තිබුණා ව්‍යවස්ථාව කඩපු ජනාධිපතිවරයා ගැන තීරණයක් ගත යුතුයි කියලා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරයෙක්.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩගන්න දරදිය ඇදපු කිසිම කෙනෙක් මේ ක්‍රමයට කැමැති නෑ. පසුගිය කාලේ මේ සෙල්ලම නිසා වැඩියෙන්ම බැට කෑවේ මහින්ද මහත්තයා. දැන්වත් මේ පිරිස මේක තේරුම් ගන්න ඕනෑ. කුමාර වෙල්ගම, විජිතමුණි සොයිසා මන්ත්‍රිවරුන්ගෙන් මේ ගැන අහන්න. ඒ අය කියයි මෙහි භයානකකම.

2018-12-19

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

සිංහල තරුණයකුගෙන් විවාහ යෝජනාවක් ආවොත් පිළිගන්නවා-ෆාතිමා නර්ලින්

ස්වර්ණවාහිනීයේ නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත්

ලෝක කුසලානයේ අපේ ටීම් එකේ අලුත්ම කිට් එක (PHOTO)

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම අද ප්‍රදර්ශනය කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු

කලාව නිසා තමයි මිනිස්සු දෙයක් රසවිඳින්නේ-මාෂි

නිරූපණයට සහ කලා ක්ෂේත්‍රයට අළුතෙන්ම එකතුවන ශිල්පිනියක් තමයි මාෂි කියන්නේ. දැනට උසස් අධ්‍යාපන කටයුතු හදාරන මාෂි මේ වනවිට

එම්.සී.සී. ලොකු පුටුව සංගක්කාරට

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂිතම ක‍්‍රීඩා සමාජය වන එංගලන්තයේ මාලිබෝන් ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා වශයෙන් කුමාර් සංගක්කාර

ලස්සන වෙන්නේ වාසනාවට-නෙහාරා පීරිස්

මුතුකිරිල්ලී’..... ආ නෑ නෑ මට කතා කරන්න  ඕනේ කිරිල්ලියෙකුට නෙමෙයි, නෙහාරාට. නෙහාරා පීරිස් ලෙංගතු ලැබැඳියාවෙන් මුව පුරවාගත් සිනහාවෙන්

දරුවො වගෙ හදපු වටිනා සතුන් රට වෙනුවෙන් දන්දුන්න හැටි

සැක කටයුතු ස්ථානවල සිදුකෙරෙන පරීක්ෂාවන් සඳහා පුහුණු කිරීමට කොළඹ කාන්තාවක විසින් සුනඛයන් පස්දෙනකු යුද හමුදාවට පරිත්‍යාග කිරීම

ලොව විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව මෙතෙක් හමුවූ විශාලතම දියමන්තියක් ලෙස සැලකෙන කැරට් 1758ක් බරැති දියමන්තියක් අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ පතලකින් හමුවී තිබෙනවා.එය

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements