Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

යුද සමයේ දෙපාර්ශ්වයම වැරදි කර ඇතැයි අගමැති පළමුවරට පැවසුවා

යුද සමයේ අවසන් කාලයේදී යුද හමුදාවෙන් පමණක් නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන්ද යුද අපරාධ සිදු වූ බව අග‍්‍රාමාත්‍යවරයා පිළිගෙන ඇති බවත් මෙවැනි ක‍්‍රියා

පොලිස්පතිගේ කටහඬ වාර්තාව ලබන සතියේ උසාවියට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලබාගත් කටහඬ සාම්පල සම්බන්ධ වාර්තාව ලබන සතියේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ රස

මන්ත‍්‍රී නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් ඉහළට

සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ලබා දෙන නිදහස් තැපැල් දීමනාව සියයට 100 කින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ජයග‍්‍රහණය 150%ක් අයිති හතුරුසිංහටයි… කණ්ඩායමේ කියන්න බැරි ප‍්‍රශ්න තිබෙනවා…

දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැත්වූ තරගය ජය ගැනීමෙන් පසුශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සමාජ මාධ්‍ය වෙත අදහස් පල කරමින් වීඩියෝවකත්

මහින්ද ඇතුලු පිරිසක් විදුලු සෝපානයේ හිරවෙයි.

තමන්ද පසුගිය දිනක රෝහලක විදුලි සෝපානයේ සිරවී පැයකට ආසන්න කාලයක් සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත. විජේරාම නිල

මත්කුඩු ජාවාරම පිටුපස ඉන්න අය ගැන ගීතා කුමාරසිංහ කියන කතාව

රටේ මත්කුඩු ජාවාරම පිටුපස අද සමහරක්‌ දේශපාලනඥයෝ ඉන්නවා මේක හරි භයානක තත්ත්වයක්‌ කොහොම වුණත් මේ මත්කුඩු ව්‍යසනය මඬින්න ජනාධිපතිතුමා

ගායන ශිල්පී අමල් පෙරේරාට සහ ඔහුගේ පුත් නදීමාල්ට 28 වැනිදා ඇප ලැබෙයිද?

ඩුබායි බර්ඩුබායි පොලිසිය ලබාදෙන පරීක්‍ෂණ වාර්තාව අනුව බන්ධනාගාරයේ රඳවා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරාට ඇප

පොහොට්ටු සන්ධානයේ ජනපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ජනපති මෛත‍්‍රී ශ‍්‍රීලනිපයෙන් ජනපති ධුරයට

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම ස්ථිර බව සන්ධාන පාර්ලිමේන්තු

දේශපාලනය ගැන කලකිරි උතුරේ හිටපු ඇමතිනි යළිත් රාජ්‍ය සේවයට

දේශපාලනයට පිවිසීම සදහා රාජ්‍ය සේවයෙන් නිවාඩු ලබාගෙන සිටි උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය යළිත් මේ සතියේදී රාජ්‍ය සේවාව

අලුත විවාහවී සැමියාගේ නිවසේ සිටි 22 හැවිරිදි කාන්තාව පළමු පෙම්වතා පැහැරගෙන

අලුත විවාහවී සැමියාගේ නිවසේ විසූ 22 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පළමු පෙම්වතා පැහැරගෙන ගොස්‌ තිබේ. පැහැරගෙන යැමක්‌ ගැන නොදත් ඇගේ සැමියා ඇය

වතු කම්කරුවන්ට ඉදිරි අයවැයෙන් රු. 50 දෛනික දීමනාවක්

ඉදිරි අයවැයෙන් වතු කම්කරුවන්ට රුපියල් 50 ක දෛනික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වතුකම්කරුවන්ට දැනට පවතින රුපියල් 700 ක

ඇමැතිලා වැඩි කරන යෝජනාව 20 දා මැතිසබයට

කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට

මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් සුපිරි රථ දෙකක් සහ කංචිපාන ඉම්රාන්ගේ මූල්‍ය කළමනාකරු අත්අඩංගුවට

ඩුබායිහි පොලිස් අත්අඩංගුවේ පසුවන කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයාගේ මූල්‍ය කළමනාකරු සහ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් රුපියල් කෝටි

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ

ඇමති රාජිත ඝාතන තැතක්.. තමන් බේරුන බව රාජිත කියයි..

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා

පමාවී නඩුවට පැමිණියැයි ගෝඨාභය රාජපක්‍ෂට උසාවියෙන් අවවාද

ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 07 කට එරෙහිව පවරා ඇති නඩුවට ඊයේ ප‍්‍රමාද වී පැමිණීම

ශ‍්‍රී ලංකාවේ පොලී අනුපාත ඉහළ නිසා විදෙස් ආයෝජකයෝ මෙරටට එන්නේ නැහැ

කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික

පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි මන්ත‍්‍රී චමින්දගේ රියැදුරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආරක්ෂක නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි බදුල්ල

දාහතර හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියා වහාම උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග

මව විදේශගතව වෙනතක් බලා ගනිද්දී නිවසේ සිටි තම 14 හැවිරිදි දියණිය අඹුකමට ගත් නරුම පියකු වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගම්පොල මහෙස්ත‍්‍රාත්

ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ. සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මෛත්‍රියි - මමයි දෙන්නම ගෙදර යන්න ඕනෑ. රනිල් කියයි
GossipClanka.com

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ජනාධිපතිවරයා වීමටත්, මට අගමැති වීමටත් ජනාධිපතිවරණයේදී ජනතා වරමක් ලැබුණා. එතුමාට මගෙත් එක්ක වැඩ කරන්න බැරි නම් රාජිත සේනාරත්න මැතිතුමා හට කියන්න තිබුණා. අපේ අයට කියන්න

 

බැරිනම් තමන්ගෙ ඇමැතිවරු කැඳවල කියන්න තිබුණා යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27දා කළුතරදී කීවේය.

කළුතර බස් නැවතුම්පළ භූමියේ පැවැති ජන හමුවක් අමතා රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත් මටත් දෙන්නටම ජනවරමක් දීලා තිබෙනවා. ඒක ප්‍රතික්ෂේප කරලා ගෙදර යනව නම් අපි දෙන්නම යා යුතුයි. මට විරුද්ධව පැවැති විශ්වාසභංගයේදී සන්ධානයේ මන්ත්‍රිවරුන් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ වෙලාවේ කියන්න තිබුණා ඒ ගොල්ල සමඟ වැඩ කරන්න බැහැ කියලා. නමුත් එහෙම කිව්වෙ නැහැ. දැන් කියනවා මා එක්ක වැඩ කරන්න බැහැ කියලා.

පාර්ලිමේන්තුව තෝරන ඕන කෙනකු සමඟ ජනාධිපති වැඩ කළ යුතුයි.තමන් කැමැති අය තෝරා බේරාගෙන ඒ අය සමඟ විතරක් වැඩ කරන්න ජනාධිපතිට බැහැ. ජනාධිපතිට එහෙම බලය තිබුණු කාලෙ අවසානයි.

මෛත්‍රිපාල සිරිසේන කියන හැම දෙයක් ගැනම මට වාද කරන්න අවශ්‍ය නැහැ. එතුමා අවුරුදු තුන හමාරක් තිස්සෙ කිව්වෙ රාජපක්ෂලා ආවොත් ඉවරයි කියලයි.

රාජපක්ෂවරුන් හිරේ දාන්නෙ නැහැ කියලා මට චෝදනා කරලා මහින්ද රාජපක්ෂව ගෙනැල්ල අගමැතිකම දුන්නා. රට පාලනය කරන්නෙ ජනතාව තෝරාගත්ත පාර්ලිමේන්තුවද? නැත්තම් ඒකාධිපති බලයේ ඉන්න ජනාධිපතිතුමාද කියන එකයි. ජනාධිපතිද ජනතාවද රජා කියලා තේරුම් ගත යුතුයි. අපි ඒකාධිපතිත්වයට යටවෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවෙ බහුතරය අනුව ක්‍රියාකරන්න කියලා ජනාධිපතිතුමාට කියනවා. රටේ සදාචාරය ආචාරධර්ම අනුව පාලකයන් කටයුතු කළ යුතුයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනවාරි 08 වැනිදා ප්‍රතිඵලය පිළිගෙන මට කතා කරලා මට එන්න කියලා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කතා කරලා හිස නවල පිටවුණා. මොනතරම් වැරැදි කළත් ඒකාධිපතියකු ලෙස වැඩ කළත් එදා මහින්ද රාජපක්ෂට ජනතාවගේ ප්‍රසාදය හිමිවුණේ ජනතා මතයට හිස නැවූ නිසයි. අද ඒ තත්ත්වය නැති කරගෙන බලයට කෑදර වෙලා තාවකාලික ආණ්ඩුවක් ගැන කතා කරනවා. මෙතැන තියෙන්නෙ තාවකාලික ආණ්ඩුවක් වත් තක්කාලි ආණ්ඩුවක්වත් නෙවෙයි. මෙතැන තියෙන්නෙ මැර කණ්ඩායමක් නීති විරෝධීව බලයේ සිටීමයි.

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා හිට්ලර්ගේ වාර්තාව බිඳලා සිරිසේන රාජපක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බෝම්බ ගැසීමට කටයුතු කළා. ජනතාවගේ අවදිවීම සහ අපගේ සෘජු සිටගැනීම නිසා අද ඒ අයට පසු බැසීමට සිදුවෙලා තිබෙනවා.

ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිතුමා විසින් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළා. නොවැම්බර් 14 විශ්වාසභංගයක් සම්මත වුණා. නොවැම්බර් 15 ඒක කථානායක පිළිගෙන අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයක් නැති බව ප්‍රකාශ කළා. ඒක වැරැදි නම් කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. නමුත් අද වනතුරු ඒක කළේ නැහැ. ඒ වෙනුවට කථානායකවරයාට තැන තැන ඉඳගෙන බනිනවා. කරු ජයසූරිය කථානායකවරයා නිර්භීතව කථානායක තනතුරේ ගරුත්වය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළා. කවුරු කථානායක වුණත් බහුතරයක් නැති තැන බහුතරයක් ප්‍රකාශ කරන්න බැහැ.

අගමැති පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට නැතුවා පමණක් නොව පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය 19 වැනි සංශෝධනයෙන් අපි අතට ගත්තා. ඒ අනුව පාර්ලිමේන්තු විසුරුවා හරින්න අවුරුදු හතර හමාරක් යා යුතුයි. ඊට පෙර විසුරුවා හරින්න පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍යයි. ජනාධිපතිගෙ තනි කැමැත්ත තියෙන්නෙ අන්තිම මාස 06 විතරයි.

පාර්ලිමේන්තු බලය තියෙනව නම් ආණ්ඩුවට බහුතර බලය තිබිය යුතුයි. අණපනත් සම්මත කරගන්න, මුදල් අනුමත කරගන්න පාර්ලිමේන්තුවෙ බහුතර බලය අවශ්‍යයි. මේ ආණ්ඩුවට බහුතරයක්, විශ්වාසයක් නැහැ. මේ නිසා කිසිම පනතක් සම්මත වෙන්නෙ නැහැ. ආණ්ඩුවෙ මුදල් නැතිව රට අනාථ වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස
මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව එක හඩින් වරම ලබාදුන්නෙ වෙනසක් ඇති කිරීම සඳහායි. ඒ ජනවරම වසර පහක් තුළ ජනතා පැතුම් ඉටුකිරීම සඳහායි. ජනතා බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනතාව කාලය ලබාදුන්නා. නමුත් පසුගිය ඔක්තෝබර් 26 වැනිදා කිසිවකු අපේක්ෂා නොකළ පරිදි සාහසික අන්දමින් කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා නීතිය වෙනුවට අවනීතිය රජකරවල ඒකාධිපති බලය ඉස්මතු වුණා. හැට දෙලක්ෂයක ජනවරමට පයින් ගහලා මුල අමතක කළා. හැට දෙලක්ෂයක් වූ ජනතා වරම අතුගාලා දාන්න ඉඩ දිය නොහැකියි. යහපාලනයක් තුළින් මේ රටට අලුත් ආරම්භයක් ලැබෙයි කියා හැමදෙනාම හිතුවා. ජනවරමට පයින් ගහලා සිදුකළ රාජද්‍රෝහී, දේශද්‍රෝහී කුමන්ත්‍රණය අනිවාර්යයෙන්ම පරාජය කරනවා.

අපේ සැලසුම වෙලා තිබුණෙ මේ වසර සඳහා වෙන්කළ හැම තඹ සතයක්ම පොඩි මිනිහා වෙනුවෙන් වියදම් කරලා සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කරලා රටේ ජනතාව පෝෂණය කිරීමයි. නමුත් අද මේ මහා කුමන්ත්‍රණය සමඟ ලංකාව පුරා සියලු නිවාස ව්‍යාපෘති නතර කර දමා තිබෙනවා. ණය වැඩ සටහන් සියල්ල නතර කර දමා තිබෙනවා. ලබන වසරේදී උදාගම්මාන 2500 දක්වා යන ගමන සහමුලින්ම නතර කර දමා තිබෙනවා.

ඒ වගේම රටේ සංවර්ධන වැඩවලට විදේශවලින් ලැබුණු ආධාර නතර වෙලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලබාදෙන අරමුදල් කපා දමා තිබෙනවා. ජපානය නව දුම්රිය මාර්ගය සඳහා වෙන්කළ ඩොලර් බිලියන එකයි දශම පහක මුදල අහෝසි කර දමා තිබෙනවා.

තවදුරටත් කල් නොදමා අපි මේක විසදාගත යුතුයි. අමාත්‍යාංශවල රුපියල් කෝටි 10කට වඩා මුදල් පුංචි මිනිසුන් වෙනුවෙන් වෙන්කර තිබෙනවා. නමුත් මේ ආණ්ඩුවට පොඩි මිනිහට සහන දෙන්න බැහැ. මේ ගොල්ල බලයට ආවෙම තමන් රජවෙන්නයි. පවුලට තම පරපුරට රටේ අයිතිය ලබාදෙන්නයි. අපි ළඟ පවුල්වාදය, බලලෝභිත්වය නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න අපි සූදානම්. අපි අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන නතර කරන්නෙ අවුරුදු පහක් ආණ්ඩු කරලා ජනතාවට සේවය කරලයි.

රාජිත සේනාරත්න මහතා,
ඉදිරියේදී ආණ්ඩුවේ තවත් ප්‍රබලයෙක් අපේ පැත්තට පැමිණීමට සූදානමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ නායකතුමා සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කරඅවසන්. අනුමැතිය ලද වහාම ඔහු අපේ පැත්තට එනවා. එවිට බහුතර බලය 124යි. ඉදිරියේදි එම බහුතරය 130කට වඩා වැඩිකර සටන ඉදිරියටම ගෙන යනවා.

රාජපක්ෂ - සිරිසේන කුමන්ත්‍රණයට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 122ක බලය පෙන්වා තිබෙනවා. වසන්ත සේනානායක මහතා පැමිණීමත් සමඟ මන්ත්‍රිවරු 123ක් බවට පත්වුණා.

මහින්ද රාජපක්ෂලාට අභියෝග කරනවා පුළුවන් නම් මන්ත්‍රිවරු 85 දෙනකු පෙන්වන්න කියලා. සමහර මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට ඇවිත් මාරුවෙලා යනවා. මේ දේශපාලන කුමන්ත්‍රණයට කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා සෘජුවම විරුද්ධ ස්ථාවරයක ඉන්නවා. එස්.බී. දිසානායක මහතා රංගේ කියා මන්ත්‍රිවරු බිලී බාන්න ගිහිල්ලා ලෝකයටම අප්‍රසාදයට පත්වුණා. බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවෙලා සන්ධාන හදන්නෙ නැහැ කියලයි. ඉදිරි මැතිවරණවලට පොදුජන පෙරමුණ තනිව තරග කරන බව එතුමා ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා සිරිසේන මහත්තයට වෙන්නෙ මොකක්ද කියලා එයාටවත් හිතාගන්න බැරිවෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහත්තය හතුරාට මිතුරා පාවාදුන් රාජ්‍ය නායකයෙක්. මේ සටන අපි ඉදිරියටම ගෙන යනවා. අවසානයේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ නිවාසය හා නිල කාර්යාල ජනතාව සමඟ එකතුවෙලා වටලනවා. මේ සටන තවත් වැඩිකල් නොගොස් අවසාන කරනවා. හොර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයගෙ මූණ මැලවිලා ගිහිල්ලා ඉවරයි. පොදුජන පෙරමුණේ සාමාජිකයන් මහින්ද රාජපක්ෂ මහතාට බනිනවා. මේ අපරාධය කරගත්තෙ ඇයි කියලා අහනවා. කොහොම වුණත් ඒකෙන් එක්සත් ජාතික පක්ෂය ඕනම මැතිවරණයකට මුහුණ දිය හැකි ආකාරයට සන්ධාන ගතවුණා.

අපි මේ සටන අවසන් කරන්නෙ රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කරලයි. පුළුවන් නම් ඒක නතර කරන්න කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ නැවත අගමැති වුණොත් ජනාධිපති තනතුරේ විනාඩි 05ක්වත් ඉන්නෙ නැහැ කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒක බොහෝම හොඳයි. අපි මේක වීදි සටන් හරහා මහජන අරගලයක් බවට පත්කරනවා.

2018-11-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා මිය ගොස් තිබේ. 1956 වර්යේ උපත ලද ඔහු මිය යන විට 63 වන වියෙහි පසුවිය. විශාල චිත්‍රපට

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements