Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
UNP යේ රිමොට් එක තියෙන්නේ දෙමළ සන්ධානය ලඟයි
GossipClanka.com

කැඳවා තිබු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දුන් නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක් බැවින් එය හදාරා බලා, ඒයින් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය පවත්වාගෙන යෑමට ඇතිවෙන

 

බලපෑම පිලිබඳ පසුව විග්‍රහයක් කිරිමට බලාපොරොත්තු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට අද (15 දා) අත්සන් තැබිමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

මේ මොහොතේ සාකච්ඡා කරන්නේ කැඳවු මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම නිසා ඇතිවෙන දේශපාලාන තත්ත්වය ගැන බවද ඒ මහතා එහිදි පැවසීය.

තම පාර්ශවයට මේ අවස්ථාවේ හැප්පෙන්න වී තිබේන්නේ දිගින් දිගටම මැතිවරණ මඟහරින්න නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්ෂවල එකතුවක් සමඟ බවද ඒ මහතා පවසයි.

ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසුරුවාහැරියද  මැතිවරණ පැවැත්වීමට විරුද්ධ පිරිස අධිකරණයට ගොස් තාවකාලික වාරණ නියෝගයක් අරගෙන එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවා තිබු පාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඔවුන්ට තිබේන බව පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුන බවද ඒ මහතා පවසයි.

රනිල් වික්‍රිමසිංහ මහතා අගමැති ලෙස පත් කිරිම ඡන්ද 117 ක් ලැබුණද, එයින් 14 ක් දෙමළ ජාතික ඡන්ද වන අතර එහි සමාජිකයෙක්වන මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් කළ විශේෂ ප්‍රකාශය ගැන අදහස් දැක්වීය.

රනිල් වික්‍රිමසිංහ මහතාට අගමැති වීමට ඡන්දය දුන්නද තම පක්ෂය ආණ්ඩුවට එක් නොවන බවත්, දිගටම විපක්ෂයෙහි සිටින බවත් මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා සිය කතාවෙන් පැවසු බවද මහින්ද රාජපක්ෂ එහිදි ප්‍රකාශ කළේය.

මෙයින් පෙනි යන්නේ මන්ත්‍රීවරුන් 103 ක් සිටින එක්සත් ජාතික පක්ෂය, සුළුතරයක් සිටින දෙමළ ජාතික පක්ෂය විසින් ප්‍රාණ ඇපයට අරගෙන තිබෙන බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ අනුව පෙනි යන්නේ එක්සත් ජාතික පක්ෂය පාලනය කිරිමේ දුරස්ථ පාලකය දෙමළ ජාතික සන්ධානය සතුව ඇති බවද හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා විසින් පැවසීය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනතාව සංවිධානය කරමින් රටට එරෙහි ඒ දුර්දාන්ත බලවේගය දමනය කරන බවයි.

මහින්දගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්

අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, මැති ඇමතිවරුණි, මිත්‍රවරුනි, හිතවතුනි,

අපි කැදවලා තිබුණු මහ මැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුව ඉතාමාත්ම දීර්ඝ හා සංකීර්ණ ලියවිල්ලක්  නිසා එය හදාරා බලා, ඒකෙන් ව්‍යවස්ථාමය වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යෑමට ඇතිවෙන බලපෑම ගැන අපි පසුව විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී කතා කරන්නෙ කැඳවපු මහ මැතිවරණය පවත්වන්න බැරි නිසා ඇතිවෙන දේශපාලාන තත්වය ගැනයි. අපිට අද හැප්පෙන්න වෙලා තියෙන්නෙ, දිගින් දිගටම මැතිවරණ මඟහරින්න නොයෙක් උප්පරවැට්ටි යොදන දේශපාලන පක්‍ෂ එකතුවක් එක්ක.  පසුගිය ආණ්ඩුව පලාත් පාලන ඡන්දය අවුරුදු තුනක් ප්‍රමාද කරලා දින නියමයක් නැතුවම ඒ ඡන්දය කල්දාගන්න උසාවි යන්න හදනකොට, නඩු නැති පලාත් පාලන ආයතන වලට හෝ ඡන්දයක් පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියපු නිසා තමයි ජනතාවට ඒ ඡන්දයවත් ලැබුණෙ. නැත්නම් ඒකත් නෑ.

අද වන විට පලාත් සභා ඡන්ද අවුරුද්දයි මාස තුනක් විතර ප්‍රමාදයි, නමුත් ඒ ඡන්දය පවත්වන දවසක් ගැන හෝඩුවාවක්වත් නෑ. ඒ ඡන්ද  දින නියමයක් නැතුව කල් යන විදියට නීතියෙන් ගැටගහලා තියෙන්නෙ. 2017 සැප්තැම්බර් මාසයේදී පලාත් සභා ඡන්දය කල් දාගන්න ගෙනාපු පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඕන කියලා නීතිපතිවරයා කිවුවාම රෑ වෙනකම් පාර්ලිමේන්තුව ඇදගෙන ගිහිල්ලා කොහොම හරි මන්ත්‍රීවරුන් එකතුකරගෙන, සමානුපාතික නියෝජන ප්‍රතිශතය 40% ඉඳලා 50% දක්වා වැඩි කලේ නැතිනම් ඒකට ඡන්දය නොදෙන බව සමහර පොඩි දේශපාලන පක්‍ෂ කිවුවාම ඒකට පාර්ලිමේන්තුවේ කොරිඩෝරියේ හිටගෙනම එකඟ වෙලා, ගහන්න තියෙන කරනම් සේරම ගහලා  තමයි ඒගොල්ලෝ පලාත් සභා ඡන්ද කල්දාගත්තෙ.

කැදවපු මහ මැතිවරණයත් දැන් ජනතාවට අහිමි වෙලා තියෙන්නෙ.  ජනාධිපතිවරයා නොවැම්බර් 09 පාර්ලිමේන්තුව විසිරෙවුවට පස්සෙ, මැතිවරණ පවත්වනවට විරුද්ධ හවුල උසාවි ගිහිල්ලා තාවකාලික වාරණ නියෝගයක් අරගෙන යූ.එන්.පී කතානායකවරයාගේ සහයෝගයෙන්, විසුරුවල තිබුණු පාර්ලිමේන්තුව නැවත කැඳවල පාර්ලිමේන්තුවේ බහුතරය ඒගොල්ලන්ට තියෙනවයි කියලා පෙන්වන්න නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුනා. නමුත් මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොනවද කියලා ජනතාවට හරියටම පෙනුණෙ දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති හැටියට පත් කරන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවසෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් ටී.එන්.ඒ ඡන්ද. ටී.එන්.ඒ එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාතිරාජා මන්ත්‍රීවරයා ටී.එන්.ඒ එක වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, ටී.එන්.ඒ එක රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත්. ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න යූ.එන්.පී සුළුතරය ටී.එන්.ඒ එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි. ටී.එන්.ඒ එක කියන විදියට රට පාලනය කලේ නැතිනම් ඕනම මොහොතක යූ.එන්.පී සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්. ටී.එන්.ඒ එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ.

නඩු තීන්දුව එන්නත් කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙසැම්බර් 12 වෙනිදා, අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ගැන පාර්ලිමේන්තුවේ කතා කලා. මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා මාධ්‍යයේ පලවෙලත් ඉවරයි. ඒ ව්‍යවස්ථාවෙන් මේ රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කඩන්නයි සූදානම් කරලා තියෙන්නෙ. ඒකෙන් කරන්න ඉන්න තව දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක. එතකොට 2019 දෙසැම්බර්  9 වෙනිදාට ඉස්සෙල්ලා නියමිත ජනාධිපතිවරණය පවත්වන්න වෙන්නෙ නෑ. ඒ වගේම ඒ ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් වෙනස් වෙනවා. එතකොට පලාත් සභා ඡන්ද කල්දාල තියෙන විදියටම සීමා නීර්ණ ප්‍රශ්න මතුකරලා දින නියමයක් නැතුව 2020 පාර්ලිමේන්තු මැතිරවණයත් කල් දාගන්න පුලුවන්. ඒකට තමයි මේ සැරසෙන්නෙ.

ආණ්ඩුවෙ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වුණු නිසා, ‘ජාතික ආණ්ඩුවක්’ හැටියට ව්‍යවස්ථාවේ 46(4) සහ 46(5) වගන්ති වල විශේෂ විධිවිධාන යටතේ පිහිටුවලා තිබ්බ ඒ ආණ්ඩුව ඉබේම බිඳ වැටුණා. ඊට පස්සෙ, එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් ගණනාවකුත් එකතුවීම නිසා මා නායකත්වය දෙන කණ්ඩායම පර්ලිමේන්තුවේ විශාලම කණ්ඩායම බවට පත්වුණා.  1994, 2000, 2001, 2004, 2015 සියලුම මහමැතිවරණ වලින් පස්සෙ ආණ්ඩු පිහිටුවන්න ආරාධනා ලැබුණෙ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් නැති වුණත්, විශාලම මන්ත්‍රීවරුන් කණ්ඩායමටයි. කලින් ආණ්ඩුවක් පිහිටුවලා, පස්සෙ තමයි ඒ හැම අවස්ථාවකම බහුතරය හදාගත්තෙ.

අපි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩුවක් පිහිටෙවුවට පස්සෙ ජනාධිපතිතුමා මහ මැතිවරණයක් කැදෙවුවා. මම ඔක්තෝබර් මාසේ 26 වෙනිද අගමැති හැටියට දිවුරුම් දුන්නෙ වැඩිම වුනොත් ජනවාරි 5 වෙනිදට නියම කරලා තිබුණු මහ මැතිවරණය ඉවර වෙනකම් මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයක් ගෙනයන්න විතරයි. බලා සිටියදී රට විනාශ මුඛයට යනතෙක් ජනාධිපතිවරයෙකුට නිකම් ඉන්න බෑ. මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන  ආණ්ඩුවක් පිහිටුවන්න ආරාධනය කරන කොට, ඒ ආරාධනය විකල්ප ආණ්ඩුව හැටියට ස්ථානගතවෙලා ඉන්න බලවේගයට ප්‍රතික්‍ෂේප කරන්නත් බෑ. ඒ වගේම, මහ මැතිරණයක් අවසන් වෙනකන් මාස දෙකක් වගේ කාලයකට රට ගෙනයන්න සුලුතර ආණ්ඩුවක් හොදටම ප්‍රමාණවත්. ජනාධිපතිතුමා ඔක්තෝබර් 26 වෙනිදා ගත්ත ඒ එඩිතර තීන්දුව අපි විශේෂයෙන්ම අගය කරන බව කියන්න ඕන.

නමුත් ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ මෙහෙ වුණේ වෙනත් දෙයක්. කොහොමහරි මොනම මැතිවරණයක්වත් නැතුව ඉදිරියට යන වැඩපිළිවෙල තමයි දැන් ක්‍රියාත්මක වෙන්නෙ. දැන් මහ මැතිවරණයක් පවත්වන්න බැරි නිසා, මේ රට ආර්ථික පරිහානිය තුළින් තවත් ග්‍රීසියක් වීම වලක්වන්න අපි ගන්න හිටිය පියවර මොනවත් දැන් ක්‍රියාත්මක කරන්න බෑ. අවරුදු තුන හමාරක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 20.7 ක් විදෙස් විනිමය ණය විතරක් ගත්ත යූ.එන්.පී එක, ඉදිරි කාලයේදී තව කොයිතරම් ණය ගනීවිදැයි අපි දන්නෙ නෑ. ඒගොල්ලො ණය ගත්තෙ පරිභෝජනයට. අපි ණය ගත්තෙ රට සංවර්ධනය කරන්න. පාරේ යනකොට පේනන තියෙනවා ඒ සංවර්ධනය. නමුත් මේ අය ණය ගත්තෙ පරිභෝජනයට විතරයි. ඔය ණය ගැනිල්ලෙන් තමයි ඒගොල්ලො අපේ ආර්ථිකය විනාශ මුඛයට ගෙනාවෙ.  දැන් ජනාධිපතිවරයා මේ අලුත් යූ.එන්.පී – ටී.එන්.ඒ හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුලුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ මේ හවුලට කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.

2002 දී එක්සත් ජාතික පක්‍ෂය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කළෙත් එකල ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග දැණුවත් නොකර බවත් අප මතක තබාගන්න ඕන. ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ අපිට පුලුවන් වුණා පීඩනයට පත්වෙලා ඉන්න ජනතාවට ඉන්ධන මිල අඩුකරලා, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරලා, පොහොර සහනාධාරය හා පාසල් නිල ඇඳුම් යලිත් ස්ථාපිත කරලා, කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ආදායම්, බදු වලින් නිදහස් කරලා ජනතාවට  යම් සහනයක් ලබලා දෙන අතරම විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදනය දිරිගන්වන්න. මේ කාලය තුළ රටේ තරුණ වෘත්තික ප්‍රජාව අතර විශාල නොසන්සුන්තාවයකට තුඩු දීලා තිබ්බ පසුගිය ආණ්ඩුවේ ශ්‍රී  ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන යම් පියවර ගන්නත් පුලුවන් වුණා. පසුගිය ආණ්ඩුවේ බදු දඩයමත් අපි නැවැත්තුවා. වැසී යෑමට නියමිතව තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේර ගත්තා. බලාපොරොත්තු වූ මහ මැතිවරණය නොලැබුනත්, ඔක්තෝබර් 26 වෙනිදා පටන්ගත්ත ඒ ක්‍රියාදාමයෙන් ඒ වගේ වෙනත් ප්‍රයෝජන කිහිපයක් ජනතාවට ලැබිලා තියෙන බවත් කියන්න ඕන.

මේ කාලය තුළ සිද්ධ වුණු වැදගත්ම දේ තමයි පසුගිය වකවානුව පුරාම එක්සත් ජාතික පක්‍ෂයේ උවමනා එපාකම් අනුව හැසිරවීමට හැකි වුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය නැති වීම. 19 වන සංශෝධනය ගෙනල්ලා මුලු රටම අවුල් ජාලාවක් බවට පත්කරපු පිරිස විසින්ම කෙටුම්පත් කරපු නව  ව්‍යවස්ථාව සම්මත කරන එක එයින් වලක්වාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ආණ්ඩු පක්‍ෂයේම පිරිසක් විපක්‍ෂයේ ඉන්න බව පෙන්වමින් විපක්‍ෂනායක කමත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කමත් තමන් සතු කරගෙන අවුරුදු 4 කට ආසන්න කාලයක් මුලුල්ලේ ගෙනගිය ඒ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ අධිපතිවාදය අවසන් කිරීමට දැන් මඟ පෑදිලා තියෙනවා. පාර්ලිමේන්තුවේ තිබුණු ඒ විකෘතිය නිසා රටේ සියලුම ඉහල පත්වීම් වලට පුද්ගලයන් නිර්දේශ කරන ව්‍යවස්ථාදායක සභාවේ සිටියේ එකම දේශපාලන ප්‍රවාහයක අය පමණයි. මේ නිසා රටේ සියලුම වැදගත් තනතුරු වලට පසුගිය අවුරුදු හතර මුලුල්ලේ පත් වුණේ 2015 දී ඒ දේශපාලන ප්‍රවාහයේ හිටපු අය විතරයි. මේ භයානක විකෘතියේ ප්‍රතිපල අද මුලු රටම අත් විදිමින් ඉන්නවා.

පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපේ අරමුණ වුණේ ජනතාවට මහ මැතිවරණයක් ලබා දීමයි. මහ මැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුක් නොමැති නිසාත්, තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහාත්, මම අගමැති ධූරයෙන් ඉවත් වෙලා, අලුත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට ඉඩ ලබලා දෙනවා.  ඔක්තෝබර් 26 වනදා මා අගමැති වනවාත් සමඟම මුලු රට පුරාම නව බලාපොරොත්තු සහගත පිබිඳීමක් ඇති වුණා. 2015 න් පස්සෙ කඩාවැටිල තිබ්බ කොටස් වෙළඳපොල නැවතත් පිබිදුනා. 2015 න් පස්සෙ, එල්.එම්.ඩී. – නීල්සන් “ව්‍යාපාර විශ්වාසනීයත්ව දර්ශකයේ” වැඩිම ඉහල යෑම ඔක්තෝබර් 26 වෙනිදායින් පස්සෙ අපි දුටුවා. රටේ ආණ්ඩුවක් නැති තත්වයක් නිර්මාණය වුණාම විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණත්, 2017 නොවැම්බර් මාසයට වඩා, 2018 නොවැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම 16% කින් වැඩි වෙලා තියෙනවා. ඔක්තෝබර් 26 වෙනිදයින් පස්සෙ, දේශපාලන අස්ථාවර භාවයත් නොතකා ඇති වුණ ඒ ප්‍රවනතා නිසා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව කුමක්දැයි අපි කාටත් පැහැදිලි වුණා.

මහජනතාව අපේක්‍ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගැනීම දැන් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් අවසානයේදී ජනතාවට ඒ වෙනස අනිවාර්‍යයෙන්ම ලැබෙනවා. ඒක වලක්වන්න කාටවත් බෑ. ඒකාබද්ධ විපක්‍ෂයත් ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ෂවයත් එකට ගත්තාම දැනටම රටේ ඡන්ද වලින් 54% ක් පමණ නියෝජනය වන ඉතාමත්ම ප්‍රබල දේශපාලන බල කඳවුරක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අපි එක්ක දැනටමත් ඉන්න, ඡන්ද පදනමක් තියෙන, උතුරු නැගෙනහිර හා කදුරට පක්‍ෂ ගණනාවකුත් එකතු වෙනවා. ඉස්සරහට මේ රටට එරෙහි බලවේග වලට විරුද්ධව එන්නෙ, කිසිවෙකුටත් නවත්තන්න බැරි දීප ව්‍යාප්ත දේශපාලන බලවේගයක්. ඉදිරි කාලයේදී අපේ ප්‍රධානම ඉලක්කය වන්නේ,  දැනටමත් අවුරුද්දකුත් මාස තුනක් පමණ ප්‍රමාද වෙලා තියෙන පලාත් සභා මැතිවරණය පවත්වා ගැනීමයි. දැන් නැවතත් රටේ සුක්කානම අතට ගැනීමට මාන බලමින් ඉන්න මේ විනාශකාරී බලවේගය ඉදිරියේදී කරන හානිය හැකිතාක් දුරට අවම කිරීම අලුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහිවෙන තුරු මේ සන්ක්‍රාන්ති කාලය තුළ අප ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගයයි. 2015 ඉඳලම අපි සමඟ නොසැලී සිටි ජනතාව ඉදිරියේදීත් අපි සමඟ රට බේරාගැනීමේ මෙහෙයුමට එක්වන බවට මට කිසිම සැකයක් නෑ. අපි ජනතාව සංවිධානය කරලා රටට එරෙහි ඒ දුර්දාන්ත බලවේගය දමනය කරනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි
දෙවි පිහිටයි

2018-12-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements