Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

සත්තිකුම්භ ජාතකයේ කුරුල්ලා වගේ මමත් සොර මුලකට හසුවුණා

තමන්ට සිදු වූයේ සත්තිකුම්භ ජාතකයේ සොරමුළකට වැටුණු කුරුල්ලාට සිදු වූ දෙය වැනි දෙයක් බවත් එසේ වුවත් හොරකමට කිසිදු ආකාරයකින් තමන් එකඟ නොවන

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
රටට හතුරු පිරිස අපි බලයට එනවට බයයි - මහින්ද කියයි.
GossipClanka.com

ඔහු තවම රැඳී සිටින්නේ හිටපු ජනාධිපති ලෙස ඔහුට හිමිව තිබෙන නිල නිවසේය. එදා සේම අදත් විජේරාම මාවත වාහන සහ ජනී ජනයාගෙන් පිරී පවතී. ජනාධිපති තනතුර අහිමිවී මහින්ද රාජපක්ෂ සිය ගමට ගිය අවස්ථාවේ සේම, භික්ෂුන් වහන්

 

සේ ප‍්‍රමුඛ ජනතාව අගමැතිවරයා වෙත සුබපැතුම් පුද කිරීම සඳහා පැමිණෙමින් සිටිති. අප ඔහුගේ නිවස තුළට යන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සියලූ දෙනාම පාහේ, පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පැමිණ සිටියෝය. එම රැස්වීම ආරම්භ වන තෙක් ලැබුණු විරාමයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සිදු කරන ලද සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය - සමහරු කියන්නේ ඔබ තවත් වතාවක් දේශපාලන ගැටයකට අසුවුණා කියලයි... එහෙම ගැටවලට අහුවෙන්න තරම් ළද බොළඳ මිනිස්සුද අපි...? ඔහොම කතාවක් සමහරු කියාගෙන යනවා. එහෙම කියන්නේ එජාපයෙ පිරිස් බව අපිට ආරංචියි. ඒ අය තමන් ලබලා තියෙන පරාජය වහගන්න මේ වගේ කතා ප‍්‍රචාරය කරනවා. සමහරු කියන්නේ ”මේ තනතුර භාර ගත්තේ නැතුව හිටියා නම්, තව අවුරුදු දෙකකින් අපි පුදුම ජයග‍්‍රහණයක් ලබනවා... මේ අවස්ථාවේ අගමැතිකම භාරගෙන ඒ ජයග‍්‍රහණය අඩු කර ගත්තා...” කියලයි. ඔහොම කියන කවුරුවත් අපිට ඡන්දය දුන්න උදවිය නෙමෙයි. ඒ සියලූ දෙනාම අද පරාජය වෙලා ඉවරයි. ඒක නොකියා ඔවුන් කරන්නේ, අපේ ජයග‍්‍රහණය සැහැල්ලූ කරන එකයි. ඇත්තටම ගැටයකට අහුවුණේ අපි නෙමෙයි, එජාපය. ඔවුන්ට දෙවරක්ම ජනාධිපතිවරණය සඳහා තමන්ගේ කියලා නායකයෙක් තෝරා ගන්න බැරි වුණා. 2010 ජනාධිපතිවරණයට ඔවුන් ගෙනාවේ, සරත් ෆොන්සේකා, ඊළඟට 2015 දී ඔවුන් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක්... ඒ තමයි මෛත‍්‍රිපාල සිරිසේන මහත්මයා. එදා තමන්ට ජනාධිපතිවරණයක් දිනා ගන්න බැරි නිසා ගහපු පොදු අපේක්ෂක ගැටයට තමයි, අද එජාපය අහුවෙලා තියෙන්නේ. මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාගේ ජයග‍්‍රහණය සඳහා එජාපය දර දිය අදින්න ඇති. ඒත් පොදු අපේක්ෂකයෙක් ගෙනාවේ තමන්ට දිනන්න බැරි නිසානේ. එහෙම බැලූවම මේ ජනවරම ජයග‍්‍රහණයක් බවට පත් කර ගත්තේ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමානේ... එජාපයට ඕනෑ වෙලා තිබුනේ එතුමාව තමන්ට ඕනෑ විදිහට නටවන්න. ඒක කර ගන්න බැරි වුණහම, තානාපතිවරු ළඟ දණ ගහගෙන අඬ අඬා යනවා.

ප‍්‍රශ්නය - 113 ක බහුතර බලයක් නැතිව ඔබ විසින් පස්ස දොරෙන් අගමැති තනතුර භාරගත්ත ක‍්‍රමය නිවැරදිද...? කවුද පස්ස දොරෙන් අගමැතිකම ගත්තේ...? 2016 අගෝස්තු මාසයේ පවත්වපු මහමැතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් ලැබුණේ නැහැ. ඒ අනුව එක්කෝ සභාගයක් හෝ සුළුතර ආණ්ඩුවක් හදන්න වෙනවා. එජාපයට සභාගයක් හදන්න සිදුවුණා. ඒ එජනිසය සමගයි. අනිකුත් පක්ෂ සමග සභාගයකට යන්නත් බැහැ, මොකද දෙමළ සන්ධානය සහ ජවිපෙ විපක්ෂ නායක තනතුර සහ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකකම අරගත්තා. එජනිසය ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ඉවත්වීමත් සමග, එජාපය සුළුතරය බවට පත්වුණා. ඒ සමග රනිල් වික‍්‍රමසිංහ මහතාව අගමැති තනතුරෙන් ඉවත් කරලා, අගමැති ලෙස වැඩ භාරගන්න කියලා, ජනාධිපතිතුමා මට ආරාධනය කළා. එහෙම ගිහිල්ලා අගමැතිකම ගන්නේ පස්ස දොරෙන් වෙන්නේ, කොහොමද...? 2015 ජනවාරි නව වැනිදා රනිල් අගමැතිකම ගත්තේ නම්, පස්ස දොරෙන්. අගමැති විදිහට හිටපු දි.මු.ජයරත්නට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබුණා. එහෙම තියෙද්දී මන්ත‍්‍රීවරු හතළිස් දෙකක් තියාගෙන කිසිම ලැජ්ජාවක් නැතුව රනිල් අගමැතිකම ගත්තා. ඒවා තමයි, පස්ස දොරෙන් ගත්තා කියන වැඩ...

ප‍්‍රශ්නය - කොහොම වුණත් ඔබ හදිස්සි වුණා වැඩි නැද්ද...? කිසිම හදිස්සියක් වුණේ නැහැ... අපි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය මොකක්ද...? ආණ්ඩුව පෙරළන එක. ඔබගේ පුවත්පත සමග මීට පෙර කරපු සාකච්ඡාවේදී මම මොකක්ද කිව්වේ... ”අතට අහුවුණු දේකින්, හැකි ඉක්මනින් අපි ආණ්ඩුව පෙරළනවා” කියලා. මම ජනතාවට කිව්වේ, තව පෝය දෙකක් යන්න ඉස්සෙල්ලා, අපි ආණ්ඩුව පෙරළනවා කියලයි. මේ කළේ ඒ දේ තමයි. අපි පක්ෂයක් විදිහට හෝ පුද්ගලයෙක් විදිහට කල්පනා කරන්න ඉස්සෙල්ලා, රටක් ජාතියක් විදිහට කල්පනා කරලා ඉන්න ඕනේ. එජාපය තව ටික කලක් ආණ්ඩු කරා නම්, මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා. ගෙනහල්ලා සම්මත කර ගන්නවා. එහෙම වුණා නම් රටට මොකද වෙන්නේ... ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබා දීලා, අපේ රටට විරුද්ධව අපිම, එජා මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා.එහෙම කළේ එජාපයේ විදේශ ඇමැති. එහෙම කරලා මේ රටේ රණවිරුවන්ට විරුද්ධව නඩු අහන්න, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගේන්නේ හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්නම වැඩි කළා. මේවා තව අවුරුද්දක් කරගෙන ගියා නම් අපිට රටක් ඉතුරු වෙයිද...? මේ රටේ ජනතා දේපළ අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට කුණු කොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා, ජනතාවගේ කර මත පැටෙව්වා. විදේශ රටවල දුක් මහන්සි වෙලා හම්බු කරන අපේ ජනතාව ගෙදරට සල්ලි එවන කොට ඒවාට බදු ගැහැව්වා. වෙන එකක් තියා, ළමා ඉතුරු කිරීමේ ගිණුම් වලටත් ඒ අය බදු ගැහැව්වා. මේ වගේ වෙලාවක, දේශපාලන හඳහන් බල බල තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි, රට ජාතිය ගැන හිතලා, ආණ්ඩුව පෙරළන එකද...නිවැරදි ?

ප‍්‍රශ්නය - තවමත් ඔබට පාර්ලිමේන්තුවේ බහුතර බලය හදාගන්න බැරි වෙලා තියෙනවා. ඉතා පැහැදිලිවම අනිත් පැත්තට මන්ත‍්‍රීවරු 123 දෙනෙක් සිටිනවා. එසේ තබාගෙන බලහත්කාරයෙන් අගමැති පදවියේ රැඳී සිටීම නිවැරදිද...? මම එදා කිව්වා වගේම මට මේ තනතුරු ලොකු නැහැ. මම අවුරුදු නවයක් මේ රටේ ජනාධිපති... ඇමැතිකම්, අගමැතිකම් දැරුවා. තනතුරු සියල්ල නැතිව හිටියා. මගේ දරුවෝ, සහෝදරයා හිරේ දැම්මා. මගේ පාක්ෂිකයෝ, ඒ අයගේ පවුලේ අය හිරේ දැම්මා. මගේ ලේකම්වරයා, මා යටතේ සේවය කළ නිලධාරීන් හිරේ දැම්මා. ඒ සියල්ල විඳවපු මට ඔය තනතුරු නෙමෙයි වැදගත්... අපි මේ රටට ලබා දුන්න ජයග‍්‍රහණ සියල්ල ආපසු හැරෙව්වා. අපේ රණවිරුවන් බේරා දුන්න රට, කලාප රාජ්‍ය වලට ව්‍යවස්ථාවෙන් වෙන් කරන්න හදන එක නවත්වන එකයි සියල්ලට වඩා වැදගත් කියලා මම හිතන්නේ... ඒ වෙනුවෙන් තමයි අපි මේ තනතුරු භාර ගත්තේ. ඒ මිසක් අපි මේ කිසි තනතුරක බලහත්කාරයෙන් එල්ලිලා ඉන්නේ නැහැ. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මම අරලියගහ මන්දිරයෙන් ගියේ, තනතුරු වැදගත් නැති හින්දයි.

ප‍්‍රශ්නය - අනිත් පැත්තෙන් ඔබට එල්ල කරන අභියෝගය වන්නේ 113 පෙන්වන ලෙසයි... අපි තවම ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබෙනකන්... දෙසැම්බර් හත්වෙනිදාට ඒ තීන්දුව ලැබෙයි. ඒ තීන්දුව අනුව අපට බහුතරය පෙන්වන්න සිදුවුණොත් අපි අනිවාර්යෙන්ම පෙන්වනවා.

ප‍්‍රශ්නය - අද රට තිබෙන්නේ කැලඹිලි තත්ත්වයක... පාර්ලිමේන්තුව කිසිදු වැදගැම්මකට නැති තැනක් බවට පත්වෙලා. මේ වාතාවරණය තුළ ඔබ අගමැති තනතුර භාර ගත්තත් කිසිවක් කර ගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා... අපි බලයට එනවට බය පිරිසක් ඉන්නවා. ඒ තමයි මේ රටට හතුරු පිරිස... මම 2005 දී මේ රට භාර ගන්න කොට, රටේ ආර්ථිකය තිබුණේ බිමටම වැටිලා. ඒ මදිවාට ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදීන් සමග අපිට යුද්ධයක් කරන්නත් වෙලා තිබ්බා. හිටපු යූ. එන්. පී මුදල් ඇමැතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරිහෙනවයි කියලා. පසුගිය ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාරදුන්නේ. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඕනම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කරන්නේ මහමැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පත් කරගන්න එකයි. ජනාධිපතිතුමා අපේ ආණ්ඩුවේ හිටපු නිසා දන්නවා අපි අසීරු තත්ත්වයන් පාලනය කළේ කොහොමද කියලා. යුද්ධය කරන්න අපි සල්ලි හොයාගත්තා. දශක ගණනාවක් තිස්සෙ කාටවත් කරන්න බැරි වුණ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති විශාල ගණනක් අපි සම්පූර්ණ කළා. 2007 ලෝක ආහාර අර්බුදය ජනතාවට දැනෙන්නවත් ඉඩ හැරියේ නෑ. 1930 ගණන් වලින් පසු ලෝකයේ ඇති වූ දරුණුම ආර්ථික අවපාතය 2008 දී ඇති වුණත් ලංකාවේ මිනිස්සු ඒවගේ දෙයක් වුණයි කියලවත් දැනගෙන හිටියෙ නෑ. ඒ කාලේ ලෝක තෙල් මිල ඉතිහාසයේ කවරදාකටත් වඩා ඉහළ මට්ටමක පැවතියත්, ඒකත් අපි කළමනාකරණය කරගත්තා.

මම අවුරදු 9 ක් ඇතුළත මේ රටේ ඇමරිකානු ඩොලර්, ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලේ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4% ක්. ඩොලරයක මිල රුපියල් 131 යි. දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ණය බර තිබුණෙ 70% ක අගයක. අපි 2015 ජනවාරි 9 වැනිදා අලූත් ආණ්ඩුවට බාර දුන්නේ ආර්ථික වශයෙන් ඉතාම ස්ථාවර රටක්. නමුත් අවුරුදු 4 ක අවපාලනයෙන් පස්සෙ, අද මුළු ආර්ථිකයම දැඩි අවදානම් සහගත තත්ත්වයකයි තියෙන්නෙ. අද මේ රට මුහුණපාල තියෙන ආර්ථික අර්බුදයේ භයානකම පැත්ත තමයි විදෙස් විනිමය ණය බර. මම 2005 දී මුල් වරට ජනාධිපති වෙනකොට රටේ යුද්ධයක් තිබුණ. නමුත් ආර්ථිකය ඇත්ත වශයෙන්ම මේ තරම් දරුණු තත්ත්වයක නෙවෙයි තිබුණෙ. ඒ කාලෙත් දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂ ණය ප‍්‍රතිශතය 90% ක් තරම් ඉහළට නැගලයි තිබුණෙ. නමුත් එදා ඒ තිබුණ ණය අතරෙ අද තරම් විදේශීය ණය ප‍්‍රමාණයක් තිබුණෙ නැහැ.

2015 ජනවාරිවල ඉඳලා යූ.එන්.පී ආණ්ඩුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඞ්, සින්ඩිකේටඞ් ලෝන්, කරන්සි ස්වැප් වගේ නොයෙක් මූලාශ‍්‍ර වලින් ලබාගත්ත විදෙස් විනිමය ණය ප‍්‍රමාණය ගැන විටින් විට ලිඛිතව මහජනතාව දැනුවත් කරන්න මම පියවර ගත්තේ නැවත අපි බලය ගත්ත දවසට, අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප‍්‍රශ්නය මේ ණය ගැනීම බව මම දැනගෙන හිටිය නිසයි. අවුරුදු තුන හමාරක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදෙස් විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නැහිය නිසා මේ රට ගොඩගන්න කාලයක් ගතවෙනව. මහ මැතිවරණයක් නොපවත්වා, පැවතුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න හදන අයට මේ රට ගොඩගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබ්බ රට ප‍්‍රපාතයට දැම්මේ ඒගොල්ලො තමයි. ඒකයි මැතිවරණ වලට ඔය තරම් බය.

ප‍්‍රශ්නය - මහ මැතිවරණයක් පිළිබඳ අදහස ඔබ මතු කරනවා. මහ මැතිවරණයක් අවශ්‍ය නම්, එජාපයේ බලයේ සිටියදීම ඒ සඳහා පියවර ගන්න තිබුණා. එසේ නොකර ඔබ අග‍්‍රාමාත්‍ය තනතුර භාරගෙන මහමැතිවරණයක් සඳහා ගමන් කරන්නේ, ඔබට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නේද...? ජනාධිපතිතුමා විසින් ජාතිය අමතමින් කරන ලද කතාවේදී, මට අගමැතිකම භාර ගන්න ආරාධනා කරන ලද හේතු පිළිබඳව සඳහන් කළා. එතුමාව ඝාතනය කිරීම සඳහා එක්තරා පිරිසක් කුමන්ත‍්‍රණයක් සිදු කළ බවට එතුමා චෝදනා කළා. එවන් අවස්ථාවක අගමැති ඉවත් නොකළා නම් මොකද වෙන්නේ...? කවුද ඒ කුමන්ත‍්‍රණයෙන් මේ රටේ අගමැති වෙන්නේ...? ඒවගේම බෙදුම්වාදී ව්‍යවස්ථාව... එය හදිස්සියේ සම්මත කර ගත්තා නම් මේ රට ඉවරයි. මහමැතිවරණයක් කැඳවන තුරු අපි රට භාර ගත්තේ ඒකයි.

ප‍්‍රශ්නය - ඔබ කිහිපවිටක්ම සඳහන් කර තිබුණා මේ කරගෙන යන්නේ භාරකාර ආණ්ඩුවක් කියා. මහ මැතිවරණයක් බැරි නම් මේ භාරකාර ආණ්ඩුව යටතේ පළාත් සභා මැතිවරණයට වුවත් යා හැකියි නේද...? අපි බලයේ සිටින කාලයේත්, විපක්ෂයේ සිටින කාලයේත් මැතිවරණ වලට බය වුණේ නැහැ. අපි හැමවිටම ජනතා මතයට ගරු කළා. මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසමක් පත් කරලා, මැතිවරණ කල් දැම්මා. අපේ කාලයේ මැතිවරණ කොමසාරිස්වරයෙක් ඉද්දි වෙලාවටත් කලින් මැතිවරණ තිබ්බා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණය අවසන් වෙනකන් පවතින අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම පමණයි අප කළේ. මේ ආණ්ඩුවෙන් දිගටම රට පාලනය කරන්න අපේ බලාපොරොත්තුවක් නෑ. මුළු රටටම පේනවා ඒකාබද්ධ විපක්‍ෂේ ආණ්ඩුවේ තනතුරු දරන්නේ බොහොම සුළු පිරිසක් කියලා. ඒ, මේක තාවකාලික ආණ්ඩුවක් නිසයි. අපේ ඒකායන පරමාර්ථය මැතිවරණයක් පවත්වලා අලූත් ආණ්ඩුවක් පිහිටුවාගන්න එකයි කියලා, මම අගමැති ලෙස දිවුරුම් දීපු අවස්ථාවේ ඉඳලා කිවුවා. එජාපය ඇතුළු හවුල් කල්ලියේ එකම බලාපොරොත්තුව මොනම මැතිවරණයක්වත් නොපවත්වා, අර පරණ ආණ්ඩුවම තව පුළුවන් තරම් ඇදගෙන යෑමයි. ඕක තමයි මෙතන තියෙන ගැටුම.

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්නත් මඟ පෑදුවා. ඒත් යූ. එන්. පී හවුල උසාවියේ නඩු දාලා, පවත්වන්න ගිය මහමැතිවරණය කල් දාගත්තා. ජනාධිපතිතුමාගේ ගැසට් එක අනුව කටයුතු කළා නම් මේ වෙනකොට නාමයෝජනා භාර දෙන්නත් පටන් අරගෙන. මහ මැතිවරණයක් පැවැත්වීමෙන් කාගේ හෝ අයිතීන් උල්ලංඝනය වෙනවාද නැද්ද කියන කරුණ ශ්‍රේෂ්ඨාධිකරණය විසඳන තුරු යූ. එන්. පී හවුල මේ කඩාකප්පල්කාරී වැඩ දිගටම කරයි.

ප‍්‍රශ්නය - ජනවරමක් නොමැති තත්ත්වයක් තුළ, දිගින් දිගටම රට අස්ථාවර කරමින් අගමැති තනතුරේ ඔබ රැඳී සිටීම නිසා, රටේ දේශපාලන අස්ථාවරභාවයක් මතුවෙලා තිබෙනවා... ජනවරම තියෙන්නේ අපට... ජනතාව විසින් අවසාන වතාවට ලබා දුන්න ජනවරම වන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයයි. එහිදී බහුතරය ලැබුණේ අපිට. පොහොට්ටුවට සහ එජනිසයට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ලක්ෂ හැට හතරක් පමණ වෙනවා. එජාපයට ලැබුණේ ඡන්ද ලක්ෂ 36 යි. එහෙනම් මේ රටේ බහුතරය තියෙන්නේ කාටද...? ජනවරම තියෙන්නේ කාටද...? අපිට... මේ රටේ ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකින් පරාජය වූ පළවෙනි වතාව තමයි, ගිය පාර පුංචි ඡන්දය. තමන්ට ජනතා වරම අහිමි වුණු ඒ වෙලාවේ මේ ආණ්ඩුව හරි නම් ගෙදර යා යුතුව තිබුණා. ලැජ්ජා නැතුව මේ අය ඔය තනතුරුවල එදා ඉඳලා එල්ලිලා හිටියා. අඩුම ගානේ අපිට විපක්ෂ නායක කමවත් නොදුන්න මේ අය අද අපිට ශිෂ්ටත්වය උගන්වන්න එනවා. අපි මේ තනතුරු බාර ගත්තේ රට අස්ථාවර කරන්න නෙමෙයි. ආණ්ඩුව අස්ථාවර කරන්න. එදා අපිට විරුද්ධව හිටපු දෙගොල්ලෝ අපි දෙකට වෙන් කළා. ඒ විතරක් නෙමෙයි, එජාපයත් ආණ්ඩුවෙන් අයින් කළා. මේක ජයග‍්‍රහණයක් නෙමෙයිද...? එයින් රට ස්ථාවර වුණා. කොටස් වෙළෙඳ පොළ වර්ධනය වුණා. අපි ලැහැස්ති වුණේ මහමැතිවරණයකට යන්න. ජනතාවගේ ඒ තීන්දුවෙන් පසුව මේ රට තවත් ස්ථාවර වෙන්නයි තිබ්බේ. ඒක නැවැත්තුවේ, එජාපය, ජවිපෙ සහ දෙමළ සන්ධානය කියන හවුල.

ප‍්‍රශ්නය - මේ අස්ථාවරභාවය නිසා ඔබ ලබා ගත්ත අගමැතිකමත්, ඇමැති මණ්ඩලයත් කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයකට පත්වෙලා නේද...? අපි මේ දින කිහිපයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කොයිතරම් තීරණ ගත්තාද...? අපි ඔක්තෝබර් 26 ආපු ගමන්ම ඉන්ධන මිලත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකත් මිල අඩු කළේත්, පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තෙත් ජනතාවගේ පීඩනය අඩුකරලා නිෂ්පාදනය වැඩි කරන්නයි. දරුවන්ට ලැබෙන පාසල් නිල ඇඳුමට වවුචරයක් දීලා, කරපු වැඬේ මතකද...? අපි ඒ නිල ඇඳුම් වවුචරය අහෝසි කළා. හැම මාසයේම ජනතාව බය කරපු තෙල් මිල සූත‍්‍රය අහෝසි කළා. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩයන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රට විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතුවෙලා පරාජය කරලා මේ රට නැවත හරි මඟට ගමු, කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප‍්‍රශ්නය - ඔබ බලයට ආපු ගමන් නවීන බෙන්ස් රථයක් සිය පාවිච්චිය සඳහා මිලට ගත් බවට චෝදනා එල්ල වුණා... ඔය එන්නේ එදා ආපු මඩමනේ... අපිව එදා පරාජය කළේ ඔය වගේ මඩ ප‍්‍රචාර යවලනේ... එහෙම ආරංචි පළකරපු අය ඊළඟ සතියෙම ඒක නිවැරදි කරානේ... මම ජනතාවට කියන්නේ, ඔය වගේ මඩවලට ආයෙත් රැවටෙන්න එපා කියන එකයි. මේ අය අසත්‍යය සහ අපවාදය තමයි අපිට එරෙහිව භාවිත කළේ. රටේ ආර්ථික ආපදා තත්ත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ. එන්. පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමැතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය ගමන්වලට අධික වියදම් කරන එකට, තිත තියන්න ඕන. ඊළඟ මහ මැතිවරණයෙන් පස්සෙ, බලය පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට අපි ඇමැතිවරු සුදුසු ගණනක් පත් කරනවා. මම ඒක කල් තියාම කියන්න ඕන. අනිත් හැම දේකටම කලින් රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඒ අලූත් ආණ්ඩුවෙන් වියදම් කපා හරින්න උපරිම ලෙස කටයුතු කරනවා. ඒ වගේම තමයි, බැඳුම්කර කොල්ලය ඇතුළු එජාප ආණ්ඩුව විසින් කරන ලද සියලූ දූෂණ සෙවීමට අපි කටයුතු කරනවා.

2018-12-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements