Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

පොලොන්නරුවේ තව්හිද් පල්ලි තහනම් කරන්න; ඉස්ලාම් ආගමික නායකයෝ ඉල්ලති

තව්හිද් ජමාත් සංවිධානයට අයත් පල්ලි 03 ක් පොලොන්නරුවේ පිහිටා තිබෙන බවත්, ඒවා තහනම් කිරීමට වහාම පියවර ගත යුතු යැයි පොලොන්නරුව

බදුර්දීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න - එස්. බී. දිසානායක

මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ මුස්ලිම් අන්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන්

රාජ්‍ය සේවයකයන් භාගයක්ම සේවයට පැමිණ නෑ

රටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති

ත්‍රස්ථ ප්‍රහාරයට සම්භන්ධ මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දන්වන්න

පසුගියදා ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වුන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.නමුත්

අරාබි ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට

ගල්ගමුව ප්‍රදේශයට පැමිණ නගරයේ හෝටලයක නැවතී සිටි අරාබි ජාතිකයකු ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ

පාසල් ආරක්ෂාවට විශේෂ අවධානයක්

පාසල් සිසු සිසුවියන්ගේ මෙන්ම ගුරුවරු හා අනධ්‍යන කාර්ය මන්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විතයක් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි

ප්‍රහාරයෙන් මිය ගිය පිරිස 359ක් දක්වා ඉහළට

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයකට

මාදම්පේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිටි ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, ඔහු සතුව වීසා බලපත්‍ර හෝ විදේශ ගමන්

හරීන් පාර්ලිමේන්තු ඇවිල්ලත් නෑ

පාස්කු ඉරිදා යම් සිදුවීමක් වීමට ඉඩ ඇතැයි සිය පියා පැවැසූ නිසා දිව්‍ය පූජාවට නොගිය බවට සදහන් කර මේ දිනවල මහත් කතාබහට ලක්වූ හරීන් ප්‍රනාන්දු

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. මහජන කැලඹීම් ඇති විය හැකි

ජනපති එක පැත්තක - අගමැති එක පැත්තක ඉදගෙන මේ ප්‍රශ්ණය විසදන්න බෑ - මහින්ද

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා ගැන JVP ය කියයි

දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ව තිබුණත් ඔහු අපගේ පක්ෂ ක්‍රියාකාරිකයෙකු හෝ

බුර්කාව ඉවත්කරන්න මුස්ලිම් ප්‍රජාවගේ සහය?

බුර්කාව ඉවත්කිරීම සඳහා ඉදිරියේදී මුස්ලිම් ප්‍රජාවද සහාය ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

තවත් මාරක අනතුරක් එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොත්මලේ නව නගරය ආසන්නයේ ඇති ගැරඩිඇල්ල ඔයට මෝටර් රථයක් පෙරළීමෙන් ඊයේ පස්වරුවේ එක ම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.මෙම

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමිණේ

අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට පැමින ඇත. UL - 226 දරණ ගුවන් යානයෙන් අද (23) අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට

ලංකාවේ බෝම්බ පිපිරීම ISIS උදම්ව සමරති…

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස්

ඉතිරි බුද්ධි නිලධාරීන්ද හිරේ දාන්න..- මහින්ද අගමැතිගේ මුහුණටම කියයි..

ඇඳිරි නීතිය පැනවීමේදී රටපුරා ඇදිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජන ජීවිතය අවුල් වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා

ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමෙන් මරුට (photo)

කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි

මියගිය ලංකවේ අයට ගෞරව කරමින් අයිෆල් අඳුරු වෙයි(Photos)

අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින ශ්‍රීලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට ශෝකය ප්‍රකාශ කිරීමටත් සිදුවූ ම්ලේච්ච ක්‍රියාව දැඩි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මගේ දරුවාව දෙනෝ දාහක් බලා ඉද්දී මරලා දැම්මා - මව.
GossipClanka.com

මාතර නගරයේ උපකාරක පන්තියකට පැමිණෙමින් සිටි උසස් පෙළ සිසුවකුට තවත් සිසුන් පිරිසක් අතින් පයින් සහ තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු පෙරේදා (24 වනදා) ජීවිතක්ෂයට පත් විය. උපකාරක

 

පන්තියේදී ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවක් නිසා සිසුන් දෙපිරිසක් අතර කලක සිට ඇති කරගත් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

තිහගොඩ පලොල් පිටියේ පදිංචි මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යාවක් මෙම ඝාතනයට සැක ප්‍රධාන සිසුවා සමඟ කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. උපකාරක පන්තිවල බොහෝ සිසුන් මෙම පෙම් පලහිලව්ව ගැන දැන සිට ඇත.

ගැටුමෙන් මියගිය සිසුවාගේ බාල සහෝදරයා මෙම පාසල් ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇති අතර ඔහු විසින් මෙම ශිෂ්‍යාවගේ පෙර ප්‍රේමවන්තයා වූ ප්‍රධාන සැකකරුට ශිෂ්‍යාවගේ වැරැදි පැවැසීම නිසා මෙම ආරවුල හටගෙන තිබේ. මරණයට පත් සිසුවාගේ බාල සහෝදරයා සමඟ තමා යහළු වී ඇතැයි සැකකාර ශිෂ්‍යයාට වරින් වර පැවැසීම නිසා ඔහු වෛර බැඳගෙන ඇති බවත් පසුව අවස්ථා කිහිපයකදී මහමඟදී ගැටුම් ඇති කරගෙන ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

සැකකාර සිසුවාගේ වැරැදි මෙම මරණකරුගේ සහෝදරයා විසින් ශිෂ්‍යාවට පෙන්වා දීම නිසා මෙම ගැටුම උග්‍ර වී තිබේ. පසුව සැකකාර ශිෂ්‍යයා මීට මාසයකට පමණ පෙර මියගිය ශිෂ්‍යයාගේ සහෝදරයාට පහරදීමෙන් මෙම ගැටුම ආරම්භ වී තිබේ.

පෙරේදා (24දා) උදෑසන 9.00ට පමණ මෙම සැකකාර ශිෂ්‍යයා සහ මරණයට පත් ශිෂ්‍යයා ඇතුළු සිසුන් කිහිප දෙනකු මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ගැටුමක් ඇති කරගෙන තිබේ. විශාල ජනතාවක් බලා සිටියදී මොවුන් එකිනෙකා පහර දීගෙන ඇති අතර පසුව මාතර බෝධිය අසල බස් නැවතුම්පොළේදීත් නැවත ගුටි බැට හුවමාරුවක් සිදුකරගෙන තිබේ. මාතර හක්මණ මාර්ගයේ ගබඩා වීදිය හන්දියේදී මොවුන් යළිත් ගුටි හුවමාරුවක් සිදුකරගෙන ඇති අතර පසුව ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සිසුන් දෙදෙනකු වෙනත් මාර්ගයකින් ගොස් මෙම ශිෂ්‍යයා උපකාරක පන්තියට පැමිණෙන මාර්ගයට ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණ සැඟවී සිට ඇත. මෙම යතුරුපැදියෙන් තිදෙනකු පැමිණ සිටි අතර එහි එක් අයකුට පමණක් ආරක්ෂිත හිස් වැසුමක් තිබූ අතර අනෙක් දෙදෙනා ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව නගර මධ්‍යයට පැමිණ තිබේ.

උපකාරක පන්තිය පෙනෙන මානයේදී හටගත් ගැටුමෙන් පසු විනාඩි කිහිපයකට පසු පිහියක් ගෙන මෙම ශිෂ්‍යයාට පහරදෙන ආකාරය අසල ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබේ.

මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ මාතර පාසලක දහතුන වසරේ ඉගෙනුම ලබන උසස් පෙළ සිසුවෙකි. ඔහු මාහේනවත්ත නායිම්බල තිහගොඩ පදිංචි ජයවීර කම්කානම් ආරච්චිගේ රසිදු ගිම්හාන (19) ශිෂ්‍යයාය. මෙම ගැටුමෙන් තුවාල ලබා මාතර මහ රෝහලේ තවත් ශිෂ්‍යයකු මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මාතර තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකි.

මාතර විටියල පදිංචි සැකකාර ප්‍රධාන ශිෂ්‍යයා මාතර විදුහලක උසස් පෙළ ශිෂ්‍යයෙකි. ඔහු සමඟ ගැටුමට හවුල් වූ තවත් දෙදෙනෙක් මේ වන විට ප්‍රදේශය හැර පලාගොස් ඇති අතර ප්‍රධාන සැකකාර ශිෂ්‍යාගේ පියා මාතර අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමට පැමිණි යතුරුපැදිය ලබා දුන් මාතර හාමුගේ වත්තේ පදිංචි 18 සැකකාර පුද්ගලයකු සහ මාතර නාදුගල පදිංචි සැකකාර පුද්ගලයකු ද මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ.

මාතර ප්‍රදේශයේ විදුහලට ඇතුළත් වීමට පෙර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊට කලින් ඉගෙන ගත් විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහරදීම නිසා පන්ති තහනම්ව සිටි අයකු බවත් අනාවරණය වී තිබේ.

වරක් මෙම ශිෂ්‍යාගේ රැවුල කපාගෙන එන ලෙස අවවාද කළ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට මොහු පහරදී තිබෙන බවත් බස් කොන්‍ෙදාස්තරවරයකුටද වරක් පහරදී ඇතැයිද පොලිසියට කරුණු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියේ පෙම්වතිය ලෙස අනාවරණය වූ මාතර තිහගොඩ පලොල්පිටියේ පදිංචි මෙවර සා.පෙ. විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකගෙන්ද පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතය.

ප්‍රධාන සැකකරුට ස්කූටි වර්ගයේ යතුරුපැදිය ලබාදුන් මාතර හාමුගේ වත්තේ පදිංචි 18 තරුණයාද මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙයි. ඔහුටද විවිධ චෝදනා රාශියක් ඇති අතර මත්ද්‍රව්‍ය පිළිබඳ චෝදනාද ඇති බව පොලිසිය කියයි.

මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන, මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන, මාතර අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පො.ප. එච්.ජේ.කේ.එන්.එස්. විජේරාම, පොලිස් සැරයන් කුමාර (82430), පො. සැරයන් ජයලත් (56209) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

මගේ දරුවා දෙනෝ දාහක් බලා ඉද්දී මරලා දැම්මා. මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ. මගේ දරුවා උදේම පන්ති එන්න සූදානම් වුණේ මෙහෙම අවසන් ගමන් යන්නද. මගේ අහිංසකයා මැරුව මුන්ට දුටුතැන ගල් ගහලා මරන්න ඕන. මුන්ට නීතියෙන් දඬුවම් දෙන්නෙ මාස තුනයි. ඉන් පස්සෙ ආයෙත් එළියට ඇවිල්ලා ආයෙත් කරන්නෙ ඕකමයි. නැත්නම් උෟ මගේ ඉදිරියට ගෙනත් දෙන්න. මගේ දරුවාගේ ජීවිතය නැති කළාට මොන විදියේ දඬුවමක් ලැබුණත් වැඩක් නෑ. මම කියන්නෙ තවත් මේ වගේ දේවල් නොවෙන්න ගල්ගහලා මරන්න ඕන. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වාම හිරගෙදර යවන්න. මේ වගේ දුකක් අම්මා කෙනකුට වෙන්න ඉඩ තියන්න එපා. මගේ කොල්ලො හතර දෙනාගෙන් එකකු මට නැති වුණා යැයි මියගිය රසිදු ගිම්හානගේ මව හඬා වැලපෙමින් පැවැසීය. සිවුදෙනකුගෙන් යුත් පවුලක තෙවැන්නා වූ රසිදු ගිම්හාන මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියේය.

පෙරේදා (24දා) රසායන විද්‍යා පන්තියකට සහභාගි වීමට පැමිණෙමින් සිටියදී මෙම ගැටුමට මැදිවී ඔහු ජීවිතක්ෂයට පත්විය. සිද්ධියෙන් තුවාල ලබා බිම වැටී සිටි රසිදු අසලින් උපකාරක පන්ති ගුරුවරයකුගේ මෝටර් රථයක් ධාවනය වුවද මෙම ශිෂ්‍යයා රෝහලට ගෙන යන ලෙස සිසුන් පිරිසක් ඉල්ලා සිටියද එම ගුරුවරයා මෝටර් රථයේ වේගය වැඩි කර ධාවනය කිරීම නිසා බොහෝ දෙනකුගේ දෝෂාරෝපණයට ලක්විය. පසුව ත්‍රිරෝද රථයකින් තුවාලකරු මාතර මහ රෝහලට රැගෙන ගොස් ඇත.

2018-11-26

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රටම කැලඹෙද්දි විදුෂා පදක්කමකින් ලංකාව බබලවයි

23වන ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට විදුෂා ලක්ෂානි සමත් වුණාඊයේ දිනයේදී තරංග ඉසව්

හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තියෙනවා-සඳනි

දැන්වීම් බොහොමයක් හරහා සඳනි ප‍්‍රනාන්දු නම් වන ඇය අප සිතෙහි රැුඳුනත් අද වන විට සඳනිව බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැුඳී ඇත්තේ රූමත්

දෙරණ අවුරුදු කුමරිය-දමිත්‍රි

මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත්

අනිල් කුම්බ්ලේ නික්ම ගිය හෝටලයත් පිපිරෙයි

නිවාඩුවක් සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි තමන් නැවතී සිට හෝලටයද ප්‍රහාරයට ලක්ව ඇති බව ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රිඩක අනිල් කුම්බ්ලේ සඳහන් කරයි.

ෂැන්ග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තාත් සමුගනී

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇගේ වැඩිමල් දියණිය නිසංගා මායාදුන්නේ මහත්මිය

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements