Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අනුරපුර යුගයේ ලොකුම දාගැබ ඩෝසර් කර මිරිස් හිටවලා

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත්

ත්‍රීරෝද රථයේ ගිනි ගැනීම් වලක්වන උපකරණයක් සවිකරගෙන ගෙදර එන්නත් කලින් ගිනි අරන්

සේවා කටයුතු කර ගිනි ගැනීම් වැළැක්වීමේ උපකරණයක් සවි කර ගෙන එමින් සිටිය දී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ  අම්පාර මහජන බැංකුව ඉදිරිපිට දී

හමුදා ට්‍රක් රථයක් දුම්රියේ ගැටී 5ක් මරුට

කිලිනොච්චිය දුම්රිය ස්ථානය අසළදී ඊයේ (25දා) දහවල් යුද හමුදා ට්‍රක්රථයක් දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සෙබලුන් 5 මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු

පොලොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා

මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක  වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයෝ 11225 ක්

නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

මිනිස් කි‍්‍රයාකාරකම්  හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  එච් .බි අශාන්ති මහත්මිය

ලංකාවට ශක්තිමත් එක් නීතියක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා

ලංකා ක‍්‍රිකට් පිල ලෝකය හොල්ලනවා.ගංගා මෑණියන්ගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක්…

ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව හා වයඹ පළාත්වලට තද සුළං හ තද වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු

දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක කාලයක් පැවති දුම්රිය වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.එහෙත් අද උදෑසන වන විට දෛනික කාලසටහනට අනුව සියලු දුම්රිය

ෆේස්බුක් ලංකාවට නව නීති පනවයි..

ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය

අමු තේ දළු මිල පහත වැටෙයි…

අමු තේ දළු කිලෝවක් සදහා ලැබෙන මිල ඉකුත් මාස වලට සාපේක්ෂව රැපියල් දහයකින් පමණ පහත බැස ඇතැයි කුඩා තේ වතු හිමියන් සදහන් කරති.තමන් විසින් තේ

අංක 01කේ එංගලන්තය ,එංගලන්තයයේදීම අසරණ කල අපේ සිංහ පැටව්

සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 20කින් පරාජයට පත්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.ලකුණු 233ක

රිෂඩ්ගෙන් විමල්ට අභියෝගයක්

දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ගත්තේ තම මවගේ සහෝදරයාගේ දියණියක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා කළ ප්‍රකාශය අසත්‍ය

ට්‍රැක්ටර් අනතුරින් 6ක් මිය යයි

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින්  සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු  ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල

මුස්ලිම් අමාත්‍යවරුන්ගේ දින 30 නාටකය - මුසම්මිල්

අප්‍රේල් 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදු කිරීමට ඉඩ සැලසීම සඳහා දින 30ක කාලයකට තොග වශයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන්

අවසන් පුර්ව වටයේ බලාපොරොත්තු දල්වන,තීරණාත්මක තරගය අද

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට ජය ගත යුතු තීරණාත්මක තරගයක් අද (21 දා} ලීඞ්ස් හී පිහිටි හෙඩින්ග්ලි ඕවල් ක‍්‍රීඩාංගණයේදී

පේරා ඉංජිනේරු සිසුවියක් ලෝකයෙන්ම පළමු තැනට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන්

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යළි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊයේ (19) යළිත් ජනාධිපතිවරයා ඉදිරියේ සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්නා.ඒ අනුව කබීර්

ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.රැපියල්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මහින්ද එනතුරු රනිල් පාර්ලිමේන්තු පුස්තකාලේ බලා සිටී.
GossipClanka.com

වර්තමාන දේශපාලන උණුසුම් තත්වය පිළිබඳව විවිධ කතා ප්‍රචාරය වීම සහ ඒ සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින උනන්දුව නිසා දේශපාලන පොරපිටිය එන්න එන්නම උණුසුම් වෙමින් පවතී. ඊයේ සිකුරාදා පාර්ලිමේන්තුව කරු ජයසූරිය කථා

 

නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර පස්වැනි දිනටත් කථානායකට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්‍ෂය මැතිසබයට පැමිණියේ නැත. ආණ්ඩු පක්‍ෂය කථානායක අතර දැඩි විරසකයක් පවතිද්දී විශේෂ හමුවක් පසුගිය සිකුරාදා දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

එම හමුව පැවතුණේ සුවිශේෂී පුද්ගලයන් දෙදෙනකු අතරය. ඒ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතරයි.

මෙම හමුව සිදුවුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි පුස්තකාලයේදීය. එදින පාර්ලිමේන්තු රැස්වීම කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ උදෑසන 10.30ටය. ඊට පෙර ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි අගමැති කාර්යාලයේදීය. ඒ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වුණේ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 2දීය. එම සාකච්ඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා මලික් සමරවික්‍රම සමඟ ගියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි පුස්තකාලයටය.

ඒ වන විට වේලාව උදෑසන 10.30 පමණ වූ අතර ඒ වන විට මැතිසබයේ කටයුතු ආරම්භ වී තිබිණි. රනිල් වික්‍රමසිංහ හා මලික් සමරවික්‍රම පුස්තකාලයට වී අසුන්ගෙන කතාබහ කරමින් සිටියේ තවත් කෙනකුගේ පැමිණීම අපේක්‍ෂාවෙනි.

මේ අතර මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීම උදෑසන 10.45ට පමණ අවසන් විය. අනතුරුව අග්‍රාමාත්‍යවරයාද පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පිහිටි පුස්තකාලය දෙසට ගමන් කරන්නට වූයේය.

ඒ සමඟින් පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි ලොහාන් රත්වත්තේද ගමන් කළහ.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ඔරලෝසුව දෙස බලා මලික් සමරවික්‍රමට යමක් ප්‍රකාශ කරමින් ආසනයෙන් නැඟී සිටියේ මැතිසබය වෙත යෑමටය. ඒ සමඟම රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට යම් පණිවුඩයක් ලැබුණේය. ඒ සමඟම ඔහු යළිත් අසුන් ගත්තේය.

ටික වේලාවක් යන විට මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා පැමිණියේය. එවිට වේලාව උදෑසන 10.50ට පමණ ඇත. මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තුරු රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා විනාඩි 20ක පමණ වේලාවක් පුස්තකාලයට වී බලා සිටියේය.

ඉන්පසුව දෙදෙනා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් යම් යම් කරුණු සාකච්ඡා කෙරිණි. ඉතා සුහදශීලී ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි. දිනේෂ් ගුණවර්ධන, මලික් සමරවික්‍රම, ලොහාන් රත්වත්තේ යන අයද ඊට එක්වූහ.

උදෑසන 10.50 සිට උදෑසන 11.10 දක්වා විනාඩි 20ක පමණ කාලයක් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයා සහ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙන්ව ගියහ.

දේශපාලන පිටිය හැම පැත්තෙන්ම උණුසුම් වීමට පටන්ගෙන තිබෙන අවස්ථාවක 29 දින පාර්ලිමේන්තුව පෙ.ව. 10.30ට රැස්වූයේ කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

එම රැස්වීමට පෙර පෙ.ව. 9.00ට පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ කථානායක කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ සහභාගි නොවූහ.

ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කළේ 7 වැනි පාර්ලිමේන්තු කටයුතු භාර තේරීම් කාරක සභාවට අදාළව කටයුතු කරගෙන යෑම අවලංගු වන අතර 8 වැනි පාර්ලිමේන්තු සැසිවාරයට අදාළව කටයුතු සිදු කළ යුතු බවයි.

ඊට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් පක්ෂ නායක රැස්වීමට සහභාගි නොවූ අතර එය සඳහන් කරමින් ලියවිල්ලක් සභානායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදීමට කටයුතු කළහ.

එම ලියවිල්ල කඩදාසි කොළ 3ක සටහන් කෙරුණේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අත්අකුරුවලිනි.

පක්ෂ නායක රැස්වීමට නොගිය ආණ්ඩුවේ නියෝජිතයන් පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ කමිටු ශාලා අංක 1 හි පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට සහභාගි විණි.

එම රැස්වීමට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පැමිණියේ උදෑසන 9.35ට පමණය. අග්‍රාමාත්‍යවරයා කමිටු ශාලාවට ඇතුළු වන විට දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් කණ්ඩායම් රැස්වීමෙන් පිටතට පැමිණෙමින් සිටියහ.

"කොහේද යන්නේ" මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විමසන්නට විය. "සර් අපි නීති විරෝධී පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකතුමාට විරෝධය පළ කිරීමට යනවා" යනුවෙන් එස්.බී. දිසානායක ප්‍රකාශ කළේය.

කථානායක හමුවී විරෝධය පළ කිරීමෙන් අනතුරුව ඔවුහු යළිත් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට එක්වූහ. ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වූයේ නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, සම්ප්‍රදාය විරෝධී ආකාරයෙන් කථානායකතුමා ක්‍රියා කරන නිසා එදිනද කථානායකතුමාට විරෝධය පළකරමින් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීමටයි.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පෙරවරු 9.00ට පමණ ආරම්භ වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 2දීය.

ඒ රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්විය. 26 වැනිදා සිට රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රමාත්‍යවරයා බවට පත් වූයේය.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා වුවද තවමත් ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිහිටි තඹ ‍ෙදාරෙනි.

මෙම තඹ ‍ෙදාරින් ඇතුළු වීමට අවසර තිබෙන්නේ ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට හා වෙනත් රටක රාජ්‍ය නායකයකුට පමණි. නමුත් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ඊයේ (29දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේත් ඉන් පිටව ගියේත් ඉදිරිපස පිහිටි තඹ ‍ෙදාරෙනි.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි තම පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් ගෙනයන මෙම සටන ඉදිරියටද ගෙනයන බවයි.

මේ අතර අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සභාවේදී කතාවක් සිදුකරන නිසා ඊට බාධා නොකිරීමටද එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තීරණය කෙරිණි.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සිදුකිරීමට යන විශේෂ ප්‍රකාශය ගැන විජයදාස රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා අතර දුරකථන සංවාදයක්ද පැවැත්වී තිබිණි.

ඒ ගැන යම් අවබෝධයක්ද එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දැනගැනීමට හැකිවිය.

පාර්ලිමේන්තුව කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපාහැරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අතර එය ඉදිරිපත් කරන ලද්දේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක විසිනි.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ තම අසුනට පැමිණ අසුන්ගන්නා විට එක්සත් ජාතික පෙරමුණෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි.

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා හා කථානායකතුමා සාකච්ඡා කර මෙම ගැටලුව විස¼දාගත යුතු බවට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා යෝජනා කරන විට එක්සත් ජාතික පෙරමුණේ ජනතා නියෝජිතයෝ මේසවලට තට්ටු කරමින් තම ප්‍රසාදය පළ කළහ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විපක්ෂයේ අසුන්ගෙන විවාදයට සහභාගි වෙමින් පසුගිය ආණ්ඩුවේ අඩුපාඩු ගැන කතා කරන විට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඊට බාධා කළහ.

රතන හිමියන් තම කතාව අවසන් කර මැතිසබයෙන් පිටතට පැමිණෙන විට මාධ්‍යවේදීන් කිහිප දෙනකු මුණගැසිණි. "ඔබ වහන්සේගේ ස්ථාවරය කුමක්ද?" මාධ්‍යවේදියකු විමසුවේය.

මං ඉන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ අගමැති එක්ක" පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

මේ අතර විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය හේතුවෙන් කරු ජයසූරිය කථානායකවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසීමට ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය. ඊට සමගාමීව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදුවිය. ඒ අරලියගහ මන්දිරයේදීය.

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයකුට අපි සහාය ලබා දෙනවා. අපි ඒ බව ලිඛිතව ජනාධිපතිතුමාට දැනුම් දෙනවා" යනුවෙන් ආර්. සම්පන්දන් විසින් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.

මේ අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කිහිපදෙනකු අතර පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ රට හා පොදු මහජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවයි. මීට වඩා දරුණු අභියෝග තමා ජයගත් බවද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව පසුගිය (27දා) දහවල් 1.00ට ආරම්භ වූයේ කරු ජයසූරිය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනු ඇති බවට බොහෝ දෙනකු සිතුවද පක්ෂ නායක රැස්වීමක් නොමැතිවම පාර්ලිමේන්තුව රැස්විය.

නමුත් පාර්ලිමේන්තුව රැස්වීමට හරියටම පැයකට පමණ පෙර දහවල් 12.00ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ රැස්වීම් දෙකක් පැවැත්විණි.

වතින දේශපාලන උණුසුම නිසා මෙම රැස්වීම් දෙක පිළිබඳවද බොහෝ දෙනකු සිටියේ දැඩි අවධානයකිනි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දහවල් 12.00ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම ආරම්භ විය.

එය පැවැත්වුණේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 1 දීය.

ඒ සමඟම එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීම ආරම්භ කෙරුණු අතර එය පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ කමිටු ශාලා අංක 2දීය.

මෙම රැස්වීම් දෙකම සඳහා විශාල ජනතා නියෝජිතයෝ පිරිසක් පැමිණ සිටියහ.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා විසින් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව යම් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

විශේෂයෙන්ම කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථා විරෝධීව ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම අනුමත කිරීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩු පක්ෂය නිසියාකාරව පිළිගෙන නීත්‍ය නුකූලව කථානායක කටයුතු කරන තුරු ආණ්ඩුව විසින් කථානායක පිළිනොගන්නා බව පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා, එම නිසා නීති විරෝධී ආකාරයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවිය යුතු බව යෝජනා කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ එම යෝජනාව ස්ථීර කරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසාය.

එම යෝජනාවට අත්පොළොසන් ලබාදී ඊට අනුමැතිය ලබාදීමට ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ තීරණය කළහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාද ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයෙන් රැස්වන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීම පලක් නොවන දෙයක් බවයි.

මේ අතර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා, ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට යන බවට කට කතාවක් පැතිර යමින් තිබිණි.

විජිත් විජිතමුණි සොයිසා සහ ලසන්ත අලගියවන්න ද ආණ්ඩු පක්‍ෂයේ කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියහ.

මෙම කටකතාව ගැන ඇතැමෙක් විජිත් විජිතමුණි සොයිසාගෙන් හා ලසන්ත අලගියවන්නගෙන් විමසන්නට වූහ.

පිස්සුද අපි එහෙම වෙන්නේ නැහැ. අපි ඉන්නේ ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක්කයි. අපි ගැන කටකතා හදන එවුන්ට පිස්සු" යනුවෙන් විජිත් විජිතමුණි සොයිසා සහ ලසන්ත අලගියවන්න ප්‍රකාශ කරන විට ඒ අසල සිටි මහින්ද අමරවීර අමාත්‍යවරයා ද සිනහසෙන්නට විය.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම දහවල් 12.00ට ආරම්භ වූයේ කමිටු ශාලා අංක 2දීය.

29 වැනිදා වත්මන් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන මුදල් යෝජනාව ජයග්‍රහණය කිරීම හා ඊට තිබෙන සූදානම ගැන මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ 29 වැනිදා ආණ්ඩුවට මුදල් වියදම් කිරීමට පාර්ලිමේන්තුව තුළ බලයක් නොමැති බව පෙන්විය යුතු බවයි. පැමිණ සිටි පිරිස ගැන පිරික්සීමට නම් කියවනු ලැබූ අතර වසන්ත සේනානායකගේ නම කියවන විට තිබුණේ නිශ්ශබ්දතාවකි. වසන්ත සේනානායක පැමිණ සිටියේ නැත. එම නිසා බොහෝ දෙනෙක් අතර යම් සිනහවක් ඇති විය.

වඩිවේල් සුරේෂ්ගේ නම කියවන විට ද ඇති වූයේ නිශ්ශබ්දතාවකි. ඔහු ද එම අවස්ථාවේද පැමිණ සිටියේ නැත.

ටික වේලාවක් යන විට වඩිවේල් සුරේෂ් පැමිණෙන්නට වූ අතර වඩිවේල් සුරේෂ් දුටු විගස එක්සත් ජාතික පෙරමුණේ සමහරු මේසවලට තට්ටු කරමින් සතුට ප්‍රකාශ කරන්නට වූහ.

මෙම ක්‍රියාව දුටු එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන හඬ නඟා අපූරු කතාවක් කීවේය.

පක්‍ෂයත් එක්ක හැමදාම ඉන්න කට්ටියට කිසිදු අත්පුඩියක් නැහැ. ඒත් ගිහිල්ලා එන කට්ටිය නම් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා" යනුවෙන් තුෂාර ඉඳුනිල් අමරසේන කියා සිටියේය.

මෙම එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතරතුර එම ශාලාවේම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනම සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳවද බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. චමින්ද විජේසිරි, තුෂාර ඉඳුනිල් අමරසේන, හේෂා විතානගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක් ඊට එක්ව සිටියහ.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

2018-12-01

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

ලෝක කුසලානයේදී ස්මිත් හා වෝනර්ට පෙර වැරදි මතක් කරලා විහිළු කරොත් බලාගෙන

පන්දුව පලුදු කිරීමේ වරටද හසුව වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට ලක්වී සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා ආරම්භක පිතිකරු

සාධාරණ මුදලාලිගේ භූමිතෙල් දන්සල ‌‌මෙවරත්

සාධාරණ මිලට ව්‍යාපාරික කටයුතු කරනගෙන යන නිසා සාධාරණ මුදලාලි නමින් ගම්වැසියන් හදුන්වන මහියංගණය කුරුවිතැන්න  තිස්සහේවාවසම්

මෙවර ලෝක කුසලානයේ කෝටි 70 ක ජය මල්ලක්

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක මුදල්

අළුතින් එන අයට කලා ක්ෂේත්‍රය හොඳයි - පදිංචිය අතුරුගිරියේ. වයස අවුරුදු 24යි

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වන චතුරානි හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලාවට පිවිසි ශිල්පිනියක්. මේ වනවිට චතුරානි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකටම

IPL අවසන් මහ තරගයේදී මුම්බායි පිලට නොතිබූ ජයක් ගෙනදුන් මාලිංග

චෙන්නායි සුපර් කිංග්ස් සමග පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමට ලකුණු 01ක තියුණු ජයක්

ඉතාලි මැතිවරණයකට 19 හැවැරිදි ලාංකිකාවක්

ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණියක වන 19 හැවිරිදි සිංහාර මුදලිගේ හංසිකා ලබන 26දා පැවැත්වීමට නියමිත, යුරෝපීය හා

තාත්තා ගැන පොස්ට් දැකලා දුක හිතුනේ නෑ..එයා අම්මට පණ ඇරලා ආදරෙයි

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.පසුව

අෆ්රිඩී ඇත්ත වයස කියයි

බොහෝ පිරිසකට තිබූ ගැටලුවක් අවසන් කරමින් තම නියම වයස ප්‍රකාශයට පත්කිරීමට පාකිස්තාන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩී කටයුතු කර

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements