Gossip C lanka Latest Video
GOSSIP C LANKA NEWS

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදුන් මැෂින් තුවක්කු ආපසු ගනී

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණ පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත

නිලාවේලි මුහුදේ.. ගසාගෙන ගිය විදේශිකයෝ 6ක් බේරා ගැනෙති

නිලාවේලි  මුහුදේ දිය නාමින් සිටිය විදෙස් ජාතිකයන් 06ක් අද (23) දින දහවල් රළ පහරට අසුව ගසාගෙන යද්දි  එහි රාජකාරියේ නියුතු වූ ජිවිතාරක්ෂක ඒකකයේ

ජනපතිව.. අතරමං කරන්න බැහැ - විජිත් විජයමුණි සොයිසා කියයි

ආණ්ඩුවේ අඩුපාඩු සකස් කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලපෑම් කරන කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අපි එදා දෙනකොට රුපියල 131. රුපියල රැකගන්න බැරිනම් අපිට ආණ්ඩුව දෙන්න - වීඩියෝ

රුපියල අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් වහා ආණ්ඩුව ඉවත් විය යුතු බව හිටපු ජනාධිපතිතුමන් පවසයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වයන්

බුදු රුවට සමාන.. සාරි ඇන්ද කත ගැන පැමිණිල්ලක් නෑලු

බුදුන්වහන්සේගේ ශීර්ෂය පිළිබිඹුවන ආකාරයේ සාරියකින් සිටින තැනැත්තියකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වනවා. අදාල කාන්තාව ඉන්දියානු

දුම්රිය මැදිරි 3 ක හට ගත්තු හදිසි ගින්න් මැඩ පවත්වයි - වීඩියෝ

දෙමටගොඩ දුම්රිය අංගනයේ තිබූ දුම්රිය මැදිරි තුනක හට ගත් හදිසි ගින්නක් මැඩපවත්වා තිබේ. දෙමටගොඩ පොලීසිය මේ ගැන කියා සිටියේ අලූත්වැඩියා කිරීමට

නාමල් සමග සබඳතාවන් පැවත්වූ ඉන්දීයානුවෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා සිදුකළ බව කියන කුමන්ත‍්‍රණයන්

විමල්ට සති 2ක්ද - ප්‍රසන්නට සති 4ක්ද පාර්ලිමේන්තුව තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක කාලයක් පාර්ලිමේන්තු කටයුතු තහනම්කර

ගොඩනැගිල්ලේ කුලිය ගෙවා නෑ - ලක්සලට සීල් තබයි

ලක්සල අද විශාල වශයෙන් පාඩු ලැබීම හේතුවෙන් දෛනික වෙළඳාම දිනෙන් දින පහත වැටී ඇත. මේ වන විට සේවකයන් හට වැටුප් ගෙවීම පවා ප්‍රමාද කරමින්

රජයේ පාලන මිලට දිය හැක්කේ ප්‍රමිතියෙන් බාල පිටි පමණයි

රු 5 කින් තිරිගු පිටි මිල ඉහල දැමිමට ප්‍රිමා  සමාගම තිරණය කිරිමත් සමග රජය මගින් තිරිගු පිටි කිලෝව උපරිම සිල්ලර මිල රු 89 කට අලෙවි කිරිමට මිලක්

16 කණ්ඩායමේ.. ප්‍රබලයන් අටක් සංවිධායකධුර වලින් ඉවත් කරයි

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස දැනට අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 08 දෙනෙකුව.. සංවිධායක ධුර වලින්

2020 වෙනකොට ඉතුරු වෙන්න දෙයක් නෑ- පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දමනවා

දේශිය කලා කරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව සිදු කළ වැඩ කොටස නතර කොට ඇති බවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංස

ජිනීවා.. කොටි වෙනුවෙන් පැමිණි ඩේවිඩ් පැරදී පැන දුවයි - වීඩියෝ

ශ්‍රී ලංකාවේ හමුදාවට එල්ල කරන සමූල ඝාතන චෝදනාවන් අසත්‍ය බවත්, දරුස්මාන්. යස්මින් සුකා සැකසු වාර්තාවන් මුළුමුනින් ගොතන ලද අසත්‍ය කරුණුවලින්

නිවසක අයිතිය පිළිබඳ.. ලබා දුන් තීන්දුව අණබෙර ගසා දැනුම් දේ

අධිකරණය ලබා දුන් නියෝගය අණබෙර ගසා දැනුම් දීමේ දුලබ පුවතක් හලාවත අධිකරණයෙන් ඊයේ (20) පෙරවරුවේ වාර්තා වී තිබෙනවා. හලාවත අධිකරණ බල

ඩිල්ෂාන් යළි ක්‍රිකට් කණ්ඩායමට - ඩිල්ෂාන් කියන කතාව මෙන්න

රටට - කණ්ඩායමට තවදුරටත් තමන්ගෙන් අවශ්‍යතාවක් ඇත්නම් එය ලබාදීමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ටී. එම්.ඩිල්ෂාන් පවසයි තමන් ක්‍රිකට්

ඩොලරය ඉහළ දැමීම අමෙරිකානු ජනපතිගේ වැඩක් - රාජිත කියයි

ඩොලරය දැඩිව ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ඇමෙරිකානු ජනපතිවරයා එරට ‍පොලී අනුපාත ඉහළ දැමීම බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

බන්දුල ඇතාව නිදහස් කරන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

වසර 67 ක් දෙහිවල සත්වෝද්‍යානේ විලංගු දමා සිටින ‘බන්දුල‘ නම් ඇතාව නිදහස් කර රිදියගම සෆාරි වනෝද්‍යානයට යවන්නැයි ඉන්දීය කාන්තා හා ළමා ඇමතිනී

වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්

වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියය

බුදු දහම විකෘති කරපු හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

බුදුදහම විකෘති කර දේශනා සිදු කර එම දේශනා කළ හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක

පාකිස්ථානෙ හිටපු අගමැති නවාස් ෂෙරිෆ් නිදහස් කරයි

දුෂණ සිද්ධි සම්බන්ධ චෝදනා ලැබ වසර දහයක සිර දඬුවමක් නියමව සිටි පාකිස්ථානයේ හිටපු අගමැතිවන නවාස් ෂෙරිෆ් නිදහස් කරන්නයි එරට අධිකරණය විසින්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
ජිනීවාහිදී රටේ අභිමානය පාවා දුන් යහපාලකයෝ මෙන්න.
GossipClanka.com

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය දැනටමත් ආරම්භ වී ඇති අතර මෙම සැසිවාරයේ විශේෂත්වය වනුයේ මෙවර ශ්‍රී ලංකාව පිළිබඳව න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබීමයි. ඒ අනුව වර්තමාන යහපාලන

 

රජය විසින් ඉතා අදූරදර්ශී ලෙස සහ නින්දිත ලෙස සම අනුග්‍රාහකත්වය දැක්‌වූ ඊනියා 30/1 ජිනීවා යෝජනාවෙහි අඩංගු කරුණු සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ ගෙන ඇති පියවරයන් සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත වේ

මෙම 30/1 ජිනීවා යෝජනාවට පාදක වූයේ අපේ රජයේ හමුදාවන් ත්‍රස්‌තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේදී යුද අපරාධ කරන ලදැයි සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‌ෂි ඇතැයි සඳහන් කළ මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ ඕ. අයි. එස්‌. එල්. වාර්තාවය. ඉතාම සාවද්‍ය, පරස්‌පරයන්ගෙන් ගහන, පක්‌ෂපාතී වූ එම වාර්තාව වර්තමාන රජය කිසිදු පරීක්‌ෂණයකින්, විමර්ශනයකින් තොරව අගය කරමින් පිළිගෙන ඒ මත යෝජිත වූ අපට එරෙහි 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීය. එසේ සම අනුග්‍රාහකත්වය දැක්‌වූ නිසා එම යෝජනාව කවුන්සිලයේ කිසිදු විවාදයකට ලක්‌ නොකොට, ඡන්දයක්‌ නොතබා අනුමත විය. අපට පක්‌ෂව කතා කිරීමට අපට පක්‌ෂව ඡන්දය දීමට හෝ වැළකී සිටීමට සූදානම් වූ අපට හිතවත් රටවල් සියල්ලට ඉතාම නින්දිත ලෙස වර්තමාන රජය, (ඔවුන්) නිහඬ කළේ ඒ අයුරිනි. මෙය ලෝකයේ කිසිම රටක්‌ මානව හිමිකම් කවුන්සිලයේ හෝ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ හෝ නොකළ දෙයකි. එසේම ඉදිරියේදී හෝ කිසිම රටක්‌ කවදාවත් නොකරන දෙයකි. තමාගේ රටේ හමුදාවන් යුද අපරාධ කළා යෑයි පිළිගෙන තමාගේ රටට එරෙහිව වෙන රටක්‌ ඉදිරිපත් කරන ලද යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්‌වීමෙන් අපේ රට ගිනස්‌ වාර්තා පොතට ඇතුළත් වී ඇත. එම ලෝක වාර්තාව වෙන කිසිදු රටක්‌ කවදාවත්ම නොබිඳිනු ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මෙම සැසිවාරයේදී තම වාර්තාවේ සඳහන් කර ඇති ප්‍රධාන කරුණු සැකෙවින් මෙසේය,

I) 30/1 යෝජනාවට ලංකා රජය අවස්‌ථා දෙකකදී සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත.

II) එම යෝජනාවේ සඳහන් සියලු කාරණා ඉෂ්ට කරන ලෙස කවුන්සිලය රජයෙන් ඉල්ලා සිටී.

III) මානව හිමිකම් කවුන්සිලය එම යෝජනාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු වේ.

IV) වගවීම, සත්‍ය සෙවීම, වන්දි ගෙවීම සහ ප්‍රති සන්ධාන සඳහා ක්‍රියා කළ යුතුය.

V) සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ උපදේශන කාර්ය සාධක මණ්‌ඩලයේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුය. (මෙම උපදේශන මණ්‌ඩලයේ සභාපතිනිය වූයේ මනෝරි මුත්තෙට්‌ටුවේගම වන අතර සාමාජිකයන් වූයේ පාක්‍යසෝති සරවනමුත්තු, ගාමිණී වියන්ගොඩ, කේ. ඩබ්. ජනරංජන ආදීන්ය. මොවුන්ගේ නිර්දේශ වූයේ දෙමුහුන් අධිකරණයක්‌, කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක හැදීම, රටේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම, ලෞකික රාජ්‍යයක්‌, හමුදා අත්පත් කර ඇති ඉඩම් වහාම නැවත පැවරීම, අතීතයේ සිදුකළ යුද අපරාධවලට එරෙහිව නඩු පැවරීමට අවසර ලැබෙන සේ ව්‍යවස්‌ථාදායකය හරහා නීති ගෙන ඒම, හමුදාහරණය, පාසල් විෂය මාලාවට පොදු ඉතිහාසයක්‌ හඳුන්වාදීම, සියලුම යුද අපරාධ වාර්තා පාසල් පොත්වලට ඇතුළු කිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත සම්මත කිරීම, වන්දි ලබාදී රජය නිල වශයෙන් සමාව ගැනීම, මහා වීර දිනය සැමරීම, ත්‍රස්‌ත විරෝධී පනත අහෝසි කිරීම යනාදියයි.) මෙම කමිටුවේ සාමාජික මිරාක්‌ රහීම් ඊයේ දින පත්කළ අතුරුදන් වීමේ කාර්යාලයට පත් කොට ඇත.

VI) අතුරුදන් වීමේ කාර්යාලය ආරම්භ කිරීම ගැන රජයට ස්‌තුති කළ යුතුය.

(මෙම පනත පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද්දේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධීවය. කිසිදු ඡන්ද විමසීමකින් තොරවය. මෙම කාර්යාලයට තමන්ට අවශ්‍ය පුද්ගලයාට විරුද්ධ බොරු සාක්‌ෂි ගොනු කළ හැකි අන්දම අප මීට පෙර පෙන්වා දී ඇත. මෙම කාර්යාලයට පත් කරන්නේ රටේ සමස්‌ත ජනතාවගේ ඡන්දයෙන් පත්වුණු විධායක ජනපති නොව ව්‍යවස්‌ථා සභාවේ සිටින සම්බන්ධන් සහ රනිල් වික්‍රමසිංහය. ඊයේ දින මෙම කාර්යාලයේ කාර්ය මණ්‌ඩලය පත් කළ බවට තොරතුරු ලැබී ඇති අතර ඉන් එක්‌ නමක්‌ වනුයේ නිමල්කා ප්‍රනාන්දු යන මහත්මිය වේ. මැය රටේ ඒකීයභාවයට විරුද්ධ, ජිනීවාහිදී රණවිරුවා පාවා දෙන, දෙමළ වෙනම රාජ්‍යයක්‌ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්‌ බවට කොතෙකුත් සාක්‌ෂි තිබේ. පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයකදී, කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන අපේ රට සහ රණවිරුවා සම්බන්ධව ඉතාමත් සාවද්‍ය ප්‍රකාශ කරන විට දෙමළ තරුණයන් තවමත් යුද හමුදා කඳවුරුවල ලිංගික වහලුන් සේ තබාගෙන ඇතැයි ප්‍රකාශ කරන විට නිමල්කා ප්‍රනාන්දු එම කණ්‌ඩායම සමඟ එක්‌ වී මානව හිමිකම් කවුන්සිලයේ තමාගේ කතාව ආරම්භ කළේ "පසුගිය රජය කාලය තුළ මාද ඉතාම දැඩි ලෙස පීඩනයට, ගොදුරට ලක්‌වූ කාන්තාවකි" යනුවෙනි. එවිට මාද ඇය අසලම කවුන්සිලයේ අසුන්ගෙන සිටියෙමි. මෙවන් පසුබිමක්‌ තිබෙන කෙනෙක්‌ මෙම කාර්යාලයේ කාර්ය මණ්‌ඩලයට පත් කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ කුමක්‌ දැයි අපට සිතාගත හැකි වේ.

(V) බලාත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය ලංකා රජය අපරානුමත කර ඇති මුත් තවමත් එය නීති පද්ධතියට ඇතුළත් කර නොමැත. එය දෙවරක්‌ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් තබා ඇත. අතුරුදන්වීමේ කාර්යාලය ක්‍රියාත්මක වනවිට මෙම නීතිය ක්‍රියාත්මකවීම අතිශය වැදගත් වේ.

මෙම පනත දෙවරක්‌ම පාර්ලිමේන්තුවට ගෙන ඒම වැළැක්‌වූයේ දේශප්‍රේමී ජනතාව, භික්‌ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරු එයට විරුද්ධ වූ නිසාය. ඉතාම කෙටියෙන් කිවහොත් මෙම පනතින් කරනුයේ යම්කිසි තැනක අපරාධයක්‌ වූවා නම් එහි සිටි අණදෙන නිලධාරියාට හෝ ඔහුටත් ඉහළ නිලධාරියාට එම වගකීම පැවරීම සහ චූදිතයාට අවශ්‍ය කරන හෝ ඉල්ලා සිටින රටට පිටුවහල් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළුකිරීමය. අතුරුදන් කාර්යාලයෙන් කරනුයේ අවශ්‍ය කරන යුද දේශපාලන නායකත්වයට විරුද්ධව සාක්‌ෂි (බොහෝ විට සාවද්‍ය) ගොනු කිරීමය. එවන් සාක්‌ෂි ඇති විට අදාළ පුද්ගලයාව ඔහුට විරුද්ධව නඩුවක්‌ පවරන රටකට පිටුවහල් කිරීමේ බලය මෙම පනතින් ලැබේ. මෙම යහපාලන රජය ක්‍රමානුකූලව රණවිරුවා සහ එම නායකත්වය ජාත්‍යන්තර දංගෙඩියට යෑවීමට කරන්නා වූ සූක්‌ෂ්ම කුමන්ත්‍රණය මින් පැහැදිලි නොවන්නේද?

(VI) ජාත්‍යන්තර නීතිය යටතේ වූ අපරාධ ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කළ යුතුය.

(VII) රටේ ව්‍යවස්‌ථාව සංශෝධනය කළ යුතුය. දැනටමත් අගමැතිතුමා විසින් මේ පිළිබඳව අතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ. මෙය ජිනීවා 30/1 යෝජනාවෙන් රජය කිරීමට භාරගත් කරුණුවලින් එකකි.

අප පෙර කියා සිටියාක්‌ මෙන් මෙම ඊනියා ව්‍යවස්‌ථා සංශෝධනය රටේ ජනතාවට අවශ්‍ය වුවත් නිසා කරන්නක්‌ නොව, තමන් සම අනුග්‍රාහකත්වය දැක්‌වූ 30/1 යෝජනාව අනුව කරන්නකි. එසේ අවශ්‍ය වන්නේ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ට/ඩයස්‌පෝරාව සහ බටහිරට මිස ලංකාවේ සාමාන්‍ය ජනතාවට නොවේ. මෙම ව්‍යවස්‌ථා සංශෝධනය ජනමත විචාරණයකින් තොරව 2/3 පමණක්‌ අනුමත කිරීමට රජය සැරසේ. මෙම ව්‍යවස්‌ථා සංශෝධනයේ ප්‍රධාන නියමුවන් දෙදෙනා වනුයේ ද්‍රවිඩ සන්ධානයේ සුමන්තිරන් සහ චන්ද්‍රිකා පැකේජයේ නිර්මාතෘ ජයම්පති වික්‍රමරත්නය. එහි ප්‍රධානම අනුකමිටුව වන මධ්‍ය පර්යන්ත සබඳතා අනුකමිටුවේ සභාපති වනුයේ ත්‍රස්‌තවාදී ප්ලොට්‌ සංවිධානයේ හිටපු සභාපති වර්තමාන ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ය. ඔහු තමාගේ නිර්දේශ ආරම්භ කර ඇත්තේ "ලංකාවේ ඒකීයභාවය පළාත් සභාවල කාර්යක්‌ෂමතාවට තිබෙන ප්‍රබල බාධාවකි" යන්නෙනි. එසේ නම් මෙම ව්‍යවස්‌ථා සංශෝධනයේ සියලුම නිර්දේශ රටේ ඒකීයභාවය නැතිකොට ස්‌වාධීන රාජ්‍යයන් 9 ක්‌ බිහිකරන උතුර - නැගෙනහිර එක්‌වීමට ප්‍රතිපාදන සලසන ඒවා බැව් අප සනාථ කොට හමාරය. සෙයිද් අල් හුසේන් පවසන්නේ එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසටය.

(VIII) ත්‍රස්‌ත විරෝධී පනත වහාම අහෝසි කළ යුතුයි. ඒ වෙනුවට වෙනත් පනතක්‌ ගෙනඒමට පෙර වුව ද, සාමාන්‍ය අපරාධ නීතිය යටතේ කටයුතු කළ හැකි බැවින් එය වහාම අහෝසි කිරීමට පියවර ගත යුතුය. කොහේවත් නැති විදේශිකයෙක්‌ අපේ රටේ අධිකරණ ක්‍රියාවලියට, රටේ ස්‌වෛරීත්වයට ඇඟිලි ගසන සැටියි මේ. මොහු කවදාවත් ඇමෙරිකාවට, එංගලන්තයට, ඉන්දියාවට, පාකිස්‌තානයට නොව මාලදිවයින් රජයට හෝ මෙවැනි නියෝගයක්‌ නිර්දේශයක්‌ කරයිද? අපව එවන් දීන පහත් තත්ත්වයකට ඇද දැමූ මේ යහපාලන රජය සහ එම පාලකයන් ජනතාවට ඉදිරියේදී ඒ පිළිබඳව වගකිව යුතුවේ. අපේ රටේ ත්‍රස්‌තවාදයේ ගිනි පුපුරු තවමත් සාමයේ අළු යට සැඟවී තිබෙන බවට ඕනෑ තරම් සාක්‌ෂි තිබේ. ඊළාම්වාදීහු තම ඊළාම් සිහිනය අත්හැර නොමැත. අපේ රටේ විනාශ වූයේ ත්‍රස්‌තවාදී කොටියාගේ වල්ගය පමණි. අනෙක්‌ අවයව වෙනත් රටවල තවමත් ජීවමානය. ත්‍රස්‌ත විරෝධී පනත යටතේ ත්‍රස්‌ත සැකකරුවෙක්‌ දින 60 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කළ හැක. සාමාන්‍ය අපරාධ නීතිය යටතේ තබාගත හැක්‌කේ පැය 24 කි. ත්‍රස්‌තවාදී කොටි සංවිධානයේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානය මෙම ත්‍ර.වැ. පනත අහෝසි කිරීමට මෙතරම් වලිකන්නේ එබැවිනි.

(IX) උතුරු - නැගෙනහිර යුද හමුදාව අත්පත් කර ඇති ඉඩම් නැවත ලබාදීමේ ක්‍රියාවලිය තවම සම්පූර්ණ වී නොමැත.
(ඉහත සඳහන් ඉඩම් ප්‍රමාණයෙන් 70% ක්‌ දැනටමත් නිදහස්‌ කර ඇතැයි එම වාර්තාවේම සඳහන් වේ. යුද හමුදාව අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත ලබාදීම අයත්වන්නේ ජාතික ආරක්‌ෂාව පිළිබඳ විෂයටය. එය තීරණය කළ යුත්තේ රජයේ ආරක්‌ෂක මණ්‌ඩලය මිස උතුරේ සිවාජිලිංගම් හෝ මානව හිමිකම් කවුන්සිලයේ සෙයිද් රාද් අල් හුසේන් නොවේ. උතුරේ ඉඩම් නැවත නිදහස්‌ කිරීම අපගේ වැඩක්‌ මිස ඔබගේ වැඩක්‌ නොවන බව Rජුව කීමට තරම් කශේරුකාවක්‌ ඇති එකකු හෝ ආරක්‌ෂක මණ්‌ඩලයේ සිටිය යුතුය.)

(X) ලංකාවේ අධිකරණ පද්ධතියේ ආරක්‌ෂක හමුදාවන් පිළිබඳ දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරයි.

(මෙය අපගේ වසර 200 ක්‌ පැරැණි අධිකරණය හෑල්ලුවටත්, අපහාසයටත් පත්කිරීමකි. සෙයිද් රාද් අල් හුසේන් අප රටේ අධිකරණයට අපහාස කළේ වරක්‌ දෙවරක්‌ නොවේ. මේ සම්බන්ධයෙන් අප ජිනීවාහිදී පවා අපගේ අධිකරණයේ අභිමානය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ ද ශ්‍රී ලංකා නීති සංගමය මේ පිළිබඳව තදින් ක්‍රියාකොට තමන්ගේ නිර්පාක්‌ෂිකභාවය සනාථ කිරීම හෝ අධිකරණයට පිටස්‌තරයන් ඇඟිලි නොගැසිය යුතු බව හෝ ප්‍රකාශ කළ යුතුය. නිශ්ශබ්දව සිටීමෙන් සියලුම විනිසුරුවරුවන්ගේ නිවටභාවය ප්‍රදර්ශනය වන බව ද සිහි තබාගත යුතු වේ.)

(XI) සුළු ජාතීන්ට එරෙහිව හිංසා, ප්‍රහාර සහ වෛරී ප්‍රකාශ කෙරෙන අතර මුස්‌ලිම් ව්‍යාපාරවලට සහ මුස්‌ලිම් පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගැසීම, දැනටමත් එවන් ප්‍රහාර 30 කට අධික ප්‍රමාණයක්‌ වාර්තා වී තිබේ.

අපේ රටේ මුස්‌ලිම් ව්‍යාපාර, පල්ලිවලට සිංහල ජනයා මෙසේ පහර දේ යෑයි කියන ප්‍රකාශය සත්‍යයක්‌ද? මේ බැව් ප්‍රකාශ කරන්නේ එ. ජා. සංගමයේ මානව හිමිකම් කොමසාරිස්‌වරයාය. ඔහුගේම ප්‍රකාශයේ ඉන්පසුව සඳහන් වන්නේ සුළු ජාතීන්ට එරෙහිව කරන ප්‍රහාර ජුනි මස 13 වැනි දින කැබිනට්‌ මණ්‌ඩලය ද හෙළාදැක ඇති බවය. අද අපේ රටේ මුස්‌ලිම් ජාතිකයන්ගේ ව්‍යාපාර කොතෙක්‌ නම් තිබේද? සිංහල ජනතාව ජාතිවාදී වී එම ව්‍යාපාර සියල්ල වර්ජනය කළහොත් කුමක්‌ වේද? එක්‌ සිද්ධියක්‌ හෝ දෙකක්‌ මුල්කරගෙන අප රටේ සුළු ජාතීන්ට එරෙහිව ප්‍රහාර, වෛරී ප්‍රකාශ කරන්නේ යෑයි කීම අමූලික බොරුවකි. සිංහලයන් ජාතිවාදී නොවන බව ප්‍රකාශ කළ යුත්තේ වෙන කවුරුත් නොව දෙමළ සහ මුස්‌ලිම් කෝටිපති ව්‍යාපාරිකයන්ය. ඔවුන් එසේ නොකියයි නම් ඔවුන්ගේ සියලුම ව්‍යාපාර සියලුම සිංහලයන් විසින් වර්ජනය කළ යුතු බව මගේ විශ්වාසයයි.

අවසානයේ මානව හිමිකම් මහ කොමසාරිස්‌වරයා නිර්දේශ කරන්නේ අප රට සර්වලෝක අධිකරණයට යටත් විය යුතු බවය. එය 30/1 ජිනීවා යෝජනාවෙහි ද අන්තර්ගතව තිබේ. ඔහු එසේ කියන්නේ ඇයි? අතුරුදන් කාර්යාලයෙන් (බොරු) සාක්‌ෂි ගොනු කළ විට එම අදාළ තැනැත්තා විදේශ ගතවූ විට එම රට සර්වලෝක අධිකරණයට යටත් නම් ඔහුව මෙම සාක්‌ෂි මත ඒ රටේදී අත්අඩංගුවට ගත හැකි නිසයි.

30/1 මගින් රණවිරුවා සෑම අතින්ම සිරකර ඇත්තේ මේ ලෙසටයි. මෙවර ද ජිනීවාහිදී අපගේ රජයේ නියෝජිතයන් මෙම ඊනියා යෝජනාවට අනුව ක්‍රියාකරන බවට සහතික වනු ඇත. එම යෝජනාව පාදක වනුයේ අතිශය සාවද්‍ය OISL වාර්තාව මත බව ඔවුන් සමුළුවේදී ප්‍රකාශ නොකරයි. තවද ලෝක ප්‍රසිද්ධ යුද විශේෂඥයන් 6 ක්‌ අප යුද අපරාධ කර නොමැති බව සනාථ කළ වාර්තා ඇති බව ද ඔවුන් සමුළුව හමුවේ නොකියයි. එය ජාතියට දෝහී වීමකි. මෙවර රජය නියෝජනය කරන ඇමැතිවරු/නිලධාරීන් මේ බැව් සමුළුවේදී නොකියතොත් ඉදිරි රජයක්‌ යටතේ ඔවුනට දේශෙදෝහී චෝදනාව යටතේ නඩු පවරන මෙන් අප ඉල්ලා සිටිනු ඇත. මාතෘභූමියේ ජනිත වූ සුජාත පුද්ගලයෙක්‌ට විරුද්ධව ගොනු කළ හැකි බරපතළම චෝදනාව දේශයට දෝහී වීමයි.

2018-03-11

Loading...
Gossip C lanka Latest Video
WEEKEND ARTICLES

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

මම විවාහකයි. සමහර අය අහනව කවුරු සමගද විවාහවෙල ඉන්නේ කියලා - මහේෂි මධුශංකා

මහේෂි මධුශංකා පුංචි තිරයේ - සිනමාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසු ගිය කාලයේ දී විකාශය වූ මුතු පලස, මුතු වරුසා, ඡායා ටෙලි නාට්‍යවලින්ද ඇයගේ

අපේ අදහස් ගැළපෙන නිසා ඔහුට මම කැමති වුණා. විනූ සිරිවර්ධන

ඔබ වෙදනටත් වඩා හුගක් කාර්යබහුලයි කියන්නෙ ඇත්තද? ඔව් වෙනදටත් වඩා මම ගොඩක් කාර්යබහුලනම් වෙලා තියෙනවා. ළඟදී.. චිත්‍රපටවලට ආරාධනාවක්

අනාගතයේදී මා ව්‍යාපාර පැත්තට යොමු වෙයිද, රඟපායිද දැන්මම කියන්න බෑ. ශෙහානි කහඳවල

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නමින් ශෙහානි කහඳවල කියන්නේ. මේ දිනවල නම් ශෙහානි මෙගා ස්ටාර් එක්ක තරමක් දුරට කාර්යබහුලයි. ඉතිං

වෛද්‍යවරු කියනවා ඉක්මනින්ම සුවය ලැබේවි කියලා

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මීට දෙමසකට පමණ පෙර බරපතළ ලෙසම රෝගාතුර වුණා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කෙතරම් නරක අතට හැරුණාදැයි

මතයක් තියෙනවා රට ගියොතින් තමයි හරියන්නෙ කියලා - දසුන්

දැන් පොඩි පොඩි වැඩ ටිකක් යනවා. මේ දවස්වල ටිකක් විතර බිසී... රොෂාන් රවීන්ද්‍ර මහතාගේ ටෙලි නාට්‍යයක වැඩ පටන්ගන්න තියෙනවා... බිරිඳයි දරුවයි එක්ක

සුදුසුකම් අනුව මම ඔස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ - නතාෂා

මේ හඬ ඔබට අමතක නැහැ කියලයි අපට නම් හිතෙන්නේ. ඒ මීට අවුරුදු පහළොවකටත් කලින් ඇහුන හඬක්. එතකොට මේ වදන් පෙළත් ගායනා කළේ පුංචිම පුංචි

අම්මගෙ මරණයෙ වේදනාව මගෙ ජීවිතේ ගැඹුරටම දැනෙනවා

පසුගිය දිනක ඔබ මව වෙනුවෙන් Oxygen Concentrator එකක් පරිත්‍යාග කළා නේද? ඔව්. මම මේක පරිත්‍යාග කළේ නුවර හොස්පිට්ල් එකේ ඉන්න ඩොක්ට

තාත්ත නැති වෙලා අවුරුදු දෙකක් වෙනවා. ඒ අඩුව අපට කවදාවත්ම පුරවන්න නම් බැහැ - රසාංජන

අපේ කලාකරුවන්ගේ දරුවොත් තමන්ගේ මවුපියන් අඩි පාරේම යන්න පටන් අරන්. ඒ නිසා වර්ත මානේ තරුණ දක්ෂ කලාකරුවෝ රැසක් බිහිවෙලා ඉන්නවා. අපි මේ

සදුන් අලුත් බිරිද ගැන කියයි. ඇය නිකිණි. නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් - ඡායාරූප

ළඟදී දවසක සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. මට ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලාම බලන

භාතිය සන්තුෂ්ලාගෙන්.. අශාන්ති හා රන්ධීර් වෙන්වෙලාද..?

ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක් තමයි භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති  කියන්නේ. ඒ සංගීත ජීවිතයේදී වගේම පෞද්ග

අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

කිසිම දවසක පෙම්වතෙක් ඉඳලත් නැහැ යාළු වෙන්න අහලවත් නෑ

මිෂෙල් දිල්හාරා යනු මේ දවස්වල රූප පෙට්ටියේ නිතර පෙනී සිටිනා නිළියක්. තුත්තිරි, පූරි සහ දණ්කුඩ බණ්ඩා යන ටෙලි නාට්‍ය වගේම සිරස නාලිකාවෙන් විකාශ

එළි දැක්වීමට නියමිත අලුත් ගීතය ගැන අයෝමි කියපු කතාව

රණවිරු ස්ටාර් රියලටි තරගය ජයගනිමින් ගායන ක්ෂේත්‍රය වෙත අත්පොත් තැබු අයෝමි පෙරේරා මේ වනවිට සිය අලුත් ගීතය එළි දැක්වීමට සූදානමින් සිටි. මේ වන

අදටත් ඒ දෙන්නා විඳපු දුක මතක් වෙද්දී හරිම දුකයි. අපි දුප්පත් අය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මම කලා පරපුරකට උරුමකම් කියූ අයෙක් නෙමේ. හැබැයි මගේ ළමා කාලය නම් හරිම සුන්දරයි.. අපි ළමා කාලයේ දී රස විඳින්න පුළුවන් උපරිමයෙන්ම ඒ රසයත්

ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයිගෙ දිහා බලන කෙනෙක් නෙමෙයි

ප‍්‍රථම පේ‍්‍රමය පිළිබද දන්නවාද ? ඔහුගේ ප‍්‍රථම පේ‍්‍රමය මම. මම අහලා තියෙන විදිහට... ඩිල්ෂාන් එහෙම ගැහැණු ළමයි දිහා බලන කෙනෙක් නෙමෙයි ලූ.. මට ඒක

අසනීපව සිටින ශෙල්ටන් මුතුනම ගේ ගැන දියණිය කියන කතාව

80 දශකයේ ලාංකීය සංගීත ලෝලීන්ගේ මුවග රැව්දුන්නේ ඔහු ගැයූ ගීතයි. එදවස තරුණියන්ගේ සිහිනවල අයිතිකාරයා වූයේ ඔහු. ජේත්තුවට හැද පැළදගත්ත මෙම

විවාහයෙන් පස්සේ.. විදේශ ගතවූ මීනා සැමියා දාලා ආපහු ඇවිත්

විවාහයෙන් පස්සේ විදේශ ගතවෙලා සිටි මීනා සැමියා දාලා යළි ලංකාවට ඇවිල්ල. ඔයා ලංකාවට ආවේ විශේෂ වැඩකටද කියන්න? ඇත්තටම මීට කලින් ශ්‍රී ලංකාවට

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status