Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

අදඇමරිකානු තෙල් ගබඩා දෙකකට එල්ල කල ඉරාන ගරිල්ලා ප්‍රහාරය පෙන්ටගනය විසින් තහවුරු කිරීමත් සමග තවත් ඇමරිකානු සෙබළුන් 1000ක් මැද පෙරදිගට

ලාංකිකයින්ට ජපානයේ ක්ෂේත්‍ර 14ක අසීමිත රැකියා

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට අද (19දා) ජපානයේදී අත්සන් තැබීමට

ලංගමට ගෙනා සුපිරි බස් කොළඹ වරායෙන් පිටවෙයි

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන

සිගමන් යැදු මුදලින් යාචකයෙක් දන්සලක් දෙයි .

මාතර නගරයේ දිනපතා සිඟමනේ යෙදී රැස්කරගත් මුදල් වියදම් කළ යාචකයෙකු මහජනතාවට පොසොන් පොහොය වෙනුවෙන් කේක් සහ බෙලිමල් දන්සලක් ඊයේ (17) පවත්වා

මාධ්‍ය වාර්තා බොරු.. අයිසිසියෙන් ලංකාවට කිසිදු තහනමක් නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය  විසින්  ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු තහනමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවාලෝක කුසලාන තරඟාවලියේ

ෂාෆිට එරෙහි පැමිණිලි 1000ත් පනී

කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.ඒ අනුව කුරුණෑගල

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද? නැත්නම් පැමිණිලි කාරයන්ටද?

වත්මන් ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද යන්න ගැටළුවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා

ලංකාවට ලබාදුන් තණතිලි ගැන මටත් සැකයි - අර්ජුන

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම

කසළ තේ කිලෝ 3000ක් ඇද්ද ලොරිය දවුලගලදී අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව ගබඩාවක් වෙත කසළ තේ කිලෝ 3000 ක් ලොරි රථයකින් රැගෙන යමින් තිබියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් එක් සැකකරුවකු

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ඕමාන් ගල්ෆ් කලාපයේ දී තෙල් ටැංකි ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙතට ඊයේ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.ඕමාන් ගල්ෆ් කලාපයේ දී මෙම තෙල් ටැංකි

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ ගාලුපාර ගල්කිස්ස ලිපිනයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යනු ලැබු ගණිකා නිවාසයක්  වටලා කාන්තාවන්

රාජකාරිය අමතක වූ මොහොතක්-දර්ශන සහිතයි

කොටුව දුම්රිය ස්ථායේ ආක්ෂාව සඳහා යොදාව සිටි ගුවන් හුමදාව ආකරක්ෂක අංශවලට අයත් නිල සුනඛයෙකු (10) උදෑසන දුම්රිය වේදීකාවේ සෙලම්කරන අපුරුව

අද සහ හෙට සුරාසැල් වැසෙයි

පොසොන් පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන්  අද (15) සහ හෙට (16)  යන දෙදිදන තුළ දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු ආපසු ඇමති පුටුවලට එන බවට ඉඟියක්

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත සිය ධුරවලින් ඉල්ලා අස්  වූ තමන් ඇතුළු සියලුම මුස්ලිම් ඇමතිවරු නැවත වරක් ඇමති ධුර භාර ගැනීමට සුදානම් බවට හිටපු

උතුරේ පානීය ජල ප්‍රශ්නයට විසඳුමක්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමට බවුසර් 60 ක් පමණ මේ වනවිට යොදවා තිබේ.ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර

වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව ඇමති ජෝන් කියයි

ශ්‍රී ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩි වශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බව

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

තලවකැලේ නගර මධ්‍යයේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් වෛද්‍යය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මුස්ලිම් ජතිකයෙකු අල්ලා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනපතිට බලය තියෙනවා.
GossipClanka.com

කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම රට ශ්‍රී ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේ

 

න්තුව විසුරුවා හරිමින්  නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 හා 26 අතර නාමයෝජනා භාර ගැනීමටත්, 2019 ජනවාරි 5 වෙනිදා ඡන්දය පැවැත්වීමටත්, නව පාර්ලිමේන්තුව ජනවාරි 17 වන දා මුල් වරට රැස්වීමටත්, දින වකවානු සියල්ලම නියම කරලයි තිබුණෙ.  ඒ අනුව කටයුතු සිදුවුණා නම් ඉතාම කෙටි කලකින් රට නැවතත් ස්ථාවර වෙනවා.
2017 නොවැම්බර් මාසයේදීත් පලාත් පාලන ඡන්දය පවත්වනවට විරුද්ධව  පෙත්සම්කරුවන් පිරිසක්  අභියාචනාධීකරණයට යෑම නිසා පලාත් පාලන ඡන්දයත් දින නියමයක් නැතුව කල් යෑමේ අවදානමක් මතුවුණා.  නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නඩු නැති පලාත් පාලන ආයතන වලට හෝ ඡන්ද පවත්වන බව ප්‍රකාශ  කෙරුවාම පැවති ආණ්ඩුවට අකමැත්තෙන් වුනත් ඒකට එකඟ වෙන්න සිදු වුණා. උසාවියට ගිය පෙත්සම් කාරයොත් හෙමින් සීරුවේ නඩු ඉල්ලා අස්කර ගන්තා. එතනදී දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් උසාවි ක්‍රියාදාමය අවභාවිතා කිරීමක් පැහැදිලිව පෙනෙන්න තිබුණා.

අද වෙනකොට පලාත් 9න් පලාත් 6ක පලාත් සභා නැහැ. පැවති ආණ්ඩුව අවුරුද්දකට වැඩි කාලයක් පලාත් සභා ඡන්දය මඟහැරියා.  අපි නැගෙනහිර පළාතෙන් කොටි සංවිධානය පන්නල යුද්ධය ඉවර වෙන්නත් කලින් 2008 පලාත් සභා ඡන්දය පැවැත්වුවා. වන්නියේ බිම් බෝම්බ ඉවත්කරල 2013 දී උතුරු පලාත් සභා ඡන්දෙත් පැවැත්වුවා. අද රටේ කිසිම යුද්ධයක් නැතුවත් මේ පලාත් දෙකේම පලාත් සභා නැහැ. ගිය අවුරුද්දෙ සබරගමුව, උතුරු මැද, හා නැගෙනහිර පලාත් සභා විසිරෙන්න දවස් කීපයක් තිබියදී, පලාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස්  කරන්න කඩිමුඩියේ ගෙනාපු 2017 අංක 17 දරණ පනතේ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමට අදාල කොන්දේසි සිතා මතාම ඉටු නොකර සිටීමෙන් තමයි පැවති ආණ්ඩුව  දින නියමයක් නැතුව පලාත් සභා ඡන්ද කල් දමා ගත්තේ.

මම මේ පැහැදිලි කිරීම කරන්නෙ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ හවුල දේශපාලන වේදිකාවේදී වැරදි කරුණු හුවා දක්වමින් ජනතාව නොමඟ හරිමින් සිටින නිසයි. අපේ රටේ පළමු පාර්ලිමේන්තුවේ ඉඳලම, දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණාම මහ මැතිවරණ කැඳවපු එක තමයි සිදු වුණේ.  1952 දී ඩී.එස්. සේනානායක මැතිතුමා මිය ගිය වෙලාවේ, යූ.එන්.පී ආණ්ඩුව ඇතුලේ අගමැතිකම සම්බන්ධයෙන් ලොකු බෙදීමක් ඇති වුණා. පක්‍ෂයේ දෙවනියා සර් ජෝන් තොලාවල වුණත්, එකල අග්‍රාණ්ඩුකාර සෝල්බරි ස්වාමිවරයා, අගමැති වෙන්න ආරාධනා කලේ ඩඩ්ලි සේනානායක මහතාට. ඩඩ්ලි සේනානායක මහතා කලේ අගමැති හැටියට දිවුරුම් දීලා දවස් ගණනක් ඇතුලත මහ මැතිවරණයක් කැඳවලා ජනතා වරමක් තුළින් ආණ්ඩුව තුළ ඇතිවෙලා තිබුණ බෙදීම පාලනය කර ගන්න එකයි.

1959 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය වුණාට පස්සෙ ඩබ්ලිව්. දහනායක මහතා අගමැති වුණා. ඔහුගේ ආණ්ඩුව තුළ ගැටුම් ඇතිවුණාම  එතුමත් කලේ වහාම මහ මැතිවරණයක් කැඳවන එකයි. අපේ 1948 ව්‍යවස්ථාවේ, අග්‍රාණ්ඩුකාරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලතල ගැන සඳහන් වුණේ 15 වෙනි වගන්තියේ. රාජාසන කතාව හෝ අයවැයක් පැරදුනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ සම්ප්‍රදායන් 1948 ව්‍යවස්ථාවේ ප්‍රකාශිතවම සඳහන් නොවුනත්, ඒ කාලේ අපේ ආණ්ඩුක්‍රමය සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය අනුකරණය කළ නිසා ඒ සම්ප්‍රදායන් ක්‍රියාත්මක වුණා.

1972 අපේ පළමු ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැන කියවුනේ 21 වගන්තියේ. ඊට අමතරව, රාජාසන කතාව පැරදුනාම, අයවැයක් පැරදුනාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැන ඒ ව්‍යවස්ථාවේ 99 වගන්තියේ සඳහන් වුණා. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලතල ගැනත්, රාජසන කතාව හෝ අයවැය පැරදුණු විට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සම්ප්‍රදායන් ගැනත් සඳහන් වුණේ 70(1) වගන්තියේ. උසාවිය ඉදිරියේ ඇති නීතිමය කරුණු ගැන මතයක් මම ඉදිරිපත් කරන්නෙ නෑ. මේවා දැන් මාධ්‍යයේ, සමාජ ජාලවල, හැමතැනම සාකච්ඡා වෙන දේවල්.

මහ මැතිවරණයක් පවත්වනවට විරුද්ධ යූ.එන්.පී ප්‍රමුඛ හවුල කියනවා 19 වෙනි සංශෝධනයෙන් 1978 ව්‍යවස්ථාවේ තිබුණු පරණ 70(1) වගන්තිය ඉවත් කරලා අලුතෙන් එකතුකරලා තියෙන 70(1) වගන්තියට අනුව, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකම් විසුරවන්න බෑ කියලා.  ඊට කලින් විසුරුවන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයකින් විසුරුවා හැරීමේ යෝජනාවක් සම්මත වුනොත් විතරයි කියලා ඒගොල්ලො කියනවා. 1978 ව්‍යවස්ථාවේ, පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාල සියලුම ප්‍රතිපාදන සඳහන් වුණේ 19 වෙනි සංශෝධනයට  පෙර තිබුණු 70(1) වගන්තියෙයි. ඒ වගන්තිය අහෝසි කරලා නම් තියෙන්නෙ, අද ආණ්ඩුවක් රාජාසන කතාව පැරදුනත්, අයවැයක් පැරදුනත්, විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න මොනම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක්වත් නෑ.

ඒ වගේ සීමා කිරීමක් ඇති කරන එක පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්දයි. ලෝකයේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සහිත හුඟක් රටවල ඉන්නෙ නාමමාත්‍ර රාජ්‍ය නායකයොයි. ඒ වගේ රටවල පවා, සම්ප්‍රදායක් තියෙනවා රාජ්‍ය නායකයාට තම අභිමතය හා තක්සේරුව පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන් කියලා. බ්‍රිතාන්‍යයේ ඒ.වී. ඩයිසි කියන නීති විශාරදයා කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට වඩා ජනතාවගේ මතය වෙනස් කියලා හැගෙනවනම්, රජතුමාට තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් කියලා. 1975 දී ඔස්ට්‍රේලියාවේ අග්‍රාණ්ඩුකාරවරයා, තම තනි අභිමතය අනුව අගමැති ගෆ් විට්ලම්ව ධූරයෙන් නෙරපලා මහ  මැතිවරණයක් කැදෙවුවා.

ඒ වගේම ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර් කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුද නැද්ද කියන එක ඉන්දීය ජනාධිපතිවරයාගේ තක්සේරුව අනුව සිදු විය යුතු බව. ඉන්දීයාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් වෙන ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන් විසුරුවා හැරීමේදී ඒ අභිමතය මුල ඉඳලම පාවිච්චි කරලා තියෙනවා. 1970 දී පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබූ විපක්‍ෂයේ විරෝධය නොතකා ජනාධිපති වී.වී.ගිරි ඉන්දීය පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. 1979 දී සංජීව රෙඩ්ඩි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ ඇති වෙච්ච අරාජිකත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව තම තක්සේරුව අනුව විසුරුවා හැරියා.

එහෙම වුණේ නාමමාත්‍ර රාජ්‍ය නායකයෝ ඉන්න රටවල. නමුත් ලංකාවේ ඉන්නෙ ඍජුවම ජනතාව විසින් ඡන්දයෙන් පත් කරන විධායක ජනාධිපතිවරයෙක්. ඔහුට ජනතාව දී ඇති බලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් සහ ජනමත විචාරණයකින් මිස කිසිවෙකුටත් අවලංගු කල නොහැකි බව 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් වෙනවා. 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු 70(1) වගන්තිය ඉවත් කරයි කියලා කිවුවට, ඇත්තටම සිදු වුණේ 70(1)  යටතේ පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට හිමි බලතල ව්‍යවස්ථාවේ වෙනත් තැනකට ගෙන යෑමයි.

පරණ 70(1) වගන්තිය සංශෝධනය කරන අතරම, 19 වෙනි සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 33 වගන්තියට අලුතෙන් (2)(ඇ) යන උප වගන්තිය එකතු කලා. මේ වගන්තියෙන් කියවෙන්නෙ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියකින් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල වලට අමතරව, පාර්ලිමේන්තුව කැඳවීමටත්, වාර අවසාන කිරීමටත්, විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට බලය තිබෙන’ බවයි. මේ ආකාරයට අලුතෙන් හඳුන්වාදුන් 33(2)(ඇ)  වගන්තිය, 19 සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තියට යටත් කියලත් කොහේවත් සඳහන් වෙන්නේ නෑ.

ඒ නිසා වෙන්න ඕන 19 වෙනි සංශෝධනය ගැන 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ, 70(1) වගන්තියට සිදු කර තිබුණු වෙනස්කමින් ජනාධිපතිවරයාගේ බලතල අඩු වුණයි කියලා ප්‍රකාශ නොවුනේ. 70(1) වගන්තිය වෙනස් කලේ ජනාධිපතිවරයාට ඒ යටතේ තිබුණ බලතල අඩු කිරීමට නම්, 70(1) වගන්තිය පමණක් වෙනස් කරන එක තමයි වෙන්න ඕන. පරණ 70(1) වගන්තියේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණ බලය 33(2)(ඇ) වගන්තිය හැටියට නැවත ගෙන ආවේ ජනාධිපතිවරයාට හිමි ඒ බලය ජනමත විචාරණයක් නැතුව අහෝසි කළ නොහැකි නිසා කියලා තමයි නීති විශාරදයෝ කියන්නෙ.

19 වෙනි සංශෝධනයෙන් ඔය විදියටම තවත් වගන්තියක් එක තැනකින් තව තැනකට ගෙනිහිල්ලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියපු පරණ 42 වගන්තිය අහෝසි කරලා ඒකෙ වචන මොනවත් වෙනස් නොකර 19 වෙනි සංශෝධනයෙන් 33ඒ වගන්තිය හැටියට ව්‍යවස්ථාවට නැවත ඇතුල් කරලා තියෙනවා. එහෙම කලේ ඇයි කියලා ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕන. නමුත් ඒකෙ ප්‍රතිඵලය වන්නේ 19 වෙනි සංශෝධනයට පෙරත්, පසුත්, ජනාධිපතිවරයා එකම විදියට පාර්ලිමේන්තුවට වගකිව යුතු වීමයි. පරණ 70(1) වගන්තිය යටතේ තිබුණු බලයක් 33(2)(ඇ)  හැටියට නැවත ගෙන ඒමෙනුත් වෙන්නෙ ඒකමයි.

19 වෙනි සංශෝධනයෙන් පස්සෙ, අපේ ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය රැකිලා තියෙන්නෙ මේ 33(2)(ඇ) වගන්තියෙන්. ඒ වගන්තිය නොසලකා හැර අපි 19 වෙනි සංශෝධනයෙන් වෙනස් කරපු 70(1) වගන්තිය පමණක් පිළිගත්තොත්, සිද්ධ වෙන්නෙ රාජාසන කතාව පැරදුනත්, අයවැය පැරදුනත්, ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වුනත්, මොනම හේතුවකටවත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ යන නිගමනයට එන්න සිදුවීමයි. එහෙම පාර්ලිමේන්තුවක්, පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් බැහැර වූවක්. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම තියෙන රටවල නාමමාත්‍ර රාජ්‍ය නායකයන්ටත්, අවශ්‍යතාවයක් පැන නැගුන විට තම අභිමතය අනුව පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණ කැඳවන්න පුලුවන්නම්, ලංකාවේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන, ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිට රටේ හා පාර්ලිමේන්තුවේ මොන තත්වයක් ඇති වුණත් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියන එක කොයි තරම් තර්කානුකූලද?

19 වෙනි සංශෝධනයෙන්ම 33(2)(ඇ) වැනි අලුත් වගන්තියක් ව්‍යවස්ථාවට හඳුන්වලා දීලා තිබෙද්දිත්, ජනාධිපතිට ඒ වගේ බලයක් නෑ කියන්න පුලුවන්ද? අපේ රණවිරුවන් පිටරට උසාවි වලට භාර දෙන්න නීති හඳපු 2018 අංක 05 දරණ පනත සම්මත වුනේ ඡන්ද 56 න්. නමුත් පාරිලිමේන්තුව විසුරුවලා ජනතා පරමාධිපත්‍යට ඉඩ දෙන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 150ක් ඕන කියලා තර්ක කරන්න පුලුවන්ද? මට ළඟදි කෙනෙක් ගෙනල්ලා දුන්න “ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටුට් ෆෝ ඩෙමොක්රසි ඇන්ඩ් ඉලෙක්ටෝරල් ඇසිස්ටන්ස්” කියලා රටවල් ගණනාවක් එකතුවෙලා හඳපු අන්තර් – රාජ්‍ය ඒ කියන්නේ ඉන්ටර් – ගවර්න්මෙන්ටල් සංවිධානයකින් හදපු වාර්ථාවක්. ඒ සංවිධානයේ ජර්මනිය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ස්විස්ටර්ලන්තය වගේම ඉන්දියාව හා ජපානය වගේ රටවලුත් සාමාජිකත්වය දරණවා.

මේ වාර්ථාවට අනුව, ව්‍යවස්ථාදායකය විසුරුවාහරින්න නම් තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය රටවල් දෙකයි තියෙන්නෙ – ඒ කොසෝවොයි, ලිතුවේනියාවයි. නමුත් ඒ රටවලත්, ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම, රාජසන කතාව පරාජය වීම වගේ අවස්ථාවල ව්‍යවස්ථාදායකය විසුරුවන්න රාජ්‍ය නායකයාට බලය තියෙනවා. නිල කාලය ඉවර වෙනකන් මොනම හේතුවකටවත් ව්‍යවස්ථාදායකය විසුරුවන්න බැරි ඒකෙ සඳහන් වෙන එකම රට නෝර්වේ රාජ්‍යයි. නමුත් නෝර්වේ වල තියෙන තත්වය අපේ රටට වඩා ගොඩක් වෙනස්. ඒ රටේ ඉන්නෙ අපේ බස්නාහිර පලාතටත් වඩා අඩු ජනගහණයක්.  ඒ වගේම ඒ රට ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්.

නෝර්වේජියානු පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පැරදුනත්, අලුත් ආණ්ඩුවක් පත්වෙන තුරු රජතුමා පරණ ආණ්ඩුවට යන්න දෙන්නේ නෑ. ඒ වගේම රජතුමා ප්‍රමුඛ රාජ්‍ය සභාව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක ගැන විවාද කලත්, කවදාවත් පරාජය කරන සම්ප්‍රදායක් එහේ නෑ. ඉතින් නෝර්වේ වල වැඩිහරියක් තිබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති සුළුතර ආණ්ඩු. දැන් තියෙන්නෙත් සුළුතර ආණ්ඩුවක්. නෝර්වේ වල කරන දේවල් ලංකාවේ කරන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන.

ප්‍රංශයේ ව්‍යවස්ථාව පරිනාමය වෙච්ච හැටිත් මෙතනට අදාලයි. 1940 ට  කලින් ප්‍රංශයේ තිබ්බ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කලින් විසුරුවන්න බැරි තත්වයක් ඇති කරලා තිබුණා. මේ නිසා ඒ කාලේ ප්‍රංශයේ දිගින් දිගටම අස්ථාවර ආණ්ඩු ඇතිවුනා. 1940 දී හිටලර් ප්‍රංශය ආක්‍රමණය කළා. ඒකෙන් ගොඩ ඇවිල්ල ප්‍රංශය 1946 අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කොට පාර්ලිමේන්තුව කලින් විසුරවන්න බැහැයි කියන නීතිය වෙනස් කරලා ආණ්ඩුවකට විරුද්ධව මාස 18 ක් ඇතුලත විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වුණොත් පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයක් පවත්වන්න ප්‍රතිපාදන සැලසුවා.

නමුත් ස්ථාවර ආණ්ඩු ඇතිකරන්න ඒකත් ප්‍රමාණවත් නොවුන නිසා 1958 දී සම්මත වූ ප්‍රංශයේ වත්මන් ව්‍යවස්ථාවෙන් ඒ රටේ පාර්ලිමේන්තුව ඕනම වෙලාවක කලින් විසුරුවලා ඡන්ද පවත්වන්න සම්පූර්ණ අභිමතානුසාරී බලය ප්‍රංශ ජනාධිපතිවරයාට දීල තියෙනවා. අපි ඒ අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕන. පාර්ලිමේන්තුවක් විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමෙන් ඒ විසුරුවා හරින පුද්ගලයාටත් බලපෑමක් ඇති වෙන නිසා කිසිම රාජ්‍ය නායකයෙක් ආවට ගියාට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්නේ නෑ. බරපතල තත්වයක් යටතේ විතරයි ඒ වගේ තීන්දුවක් කවුරු වුණත් ගන්නෙ. අස්ථාවර වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් නැවත ස්ථාවර කරන්න තියෙන එකම මෙවලම තමයි මහ මැතිවරණය. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. ඒ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නැගෙන්නෙ සර්වජන ඡන්ද අයිතිය තුළිනුයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඔබ, මේ ගැන සිතා බලන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි
සුබ අනාගතයක්!

2018-12-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements