Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

අපි ලෝක කුසලානය දිනුවේ ‘අල්ලා’ දෙවියන්ගේ ආශිර්වාදයෙන්..- එංගලන්ත ක‍්‍රිකට් නායක

තම කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය හිමි වූ බව එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ඉයොන් මෝගන් පවසයි.ඔහු මේ

ශ්‍රී ලංකාව ගැන අයි සී සීය වාර්තාවක්ම එළිදක්වයි.!

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගී වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ප‍්‍රගති

පාස්කු ප්‍රහාරය - NIA තමිල්නාඩුවේ තවදුරටත් මෙහෙයුම්වල

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට අදාළව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අඛණ්ඩව සිදුකරන පරීක්ෂණවලට අදාළව පෙරේදා (13දා) තමිල්නාඩු ප්‍රාන්තයේ

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

මුස්ලිම් කාන්තාවන්ට විවාහ විය හැකි වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම ඇතුළු මුස්ලිම් විවාහ සම්බන්ධයෙන් අවශ්‍ය නීති සංශෝධනය කිරීමට මුස්ලිම්

හැම World Cup සෙමියකම වගේ අසාර්ථක වූ කෝලි ගේ අවාසනාවන්ත කතාව

නවසීලන්තය සමග ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ

කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්

දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩයක්

ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook ආයතනයට පුද්ගල දත්ත අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඩොලර් බිලියන 5ක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇතැයි

සහරාන්ගේ අවි පුහුණුව ලැබූ අයෙක් අත්අඩංගුවට

සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ 20 හැවිරිදි පුද්ගලයෙක් මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී ඊයේ (12) ත්‍රස්ත විමර්ශන

අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස විවෘත කිරීම සැප්තැම්බර්

කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ලබන සැප්තැම්බර් මාසයේදී විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

අමාත්‍යධුර වලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධුර යළි භාර ගැනීමට තීරණය කළ බවත් ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද පෙර පැවැති අමාත්‍යධුරයේම

හතුරුසිංහ ඉල්ලා අස් නොවුනහොත් කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කිරීමට යයි.!

දිගින් දිගටම ලැබූ පරාජ වැලට තවත් හේතුවක් ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුනා ගෙන තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික

රජයන් කරන ඉල්ලීම් මත ෆේස්බුක් පිටු තහනම් කරන්නේ නෑ-FB

රජයන් කරන ඉල්ලීම් මත පදනම් වී ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් පිටු හෝ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන අන්තර්ගතයන් හෝ ඡායාරූප හෝ ඉවත්

කොටින්ගේ රත්තරන් සොයා කැණීම් අරඹයි

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද්ධය දරුණු වූ අවස්ථාවේදී මුලතිව් පුදුකුඩීඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ විශාල රත්තරන් තොගයක් වළදැමූ බවට ආරක්ෂක ආංශ

පොලීසියට නව ඒකක දෙකක්

පොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය

ඇමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති ට්‍රම්ප්ට අක්ත පත්‍ර භාරදෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී ඉකුත් දා (8) ඇමෙරිකානු

කුණු කන්ටේනර් ආපහු යවන්න නියෝග

එංගලන්තයේ සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වන ලදැයි කියන කුණු කන්ටේනර් 98 වහා ආපසු යවන්නට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා රේගුවට

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පාර්ලිමේන්තුව කැදවන්න කිසිදු පක්ෂයකට JVP සහය නෑ
GossipClanka.com

ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදුවූ ආණ්ඩු පෙරළිය අන් කිසිවක් නොව 2015 පෙර තිබුණු කළු දශකයේම දිගුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. ඉතිහාසයේ සිදුවූ අයුරින්ම නැවතත් සිදුවෙමින් පවතින්

 

නේ බල සූදුවක් නිර්මාණය වීම බවත් එයින් මුළාවේ නොවැටී අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් කතිකාවක් ගොඩනැගීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරවන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

බත්තරමුල්ල ජවිපෙ කාර්යාලයේදී පැවැති එම මාධ්‍ය සාකච්ඡාවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ පහත ආකාරයෙනි.

අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ 26 වැනිදා රාත්‍රීයේ සිදුකළ දේශපාලන වෙනස්කම් සහ ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳව පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අදහස රටට කියන්නයි.

අපි කව්රුත් දන්නවා, 2015 අවුරුද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල්තම දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුවා. දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, පුරවැසියන්, ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. නමුත් ඒ ගොඩනැගූ ජනතා බලවේගය මුළුමනින්ම කොල්ල කාලා රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මුළුමනින්ම එම ජනවරමට පිටුපෑවා.

රනිල් වික්‍රමසිංහත්, මෛත්‍රීපාල සිරිසේනත් තමන්ගේ දේශපාලන බල උවමනාව වෙනුවෙන් මාරුවෙන් මාරුවට වංචනිකයන්ව ආරක්‍ෂා කළා. අපේ රටේ වංචාව-දූෂණය නතර කරමින් යහ පාලනයක් ගොඩනැගීම පිළිබඳ අපේක්‍ෂාව එම බල හුවමාරුවේ තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහත් ඔහුගේ හවුල්කාර කණ්ඩායමත් කටයුතු කළේ මහා පරිමාණ වංචාවල සහ දූෂණ වල යෙදෙමින් ජනවරමට මුළුමනින්ම පිටුපා යන අන්දමින්.

ආර්ථික වශයෙන් විශාල පීඩාවකට පත්ව සිටින ජනතාවකට ජීවත් වීමට අවශ්‍ය අවම සහන, රැකියා උත්පාදනය, ආදායම් මාර්ග ඉහළ දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන් වර්ධනය කිරීම ගැන අපේක්‍ෂා ඒ ජනවරමේ තිබුණා. හැබැයි රනිල්-මෛත්‍රී ආණ්ඩුව ක්‍රියා කරමින් හිටියේ ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් දේපොළ මංකොල්ල කමින්, ජනතාව මත අසීමිත බදුබර පටවමින් දිනපතා භාණ්ඩ මිල ඉහළ දැමීමේ විනාශකාරී ක්‍රියාමාර්ගයක.

එදා එම ජනවරමේ අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ පරමාර්ථය ගැබ්වී තිබුණා. නමුත් සිදුකළේ ජාතික සම්පත් විනාශයට යවමින් පහුගිය අවුරුදු තුන හමාර පුරා මේ දෙදෙනාම 2015 ලබාදුන් ජනවරමට පටහැනිව කටයුතු කිරීමයි. එහි තීරණාත්මක සිදුවීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 26වැනිදා සිදුකළා. ඔහු බලයට ගෙනඒම සඳහා කටයුතු කළ මුළු ජනතා අපේක්‍ෂාව අළුයම ලූ කෙළ පිඩක් සේ විසිකර දමා තමන්ගේ සතුරන් බවට පත් වූ කණ්ඩායම් සමග අතිනත ගැනීමක් සිදුවුණා.

මේ දේශපාලන සිදුවීමෙන් අපට කියා පාන්නේ කුමක්ද?
පොත් දහස් ගණනක් කියවලා ඉගෙන ගන්න බැරි පාඩම් එක් දේශපාලන සිදුවීමකදී මිනිස්සුන්ට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ දේශපාලනයේ තිබෙන කැත, නිර්ලජ්ජිත, කුමන්ත්‍රණකාරී ස්වභාවය මේ සිදුවීම්වලින් පැහැදිළියි.

2015 රනිල්-මෛත්‍රී හවුල ගොඩනැගෙන්නේත් පොදු ජනයාගේ උවමනාවන් අනුව නොවෙයි. බලය වෙනුවෙන් රනිල්ට මෛත්‍රීගේ සහාය අවශ්‍ය වුණා. මෛත්‍රීගේ පැත්තෙන් මුළු මැතිවරණ කාලය පුරාම තිබූ විවේචනය ඔහු අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ අත්විඳි හිංසනයයි. ඒ නිසා එදත් ඔහුට තිබුණේ පෞද්ගලික බල උවමනාවන්. ඒ වගේම 2015 මහ මැතිවරණයෙන් පස්සේ දෙන්න එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ, අමාත්‍යධූර වැඩිකළේ මේ දෙදෙනාගේම බල පංගුව ආරක්‍ෂා කර ගන්න.

එදා රාජපක්‍ෂගේ කළු දශකයේ විශාල චෝදනාවන්ට ලක්වූ පිරිස් ආණ්ඩුවට අරගෙන මෛත්‍රී-රනිල් දෙන්නා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ වාඩිකර ගත්තා. ඒ ජනතාව වෙනුවෙන් නෙවෙයි.

ජාතික ආණ්ඩුව ගොඩනැගුවෙත් බල පොරය වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවේ. එදා මුලදී ජනතාවට කිව්වේ අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුව ගොඩනගන බවයි. හැබැයි විවිධ අවස්ථාවල දීර්ඝ කර ගනිමින් ඉදිරියට ගියා. ව්‍යාජ ජාතික ආණ්ඩුව පිටුපසත් කාලය දීර්ඝ කර ගැනීම පිටුපසත් තිබුණේ පොදු ජනතාවගේ උවමනාවන් නෙවෙයි. පසුගිය කාලය පුරාවටම මේ දේශපාලන පක්‍ෂ යැයි කියාගන්නා කල්ලි එකතු වෙන්නෙත් වෙන් වෙන්නෙත් ගහ ගන්නෙත් ආයේ යාළු වෙන්නෙත් පොදු ජනයාගේ උවමනාවන් වෙනුවෙන් නොවෙයි. ඔවුන්ගේ බල උවමනාවන් වෙනුවෙන්.

අන්න ඒ බල උවමනාවේ කැත, නිර්ලජ්ජිත කුමන්ත්‍රණකාරී පියවරක් තමයි 26වැනිදා මේ රටේ ජනතාවට එළිදරව් වුණේ. මෛත්‍ර්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම කියා තිබුණා, ජනාධිපතිවරණය පරාජය වූවා නම් ඔහුගේ පවුලේ සියලු දෙනා ජීවතුන් අතර නොහිටින තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව කිව්වා. ඒ කිව්වේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළා නම් ඔහු සැලසුම් කොට මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ සියලු දෙනා ඝාතනය කරන බවයි රටට කිව්වේ.

අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ, මේ කියූ ඝාතනය පිළිබඳව ප්‍රකාශ කරමින් දැන් අතිනත ගෙන සිටිනවා. දේශපාලනයේදී සාමාන්‍යයෙන් විවේචනයට ලක්වෙන්නේ දේශපාලන කරුණුයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් දේශපාලන කරුණුවලින්  එහා ගිය නමේ ස්වභාවය, ශරීරයේ ස්වභාවය, වචන උච්ඡාරණය, හැසිරීමේ ස්වභාවය ආදී වශයෙන් කවර දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් හෝ එල්ල නොකළ යුතු තරම් පහත් කොට සැලකීම, අවලාද නැගීම, අපිට දකින්න ලැබුණා.

රාජපක්‍ෂ කඳවුරේ මෛත්‍රීපාල පිළිබඳව තිබු විවේචනය හිටං, හුටං, ආප්පයා, වගේ වචනවලින් ප්‍රකාශ වුණා. හැබැයි ඒ මෛත්‍රීපාලයි ඒ මහින්ද රාජපක්‍ෂයි එකට එකතු වුණා. මේ රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය, ජනතාව වෙනුවෙන්, සමාජයීය කඩා වැටීම, වගේ කරුණුවලින් ගොඩගන්නද මේ එකතු වුණේ? මේ එකතු වෙලා හැදෙන්නෙත් 2015ට කලින් තිබුණු එකමයි. එහෙනම් ඒක පරාජය කළේ මොකටද? කළු දශකය තුළ විනාශකාරී අත්දැකීම් ලබාදී තිබුණු නිසයි මේ රටේ ජනතාව ඒ පාලනය පරාජයට පත් කළේ. දැන් නැවත අටවා ගන්නේ 2015ට කලින් තිබුණු කළු දශකයේම දිගුවයි.

මෛත්‍රීපාලට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ නව දේශපාලනයක් රටට ඉදිරිපත් කළ හැකිද? ඒ දිවුරුම් දෙන අවස්ථාවේ වටේ හිටියේ කව්ද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ ජනාධිපති කොමිසමේදී කරුණු 34ක් පිළිබඳව පරීක්‍ෂා කළා. එම ජනාධිපති කොමිසමේදී මහින්ද රාජපක්‍ෂ චූදිතයෙක් ලෙස නම්කර තිබෙනවා. වීරවංශට චෝදනා තිබෙනවා.

මහින්ද යාපාට චෝදනා තිබෙනවා. මේ ආදී විශාල චූදිතයන් කණ්ඩායමක් වගේම මහජනයාගේ දේපොළ හොරකම් කිරීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව නඩු දාපු බැසිල් රාජපක්‍ෂ, වීරවංශ, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය කව්ද? දේශප්‍රේමීන්ද? මේ ගොල්ලො එක කඳවුරකට එන්නේ මොකටද?

ඉතිහාසයේ වගේම අපේ රටේ කැත බල සූදුවකට තමයි මේ හවුල ඇතිවෙන්නේ. වර්තමාන ජනාධිපතිවරයා අපේ රටේ බංකොළොත්ම ජනාධිපතිවරයා වී අවසන්. 2015 ජනවාරි මාසයේ ඔහුට ලක්‍ෂ 62ක් ඡන්ද ලබාදී තිබුණා. 26වැනිදා වෙනකොට ඒ කිසිවක් නැති අයෙක් බවට පත්වුණා. ඒ වගේම ඔහුට විරුද්ධව මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ඡන්ද ලක්‍ෂ 58ක් දී තිබුණා. ඔහුත් ඒ වරමට පිටුපා තිබෙනවා.

ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලක්‍ෂ 62ක ජනවරමක් ලක්‍ෂ 58ත් දෙකම අහිමි පුද්ගලයෙක් බවට පත්වී තිබෙනවා. කැත, මජර, කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයක් හරහා තමන්ගේ බලය නැවත ස්ථාවර කර ගන්න ජනාධිපතිවරයාට ඕනෑ වී තිබුණා.

මහින්ද රාජපක්‍ෂත් එක්ක එකතුවෙලා රට හදන්න පුළුවන් නම් 2015ට කලින් අයින් වෙලා ආවේ මොකටද? මහින්ද මේකට දායකත්වය සපයන්නේ ඇයි? මහින්දගේ කඳවුර බලය අහිමිව හිටියේ ඉතාමත් අසීරුවෙන්. ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට විරුද්ධව ලබන නොවැම්බර් මාසයේ විශාල නඩු ප්‍රමාණයක් අධිකරණයේ දින නියම වෙලා තිබුණා. ඒ වගේම බලය කෑදර ලෙස විඳපු අය එය අහිමි වීමේ වේදනාවෙන් මානසිකව පවා බිඳ වැටී සිටි අයට බලය ඕනෑ වුණා. මේ කසාදය ඕනෑ වුණේ ඒකටයි.

මේ අය කව්ද කියන්න ඉතාමත් හොඳින් දේශපාලන වේදිකාවට ගෙනත් තිබෙනවා. ඔවුන් තමන්ගේ බල උවමනාව වෙනුවෙන් ඉතාමත් කැත, නින්දිත, කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග ගන්න සූදානම් බව ඔප්පු කරලා ඉවරයි. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 2015 ජනවාරි මස 08 වැනිදා ලක්‍ෂ 62ක ජනවරමේ අපේක්‍ෂාවන් තව දුරටත් මෛත්‍රීට අයිති නැති බවත්, රනිල්ට අයිති නැති බවත් තේරුම් ගන්නා ලෙසයි. රනිල් වගේම මෛත්‍රී දෙදෙනාම ගෙවී ගිය කාලය පුරාවටම එම ජනවරම පාවාදී ඉවරයි. මේ රට නව දිශාවකට ගෙනියන්න නම් ජනවරමට වගකියන, ජනවරම නව දිශාවකට ගෙනියන ජනතාවත් එක්ක ගමන් කරමින් නව දේශපාන කඳවුරක් ගොඩනැඟිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ සඳහා දේශපාලන පෙරමුණක් ගොඩනගනවා.

මේ බල සූදුව අවසන් කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව නිවැරදිව දේශපාලනය තේරුම් ගත යුතුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සිට වෙන්දේසියට ඇවිල්ලා තියෙනවා. සති පොළවල්වල කුණු එළවළු විකිණෙන විදිහට, මාළු ලෑලිවල කුණු මාළු විකිණෙන විදිහට මන්ත්‍රීවරුන් වෙන්දේසියට දාලා තියෙනවා. වෙන්දේසි වන මන්ත්‍රීවරුන් අද සිට ඔබට බලාගන්න පුළුවන්. ඔවුන්ට තව දුරටත් ඔබේ දරුවාගේ අනාගතය හෝ රටේ අනාගතය බාරදිය යුතු නැහැ.

මේ දේශපාලන සිදුවීමෙන් ජතාවට ඕනෑවටත් වඩා පාඩම් කියලා දීලා තියෙනවා. මේ සිදුවීම් අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගැනීම හරියට කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බල සූදුව ඉවර කළා නම් ජනාධිපතිවරයා වහාම කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව කැඳවීමයි.

බහුතරයේ කැමැත්ත අනුව අග්‍රාමාත්‍යවරයා තීරණය වන්නේ පාර්ලිමේන්තුවෙන්. කුමන්ත්‍රණයක් කරලා පාර්ලිමේන්තුව කල් දාලා චීනේ යන්නත් ලැහැස්තියි කියලා ආරංචියක් තියෙනවා.

අවිහිසංසාවාදී, විධායක බලය ක්‍රියාත්මක  නොකරන, ජනාධිපතිධුරයේ අන්තිමට වාඩිවෙන කෙනා බව ආදිය කියමින් ආවේ. ඒ ප්‍රකාශයන්ට මුළුමනින්ම පිටුපා කටයුතු කරනවා. වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. දේශපාලන අර්බුදයක් වන වෙලාවකදී පාර්ලිමේන්තුව කැඳවීම ජනතාවගේ නියෝජිතයන්ගේ අයිතියක්.

මෛත්‍රීපාල සිරිසේනගේ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව කල් තියලා තියෙන්නේ. ව්‍යවස්ථාවට අනුව දින තුනකට පෙර දැනුම් දීමකින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් තැබීම අවසන් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව කල් තැබීමට අපේ විරෝධය පළ කරනවා. නිර්ජල්ජිතව පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල්ම මධ්‍යස්ථානය කෙරෙහි අවධානය යොමු කරන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
බල පොරය වෙනුවෙන් කරන බලු පොරයේ කොටස්කරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණ කිසි සේත්ම පත් වෙන්නේ නැහැ. කිසිවෙකුට අපේ සහාය ලබා දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන වෙලාවකදී අපේ ස්ථාවරයේ අපි ඉන්නවා. ඊට පස්සේ සිදුවන ඕනෑම දේකට මුහුණ දෙන්න අපි ලැහැස්තියි. අසම්භාව්‍ය ක්‍රියාවලට අපේ දේශපාලනයේ උත්තර නැහැ.

මේ ව්‍යවස්ථාව හැදුවෙත් ඔය පාලකයාම තමයි. ඒක රකින්න ඕනෑ වෙන්නෙත් ඔය පාලකයොමයි. ඒ වගේම හැම පාලකයාම ව්‍යවස්ථාව රකින බවට දිව්රුම් දී තිබෙනවා. හැබැයි අපි ඉතිහාසය පුරාවටම දැක්කේ තමන්ගේ බල උවමනාව ඉස්සරහට එන වෙලාවට කිසි සේත්ම ව්‍යවස්ථාව නොරකින බවයි.

ශිරාණි බණ්ඩාරනායක නෙරපා හැරීමේදී ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව කිසි සේත්ම පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නැහැ. එදා ඒ නෙරපා හැරීම කරන්නේ ව්‍යවස්ථාවට පැටහැනිව. 2015 රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවනකොට පාර්ලිම්න්තුවේ බහුතරය තිබෙනවා යැයි ජනාධිපතිවරයාට හැඟෙන කෙනාට අග්‍රාමාත්‍ය ධුරය දිය යුතුව තිබුණා. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 42ක් තිබුණ රනිල් වික්‍රමසිංහ පත් කරනකොට එදා ව්‍යවස්ථාව රැක්කෙත් නැහැ. ඒ වගේම අද ව්‍යවස්ථාව රැකලත් නැහැ.

මෙම සිදුවීමෙදීත් මෙම පාලකයා නීතිය හෝ ව්‍යවස්ථාව රැකලා නැහැ. ඔවුන් එය රකීවි යැයි අපි කිසි සේත්ම අපේක්‍ෂා කරන්නෙත් නැහැ. හැම වෙලාවේම ව්‍යවස්ථාවත් නීතියත් උපයෝගී කරගෙන තිබෙන්නේ පහළ පංතියේ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. පාලකයෝ හැමදාමත් නීතිය හා ව්‍යවස්ථාව කැඩුවා. 26වැනිදා කළෙත් ඒකමයි.

පසුගිය ජනාධිපතිවරණයේදී අපි කිසිවෙකුට සහාය දුන්නේ නැහැ. හැබැයි අපි ඉතා නිශ්චිතව සඳහන් කළේ රාජපක්‍ෂ පාලනය පළවා හැරිය යුතුයි. ගොඩනැගෙන පාලනය ගැන අපි සහතික ලබාදෙන්නේ නැහැ කියලා. හැබැයි ගොඩනැගෙන පාලනයකින් අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතුයි කියන දේ අපි කිව්වා. 2015 ජනවාරි මාසයේ අපි ඉතා නිශ්චිතව කියපු සටන් පාඨය අද වඩාත් හොඳින් තහවුරු වී තිබෙනවා. අගෝස්තු මාසයේ පැවැත්වූ මහ මැතිවරණයේදීත් අපි ස්වාධීනව තරඟ කර අපේ මතය ඉතා නිශ්චිතව ප්‍රකාශ කර තිබෙනවා.

ව්‍යවස්ථාව අනුව ගත්තොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවුරුදු හතර හමාරක් සම්පූර්ණ විය යුතු බව නිශ්චිතව සඳහන් වෙනවා. ඊට පෙර විසුරුවා හරිනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍යයි.

පවතින අර්බුදය විසින් මෙවැනි පාලනයක් නිර්මාණය කළ බවට ජනප්‍රිය තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි පාලනයක් නිර්මාණය කරන්න ඕනෑ අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීමටයි.

ඔබ විශ්වාස කරනවාද මේ පාලනය අර්බුදයට විසඳුමක් කියලා.? එහෙම නම් ජනවාරි 08 වැනිදා මේක පරාජයට පත් කළේ ඇයි? මෛත්‍රීපාල සිරිසේන එළියට ආවේ ඇයි? මේක අර්බුදයට විසඳුමක් නොවන බව ඕනෑවටත් වඩා ඔප්පු කර තිබෙනවා. ඔබ අපෙන් අහනවා, වෙන පාරක් නොකිව්වේ ඇයි කියලා?

අපි දිගටම තහවුරු කර තිබෙනවා, මේ පාලකයන් තිදෙනාම දේශපාලනික වශයෙන් බංකොළොත් බව. ඒ තිදෙනාටම මේ රට ගොඩනැගීමේ දැක්මක් හෝ අරමුණක් නොමැති බවත් තහවුරු කර තිබෙනවා. අපි ජනතාවට ආරාධනා කළේ අවුරුදු 70ක් මේ ගමන් කර තිබෙන  දේශපාලනයේ ගමන්මග වෙනස් කොට නව ආර්ථික, සමාජයීය පරිවර්තනයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භූමිකාව ඒක. මේ රටේ ජනතාවට ඒ ආයාචනය ඕනෑවටත් වැඩියෙන් අපි කරමින් ඉන්නවා.

එළඹෙණ ජාතික මැතිවරණයකදී ප්‍රබල ජනතා පෙරමුණක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අපි දියත් කොට තිබෙනවා. ජාතික විද්වත් සංවිධානය විසින් මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් ඉන්නවා. ඒ වගේම ඒ සඳහා ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගමින් ඉන්නවා.

ක්‍ෂණික නූඞ්ල්ස් වගේ පිළිතුරු නැති බව අපිත් පිළිගන්නවා. පුළුල් දේශපාලන සමාජයීය, ආර්ථික පරිවර්තනයක් ඕනෑ. අන්න ඒ පුළුල්ම පරිවර්තනය වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා රටේ ජනතාවට අපි ආරාධනා කර තිබෙනවා. ඒ හැර ඉත්තෝ මාරු කිරීමෙන් පලක් නැහැ. දුෂ්කර වුණත් ඈත වුණත් අමාරු වුණත් තිබෙන එකම විකල්ප ක්‍රියාමාර්ගය පුළුල් ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගා එය බලයට පත් කිරීමයි. අපි පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්.

2018-10-27

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

ප‍්‍රවීණ රංගනවේදී ගාමිණී හෙට්ටිආරච්චි අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය.කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ

ක්‍රිකට් ආයතනය මට ගැලපෙන තැන නොවේ

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා

මාලිංගට සහ උදානට කැරිබියන් පිටියේදි ඉහළ මිලක්

මෙවර කැරිබියන් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී වැඩිම මිලක් නියම වූ කී‍්‍රඩකයින් අතරට ලසිත් මාලිංගට සහ ඉසුරු උදාන ද එක්ව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements