Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
2019 Lagna palapala - 2019 ලග්න පලාපල මෙන්න.
GossipClanka.com

ශ‍්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූද ශක රාජ වර්ෂයන් 1941 හෙවත් කලියුග වර්ෂ 5120 හෙවත් ව්‍යවහාරික වර්ෂ හෙවත් ක‍්‍රි. ව 2019 ක් වූ ජනවාරි මස 01 වන කුජ දින ග‍්‍රහ රාශි වළල්ලේ මූලික වූ නව ග‍්‍රහ ගෝචරය අනුව ලග්න දොළසේ ලග්න පලා


 
පල මෙසේය. කිරි ඉතිරවීම -
2019 ජනවාරි මස 1 වන අඟහරුවාදා උදේ 06.38ට යෙදෙන සුභ මොහොතේ දකුණ බලා ලිප් බැඳ කිරි උතුරවා ඉෂ්ට දේවතාවුන් වහන්සේ සිහි කොට පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් ප‍්‍රාර්ථනා කරන්න.

උදාවන්නා වූ 2019 නව වසරට ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර ලබන්නා වූ 2019 නව වසර අහස් සිතියමේ පසු ගිය 2018 වසරේ සිදු වූ සුවිශේෂි මෙන්ම අති ප‍්‍රබල ග‍්‍රහ මාරු රැුසකින් ම සමන්විත ව උදාවන්නා වූ සුවිශේෂි නව වසරක ඇරඹුමකි. ශී‍්‍ර බුද්ධ වර්ෂ 2562 වූ, ශක රාජ වර්ෂ 1941 ක් වූ, කලියුග වර්ෂ 5120 ක් වූ ව්‍යවහාරික වර්ෂ හෙවත් වර්ෂ 2019 ක් වූ කුජ දින පූර්ව භාග 6.22 ට ඉර උදාවත් සමඟින් ධනු ලග්නයේ කන්‍යා නවාංශකයේ රාහුට අයත් සා නැකතේ 4 වන පාදයෙන් අව එකොළොස්වක තිථියෙන්, ධෘති යෝගයෙන්, බවවර කර්ණයෙන්, චන්ද්‍ර හෝරාවෙන් මෙවර නව වසර උදාවනු ඇත.

අවුරුදු උදාවන ධනු ලග්නය හිමි තත්කාල කේන්ද්‍රයේ ප‍්‍රබල ලග්නාධිපති ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා බලවත්ව ලග්නයෙන් 12 වැන්නේ බුධ සමගත්, සඳු 11 වැන්නේ සිකුරු සමගින් ද, කුජ 4 වැන්නේත්, කේතු 2 න් වැන්නේත් ශනි රවි ලග්නයේත්, රාහු 8 වැන්නේත් ගමන් කරන කාල සීමාව තුළ නව වසර උදාවනු ඇත. නව වසරේ ජනවාරි පළමු දින උදාවන්නා වූ ගුරු හිමි ධනු තක්කාල ග‍්‍රහ චාරයට අනුව ලංකාවාසී ඔබ සැමට සාමය සතුට සැනසුම පිරි සුබ නව වසරක් උදා වනු ඇත.

වෘශ්චික ලග්නයේ ලග්න ගත ඒරාෂ්ටක අපල තතත්වයත් මෙම නව වසරේ යම් පමණක සමනය වීමක් දැකගත හැකිය. ධනු හා මකර ලග්න ඒරාෂ්ටක අපල තත්ත්වයත්, වෘෂභ ලග්නයට ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වයත් බලපානු ඇත. ලග්න වශයෙන් පොදුවේ ගත් කල මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, කුම්භ, මීන ලග්නයන්ගෙන් උපන් ඔබට මෙම වසර වාසනාව, සෞභාගය හා පෙර පින උදාකරන වසරක් වන අතර මිථුන හා මකර යන ලග්න හිමි ඔබසැමට යුග දිවි පැතුම් හා ධන ලාභ උදාවීමේ අවසථා සැලසෙනු අත. කටක හා සිංහ ලග්න ජන්මීන්ගේ බලාපොරොත්තු ඉටුවන බුද්ධිමත් බව උදාවන වසරකි. කන්‍යා හා තුලා ලග්න ඔබට නිවාස, වාහන හා විදේශ සංචාර උදාවීමේ භාග්‍ය හිමිවනවා ඇත. ධනු ලග්නයේ ජන්මීන්හට බාධක මැදින් සිය ජයග‍්‍රහණ හිමි කර ගතහැකි අතර මකර ලග්න ඔබට ආදායම ලැබුණත් වියදම අධික විය හැකිය. මේෂ ලග්න ඔබට මෙම වසර පිය උරුමයන් ලැබෙන සාර්ථක වසරක් වනු ඇත.

මෙම වර්ෂය අප රට පැත්තෙන් බැලූ කල දේශපාලන උණුසුම බෙහෙවින් ඇති වන එමෙන්ම මැතිවරණ ඉඟි දැනෙන හා මැතිවරණ ගැටලූ මෙන්ම ඒ ආශ‍්‍රිතව ජනතාව අතර නොසන්සුන්තා මෙන්ම කලකෝලාහල ඇතිවන වසරකි. දේශපාලනයේ අමුතුම සිද්ධීන් ඇති වනු ඇත. ප‍්‍රබල දේශපාලන නායකයකුට අපල තත්ත්වයක් ඇති වනු ඇත. මෙම තත්ත්වය බොහෝ දුරට වසරේ මුල් කාල සීමාව තුළ දක්නට ලැබේ. එම නිසා ජනතාව ඒ පිළිබඳව බුද්ධිමත් විය යුතුය. නොපැතු නොසිතු අමුතු සිද්ධීන් අසන්නට වන වසරකි. රටේ ප‍්‍රබල දේශපාලන වෙනස්කම් හා නව ප‍්‍රවණතා රාශියක් ඇති විය හැකිය. ව්‍යවස්ථා වෙනසක් ඇති විය හැකිය. රාජ්‍ය පාලනයට විදේශ මැදිහත්වීම් බහුලව වන වසරකි. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ඇතිවන අතර නමුත් පාසල් සම්බන්ධව ගැටලූ හා ප‍්‍රශ්න ඇතිවනු ඇත. කෘෂිකර්මාන්තය දියුණු වන වසරකි. නමුත් වගා හානි, නිය`ගය, මෙන්ම නායයෑම්, ජල ගැලීම් සාගරය අශ‍්‍රතව ඇති ගැටළු හා ස්වභාවික දේශගුණ විපර්යාස රාශියක් ඇතිවිය හැකිය. බලශක්ති අර්බුදයන් මෙන්ම රටේ ආර්ථිකයේ ගැටලූකාරී තත්වයන් ඇතිවිය හැකිය. රටේ සංවර්ධනය තවදුරටත් මන්දගාමීව වර්ධනය වනු ඇත. මත්ද්‍රව්‍ය, ගණිකා, මංකොල්ලකෑම් මෙන්ම නිතී විරෝධී ක‍්‍රියා බහුලවන අතර ඒ පිළිබද දැඩි දඩුවම්ද ක‍්‍රියාත්මක වනු ඇත. රිය අනතුරු බහුල වන වසරකි. අන්තවාදී කල්ලි හා ත‍්‍රස්තවාදී කල්ලි ඇති වීමේ ප‍්‍රවණතාවයක් මෙම නව වසර තුළ දක්නට ඇත.

නව කර්මාන්ත ඇතිවන වසරකි. සංචාරක කර්මාන්තය දියණුවනු ඇත. ව්‍යාපාර හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල කැපීපෙනෙන වර්ධනයක් ඇතිවන වසරක් වනු ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙන්ම ඉඩම් හා වාහන මිලද ශීඝ‍්‍රයෙන් ඉහළයනු ඇත. මෙම වසර ලංකාවාසී ඔබ සැමට සුබ අසුබ සම සමව හිමිවන වසරක් වනු ඇත.

ලග්නයෙන් ලග්නයට ලග්න දොළසේ පලාපල මෙන්න

01 මේෂ ලග්නය - ධනය ලැබීමේ වාසනාව

ලැබීම් අතින් සුබඵල ඇති වසරකි. නමුත් වියදම් අධික වේ. රැුකිරක්ෂා බලාපොරොත්තු වන අයට රැුකියා අවස්ථා උදාවේ. නිලතල උසස්වීම් වලට පත්වේ. රැුකියාවේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත.

වසරේ මුල්භාගයේ හදිසි අනතුරු ඇතිවීමට ඉඩඇති බැවින් ප‍්‍රවේශම්වන්න. ප‍්‍රිය සම්භාෂණ වලට, ප‍්‍රීති උත්සවවලට සහභාගිවීමේ අවස්ථා උදාවේ. මුල් මාස කිහිපය තුළ අධ්‍යාපන බාධා ඇති වුවද වසර මැද සුබවේ. වසර මැද භාගයේ විදේශගත වීමේ අවස්ථාවන් උදාවනු ඇත. වසරේ මුල් භාගයේ තරුණ තරුණියන්ගේ මංගල යෝග උදාවේ. ශරීර සෞඛ්‍ය කෙරෙහි උනන්දුවන්න. හෘද රෝග, අක්ෂි රෝග, උදර රෝග, අතපය ආශ‍්‍රිත රෝග පීඩාවන් ගෙන් පරිස්සම් වන්න.

සුබ දිනය - සෙනසුරාදා , අඟහරුවාදා / සුභ වර්ණය - රතු / සුභ අංක - 03 / අය 11 - වැය 05 /

02 වෟෂභ ලග්නය - රැකියා ආයතනය තුළ සතුරු පීඩා/ අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වය උදාවන වසරකි.

වෘෂභය හිමි ඔබට ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල තත්ත්වය මෙම නව වසරේ උදාවනු ඇත. ආදායම අඩුවීමෙන් දුෂ්කරතා මතුවේ. රැුකියා ස්ථානයේ සතුරුපීඩා ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරීව කටයුතු කරන්න. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් අපහාසවලට ලක්වේ. රාගාධික කාලයකි. පේ‍්‍රම සබ`දතා ඇතිවේ. මංගල යෝග උදාවේ. සතුරු කරදර ඊර්ෂ්‍යාකම් ඇතිවේ. රාගයට නොව බුද්ධියට මුල්තැන දෙන්න. අධ්‍යාපනය ලබන අයට දරුවන්ට සුබ වේ. ඔබට මෙම වර්ෂයේ මුල් මාස 6 ක පමණ කාලසීමාව තුළ කාන්තාවන් නිසා යම් යම් අපහසුතාවයන්ට පත්වීමට ඉඩ ඇති නිසාවෙන් ඒ පිළිබදව සැලකිලිමත්වීම තුලින් එවැනි අවස්ථා වලින් වෙන්වීමේ අවස්ථාව උදාවනු ඇත. මුල් මාස තුනක පමණ කාලසීමාව ඔබගේ මවටත්, සහෝදරියන්ටත් සුබදායක වනු ඇත. මෙම වසර පුරාවට වරින් වර හො`ද මිතුරන් හමුවනවා ඇත. මෙම කාලය තම බලය වැඩිවන කාලයකි. වසරේ මුල් කාලසීමාව තුළ රිදී, රත්රන්, මුතු, මැණික්, ලැබීමේ වාසනාව හිමිවනවා ඇත. මංගල යෝජනා සාර්ථකවන හා නව රැුකියා ලැබෙන වසරකි. නමුත් ඒරාෂ්ටක අපල තත්වය මත සියළු කටයුතු සඳහා යම් යම් බාධාකාරී තත්වයන් ඇතිවනු ඇත. උගුර - කන ආශ‍්‍රිත පීඩා, සෙම් රෝග, අධික රුධිර පීඩනය, අත්පා වේදනා රෝගී තත්ත්වයන් ඇතිවේ.

සුබ දිනය - බදාදා, සිකුරාදා / සුභ වර්ණය - වෛවර්ණ / සුභ අංක - 06 / අය 05 - වැය 14 /

03 මිථුන ලග්නය - ධනය ලැබීමේ වාසනාව ඇතත් සෞඛ්‍ය ගැටලූ ඇතිවේ

බොහෝ ධනය ලැබීමේ වාසනාව උදාවේ. නමුත් අධික වියදම් යෙදේ. නොයෙක් කරදර යෙදී වියදම් අධිකවේ. ස්වයං රැුකියා කරන්නන්ට සුබ කාලයකි. හවුල් ව්‍යාපාර ජය ඇතිවේ. නොගැලපෙන පහත් අය ඇසුරට යාමෙන් ප‍්‍රශ්න උද්ගතවේ. තම ඥාතීන්ගෙන් පවා කරදර ඇතිවේ. ආරවුල් ඇතිවේ. ඇසුරු කරන්නන් ඈත්වේ. විභාග කටයුතු වලින් ජය ලැබේ. නව විෂය ක්ෂේත‍්‍රයන් ඉගෙනීමට අවස්ථාව උදාවේ. වාත රෝග, සෙම් රෝග, උදර රෝග ආදී රෝගී තත්ත්වයන් ඇතිවේ. ශරීර ශක්තිය දුර්වල වේ. සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්න.

තමා කලක සිට ආශ‍්‍රය කළ කෙනෙකුගෙන් ඈත්වීමට සිදුවනු ඇත. ඈත පළාත්වලට යාමට සිදුවන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ලවිය හැකිය. ගුණ ධර්ම හීනවන කාලයකි. මංගල කටයුතු සපල වන වසරකි. විශේෂයෙන්ම අවිවාහක මිථුන ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. නිමි ඇඳුම් කර්මාන්තය, රෙදිපිළි ආශි‍්‍රත ස්වයං රැුකියා වැනි අංශ සඳහා මෙම වසර ඉතාම සුබදායක වනු ඇත. වසරේ අගදී කරන රැුකීරක්‍ෂාවල වෙනසක් වීමට බොහෝ දුරට අවස්ථාව උදාවනු ඇත. අන් අය පාලනය කරමින් රැුකියාවල නිරත අයට සුබ දායක වනු ඇත. උසස්වීම් මෙන්ම නව රැුකියා අවස්ථා ද ලැබෙන කාලයකි. අධ්‍යාපනයට ඉතාම හො`ද වසරකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දුවා දරුවනට මෙම වසර සුබදායක වනු ඇත. ඥානය හා බුද්ධිය වැඩි දියුණුවන අතර අමුතු දෙයක් පිළිබඳ ඉගෙනීමටද අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම භූත විද්‍යාව, ගුප්ත ශාස්ත‍්‍රය, ජ්‍යොතිෂය වැනි විෂයයන් මෙම කාලයේදී හැදෑරීමට අවස්ථා උදාවනු ඇත.

තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් උසස් ජය හිමිවන අතර ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා බාධා එල්ලවීමකින් තොරව කරගෙනයාමට කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරීරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්වභාවයක් ඇත . වසරේ මුල් මාස 5 කාලයේදී නොගැලපෙන බැ`දීම් වලට සිත යොමුවීම හේතුකොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ. ඒ පිළිබඳව දෙමාපියන් අවධානය යොමුකළ යුතුය.

සුබ දිනය - බදාදා, සිකුරාදා / සුභ වර්ණය - කොළ, කහ / සුභ අංක - 04 / අය 11 - වැය 11

04 කටක ලග්නය - අධ්‍යාපනයට සුබයි - ආදායම් තත්ත්වය යහපත්

ආදායම් ඉහළයයි. ණය ගනුදෙනුවලින් නිදහස් වීමට භාග්‍ය උදාවේ. රැුකිරක්ෂා කටයුතුවලට සුබ වේ. විදෙස් රැුකියා උදාවේ. ප‍්‍රසිද්ධියට පත්වේ. අලූතින් වාහන මිලදී ගැනීමට, ගෘහ උපකරණ ගැනීමට භාග්‍ය උදාවේ. යහපත් කාලයකි. සතුරු කරදර දුරුවේ. නැවතී තිබූ වැඩකටයුතු ඇරඹීමට සුදුසු කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබ වේ. උනන්දුව ඇතිවේ. වාත රෝග, සෙම් රෝග, අක්ෂි රෝග, උදරාබාධ ඇතිවීමට ඉඩඇත. පරිස්සම් වන්න. වසරේ ජූලි මාසයෙන් පසු කාලවලදී තම නිවසින් පිටස්තරව වාසයකිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතු වලින් පරාජයට පත් විය හැකිය. හදිහූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑලිය අඩුවීමටද හැකියාව පවතී. ස්ථීර නිවෙස්වලින් ඈත්වී තවකාලික නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදාවනු ඇත. දේපල බෙදීම් වැනි කටයුතුවල ගැටලු මතුවනු ඇත. තමාට ලැබෙන දේපල පවා නැතිවිය හැකිය.

වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැන නැගීමට හැකියාව පවතී. විවිධාකාරයේ ගිවිසුම් වලට එළඹීමේ අවස්ථාවද මෙම කාලසීමාව තුළ උදාවනු ඇත. හදිසි ගමන්බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්ථා උදානොවේ. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. මුල් මාස 3 ක කාලය රෙදිපිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රණීත රසමුසු ආහාරද විටින්විට ලැබීමට හැකියාව පවතී. ගොවිතැනේ යෙදෙන කටක ලග්න හිමියන්ට සුබ නැත. ගොවිතැන් පාළු සිදුවිය හැකිය.

සුබ දිනය - අගහරුවාදා, සිකුරාදා / සුභ වර්ණය - කහ සුභ අංක - 2. අය 05 - වැය 08

05 සිංහ ලග්නය - දරු සම්පත්

අධික වියදම් යෙදේ. මිල මුදල් අගහි`ගකම් ඇතිවේ. මුදල් පරිහරණයේදී ඉතා බුද්ධිමත්විය යුතුය. ආර්ථිකය සමබරව පවත්වාගෙනයාමට වගබලා ගන්න. නව රැුකියාඅවස්ථා උදාවේ. විදෙස් රැුකියා සිහින සඵල වේ. සොර සතුරු බිය ඇතිවේ. අපවාද, අභූතචෝදනාවලට ලක්වේ. තමන්ට යෝග්‍ය නොවන කටයුතුවල නියැළීමට යාමෙන් නින්දා අපහාස විදීමට සිදුවීමට ඉඩඇති බැවින් කල්පනාකාරීවන්න. යහපත් චරිතයක් පවත්වා ගන්න උත්සහවන්ත වන්න.

ධෛර්යවත්ව කටයුතු කිරීමෙන් විභාග ජය ලැබේ. ගවේෂණය, චිත‍්‍ර ශිල්පය, ගුප්ත ශාස්ත‍්‍ර ඉගෙන ගන්නා අයට යහපතකි. ශාරීරික දුබලකම් ඇතිකරයි. හිසරුදාව. යටිබඩ ආබාධ, උදාරාබාධ, අත්පා වල පීඩා ඇති කරයි. මෙම වසරේ මුල් මාස 3 නෙන් පසු පවුලෙන් වෙන් වී අප‍්‍රසිද්ධව වාසය කිරීමට සිදුවිය හැකිය. ණය මුදලකින් නිදහස්වීමටද අවුරුද්දේ මුල් මාස 6 ඇතුළත අවස්ථාවක් උදාවනු ඇත.

ජනවාරි සිට ජුනි අතර කාලයේදී ස්ත‍්‍රීන්ට පුරුෂයන්ගෙන්ද පුරුෂයන්ගෙන් ස්ත‍්‍රීන්ටද ලාභ ලැබෙන කාලයක් වනුඇත. 2019 වර්ෂයේ මැද භාගයේදී පවුලේ වැඩිහිටියෙකුට ප‍්‍රබල අපල තත්වයක් පෙන්නුම්කරයි. රන්, රිදී, මුතු, මැණික් වැනි අලුත් ආභරණ ලැබීමේ අවස්ථාව උදා වේ. වෙහෙස මහන්සිය ඇති ගමන් බිමන් යෑමට සිදු වේ. අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපලදායක කාලසීමාවක් උදා වෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස්බලය වැඩිවේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගිවීමට වසරේ මුල්මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්ථාවන් උදාවනු ඇත. ගේදොර කෑම බීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අගහි`ගකම් මතු නොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිතමිතුරන් ඔබසොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදව් උපකාර ඔබට නිතැතින්ම හිමිවනු ඇත. විටෙක ඔබගේ ත්‍යාගශීලීභාවය වැඩිවීම නිසා පාඩු සිදුවිය හැකිය.

සුබ දිනය - ඉරිදා සුභ වර්ණය - රතු සුභ අංක - 1 අය 08 - වැය 05

06 කන්‍යා ලග්නය - රහස් සතුරු කරදර / අධ්‍යාපන බාධා

රැකීරක්‍ෂාවල වෙනසක්වීමට බොහෝ දුරට අවස්ථාව උදාවනු ඇත. උසස්වීම් මෙන්ම නව රැුකියා අවස්ථා ද ලැබෙන කාලයකි. ගුරු වෘත්තියේ හා උපදේශක සේවාවල යෙදෙන අයට සුබදායක වනු ඇත. නමුත් වසර අග කාලසීමාව තුළ තමා රැුකියාව කරන ස්ථානයේ යම් යම් මානසිකපීඩා ඇතිවන ආකාරයේ සිද්ධීන් උදාවිය හැක. එම නිසාවෙන් රැුකියාවෙන් ඉවත්වීමට හෝ විශ‍්‍රාම ගැනීමටද සිතෙන අවස්ථා උදාවනු ඇත. විශේෂයෙන් සමාජයෙන් ගරුනාම ලැබෙන අතර සමාජයේ පිළිගැනීමක් ඇතිවේ. රැුකියාව හේතු කොටගෙන ආදායම් මාර්ග සරුවන හා පඩි වැඩි වන කාලයකි. මෙම වසර තුළ වෙළෙ`ද ව්‍යාපාර වල යෙදෙන මෙම ලග්න හිමියන්ට එමගින් ලාභ හා පාඩු එකසේ ලැබෙන අතර මෙම වර්ෂය ව්‍යාපාර වලට සුබදායක වසරක් නොවනු ඇත.

වෙළෙද ව්‍යාපාර වලින් පාඩු සිදුවේ. රැකියාවේ කරදර ඇතිවේ. අනියම් පෙම් සබ`දතා ඇතිවීමට ඉඩ ඇත. එමෙන්ම යුගදිවියේ දෙදරායාම් ඇතිවී අඹු සැමියන් වෙන්වීමට ද කරුණු යෙදේ. වැඩිහිටියන්ට කරදර විරෝධතා මතුවේ. සතුරු කරදර මතුවීම හේතුවෙන් බියෙන් හා සැකෙන් ජීවත්වීමට සිදුවේ. අලසකම වැඩිවී අනුවණකම් ඉස්මතුවේ. අධ්‍යාපනයට තිබූ උනන්දුව අඩුවීයයි. විභාගවලට සුභකාලයක් නොවේ. නිෂ්ඵල නඩු හබ වලට පැටලීමට ඉඩකඩ ඇති හෙයින් කල්පනාකාරීවන්න. අත්පා ආබාධ, වාත රෝග, පපුවේ රෝග, උදර රෝග ඇතිවීමට ඉඩ ඇත. කල්පනාකාරී වන්න.

සුබ දිනය - බදාදා / සුභ වර්ණය - කොළ / සුභ අංක - 04 / අය 11 - වැය 11

07 තුලා ලග්නය - රැකියා උසස් වීම් / සිත් තැවුල්

තුලා ලග්න හිමි ඔබට මෙම වසර ලොතරැුයි වාසනා වැනි හදිසි ධනලාභ ලැබීමට සුලු සුලු අවස්ථාවන් උදාවේ. පුණ්‍ය කටයුතු වලට ධනය වියදම් කිරීමට අවස්ථාව උදාවනු ඇත. මෙම කාලයේ ඔබ කතාව නිසා විටෙක අපහසුතාවට ලක්වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හො`ද කාලයක් නොවනු ඇත. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තුවන අයට මුල් මාස වලදී ඉතා අයහපත් ප‍්‍රතිඵල ලැබෙන කාලසීමාවක් වනු ඇත. ඔබගේ සහෝදරයෙකුට උසස්වීමක් ලැබීමට අවස්ථා උදාවනු ඇත. වසරේ මුල් මාස 6 ක කාලය ධනලාභ ලැබෙන කාලයකි. නමුත් විටින්විට අධික වියදම් හා ප‍්‍රබල ධනහානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇතිවිය හැකිය. ඒ පිළිබ`දව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතුකිරීම නුවණට හුරුය. වසරේ මුල් මාස 6 න් පසු මිල මුදල් අතින් යහපත් කාල සීමාවකි. ආර්ථිකය සමබරව පවත්වා ගැනීමට උත්සාහකළද වියදම් අධික වේ. රැුකියා උසස්වීම් ලැබේ. රැුකියා වෙනසක් ඇතිවේ. බොරු චෝදනා අපවාද ඇසීමට සිදුවේ. අවුල් වියවුල් ඇතිවේ. සතුරු කරදර ඇතිවීමට ඉඩඇත. එමනිසා සිත් තැවුල් ඇතිවේ. ඉඩකඩම්, රස බොජුන්, දේපල උරුම, ඇදුම් පැළදුම් ලැබෙන කාලයකි. මනස නිරවුල් නොවීමෙන් ධාරණ ශක්තිය අඩුවී හො`දින් කරගෙන ආ ඉගෙනුම් කටයුතු වෙනස්වීමට ඉඩකඩ ඇතිවේ. අක්ෂි රෝග, අත්පා වල රෝග ඇතිවේ.

සුබ දිනය - අ`ගහරුවාදා, සිකුරාදා / සුභ වර්ණය - සුදු, අයිවරි / සුභ අංක - 6 / අය 05 - වැය 14

08 වෘශ්චික ලග්නය - ඉහළ වැටුප් / ඥාතීන් සමග ගැටුම්

අතමිට මුදල් ගැවසුන ද වියදම් අධික වේ. මනා කළමනාකාරීත්වයකින් මුදල් පරිහරණය කරන්න. තමන් කරනුලබන රැුකියා කටයුතු ස`දහා ඉහළ වැටුපක් ලැබේ. අහිමිවී ගිය රැුකියා නැවත ලැබේ. විදේශ සංචාර ස`දහා මගපෑදේ. උගත් ප‍්‍රභූන්ගේ ආධාර උපකාර ලැබෙන වසරකි. නමුත් ඉවසීමේ ගුණය නැතිකමින් ඥාතීන් සමග ගැටුම් ඇතිකර ගනී. අන්අය සමගද ගැටුම් ඇතිවේ.

පාපකර්ම සිදුකිරීමට පෙළඹේ. හදිසි අනතුරු වලින් පරිස්සම් වියයුතුය. අධ්‍යාපනයට සුබවුවද තම ග‍්‍රහචාරය අනුව එය වෙනස් වියහැකිය. විශේෂයෙන්ම අවිවාහක වෘශ්චික ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප‍්‍රතිඵල උදාකර ගත හැකිවනු ඇත. බොහෝවිට මෙම කාලය තුළ පෙම්වතුන්ගේ පේ‍්‍රමසම්බන්ධතා යම් පමණකට සාර්ථකවන කාලසීමාවකි. තරුණ වයසේ පසුවන ස්ත‍්‍රීන්ට හා පුරුෂයින්ට ආදර හැ`ගීම් අතින් යහපත් වූ කාල සීමාවකි. රහස් සම්බන්ධතා ඇතිවිය හැකිය. නමුත් ඒවා ටික කලකින් නැතිවී යයි. මෙම තත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6 ය තුළය. වසරේ අගභාගයේ ග‍්‍රහගමන අනුව අඹු සැමි සතුට හීනවන කාලයකි. වසරේ මුල් මාස 6 ක කාලසීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක වෘශ්චික ලග්න හිමියන්ගේ පවුල්ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝවිට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්ථාවන් ි උදාවනු ඇත. ගේ දොර වාසනාව ද ඇතිවන කාලයකි. නමුත් උසස් අයගෙන් යම් පමණක යහපතක් උදාවන කාලසීමාවකි. ලේ දෝෂ. උණ රෝග, යටි බඬේ රෝග, අක්ෂි රෝග වලින් පීඩා ඇතිවේ.

සුබ දිනය - අගහරුවාදා, බ‍්‍රහස්පතින්දා / සුභ වර්ණය - රන්වන් / සුභ අංක - 08 - 05 / අය 11 - වැය 05

09 ධනු ලග්නය - නීතිමය ගැටළුවලට මැදිවීමට ඉඩ ඇත.

වසරේ මුල් මාස 6 ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක ධනු ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතාබැලීමේදී බොහෝවිට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්ථාවන් එතරම් උදානොවනු ඇත. විවාහක ස්වාමි භාර්යාවන්ට අපල ඇතිවිය හැකිය. ගේ දොර වාසනාව ද ඇතිනොවන කාලයකි. නමුත් උසස් අයගෙන් යම් පමණක යහපතක් උදාවන කාලසීමාවකි. ධනය ලැබීමේ භාග්‍ය උදාවේ. නමුත් වැයපස අධික වේ. වංචාවලට හසුවීමට ඉඩ ඇති කාලයකි. ලැජ්ජාව, අවමානය, අවනම්බුව ඇතිවන කාලයකි. තමන්ට නොගැලපෙන අය සමග කම්සැපයට යාමෙන් අවනම්බු ඇතිවේ. සතුරන් සමග ගැටුම් ඇතිවීමට ඉඩඇති බැවින් කල්පනාකාරීවන්න. නීතිමය ගැටලූවලට මැදිවීමට ඉඩඇත. අධ්‍යාපන කටයුතු සදහා විදේශගතවීමට අවස්ථාව උදාවේ. පවුලේ දියුණුවට මාර්තු 13 න් පසු කාලය තුළ කටයුතු සැලසෙනු ඇත. එම කාලය තුල යම් පමණක පස්කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි. මුඛ රෝග, පාද රෝග, අක්ෂි රෝග, පිත් කෝප ඇති වේ.

සුබ දිනය - බදාදා, සිකුරාදා / සුභ වර්ණය - කහ / සුභ අංක - 05 - 06 - 08 / අය 08 - වැය 14

10 මකර ලග්නය - යහපත් විවාහ හා දරු සම්පත්

භූගත සම්පත් හා ඒ ආශි‍්‍රත ව්‍යාපාරවලින් නොසිතූ ලාබ ලැබෙන කාලයකි. වෙහෙස මහන්සිය ඇතිව ගමන් බිමන් යෑමට සිදුවේ. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස් බලය වැඩිවේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගීවීමට වසරේ මුල් මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්ථාවන් උදාවනු ඇත. ගේ දොර කෑම බීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අගහි`ගකම් මතුනොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිතමිතුරන් ඔබ සොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදව් උපකාර ඔබට නිතැතින්ම හිමිවනු ඇත. විටෙක ඔබ ත්‍යාගශීලී වැඩිවීමනිසා පාඩුද සිදුවිය හැකිය. සතුරන් ඇති වන නමුත් සතුරන්ගෙන් ජයලබන කාලයකි. යහපත් මිනිසුන්ගේ ඇසුරට පත්විය හැකිය. වසරේ ජුලි මාසයෙන් පසු කාලවලදී නඩුහබ හා නීති කටයුතු වලින් ජයගත හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑලිය අඩුවීමටද හැකියාව පවති. නමුත් ඒවා ඉක්මණින්ම විස`දීයනු ඇත. තාවකාලික නිවෙස්වලින් ඈත් වී ස්ථීර නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදාවනු ඇත. පදිංචි ස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවනු ඇත. දේපල බෙදීම් වැනි කටයුතුවලදී තමාට වාසිදායකවන අවස්ථා උදාවිය හැකිය.

නිෂ්ඵලව මුදල් වියදම්වෙන කටයුතු යෙදේ. මුදල් ඉපැයීමටද විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. ව්‍යාපාර ඉතා සුපරික්ෂාකාරීව කරගෙන යායුතුවන වසරකි. රැුකියා දියුණුව ඇතිවේ. නඩුහබ වලට පැටලීමෙන් වැළකීසිටීම ඉතාවැදගත් වේ. අලාභ පාඩුවි`දීමට සිදුවේ. ආදරවන්තයින්ට හො`ද කාලයකි. යහපත් විවාහ සිදුවේ. ගුණයහපත් දරු උපත් සිදුවේ. නිවසට අවශ්‍ය උපකරණ ගැනීමට හැකිවේ. සිතට සැනසිලිදායක කාලයක් උදා වේ. පිත් කෝප, අක්ෂි රෝග ඇතිවීමට ඉඩඇත.

සුබ දිනය - අගහරුවාදා, සිකුරාදා / සුභ වර්ණය - නිල් / සුභ අංක - 06 - 08 - 09 / අය 02 - වැය 14

11 කුම්භ ලග්නය - අදායම් සරුවේ / තරග විභාග වලින් ජය

මුදල් ආදායම් ඉතා හොදින් ලැබෙන වසරකි. අදායම් සරුවේ. කරනකටයුතු වාසියටම හේතු වේ. ව්‍යාපාර ඇරඹීමට සුදුසු කාලයකි. කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන අයට ඉතායහපත් කාලයකි. ආගමික භක්තිය වැඩිවෙන කාලයකි. නිවස ධන ධාන්‍යයෙන් පිරේ. සිතට සැනසීම උදාවේ. රාගයට වස`ගවීමෙන් නින්දා, අපවාද, අපකීර්තිය ලැබෙන්න තිබෙන ඉඩකඩ වැඩිබැවින්, අනුවණකම් නොකර බුද්ධියට මුල්තැනදී ක‍්‍රියාකිරීමෙන් තම චරිතය රැුකගත හැකිය. හදිසි විවාහවලට හේතු වේ. ඉගෙනුම ලබන දුවාදරුවන්ට යහපත් කාලයකි. තරග විභාග වලින් විශිෂ්ට ජයලැබේ. මුත‍්‍රා ආසාදන, වකුගඩු ආශ‍්‍රිත රෝගපීඩා ඇතිවිය හැකිය.

වසර අවසාන භාගයේදී පදිංචිය පිළිබඳ ගැටලු පැනනැගීමට හැකියාව පවතී. විවිධාකාරයේ ගිවිසුම් වලට එළඹීමේ අවස්ථාවද මෙම කාලසීමාව තුළ උදාවනු ඇත. දුරබැහැර හදිසි ගමන්බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා විදේශ ගමන් ද යෙදීමට ඉඩඇත. විදේශ ගමන් සඳහා ඔබට නවවසර තුළ යහපත් අවස්ථා උදා වේ. නමුත් ඒ සඳහා ඔබට දැඩි පරිශ‍්‍රමයක් දැරිය යුතුය. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. මුල් මාස 3 ක කාලය රෙදි පිළි හා වස්තුලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප‍්‍රණීත රසමුසු ආහාරද විටින්විට ලැබීමට හැකියාව පවතී. ගොවිතැනේ යෙදෙන මෙම ලග්න හිමියනට සුබ නැත. ගොවිතැන්පාළු සිදුවිය හැකිය. ඔබ ගුරු මහදශා අන්තර් දශා ගත කරන්නේ නම් වසරේ මුල් භාගයේ සිට සුබදායක කරුණු යෙදෙනු ඇත.

සුබ දිනය - අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා / සුභ වර්ණය - නිල් / සුභ අංක - 03 - 08 - 09 / අය 02 - වැය 14

12 මීන ලග්නය - උසස්වීම් හා දේපල ලාභ

හදිසි ධනලාභ උරුම වේ. දේපල ලාභ, වෙළෙ`ද ව්‍යාපාර ලාභ ලැබෙන කාලයකි. රැුකිරක්ෂා දියුණුව ඇතිවේ. උසස්වීම් ලැබේ. වාසනාවන්ත වසරකි. පැතුම් ඉටුවන, වස්තුව ලැබෙන යාන වාහන ලැබෙන වසරකි. සතුරු කරදර දුරුවේ. නඩුහබ වලින් ජයලැබේ. ශරීර ශක්තිය වැඩිවී නිරෝගි වේ. ප‍්‍රඥාව දියුණුවේ. සමාජ ගරුබුහුමන් ලැබෙන, උසස් ප‍්‍රභූන් ඇසුරට පත්වෙන සුබ කාලයකි. අධ්‍යාපන කටයුතුවලට දුවා දරුවන්ට ඉතාහො`ද වසරකි. සෙම් රෝග ඇතිවීමට ඉඩඇත. බෝවෙන වසංගත රෝග වලින් ප‍්‍රවේශම්වීම ඉතාවැදගත් වේ. අවුරුද්දේ මුල් මාස 6 ක කාලය තුළ තම මවට හෝ පියාට අපල දායක කාලසීමවක් උදාවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස්බලය වැඩි වේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගීවීමට වසරේ මුල්ු මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්ථාවන් උදාවනු ඇත. ගේ දොර කෑම බීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අගහි`ගකම් මතු නොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිතමිතුරන් ඔබ සොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදව් උපකාර ඔබට නිතැතින්ම හිමිවනු ඇත. විටෙක ඔබගේ ත්‍යාගශීලීභාවය වැඩිවීම නිසා පාඩු සිදුවිය හැකිය. සතුරන් ඇතිවන සතුරන්ගෙන් ජය නොලබන කාලයකි. අයහපත් මිනිසුන්ගේ ඇසුරට පත්විය හැකිය. වසරේ ජූලි මාසයෙන් පසු කාලවලදී තම නිවසින් පිටස්තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතු වලින් පරාජයට පත්විය හැකිය. හදි හූනියම් වැනි දෝෂ නිසා තමන් වාසය කරන නිවසේ කලඑලිය අඩුවීමටද හැකියාව පවතී. ස්ථීර නිවෙස්වලින් ඈත්වී තවකාලික නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදාවනුඇත. දේපල බෙදීම් වැනි කටයුතුවල ගැටලු මතුවනු ඇත. තමාට ලැබෙන දේපල පවා නැතිවිය හැකිය. විසා, දෙට, හා අනුර, යන නැකැත්වලින් උපන් අයට මෙම වසරපුරා අපලකාරී තත්වයක් ඇතිවිය හැකිය. මිතුරු වෙසින් සිට්න සතුරන්ගෙන් ප‍්‍රවේශම් විය යුතුය.

සුබ දිනය - අ`ගහරුවාදා, බ‍්‍රහස්පතින්දා / සුභ වර්ණය - කහ. රතු / සුභ අංක - 03 - 09 / අය 08 - වැය 14

2018-12-09

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements