Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

වැඩක් කරන්න අවස්ථාවක් නෑ... කුණු එකතුකරන්න හරි දෙන්න

වැඩ කළ හැකි තරුණ නායකයින් බොහෝ පිරිසක් අද එක්සත් ජාතික පක්ෂයේ සිටියද, ඔවුනට ඒ සඳහා කිසිම අවස්ථාවක් ලබාදී නොමැති බව ජාත්‍යන්තර වෙළඳ

අනුර කුමාර 20 වන සංශෝධනය කථානායකවරයාට බාරදෙයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන ඒමට යෝජිත නව 20 වැනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය අද (25 දා) පාර්ලිමේන්තුවේ කථානායකතුමා

ඉන්දීය ජාතිකයන් 3ක් ලංකාවේදී නිධානයක් ගද්දී මාට්ටු

කිලිනොච්චි ධර්මපුර පොලිස් වසමට අයත් රාමනදපුරම් නම් ගම් ප්‍රදේශයේදී ඉන්දීයානු ජාතිකයන් තිදෙනෙකු සහා ලාංකිකයින් සිව් දෙනෙකු නිධානයක් ගැනීම සදහා

TBට FCID කැඳවීමක්. චෝදනාව පෙරහැරකට වාහනයක් ලබාදීම

හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සමග ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනා ලබන 28වනදා දින උදෑසන පොලිස් මූල්‍ය අපරාද කොට්ඨාසයට යන බව ලක්ෂ්මන්

චීන සමාගමට දුන්.. හම්බන්තොට වරායේ ආදායම ඉහළ ගිහින්

එදා හම්බන්තොට වරායෙන් ශ්‍රී ලංකාව වසරක් තුළ උපයා ගත් ආදායම චීන - ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයෙන් මාස 4 තුළ උපයා ගැනීමට හැකිවූ බව හම්බන්තොට

මහේද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා - ඉන්ටපෝල් එක දැනුම් දේ...

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටින බවට ජාත්‍යන්තර පොලීසිය විසින් දැනුම් දී.. ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... අද

ඉලන්චේලිය යාපන මහාධිකරණ විනිසුරු ධුරයට සමුදෙයි

උතුරු පළාත පමණක් නොව රටේම ජන හදවත් දිනා ගනිමින් ලෝකයක අවධානය යොමු වුණු නඩු තීන්දු රැසක් ලබාදුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවා

හම්බන්තොට දිස්ත්‍රික්කේ දැවෙන ප්‍රශ්නයක් ගැන නාමල් කියයි

මේ ආණ්ඩුව බලයට ගෙනාවේ කවුද කියා රටේ ජනතාව දැන් දන්නවා. ඒ සදහා වියදම් කළේ කවුද කියන එක ගැන මේ රටේ ජනතාවට හොඳට අවබෝධයක්

බන්ධනාගාර ගත කර සිටින හිටපු මාණ්ඩලික ප්‍රධානී බැලීමට රාජ්‍ය ආරක්ෂක ඇමති යයි

රක්ෂිත බන්ධනාගාර  ගත කරන සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජනරාල් අමල් කරුණාසේන මහතාගේ.... සුවදුක් බැලීමට ආරක්ෂක අමාත්‍ය

මේක පතෝල ආණ්ඩුවක්.. 2020 දී කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් බිහිවෙනවා.. අපි එදාට බලාගමු - බස් ගැමුණු

මාෆියාවලට බිය නැති කොන්ද පණ තියෙන නායකයෙක් 2020දී ශ්‍රී ලංකාවේ බිහිවන බව සමස්ථ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේර

තමුසෙල එක මිනිහෙක් මේ රටේ මිනිස්සු වෙන් නෑ - තම පන්තියේ ගුරුවරයා කී දේ මෛත‍්‍රි කියයි..

ජනපති පාසැල් යන සමයේ දී භෞතික විද්‍යාව උගන්වන ලද ගුරුවරයා සම්බන්ධයෙන් එදා වූ මතකයක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිහිපත් කලේය.

රූමත් තරුණියක නිසා අනුරධපුර පොලිස් පොඩ්ඩෝ අමාරුවේ...

ගුවන් නියමුවරියක යැයි කියමින් විවිධ පුද්ගලයන්ට එරෙහිව බොරු පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන රූමත් තරුණියකගේ ක්‍රියා කලාපය හේතුවෙන් අනුරාධ

මහජන මුදල්වලින්... ඉන්ධන මිල පිළිබඳ දැන්වීම් පළ කිරීම පිළිබද ප්‍රශ්ණ කරන්න යයි

මහජන මුදල් යොදා ගනිමින් ඉන්ධන මිල පිළිබඳව වෙළෙඳ දැන්වීම් පළ කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්එච්එස් සමරතුංග මහතා පාර්ලිමේන්තුවේ

මෛත්‍රි-රනිල් සමඟි නොවුණොත් සියලුදෙනා විනාශ වෙනවා

ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාත් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර එක්ව කටයුතු නොකළ හොත් සියල්ලන්ටම... විනාශයක් සිදුවන බව කඳුරට, නව ගම්මාන,

ගෝඨාභයගේ.. වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්ම ප්‍රකාශයමයි

පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධාන සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අසාමාන්‍යලෙස උත්කර්ෂයට නැං

සිදුවන හැම ක්‍රියාවකට.. ශ්‍රීලනිපය සම්බන්ධයි - ජී.එල්. පීරිස්

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා ජනතාව අද පීඩාවට පත්වෙලයි සිටින්නේ... ජනතාව පීඩාවට පත් කළ ක්‍රියාකලාපයට විරුද්ධව ජුනි මාසයේ මුල සිටම

ඉරානයේ අවුරුද්දක් හිරබත් කාපු ලංකාවේ දෙන්නෙක් නිදහස්

නෞකාවක රැකියාව කරමින් සිටියදී මත් කුඩු කිලෝ 600ක් ප්‍රවාහනය කළ බවට එල්ල වුණු චෝදනා මත අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් ඉරානේ

නැගපියන් පරයා ඉක්මනට කියල නියෝජ්‍ය පොලිස්පති සෝභිත හිමිගේ බඩට පයින් ගහලා

දිගන ප්‍රදේශයේ ඇති වුණු සිංහල – මුස්ලිම් ගැටුම සම්බන්ධයෙන් 129 පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබුවා. එයින් 105 තවමත් අත්අඩංගුවේ පසු වන්නේ.  ඔවුන්

ත‍්‍රස්දවාදීන්ව සැමරීම.. සහජීවනය නොවේ නැවතත් යුද්දයක් එන්න පුළුවන් - ගෝටාභය රාජපක්‍ෂ

සංහිදියාව මුවාවෙන් ත‍්‍රස්තවාදීන් සමරන්න ඉඩ දෙන්නේ නම් එය සංහිදියාවක් නොවන බවයි හිටපු ආරක්‍ෂක ලේකම් වන ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි. කඩුවෙල

කොටින්ගේ බඩු මුට්ටුටික උතුරට ඉල්ලයි - එම්. කේ. සිවාජිලංගම්

යුද්ධයේදී මිය ගිය LTTE සාමාජිකයන් එදා පරිහරණය කරන ලද භාණ්ඩ ඒකරාශී කර උතුරේ දරුවන්ට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනාගාරයක් ඉදිකළ යුතු යැයි

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
පාර්ලිමේන්තුව උණුසුම්. සහල්, පොල් මිල ගැන අවධානය
GossipClanka.com

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවට පැමිණ මැති සබයට ඇතුළු වන විටම එම ‍ෙදාරටුව ආසන්නයේ පසු පෙළ අසුන්ගෙන සිටි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් පොතක් අගමැති

 

වරයාට ලබා දෙන ලදී. එසේ අගමැතිවරයාට පොතක් ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාය.

එම පොත අතට ගත් අග්‍රාමාත්‍යවරයා මහත් උනන්දුවකින් එම පොත දෙස බලමින් ගමන් කළේ ආණ්ඩු පක්ෂයේ ආසනවල මැද කොටසේ අසුන්ගෙන සිටි අමාත්‍යවරයකු වෙතය.

බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍යවරයාට ලබාදී ඇත්තේ තොරතුරු දත්ත ඇතුළත් පොතකි. ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා ගමන් කළේ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා වෙතටය.

අග්‍රාමාත්‍යවරයා පැමිණි නිසා තම අසුනෙන් නැඟී සිටි සාගල රත්නායක අමාත්‍යවරයා යම් කරුණක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමඟ කතාබස් කළේය.

අනතුරුව තම ජංගම දුරකතනයෙන් යමක් සාගල රත්නායක අමාත්‍යවරයා විසින් අගමැතිවරයාට පෙන්වන ලදී.

ජංගම දුරකතනය දෙස අග්‍රාමාත්‍යවරයා වැඩි අවධානයක් යොමු කරමින් මහත් උනන්දුවකින් බලන ආකාරයක් දැකගත හැකිවිය. ඉන්පසුව යම් උපදෙසක්ද අග්‍රාමාත්‍යවරයා විසින් සාගල රත්නායක අමාත්‍යවරයාට දෙන ලදී.

යම් කාරණයක් අග්‍රාමාත්‍යවරයා සහ සාගල රත්නායක අමාත්‍යවරයා අතර කතාබහ වෙන බව ඒ දෙසට පැමිණෙමින් සිටි උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා දුටුවේය.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයාද ඒ ස්ථානයට පැමිණ කතාබස් කළ අතර මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් අතර සාකච්ඡාවකි.

ඉන් පසුව මැති සබයේ සිට යළිත් ආණ්ඩු පක්ෂයේ ආලින්දය දෙසට අග්‍රාමාත්‍යවරයා ගමන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ උදෑසන 10ට පමණය. අය-වැය විවාදය පැවැත්වෙන නිසා අමාත්‍යවරුන්ගේ පහසුව සඳහා අමාත්‍ය මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර ඊට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පැමිණියේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයට පැමිණි ජනාධිපතිවරයා ස්වල්ප වේලාවක් එහි සිට මැති සබයට පැමිණියේය. මැති සබය තුළ ටික වේලාවක් සිටි ජනාධිපතිවරයා ඉන් පසුව අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීම සඳහා මැති සබයෙන් පිටත්ව ගියේය.

අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි කමිටු ශාලා අංක 01 ශාලාවේදීය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එහි පැමිණෙන විට අමාත්‍යවරු විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වැඩි අවධානයක් යොමු වුණේ සහල් මිල සහ පොල් මිල වැඩිවීම පිළිබඳවයි.

සහල්, පොල් මිල වැඩිවෙලා. මේවා රටේ මිනිස්සුන්ට ප්‍රබලව බලපාලා තියෙනවා. ඒක නිසා ජනතාවට සහනයක් ලබාදීම සඳහා කඩිනමින් පියවර ගත යුතුයි. මිල අඩු කරන්න අවශ්‍ය විකල්පය සහල්, පොල් ආනයනය කරන්න වෙනවා නම් ඒ දේ කළ යුතුයි" යනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සහල්, පොල් බෙදාහැරීමේ වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියා සොයා බැලිය යුතුයි. සතොස ඇතුළු අනෙකුත් ආයතන හරහාත් ඒ වගේම ජංගම බෙදාහැරීමේ මධ්‍යස්ථාන මඟිනුත් මේ බෙදා හැරීම නිසි පරිදි සිදු වෙනවාද කියා සොයා බැලිය යුතුයි" යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පෙන්වා දුන්නේය.

මීට අමතරව තවත් අමාත්‍යවරුන් කිහිප දෙනකුම පෙන්වා දුන්නේ ජීවන වියදම ඉහළ යෑමට සහල් සහ පොල්වල මිල ඉහළ යෑම ප්‍රබලව බලපා තිබෙන බවයි.

සහල් ආනයනය කරන්න පුළුවන්. ඒකට මුදල් ප්‍රතිපාදන තමයි නැත්තේ" යනුවෙන් වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය.

එහෙම කියන්න එපා. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තියෙනවා.

ඔබතුමා තීරණ ගන්න. ඔබතුමාගේ අමාත්‍යාංශයේ තීරණ අපට ගන්න බැහැනේ. ඒක නිසා අමාත්‍යාංශය තීරණ ගන්න. මුදල් ප්‍රතිපාදනවල ප්‍රශ්නයක් නැහැ" මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ කතාවට සහාය දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාද කියා සිටියේ අදාළ අමාත්‍යාංශය නිවැරැදි තීන්දුව කඩිනමින් ගත යුතු බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්, මංගල සමරවීර අමාත්‍යවරුන් අතර යම් මත ගැටුම් සිදුවූ බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දීර්ඝ වාද විවාද සිදුවුවද අවසානයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වූයේ සහල් සහ පොල් ආනයනය කිරීමටය. මේ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසට වගකීම පැවැරුණේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙතටයි.

ඊට අමතරව සහල්, පොල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටද අවශ්‍ය බදු සහන ලබාදීමට මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරිණි.

පැය දෙකකට ආසන්න කාලයක් අමාත්‍ය මණ්ඩලය රැස්වූයේ අමාත්‍ය මණ්ඩල සන්දේශ රැසක් සාකච්ඡා කිරීමකට තිබූ නිසාය. ඊට හේතු වූයේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරය කළ නිසා පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපැවැත්වීමයි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ඇතුළු එක්දින කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිප දෙනකු ඊයේ දින පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා තිබිණි. ඔවුන් පැමිණ සිටියේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ කැඳවීමකට අනුවය.

එම පිරිස සමඟ සාකච්ඡාවකට දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සහභාගි වූයේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ කාර්යාලයේදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායවරයා වීම ඊට හේතුවයි.

දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාද මෙම සාකච්ඡාවට එක්වුණි.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා එක්දින කණ්ඩායම් නායක තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනකු 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්වීමට ගුවන් තොටුපොළට ගොස් තිබිණි.

මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නිල අනුමැතිය ලැබී නොතිබිණි. මෙම ක්‍රිකට් ක්‍රිඩකයන් ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්යානයේ සිටින විට මේ බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට දැනගත හැකිවිය. ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එම පිරිසට කියා සිටියේ තමන්ගේ අනුමැතියකින් තොරව ඉන්දියාවට නොයන ලෙසයි.

එම දැනුම්දීම අනුව මධ්‍යම රාත්‍රියේම ගුවන් තොටුපොළේ සිටින එම ක්‍රීඩකයන් ඇතුළු පිරිස යළි කොළඹට පැමිණියහ.

ඉන්පසුව එම පිරිස දයාසිරි ජයසේකර අමාත්‍යවරයා හමුවීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ ඊයේ දහවල් කාලයේදීය.

රටක් නියෝජනය කරමින් නිල ක්‍රීඩා කණ්ඩායමක් විදෙස් රටක සංචාරයක නිරත වෙනවා නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය තියෙන්න ඕන. මෙතන සම්බන්ධීකරණයේ යම් ගැටලුවක් වුණාද දන්නේ නැහැ. නමුත් අදාළ නිලධාරීන් ඒ බව දැනගන්න ඕන. මීට පසුව මෙහෙම දේවල් වෙන්න බැහැ. විනය අකුරට තියෙන්න ඕන" යනුවෙන් එම පිරිසට උපදෙස් දුන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් එම ක්‍රීඩකයන්ට ඉන්දියානු සංචාරය සඳහා නිල අනුමැතිය ලබාදෙන ලදී.

මෙම සිද්ධිය කන වැකුණු මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනකු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සුබ පතමින් කීවේ මෙය හොඳ ආදර්ශවත් ක්‍රියාවක් බවයි.

ඔහොම තමයි ඇමැතිවරුන් වැඩ කරන්න ඕන. විනය පවත්වාගෙන යාම ඉතාම වැදගත්" යනුවෙන් ඔවුහු දයාසිරි ජයසේකර අමාත්‍යවරයාට ප්‍රකාශ කළහ

උෟරා, මුගටියා, මොනරා, කලවැද්දා, ඉත්තෑවා, අලියා" යන නම් ප්‍රකාශ වීමත් සමඟ ඊයේ පෙරවරුවේ මැතිසබය රසවත් වූයේ සුපුරුදු පරිදි බුද්ධ ශාසන සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හඬ අවදි කිරීමත් සමඟය.

ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා එසේ වන සතුන්ගේ නම් කියන්නට වූයේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයක් හේතුවෙනි.

වන සතුන්ගේ ක්‍රියාකාරකම් හේතුකොට ගෙන ගොවීන් විශාල අපහසුතාවකට පත්වී තිබෙන බව සඳහන් කරමින් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර තිබිණි.

මේ කවුද? කියලා මම බැලුවා, වෙඩික්කාර මන්ත්‍රිතුමානේ. උෟරා, මුගටියා, මොනරා, කලවැද්දා, ඉත්තෑවා, අලියා ඇතුළු මේ හැම සතකුගෙන්ම හානි සිදුවෙනවා. ඔබතුමා අහලා තියෙන්නේ, මුළු ගොවි නිෂ්පාදනයෙන් වන සතුන්ගෙන් විනාශයට පත්වන ප්‍රමාණය කොපමණද කියලා. මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අවුරුදු 3ක්වත් යයි. දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලුම දෙනාගෙන් තොරතුරු ලබාගෙන මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුයි.

අලියා ගහලා මැරුණොත් දෙන වන්දි මුදල රුපියල් ලක්ෂ පහ දක්වා වැඩි කරලා තියෙනවා. අලියා විතරක් නොවෙයි, උෟරා ගහලා මැරුණත් රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලැබෙනවා. වගා හානි සිදු කළොත් ඒ ප්‍රමාණය බලලා වන්දි ලබාදෙනවා" යනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබතුමා වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නවා. මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්නේ කවුද?" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා විමසා සිටියේය.

ඔය කකුල් දෙකේ සත්ත්වයා තමයි සේරම විනාශ කරන්නේ" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා කියා සිටියේ වනජීවීන්ගේ වගේම මිනිසාගේද ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බවයි.

සෙල්ලක්කාර අලිත් ඉන්නවා" යනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා පැවසීය.

මෙහෙත් දඟකාර අලි ඉන්නවා" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූ ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මැතිසබය දෙසට අත දිගු කරමිනි.

මෙහේ ඉන්නේ දරුණු අලි" යනුවෙන් ඊට ප්‍රතිචාරය ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගෙනි.

ඒ කියන්නේ කියන එක්කෙනා වගේ" යනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා දෙස බලමින් සිනහසෙමින් ප්‍රකාශ කරන ලද්දේ ඔහු අසල සිටි සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාය.

තිරසර සංවර්ධනය ගැන පන්තියකට පැමිණෙන ලෙසටද ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතාට ආරාධනා කරන ලදී.

ගිංතොට ප්‍රදේශයේදී පසුගියදා ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පිළිතුරු ලබාදුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමක් වශයෙනි.

මෙම කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා නැඟී සිටියේය.

ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අදහස් දැක්වූ පොලිස්පතිතුමා ප්‍රසිද්ධියේ කිව්වා මේ සිද්ධියේදී පොලිසිය අසමත්, පොලිසිය ෆේල් කියලා. පොලිසිය අසමත් නම් එහි වගකීම ගන්නේ කවුද?" යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේය.

පොලිස්පතිතුමා එහෙම ප්‍රකාශයක් කළාද කියලා මං හරියටම දන්නේ නැහැ" සාගල රත්නායක අමාත්‍යවරයා පැවසීය.

ඒක ප්‍රසිද්ධ ප්‍රකාශයක්. මාධ්‍යයෙනුත් වාර්තා වුණා" යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පොලිස්පතිතුමාගේ එම ප්‍රකාශයට මං එකඟ නැහැ. ඒකට එකඟ නැහැ. පොලිසිය ඇතුළු වගකිව යුතු අංශ නිවැරදිව කටයුතු කරපු නිසයි මේ තත්ත්වය පාලනය කිරීමට හැකිවුණේ" යනුවෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

2017-12-06
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මාලිනී ෆොන්සේකා උපන්දිනයදා කැළණි පන්සලේදී දන්සලක් දේ

හෙළ සිනමාවේ නිළි රැජන ලෙස හදුන්වන මාලිනී ෆොන්සේකා පසුගිය දා උපන්දිනය සැමැරුවා. ඇයගේ මෙම පින්බර උපන්දිනය වෙනුවෙන් ඇය කැලණිය රජමහා

විජය වෙනුවෙන් ප්‍රතිමාව හදන්න මුල්ගල තබපු හැටි - ඡායාරූප

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා දැයෙන් සමුගෙන ගිය ද ඔහුගේ මතක සුවඳ කෙදිනකම වත් අපට අමතක කරන්න බැහැ. පසුගිය දා විජයගේ 71 වන උපන්

දෙරණ සිදුගේ.. අම්මගේ චරිතයට පන පොවන සමාධි මව් පදවියට

දෙරණ නාලිකාවේ විකාශය වන “සිදු” ටෙලි නාට්‍යය කියලා කියන්නේ.. ලංකාවේ ගොඩාක්ම දෙනෙක් නරඹන ටෙලි නාට්‍යයක් ඉතින් එකේ සිදුගේ අම්මාගේ චරි

මගේ ක‍්‍රිකට් ජීවිතයේ මාව වැටුණු අවස්ථාවන්වල මගේ ඔළුව හදලා මාව සැහැල්ලූ කරා - කෞෂාල්

ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ සිටින මහා පවුරක් ලෙසට ආරම්භක පිතිකරුවකු ලෙසටද.. කෞෂාල් සිල්වා නම් කළ හැකියි. ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවටම උචිත වූ

නිළියන් තිහක්ම මනාලියන් කරපු චන්දිමාල්. රෝසි සේනානානයක ගේ පෞද්ගලික රූපලාවන්‍ය ශිල්පියා මම

හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තිය කරගෙන තවමත් එම කර්මාන්තයන්හි බොහෝ දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ ජනපි‍්‍රය රූපලාවන්‍ය ශිල්පියෙක් ඔහු. ඒ ඔහුගේ වෘත්තී

සමහරු කන්ද එකපාරටම නැගලා එකපාරටම වැටෙනවා..... අපිනම් තාමත් කන්ද නගිනවා...

කොහොමද ඔබගේ ප්‍රසංගයට මුහුණු තුන මුණගැහුණේ...? මේ මුහුණු තුන ඇවිල්ලා වේදිකාවට නෑකම් කියන මුහුණු තුනක්නෙ. මම වේදිකාවෙන් උපන්කෙනෙක්

එකදිගට පෙනී හිටියා කියලා මට නම් අවුලක් නැහැ - කාවින්ද්‍යා

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයක් තුළින්ම ප්‍රේක්ෂක ඔබගේ හමුවට එන ඇය කාවින්ද්‍යා දුල්ෂානි. තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රියතම යොවුන්

මඩගහන කෙනා... මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ම සිද්ධවෙලා තියේ කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණ. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු.

පුතාව ක්‍රිකටර් කෙනෙක්‌ කරනවා බැරි වෙලාවත් නළුවෙක්‌ වුණොත්

දේශපාලන කටයුතුයි කලාවයි එකකට එකක්‌ ගැළපෙන්නෙ නැති ක්‌ෂේත්‍ර දෙකක්‌ කියලා අපි හිතුවට ඉඳහිට ඒවත් ගළපගත්තු අයත් අපි අතරෙ ඉන්නවා. හිරුණි

ඒ විෂුවල් එක තීක්ෂණටනම් මැච් වෙන් නෑ - බිරිද කියයි

පෙම්වතා විදියට හිටපු තීක්ෂණ පිළිබද දැන් ඔබට කොහොමද දැනෙන්නේ...? කිසිම වෙනසක් නෑ. ඒ ආදරේමයි. ඒ රැකවරණය තාමත් තියෙනවා. එකම කෙනාම

ටෙලි නාට්‍ය බලන්නේ.. peo tv නැත්නම් you tube එකෙන්.

අද නිවාඩුයි වගේ දෙන්නටම? ඔව්. හර්ෂණටයි මටයි අද නම් ගොඩාක්ම දවසකින් ගෙදර විවේකීව ඉන්න ලැබුණා. වෙන දව ස්වලට ෂූටින් වැටෙනවා නේ.

වස්ති ප්‍රඩක්ෂන් කරන ලද අළුත්ම වැඩක් මෙන්න - වීඩියෝ

වස්ති ප්‍රඩක්ෂන් කිවූ පමණින් හැමෝටම මතත් වෙන්නේ ඔවුන් මෙතෙක් කරපු හාස්‍යමය වීඩියෝ කිහිපය. ඔවුන් කාලෙන් කාලෙට වෙනස්මය නිර්මාණයන් ඔස්සේ

යුරේනිගේ....... පාළුව නැති කරපු කෙනා ගැන යුරේනි කියන කතාව

අද කාලේ මිනිස්සු රූපවාහිනිය බලනවට වඩා වැඩියෙන් කැමති රේඩියෝ චැනල් එකක් අහන්න. ඒ මොකද අද ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකා බොහොමයකම යන්නේ

ආදරේ කියන වචනෙට.. දැන් මම ගොඩක් බයයි - උදාරි කෞශල්‍යා

කලා ක්ෂේත්‍රය තුළ පසුගිය දිනවල නිතර කියැවුණු නමක් තමයි උදාරි කෞශල්‍යා කියන්නේ. ඇය ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් නැවතත් කලාවට අවතීර්ණ වෙලා

මම හරිම සංවේදී. මට හරියට දුක හිතෙනවා - ශෙහානි කහඳවල

ඇය නමින් ශෙහානි කහඳවල. ක්ෂේත්‍රයට ඇවිත් ටික කාලයක් ඇතුළතදී ලොකු ජනප්‍රියත්වයක් ලබා ගෙන අවසන්. පුංචි තිරයේ පෙම්වතිය වු ඇය එක්කයි අද අපි

මිනිස්සුන්ගේ කතන්දර... මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කළා.

ඔයාට දැන් ශලනි කියන්නද... මිතූ කියලා කියන්නද...? ම්... ශලනි කියමු නේද...? හැබැයි දැන් මම මිතූ කියන නමට ටිකක් ආසයි. මේ දවස්වල මම වැඩිපුරම

ලෙස්ටර්ගේ නැතිවූ සම්මානය බස් රථයකින් හමුවේ - ඡායාරූප

ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුවුන දිනයේ නිවසේ කලබලකාරී වාතා වරණය මැද.. ඔහුට ඉන්දියාවෙන්

පොඩි කාලයක් ඇතුළත මම නම් ලොකු ගමනක් ආවා - නිසංසලා

නිරූපණ ක්ෂේත්‍රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයකට පත්වුණු චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේ

ලබන මස මාගේ විවාහ උත්සවය - බුවනි චාපා දියලගොඩ

මීට මාස කිහිපයකට පෙර බුවිනි චාපා විවාහ ගිවිස ගත්තේ කසුන් දේවින්ද ගාල්ලගේ සමග. බුවිනි කලාවට පැමිණි දක්ෂතම රංගන ශිල්පිනියක්. ඇය පසුගියද

පිරිසක් බොරු ප්‍රචාරය කරල මාව ගණිකාවකගේ තත්වයට ඇද දලා

ගිහානි වීරසිංහ යනු මේ දිනවල මුහුණු පොත ප‍්‍රමුඛ මෙරට සමාජ මාධ්‍යන් රැසකම වැඩිපුරම කතා බහට ලක්වන චරිතය යැයි කිවහොත් එය අතිශයෝක්තියක්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad