Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ශ්‍රීලනිපය පිළිබදව කළකිරී ජෝන් සෙනවිරත්න මහින්ද සොයා යයි

ශ්‍රීලනිප වැඩපළිවෙළ ගැන තමන් හට දැඩිව කලකිරිමක් ඇතිවී ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා ඇතැයි හිටපු අැමති

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් මැෂින් තුවක්කු ආපසු ගනී

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයන් පිළිබද පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී..

නිලාවේලි මුහුදේ.. ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටිය විදෙස් ජාතිකයන් 06ක් අද (23) දින දහවල් රළ පහරට අසුව ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු වූ ජිවිතාරක්ෂක ඒකකයේ

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
මොකක්ද මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ.
GossipClanka.com

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබගේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවායි අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය ඔබ වෙත මුලින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. අප මෙම වෙබ් අඩවිය ආරම්භ කර වසර 4කට වැඩි

 

කාලයක් ගත වී ඇති අතර රට තුළ මෙන්ම ලෝකයේ සිදුවන දෑ අනිකුත් වෙබ් අඩවිවලට කලින් ඔබව දැනුවත් කළේ අපි කියන කාරණය අපගේ පුවත් කියවන බොහෝ පිරිසක් දනී.

අපට මෙතරම් දිගු ගමනක් ඒමට හැකි වූයේ ලංකාවේ මෙන්ම විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකීක ඔබ අපි සමග දිනපතා රැදී සිටි නිසයි.

අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය නරඹන දෙස් විදෙස් ලාංකිකයන් අපට නිතරම වගේ කතා කරමින් අප මාධ්‍ය කණ්ඩායම දැනුවත් කරමින් නව අදහස් ලබා දෙන අතර ඔවුන් අපට නිතරම වගේ කියන්නේ ඔබ කරන මාධ්‍ය මෙහෙවර ඉතාමත් ඉහළ බවයි.

උදාවූ සිංහල අවුරුද්දේ අපි මුලින්ම ඔබ වෙත ගෙන එන්නේ සිංහල අවුරුද්ද කියන්නේ මොකක්ද කියන කාරණය ගැනයි.

අලුත් අවුරුදු උදාව සමරන්නේ ජ්‍යොතිෂය පදනම් කරගෙන හා මිනිස්සුන්ගේ අත්දැකීම් පාදක කරගෙනය. ජ්‍යොතිෂය කියන්නේ මුළු ආසියාකරේටම පොදු සංකල්පයක්. මේෂ, වෘෂභ, කටක ආදී නම්වලින් අපි ලග්න දොළහක් කියනවනෙ. මේෂ යොන් ආදී වශයෙන් තායිලන්තයේ මිනිස්සුත් ලග්න දොළහක් ගැන කියනවා. අපි ඉන්න පෘථිවියට සාපේක්ෂ අවකාශය වෘත්තයක්නේ. ඒ වෘත්තය අංශක තිහ බැගින් සමාන කොටස් දොළහකට බෙදලා තියෙනවා. ඒ කොටස් දොළහ තමයි අපි පාවිච්චි කරන ලග්න දොළහෙ නම් දාලා තියෙන්නේ. සූර්යයාගේ ශක්තිය මෙතනදි අපිට බැහැර කරන්න බෑ. මේවා භ්‍රමණය වෙන්නේ සූර්යයා කේන්ද්‍ර කරගෙන. කෙනෙක් උපදිනකොට අපි බලන්නේ සූර්යයා නැග එන නැගෙනහිර පැත්තට තිබුණෙ මේ දොළහෙන් මොන කොටස ද කියලා. ඒ පැත්තට වෘෂභ කොටස තිබුණා නම් ඒ උපන් කෙනාගේ ලග්නය වෘෂභ. මීන කියන අංශක තිහේ කොටස නැගෙනහිර පැත්තට යොමු වෙලා තිබුණා නම් එයාගේ ලග්නය වෙන්නේ මීන.

මේ කොටස් දොළහ ඉර වටේ ගමන් කරන්න දවස් 365ක් යනවා. අවසාන කොටස හැටියට සැලකෙන්නේ මීන. ඒක ඉවර වුණහම මේෂ කියන කොටසට යනවා. ඔය ගමන් කිරීම තමයි අපි අවුරුද්ද හැටියට සලකන්නේ. ‘සංක්‍රාන්ති’ කියන්නෙත් මීන කොටස මේෂ කොටසට ගමන් කරන එකට. එම කොටස් දොළහෙ මධ්‍යස්ථානය හැටියට අපි සලකන්නේ මීන, මේෂ කියන කොටස් දෙක. එතන ඉඳලා අපි අලුත් අවුරුද්දක් උදා වුණා කියලා කියනවා.

එතනට අපි ‘නොනගතය’ කියලා වෙලාවක් දාගන්නවා. ඒකේ තේරුම ‘නැකැත් නෑ’ කියන එක. ඒ වෙලාවේ ඔක්කොම වැඩ අපි නවත්වන්න ඕනෑ. ඒකෙන් අදහස් වෙන්නේ අවුරුද්දකට වතාවක්වත් අපි කරන වැඩ නවත්වලා ටික වෙලාවක් නිකන් ඉඳලා ආපහු අලුතෙන් වැඩ පටන්ගන්න ඕනෑ කියන එක.

අලුත් ජීවිතයක් පටන් ගන්න එක තමයි ඒකෙන් සංකේතවත් වෙන්නේ. එහෙම බැලුවහම අපි මේ ගතකරන්නේ වාසනාවන්ත අවස්ථාවක්. ඒත් අද මේ අවස්ථාව හුඟක් අය විහිළුවක් කරගෙන. කන්අඩි පැලෙන්න රතිඤ්ඤා පත්තු කරන එකයි, රා අරක්කු බොන එකයි, සූදු කෙළින එක තමයි වැඩිපුර කරන්නේ.

වසර 132 කට පෙර අලුත් අවුරුදු නිවාඩුව උපන්නේ මෙහෙමයි
සිංහල අලුත් අවුරුද්ද යනුවෙන් සිංහලයන් අතර හැඳින්වෙන මෙම උත්සවය මීට කලකට ඉහත භාවිතා වූයේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙනි. එහෙත් සිංහල යනු ජාතියක් වන අතර හින්දු යනු ආගමික සංස්කෘතික සන්දර්භයක් වන බැවින් මේ සිංහල හින්දු  යන යෙදුමෙහි කිසියම් පරස්පරතාවයක් දැකියහැකි විය.

ඒ අනුව 1984 සිට  මෙය සිංහල සහ දෙමළ අලුත්අවුරුද්ද යනුවෙන් නිල වශයෙන් ව්‍යවහාර කෙරිණ.

සිංහල අලුත් අවුරුදු නිවාඩුව භුක්තිවිදින බොහෝ දෙනෙක් සිංහල අලුත්අවුරුදු නිවාඩුවේ යටගියාව පිළිබඳව නොදනිති. දැනට මෙරට සිංහල අලුත් අවුරුදු නිවාඩුව ක්‍රියාත්මක වී වසර 132 කි. ඒ පිළිබඳ යටගියාව මෙලෙසිනි.

1885 වසරේ දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ නියෝජිතයා ලෙස අලුතෙන් පත් වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතා බෞද්ධයන්ට වෙසක් නිවාඩුව ලබාදීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකොට තිබිණ. ඒ අනුව එවක අප්‍රේල් 28 වෙනිදා වෙසක් නිවාඩුව ලෙස රජය මඟින් ප්‍රකාශයට පත්කරන ලදී.

1886 වසරේ ජනවාරි 14 ව්‍යවස්ථාදායක සභාවේ දී විවාදයට ගැනුණු 1886 අංක 4 දරන නිවාඩු ආඥා පනත් කෙටුම්පත ඒ සඳහා ඉදිරිපත් කරන ලද්දේ එවක භාණ්ඩාගාර වැඩබලන ලේකම්ව  සිටි පැටර්සන් මහතා  විසිනි. සාමාන්‍යයෙන් මෙම ව්‍යවස්ථාදායක සභාව තුළ තරමක් හෝ උණුසුම් වූයේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ පනත් විවාදයට ගැනුණු විට පමණි. සෙසු බොහෝ පනත් කෙටුම්පත් සභාවට ඉදිරිපත් වූ සැනින් කිසිම වාද විවාදයකින් තොරව ඔහේ සම්මත විය. මෙම නිවාඩු ආඥා පනත් කෙටුම්පත ද එවැනි ඇල් මැරුණු එකකි. මේ සඳහා සහභාගිවූයේ නිළ ලත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ නිළ  නොලත් එක්මන්ත්‍රීවරයෙකු පමණි.

රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කරද්දී මිනිසුන් අඩුවෙන්ම රාජ්‍ය සේවයට වාර්තා කරන දින ගැන විශේෂයෙන් සැලකිය යුතු යැයි මා සිතනවා. එසේ නොකළහොත් ඒ දිනවල ඔවුන් නැවතත් නිවාඩු ගැනීම නිසා රජයට හිමිවන ආදායමේ යම් අඩුවක් වෙන්න පුළුවනි. සෑම වසරකම අප්‍රේල් එකොළහ එසේ මිනිසුන් වැඩි පිරිසක් නිවාඩු ලබාගන්නා දිනයක්. ඒ එදා ඔවුන්ගේ අලුත් අවුරුදු දිනය නිසයි. ඒ හින්දා අප්‍රේල් එකොළහ මුල්කොට අලුත් අවුරුද්ද නමින් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධ යෝජනාවක් මේ කෙටුම්පත මගින් ඉදිරිපත් කරනවා." භාණ්ඩාගාර ලේකම් පැටර්සන් මහතා  මහතා කීය.

අපිට විතරක් නෙමෙයි යාපනයේ හින්දු මිනිස්සුන්ටත් ඒ දවස තරමක් වැදගත්. ඒ හින්දා ඒ මිනිස්සුන්ටත් යම් වටිනාකමක් දෙන්නත් එක්ක අපි ඔය නිවාඩුව බෞද්ධ සහ හින්දු අලුත් අවුරුද්ද කියලාම ප්‍රකාශයට පත් කරමු." මධ්‍යම පළාත් ආණ්ඩුවේ ඒජන්ත ටෙම්පලර් මහතා කීය.

මම හිතන්නේ ඒකෙත් පුංචි පරහක් තියෙනවා. මොක ද  මේ රටේ බෞද්ධයන්ගේ අලුත් අවුරුද්ද කියන්නේ බුද්ධ වර්ෂය මුල් කොට ගත්තු වෙසක් උත්සවය. එතකොට මේ රටේ බෞද්ධයන්ට අලුත් අවුරුදු දෙකක් වෙනවනේ." සභාවේ නිල නොලත් සභික පත් කළ මන්ත්‍රී ලිච්මන් මහතා කීය.

ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඕක සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියලා නම් කරමුකෝ. ප්‍රශ්නෙ ඉවරයිනේ.

පැටර්සන් මහතා ‍එසේ කී පමණින් ව්‍යවස්ථාදායක සභාවේ සෙසු  සභිකයෝ හිස් වනා එය අනුමත කළහ. මෙම සිංහල අලුත් අවුරුද්දට මුලින්ම "සිංහල සහ හින්දු" යන හැඳින්වීම ලැබීමේ බොහෝ දෙනෙකු නොදත් සැබෑ නිදාන කතාව එයයි.

එහෙත් ශ්‍රී ලංකාවේ සෑම සිංහලයකුම බෞද්ධ නොවන බැවින් එම හැඳින්වීම ද සර්ව සාධාරණ නොවේ. 1984 වසරේ මතු වු ‍නිර්වචනය අනුව එය සිංහල දෙමළ වශයෙන් හැඳින්වීම තුළද පරස්පරයක් මතුවන්නේ සෑම දෙමළ ජාතිකයෙකුම මෙම අවුරුද්ද හා සෘජු සම්බන්ධයක් ඇති හින්දු ආගමිකයෙකු නොවන බැවිනි.

ඒ කෙසේ හෝ වසර 132 ක් මුළුල්ලේ ජාති ආගම් බේදයකින් තොරව මුළු රටම මෙම නිවාඩුව භුක්තිවිදිති.

අතීතයේ මෙම නිවාඩුව සම්මත කෙරෙන කාලයේ අප්‍රේල් 11 වෙනිදාට යෙදුණු සිංහල අලුත් අවුරුදු නිවාඩුව දැන් අප්‍රේල් 14 වෙනි දිනට යෙදී ඇත්තේ සිංහල අවුරුද්දට පාදක වන චන්ද්‍ර, සූර්ය දින දර්ශනයට අනුව සෑම ව්‍යවහාර වර්ෂ 72 ට වරක්ම සිංහල අවුරුද්ද එක් දිනයකින් ආපස්සට යන බැවිනි. ඒ අනුව තව වසර කිහිපයකින් මෙම අලුත් අවුරුද්ද අප්‍රේල් 15 වෙනිදාට යෙදෙනු වැලැක්විය නොහැක.

දෙමළ ජනතාව ජාතික නැකත් කමිටුවේ නියමයන් තුට්ටුවකටවත් මායිම් නොකරති

සියවසක හමාරක පමණ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් හඳුන්වනු ලද මෙම උත්සවය 1984 වසරේ සිට රාජ්‍ය මට්ටමින් හඳුන්වනුයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනුවෙනි.

එමෙන්ම මේ දිනවල විද්‍යුත් මාධ්‍ය වලින් මෙම අලුත් අවුරුද්දේ ගුණ රුව වනන මහාචාර්යවරුන්ගේ, ජ්‍යෙතිර්වේදීන්ගේ, නැට්ටුවන්ගේ සිට සුපිරි හෝටල් වල කෝකියන් දක්වා වූ ‍පිරිස් මෙය ‍සිංහල දෙමළ සියල්ලෝම එකට එක්ව සමරන උත්සවයක් බවට පුන පුනා කියති.

නමුත් අප එලෙන අසන, දකින දෙයට වඩා, එය පිටුපස අප නොදන්නා දෑ බොහොමයක් තිබේ.

අප රට පුරා දෙමළ ජනතාව විසිරී පැතිරී සිටියත් අපේ‍්‍රල් මාසයේ උදාවන අලුත් අවුරුද්ද උත්සවශ‍්‍රීයෙන් සමරන්නට පෙළඹෙන්නේ බොහෝ විට ශ‍්‍රී ලාංකීය දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාතේ ය. ඊට අමතරව කොළඹ වැනි ශ‍්‍රී ලාංකීය දෙමළ ජනතාව ද මෙය සමරති. ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනතාව මේ සම්බන්ධ විශේෂ උනන්දුවක් නොදක්වති.

අප රටේ සිංහල ජනතාව සමඟ දෙමළ ජනතාව ද එකම දිනයේ අලුත් අවුරුද්ද සමරනු ලැබුව ද හින්දු චාරිත‍්‍ර වාරිත‍්‍ර හා විශ්වාසයන් පිළිබඳ සලකා බැලීමේ දී පෙනී යන්නේ මෙය අපගේ අලුත් අවුරුදු උත්සවයට බොහෝ දුරට වෙනස් උත්සවයක් බව ය. අප රටින් බැහැර සමස්ත ලෝකය පුරා විසිරී සිටින දෙමළ ජනතාව මෙය සමරන ආකාරය අනුව එම වෙනස්කම තවත් පැහැදිලිව පෙනෙයි. අප රටේ සිංහල ජනතාවට අලුත් අවුරුදු දිනය සැමරිය යුතු දිනය නියම කරන්නේ ජාතික නැකැත් කමිටුව වුව ද ඉන්දියාවේ තමිල්නාඩුවේ සහ සෙසු රටවල සිටින දෙමළ ජනතාවට මෙය සැමරීම සඳහා නිශ්චිත දිනයක් පවතී. ඔවුන් එය සමරන්නේ අපේ‍්‍රල් 14 වැනිදා ය. ඒ අනුව අප රටේ දෙමළ ජනතාව ද මෙරට ජාතික නැකත් කමිටුවේ නියමයන් තුට්ටුවකටවත් මායිම් නොකරති.

දෙමළ බසින් අවුරුද්ද යන්න හැඳින්වෙනුයේ 'පුත්තාණ්ඩු' යනුවෙනි. මාර්තු මැද සිට අප්‍රේල් මැද දක්වා වන මාසය ඔවුන්ගේ මාස ක්‍රමයට අනුව හැඳින්වෙනුයේ 'චිත්‍රා' මාසය යනුවෙනි. එහෙයින් මෙය ඔවුහු 'චිතෛරෙයි පුත්තාණ්ඩු' හෙවත් 'චිතෛරෙයි වර්ෂම්' යනුවෙන්ද හඳුන්වති.

නිරයන ජ්‍යොතිෂ සිද්ධාන්තය අනුව වසන්ත විෂුවය උදාවන්නේ ග්‍රොගෝරියන් දින දර්ශනයේ අපේ‍්‍රල් 14 වැනිදා ආසන්නයේය. ජාත්‍යන්තර දෙමළ දින දර්ශනයේ හා තමිල්නාඩු දින දර්ශනයේ මෙය රජයේ නිවාඩු දිනයකි. නිවර්තන කලාපයට වසන්ත විෂුවය උදාවන කාල පරාසය වන්නේ මාර්තු 22 අවට සමයයි. මෙම දිනයට පෘථිවි අක්ෂයේ වූ අංශක 23ක දෝලනය එකතු කිරීමෙන් හින්දු ක‍්‍රමයට අනුව නිරයන මේෂ සංක‍්‍රාන්තිය ගණනය කරයි. එනම් සූර්යයා මීන රාශියේ සිට යළි මේෂ රාශියට සිදුවන සංක‍්‍රාන්තියයි. සිංහල අලුත් අවුරුද්දේ සිද්ධාන්තය ද මෙයම වුවත් වෙනස වන්නේ එය උදාවන දවස වසරින් වසර වෙනස් වීම ය. ඒ අනුව දැන් අපේ‍්‍රල් 14 වෙනිදාට යෙදෙන සිංහල අලුත් අවුරුද්ද තව නොබෝ කලකින් අපේ‍්‍රල් පහළොස් වන දා බවට පත්වනු ඇත. මෙලෙස වසර හැත්තෑ දෙකෙන් හැත්තෑ දෙකට සිංහල අලුත් අවුරුද්ද දවසින් දවස මැයි මාසය දෙසට තල්ලු වනු ඇත. එමෙන්ම ඒ යන ගමනේ දී තව වසර එක්දහස් දෙසීයකින් පමණ අපට වත්මන් සිංහල අලුත් අවුරුද්ද සොයා ගැනීමට සිදුවන්නේ මැයි මාසයෙනි.

සිංහලයන්ගේ සේම දෙමළ ජනතාවගේ සාම්ප‍්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වන 'චිත්‍රා' මාසය යෙදෙන්නේ මාර්තු මාසයේ අග සහ අපේ‍්‍රල් මාසයේ මුල කොටසේය. එබැවින් මෙම උත්සවය ඔවුහු මේෂ සංක්‍රාන්ති යනුවෙන්ද හඳුන්වති.  හින්දු ආගමේ දැක්වෙන පරිදි මහා බ‍්‍රහ්මයා විශ්වය මවා ඇත්තේ ද ‘සත්‍යයුග’ නම් වූ යුගය ආරම්භ වන්නේ ද 'චිත්‍රා' මාසයේ දී ය. මෙම මාසය දෙමළ බසින් ‘පුත්තන්ඩු’, ‘වරුද පයිරප්පු’ හෝ ‘චිත්තරයි තිරු-නාල්’ යන නමින් හඳුන්වනු ලබයි. ඉන්දියාවේ ඇසෑම්, බටහිර බෙංගාලය, කේරලය, මනිපූර්, මිථිලා, මඩිෂා, ත‍්‍රිපුර ආදී ප‍්‍රාන්තවල ද මෙම දිනයේ අලුත් අවුරුද්ද සැමරේ.

හින්දු ආගමික විශ්වාසයන්ට අනුව ලෝකය මැවූ බ‍්‍රහ්ම විසින් වසර දිවා රාත‍්‍රී දෙකොටසකට බෙදා තිබේ. ඒ අනුව සෑම වසරකම ජනවාරි 14 -17 අතර දිනයක යෙදෙන තෛපොංගල් ඔවුන්ගේ වාර්ෂික දහවලේ උදාව සැමරෙන දිනයයි. ඉන් මාස දහයකට පසු ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසයේ දිනයෙක එළැඹෙන දීපාවලී උළෙල එම වාර්ෂික රාත‍්‍රියේ ආරම්භක උත්සවයයි. පහන් වැට යන අරුත දෙන දීප+ආවලී යන වදනින්ම එය රාත‍්‍රිය හා සම්බන්ධ උත්සවයක් බව පැහැදිලි ය.

මෙසේ බ‍්‍රහ්මගේ ලෝක නිර්මාණය අනුව හින්දුන්ට මාස දහයක ආධ්‍යාත්මික දහවලක් සහ මාස තුනක ආධ්‍යාත්මික රාත‍්‍රියක් හිමිවෙයි.  එහෙත් ඔවුන් ‘චිත‍්‍රා’ මාසය පදනම් කරගත් මේ අලුත් අවුරුදු උත්සවය සමරනුයේ එම ආධ්‍යාත්මික දිවා රාත‍්‍රී භේදය අනුව නොවේ. බ‍්‍රහ්මයා විසින් ‘සත්‍ය යුග’ නම් නව යුගයක් උදාකිරීම මුල් කරගනිමිනි. දකුණු ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල උදාගී, යුගාදී, සම්වත්සාරාදී ආදී නම් වලින් හැඳින්වෙන මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දට යම් තරමකට සමාන වුවත් මෙය සැමරෙනුයේ මාර්තු මාසයේ දෙවන අර්ධයේ හෝ අපේ‍්‍රල් මාසයේ මුල් අර්ධයේ ය.

ඒ කෙසේ හෝ අපේ‍්‍රල් 14 දාට යෙදෙන පුත්තාණ්ඩු අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් දකුණු ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල පමණක් නිවාඩු දිනයක් ප‍්‍රකාශයට පත් කෙරේ. මෙම උළෙල වෛශාඛි, මේෂ සංක‍්‍රාන්ති ආදී නම් වලින් ද ඒ ඒ ප‍්‍රදේශබදව සැමරෙයි. ඉන්දීය මධ්‍යම රජය මගින් අපේ‍්‍රල් 14 දින නිවාඩුවක් ප‍්‍රකාශයට පත්කොට ඇති අතර ඒ ඉන්දීය මානව හිතවාදියකු වන බී. ආර්. අම්බෙඩ්කාර් තුමන්ගේ ජන්ම සංවත්සරය වෙනුවෙනි. ඒ හැර අලුත් අවුරුද්දක් මුල් කොට නොවේ.

දැන් අපි දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමහරක් දෙස යොමුවෙමු.
සිංහලයන් සහ දෙමළ ජාතිකයන් එකම අලුත් අවුරුද්දක් සමරන්නේ නම් එකම අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් පිළිගත යුතුමය. එහෙත් අප රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් නිකුත්කරන අලුත් අවුරුදු නැකැත් සීට්ටුව දෙමළ ජාතිකයෝ පිළිනොගනිති. මෙවර ඔවුන්ගේ අවුරුද්දේ පුන්‍ය කාලය හෙවත් 'පුන්‍ය කාලම්' මුහුර්තිය යෙදෙනුයේ අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 06.00 සිට පස්වරු 12.27 දක්වා වන පැය 06 කුත් විනාඩි 21 වූ කාලයකට අදාලවය. එහෙත් අපේ රජය මඟින් නිකුත් කොට ඇති නැකැත් සීට්ටුවේ පුණ්‍ය කාලය යෙදී ඇත්තේ එදින අලුයම 01:49 සිට එදින පස්වරු 2:37දක්වාය. අප අනුගමනය නොකළද හින්දූන් තම පුන්‍යකාලයේ උච්ඡතම අවස්ථාවක් ද නම්කොට ඇති අතර ඔවුන් එය හඳුන්වනුයේ මහා පුන්‍යකාල මුහුර්තිය යනුවෙනි. එය අප්‍රේල් 14 පෙරවරු 08.03 සිට 08.51 දක්වා කාලය තුළ යෙදී තිබේ.

ජෝතිෂ්‍යයේ එන සූර්යා ‍මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීම රාත්‍රී කාලයක සිදුවුවද අප ‍රටේ සිංහල අවුරුදු නැකැත් එය අළලා සකස්කිරීම සාමාන්‍ය පිළිවෙතකි. එහෙත් එවැනි තත්ත්වයක් හමුවේ හින්දූහු එය ඊට පසුදිනට යොදා ගිනිති. ඒ හුදෙක් ඔවුන්ගේ 'පුත්තාණ්ඩු' නම් අවුරුද්ද දවසේ පෙරවරුව පදනම් කරගත් එකක් බැවිනි.

ඒ තත්ත්වය පසෙක තිබිය දී අපි දැන් දෙමළ අලුත් අවුරුදු චාරිත‍්‍ර සමහරක් වෙත යොමුවෙමු.
අලුත් අවුරුදු දිනයේ අලුයමින් අවදි වන දෙමළ පවුලක මාතාව පවුලේ සාමාජිකයන්ගේ දෑස් වසා සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාමේ චාරිත‍්‍රයක් ඇතැම් හින්දූන් අතරේ තිබේ. ඒ බොහෝ විට නිවසේ ඇති දේව ප‍්‍රතිමාවකි. ඊට අමතරව රන් ආභරණ, පලතුරු ආදිය ද එම මාතාව ඔවුනට පෙන්වන්නීය. කැඩපතකින් මුහුණ පෙන්වීමෙන් ද සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

හින්දු නිවෙස්වලට ඇතුළු වන දොරටුව අසල බිම කාන්තාවන් විසින් ‘කෝලම්’ හෝ ‘රන්ගෝලි’ නමින් හඳුන්වනු ලබන වර්ණවත් රටාවලින් අලංකාර කරනු ලබයි. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සමාන ය. මෙම කෝලම් රටාවලට මැදින් ‘කුක්තු විලක්කු’ නම් පහනක් තබයි. ‘කන්නි’ නමින් හඳුන්වනු ලබන චාරිත‍්‍රයක් සිදුකිරීම ද මෙම දිනයේ දක්නට ලැබෙන්නකි. ‘කන්නි’ යන්නෙහි අරුත වන්නේ ‘සුබ දසුන’ වැන්නකි. ඔවුහු මේ අවස්ථාවේ දී රන් ආභරණ, පලතුරු, එළවළු, මල්, සහල් ආදිය දෙස බලති. එයින් සෞභාග්‍යය උදාවෙතැයි ද විශ්වාස කරති. ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවල නිවෙස් දොරටුවෙහි මල් පිපුණු කොහොඹ අත්තක් සහ ගෙඩි සහිත අඹ අත්තක් හොඳින් පෙනෙන සේ එල්ලා තිබෙනු දැකිය හැකි ය. ඒවායෙන් සංකේතවත් වන්නේ සෞභාග්‍යයයි. බොහෝ  දෙමළ ජනතාව අතර කොහොඹ අත්තට ලැබෙන්නේ සුවිශේෂත්වයකි. ආහාර තැබීමේ දී ඒ අසලින් කොහොඹ අතු තැබීම, නිවෙස් සැරසීම සඳහා ඒවා යොදාගැනීම ආදිය දක්නට ලැබේ. කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය මෙන්ම මෙහි ඇති තිත්ත බව අලුත් අවුරුද්ද සමඟ මුසුකර ගැනීම මගින් තම ජීවිත වෙත එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට පන්නරයක් හා ශක්තියක් ලැබෙතැයි දෙමළ ජනතාව අපේක්ෂා කරති.

හින්දූන් අලුත් අවුරුදු දිනයේ දී ලක්ෂ්මී දෙවඟනට සහ ගණ දෙවියන්ට විශේෂයෙන් වැඳුම් පිදුම් කරති.
ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව අලුත් අවුරුද්දේ ‘කාසි-විශේෂම්’ යනුවෙන් හඳුන්වන ගනුදෙනුවක් සිදුකරනු ලබයි. මෙය බොහෝ විට සිදු කෙරෙන්නේ අවිවාහක තරුණ තරුණියන්, විශේෂයෙන් කුඩා දරුවන් සමඟ ය. එයින් බලාපොරොත්තු වන්නේ වාසනාවන්ත බවයි. මෙයද සිංහල අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට යම් සබැඳියාවක් දක්වයි. එමෙන්ම නව කෘෂිකාර්මික වසරක් ඇරඹීම සංකේතවත් කිරීම සඳහා පස්පිඩැල්ලක් කැපීම සිදු කරයි. මෙය ‘ආර්පිඩු’ නමින් හැඳින්වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සමාන ය.

දෙමළ අලුත් අවුරුදු ආහාර වේල මුළුමනින්ම නිර්මාංශ ආහාරයක් වේ. නමුදු ඒ සඳහා ඔවුහු හරි හරියට කිරි මුසු කරගනිති. මේ සියළු කටයුතු සඳහා ඔවුහු කෝවිල් වල පූජකවරුන්ගෙන් මාර්ගෝපදේශකත්වයක් සහ අනුශාසකත්වයක් ලබා ගනිති.

එමෙන්ම දෙමළ ජනතාව ඖෂධ මිශ‍්‍ර ‘මරුති-නියර්’ නමින් හැඳින්වෙන ස්නානයක් සිදු කරයි. එයින් සෞඛ්‍ය සම්පන්න බව බලාපොරොත්තු වේ. මෙය අපගේ සිංහල අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයට සමාන ය

නමුත් අප හා ඔවුන් අතර පවත්නා මෙම අවුරුදු සැමරුම්වල ප‍්‍රධාන වෙනසක් ද තිබේ. එනම් ඔවුන් අපගේ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව පිළිනොගැනීම සහ අප දින කිහිපයක් තුළ ඉටු කරන අලුත් අවුරුදු චාරිත‍්‍ර ඔවුන් එක් දිනයක් තුළ ඉටු කොට නිමා කිරීමය.

2018-04-14

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

මම විවාහකයි. සමහර අය අහනව කවුරු සමගද විවාහවෙල ඉන්නේ කියලා - මහේෂි මධුශංකා

මහේෂි මධුශංකා පුංචි තිරයේ - සිනමාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලයේ දී විකාශය වූ මුතු පලස, මුතු වරුසා, ඡායා ටෙලි නාට්‍යවලින්ද ඇයගේ

අපේ අදහස් ගැළපෙන නිසා ඔහුට මම කැමති වුණා. විනූ සිරිවර්ධන

ඔබ වෙදනටත් වඩා හුගක් කාර්යබහුලයි කියන්නෙ ඇත්තද? ඔව් වෙනදටත් වඩා මම ගොඩක් කාර්යබහුලනම් වෙලා තියෙනවා. ළඟදී.. චිත්‍රපටවලට ආරාධනාවක්

අනාගතයේදී මා ව්‍යාපාර පැත්තට යොමු වෙයිද, රඟපායිද දැන්මම කියන්න බෑ. ශෙහානි කහඳවල

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නමින් ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ශෙහානි මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඉතිං

වෛද්‍යවරු කියනවා ඉක්මනින්ම සුවය ලැබේවි කියලා

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙසම රෝගාතුර වුණා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාදැයි

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status