Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

කීත් නොයාර් පැහැර ගැනීම ගැන ප්‍රකාශයක් ගන්න සිකුරාදා CIDය මහින්දගේ ගෙදරට යයි

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් කෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැවැත්වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ විරෝධතා අවසන්

දින දෙකක් තිස්සේම කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මතට නැගලා කළ උද්ඝෝෂණය නවතා දැම්මට තීරණය කර තිබේ. රැඳවියන් සහ බන්ධනාගාර ඇමති

අම්මා - මුත්තා කිව්වත් ආයෙනම් මහින්ද දාලා යන්නේ නෑ - හිටපු නියෝජ්‍ය අමැතිවරයා කියයි

ආයෙනම් ඉතින් අම්ම මුත්තා කීවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා මම නම් යන්නේ නැහැ. 16 කණ්ඩායමෙන් මුලින්ම ඒකාබද්ධ විපක්ෂයට එකතුවුණේ මමයි. මා

විජිත් විජිතමුණි සොයිසා යාපනය ගිහින් වැල්ලේ වැඩ පෙන්වයි

ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මේ දිනවල සිටින්නේ යාපනය ප්‍රදේශයේ.... සංචාරයක නිරතවයි.  මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමයන්හි නිරත වන ආකාරය

ශ්‍රීලංකාවේ මුදල් නෝට්ටු චීනයත් අච්චු ගසයි - විස්තර මෙන්න

ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක් වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් විශ්‍රාම වැටුපක් දෙන්නැයි ඉල්ලති

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කහවත්ත ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරු

විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි - විස්තර මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම - ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දි හෙට (14දා) පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ප්‍රවේශ

බස්වල රූපවාහීනි තහනම් කිරීමට ගත් තීරණයට මගීන්ගේ ප්‍රසාදය

බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් කොළඹ

ස්වීඩන් ආයෝජකයෙක්ට.. ගුවන් හමුදා නිලධාරියෙක් පහර දීලා?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයකට පහර දී , තම දූ දරුවන්ද බිය කළ

ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවාද නැද්ද - සංගක්කාර කියයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි පල වනලද

ශ්‍රී ලංකාවට ලකුණු 178 ක ජයක් - ධනංජය ලකුණ 39ට කඩුලු 6

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරගයෙන් ලකුණු 178ක දැවැන්ත.. ජයක් වාර්තා කිරීමට ශ්‍රී

මැතිඇමති වැටුප් කප්පාදු කරන්න - ධම්මානන්ද හිමි කියයි

ජනතා මුදල් වලින් නඩත්තුවන මැති ඇමති මණ්ඩලය රටට සේවයක් නොකරන්නේ නම් කළ යුතු දේ වන්නේ වැටුප් වැඩි කිරීම නොව ඔවුන්ගේ වැටුප් - වරප්‍රසාද

15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් - හේතුව මෙන්න

රජය රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්ම මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ආරම්භ කරන බව

ජනපතිතුමාගෙන් කැබිනට් එකට තද නියෝගයක්

කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචන නොකරන ලෙස කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන් හට

උපාධිධාරීන් 4000 කට 20 වනදා පත්වීම් - විස්තර මෙන්න

ගැටළු කිහිපයක් නිසා දීර්ග කාලයක් තිස්සේ ඉදන් කල් යවමින් සිටි රැකියා විරහිත උපාධිධාරී පත්වීම් මේ මස 20වැනි සදුදා ලබා දෙන බවයි අප ගොසිප් සී ලංකා වෙබ්

බැසිල් සහා ගෝඨාභය ඇමෙරිකා යති - හේතුව මෙන්න

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ‍ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රතිකාර ලබාගැනීම

කතාවූ.. විපක්ෂනායක ධුරය ගැන කතානායකගේ තීන්දුව මෙන්න

පාර්ලිමේන්තු සම්ප්‍රදා අනුව විපක්ෂනායක වශයෙන් සම්බන්ධන් මහතා තවදුරටත් විපක්ෂනායක ලෙස කටයුතු කරනු ඇති බවයි කථානායක කරු ජයසූරිය මහතා

විජයකලාගේ පරීක්ෂණය අවසන් - වාර්තා සියල්ල නීතිපතිවරයාට

කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට දැඩි ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදු කරපු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ

සැප්තැම්බර් 01 වනදා සිට ජාතික හැඳුණුම්පතට රුපියල් 100 ක්

ජාතික හැදුණුම්පත ලබා ගැනිමේදී රුපි. 100 ක මුදලක් අය කිරිමට රජය තීරණය කර තිබේ 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත යටතේ,

මරණ දඬුවම ගැන ඉල්ලපු වාර්තා තුනෙන් ලැබුණේ එකයි - ජනපති

සිරගෙදර තුළදී යළි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම දීම පිළිබඳ අවසන් තීරණ ගැනීමට අවශ්‍යවන වාර්තා තුනෙන් මේ වනවිට ලැබී ඇත්තේ

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
රාජිත වෙනුවෙන් ජනපති ඇවිත් - සජිත් සහ ජයන්ත ගැටේ
GossipClanka.com

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04දා) පාර්ලිමේන්තුවට පැමිණියේ විශේෂයෙන්ම සිය කැබිනට් අමාත්‍යවරයකු වෙනුවෙනි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිසබයට පැමිණියේ උදෑසන 10.47ට පමණය. ඒ අවස්ථාවේදී

 

අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වමින් තිබුණු අතර සාකච්ඡා කරමින් සිටියේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැතිසබයට පැමිණෙන විට විවාදයට එක්වෙමින් සිටියේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න මහතාය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග ගැන රාජිත සේනාරත්න අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු දක්වන්නට වූ අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඒ සඳහා යොමු කළේ දැඩි අවධානයකි.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා අසලට පැමිණ සාකච්ඡා කරන්නට විය. ජනාධිපතිවරයාට දකුණු පසෙන් පිහිටි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාගේ ආසනයේ අසුන්ගත් දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා මහත් ඕනෑකමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටියේය.

ජනාධිපතිවරයාට තරමක් සමීප වී යම්කිසි කරුණු කිහිපයක් මහත් උනන්දුවෙන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කතාබස් කරමින් සිටින අයුරුද දැකගැනීමට හැකි විය.

විනාඩි 10ක පමණ කාලයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා අතර කතාබහ සිදුවූ අතර ඇතැම් අවස්ථාවලදී දෙදෙනා සිනහවෙමින් කතාබස් සිදුකරන ආකාරයක්ද දක්නට ලැබිණි.

එම කතාව අවසන් කළ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් වී තම අසුනට ගොස් අසුන්ගත් අතර ජනාධිපතිවරයා මැතිසබය තුළ සිටින බව දැනගත් ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් බොහෝ දෙනකු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන තත්ත්වයක් දක්නට ලැබිණි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අසලට පැමිණ කතාබස් කළ තවත් අමාත්‍යවරයෙකි. හිටගෙන කතාකරමින් සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට අසුන්ගෙන කතාකරන ලෙස ජනාධිපතිවරයා අතින් සංඥාවක් කළේය.

ජනාධිපතිවරයාට වම් පසෙන් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආසනයයි. මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මැතිසබය තුළ නොසිටියේය. නමුත් අග්‍රාමාත්‍යවරයාගේ ආසනයේ අසුන් නොගත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සභානායකවරයාගේ ආසනයේ අසුන්ගෙන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ කතාකරන්නට විය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඉවත්ව ගිය පසුව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා යළිත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අසලට පැමිණ කතාබහ කරන්නට විය.

මේ අවස්ථාවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු යම් පණිවුඩයක් සඳහන් කරමින් චිට් එකක් පාර්ලිමේන්තු වේත්‍රධාරී කාර්ය මණ්ඩලයේ සේවකයකු අත ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක අසුන්ගෙන සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යැව්වේය.

එම චිට් එක කියවූ ජනාධිපතිවරයා තම හිසෙන් සංඥාවක් කළේ එම පණිවුඩයට තම එකඟතාව පළ කරන්නාක් මෙනි.

‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන කතාකිරීමටද අමතක කළේ නැත.

හිටපු සෞඛ්‍ය ඇමැති, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම මං බෙහෙවින් අගය කරනවා. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂවලටත් කතා නොකරපු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට පැමිණ සිටීම ගැන කෘතඥතාව පළ කරනවා' යනුවෙන්ද ‍ෙදාස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිතුමාට තියෙන ළෙන්ගතුකම නිසානේ ජනාධිපතිතුමා පැමිණිලා ඉන්නේ' යනුවෙන් ඊට යමක් එක් කරන ලද්දේ මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාය.

මට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන ළෙන්ගතුකම නිසා තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්නේ' යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාය.

ඉන්පසුව මැති ඇමැතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම පැමිණ මැතිසබය තුළදීම ජනාධිපතිවරයා හමුවූහ.

මේ අතර පසුගිය දිනවල වැඩිපුරම කතාබහට ලක්වූ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනට වී සිටි අතර රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද ඔහුගේ ආසනයේ අසුන්ගෙන සිටින ආකාරයක් දක්නට ලැබිණි.

සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා, රවි කරුණානායක මන්ත්‍රිවරයා අසලට ගොස් අසුන්ගෙන යම් වේලාවක් කතාබස් කරමින් සිටියේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවාදයට එක්වෙමින් කියා සිටියේ පසුගිය වසර තුනක කාලය තුළ අමාත්‍යාංශ නිවැරැදිව මෙහෙයවීම ගැන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාටත්, රාජිත සේනාරත්න අමාත්‍යවරයාටත් ස්තුති වන බවයි.

ජාතික නිවාස සංවර්ධන වැඩසටහන රටපුරා සාර්ථකව ක්‍රියාත්මක කිරීම අගය කළ යුතුයි. ඒ වෙනුවෙන් වෙහෙස නොබලා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යාංශය වැඩකටයුතු කරගෙන යනවා" යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය දෙස අවධානය යොමු කළ ජනාධිපතිවරයා තමන් පාර්ලිමේන්තුවට පැමිණි හේතුවද පැහැදිලි කළේය.

මං ආවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් අදහස් දැක්වීමට. රාජිත සේනාරත්න අමාත්‍යවරයා බොහොම පින්වන්ත අමාත්‍යවරයෙක්. නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් රාජිත අමාත්‍යවරයා නිදහසේ වැඩ කරනවා. නමුත් මං සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස වසර 5ක් කටයුතු කරනකොට මෙවැනි නිදහසක් තිබුණේ නැහැ. ඔෟෂධ පනත, දුම්වැටි සඳහා සීමා පැනවීම ඇතුළු කාරණාවලදී ඒවා ක්‍රියාත්මක කරන්න නොදී කොපමණ බාධා එල්ල වුණාද? නමුත් දැන් මං ජනාධිපති වශයෙන් ඇමැතිවරුන්ට නිදහස ලබාදීලා තියෙනවා වැඩ කරන්න" යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විට ඇතැම් මැති අමැතිවරු මේසවලට තට්ටු කරමින් සිය සතුට ප්‍රකාශ කළහ.

බියර් මිල අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුටට පත්ව සිටියේ නැත.

ජනතාවගේ සෞඛ්‍ය ගැන බලනවිට බියර්, අරක්කු, සිගරැට් සඳහා සහන ලබාදීම සුදුසු වන්නේ නැහැ. ඒවා ජනතාව අතරට යෑම වැළැක්විය යුතුයි. එමඟින් ලාභ ලැබීම බලාපොරොත්තු නොවිය යුතුයි. පිටරටින් සිගරැට් ගේන එකටත් එකඟ වෙන්න බැහැ. ඒකත් සුදුසු දෙයක් නොවෙයි යනුවෙන්ද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපතිවරයා තම කතාව අවසන් කරන විට ආණ්ඩු පක්ෂයෙත් දෙමළ ජාතික සන්ධානයෙත් ජනතා නියෝජිතයෝ අත්පොළොසන් ලබා දුන්හ.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මේසයට තට්ටු කරමින් සිය ප්‍රසාදය පළ කරන අයුරු දක්නට ලැබිණි.

එම අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම ආසනයේ යළි අසුන් ගත් අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ අසුන් ගෙන විනාඩි 15ක පමණ කාලයක් කතාබස් කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජාතික නිදහස් පෙරමුණ තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලන අර්බුදය ගැන මෙහිදී කතාබස් වූ බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් මැතිසබය තුළදී ජනාධිපතිවරයා හමුවීමට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පමණි.

ඒ. එච්. එම්. ෆවුසි ඇමැතිවරයාද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අසලට පැමිණ ජනාධිපතිවරයාගේ කනටම කර යම් කරුණු කිහිපයක් ප්‍රකාශ කරන අයුරු දක්නට ලැබිණි.

ඉන් අනතුරුව රිෂාඩ් බදියුදීන්, වජිර අබේවර්ධන, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ යන ඇමැතිවරුද ජනාධිපතිවරයා අසලට පැමිණ සාකච්ඡා කළහ.

දහවල් 12.05ට පමණ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මැති සබයෙන් පිටතට යෑමට පැමිණෙනවාත් සමඟම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මැතිසබයට පැමිණියේය. ජනාධිපතිවරයා දුටු අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සමඟ කතාබස් කරමින් ආණ්ඩු පක්ෂයේ ආලින්දයට පැමිණියේය. ඒ යන අතරතුර නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සමඟ ජනාධිපතිවරයා කතාබස් කළේය.

ඉන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙවැනි මහලේ පිහිටා තිබෙන ජනාධිපති කාර්යාලයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විනාඩි 10ක පමණ කාලයක් කතාබස් කළේය.
ඉන් අනතුරුව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාත් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයා සමඟ කතාබස් කළහ.

වෙනදා මැති සබය තුළ දක්නට ලැබුණු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අති බහුතරයක් ඊයේ දින මැතිසබය තුළ දක්නට නොවීය. මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකු හැරෙන්නට අනෙක් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බදුල්ලේ පැවැත්වෙන රැස්වීමට ගොස් සිටි නිසා ඒකාබද්ධ විපක්ෂයේ පුටු හිස් වී තිබිණි.

ඒකාබද්ධ විපක්ෂය නැතිව අද හරිම පාළුයි" යනුවෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කතාකරමින් පැමිණියේ දිවා ආහාරය ලබා ගැනීම සඳහා මන්ත්‍රි භෝජනාගාරය වෙත යන අතරතුරදීය.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැති එකම උණුසුම්කාරී අවස්ථාව වූයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවයි.

සේවකයන් වැඩිපුර පුරවලා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගිලා බසී" යනුවෙන් ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය.

හොරා කෑවා, ගසා කෑවා. වීරවංශ මහතාට උත්තර දෙන්න එන්න කියන්න" යනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

දෙදෙනා අතර උණුසුම් අදහස් හුවමාරුව විනාඩි කිහිපයක් තිස්සේම පැවැතිණි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂාන් විතානගේ මහතා ඊයේ දින ප්‍රශ්නයක් යොමුකර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටය.

රත්නපුර දිස්ත්‍රික්කයේ පාරම්පරික මැණික් පතල් කරුවන්ට මේ වන විට එම කර්මාන්තය අහිමි වී යමින් තිබෙන බව හේෂාන් විතානගේ මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බවයි.

පතල් කැණීම් බලපත්‍ර ඇමැතිවරුන්ගේ බිරින්දෑවරුන්ට, ඥාතීන්ට ලබාදීලා තියෙනවා. අහිංසක පාරම්පරික කර්මාන්තකරුවන්ට අද නිසි තැන ලැබෙන්නේ නැහැ." යනුවෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂාන් විතානගේ මහතා පැවැසීය.

ඒ කවුද? ඒ කවුද? කැතයි, ලැජ්ජයි" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. ඒ. විජේතුංග මහතා ප්‍රකාශ කළේ තේ මිලද හොඳටම පහත වැටී තිබෙන බවයි.

මේ කතාවට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට තද විය.

එහෙම නැහැ. මේ වන විට තේවලට ඉහළ මිලක් ලැබී තිබෙනවා" යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

2017-12-05
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

කිස්එක ඕන කියල අගමැතිතුමාට කිව්වේ මම - පූජා උමාශන්කර්

මෙවර පැවති සරසවි සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි වුණු සම්මානය දිනා ගත්තේ පූජා උමාෂන්කර් ඉතින් මෙම සම්මාන උළෙලේදී ඇය විසින් ලබාගත්තු

රජිතගේ කුකුල් කේන්තියට බිරිද ඇන්ඩ්‍රියා කැමැති නෑලු

සියට දෙසීයක් ගෙදර වැඩ වලට සහයෝගය දෙනවා. එයා ගෙදර හිටියොත් ගෙදර වැඩවලටත් උදවු කරනව. එයා කැමතී ඉන්ටර්නෙට් එකෙන් බලලා අලුත් කෑම වර්ග..

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයයි එහෙන් මාස් පතා ලැබුණු ලක්ෂ 9යි මට නැතිවුණා - ගීතා කියයි

මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක. ඒ දේශපාලනය නිසයි මට තිබිච්ච ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය

අම්මාත් හිතන් ඉඳලා තියෙන්නේ මම ගීතාව කසාද බඳී කියලා

මම තවම තනිකඩයි. ගීතයි මමයි හොඳ යාළුවෝ. ගුරුවරියක් වුණු සිනමාව පිළිබඳ ඉතාමත් අඩු උනන්දුවක් දැක්වූ මගේම අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම

පිරිමියක් විදිහට ඉපදී ගැහැණියක් වුණු භූමිට සම්මානයක් - අගමැති සමග ගත්තු සෙල්ෆිය මෙන්න

භූමිට. මෙවර සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ඔබට ලැබුණා.. මේ භූමිට ලැබුණු තුන්වැනි සම්මානය...? ඔව්... මේ වනවිට මට සම්මාන 3ක් ලැබුණා.

හේමාල්ට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රචාරක හා ප්‍රවර්ධන තනතුරක්

ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා, ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ... පීපල්ස් ලීසිං සමාගමත් සමග.. ගිවිසුමක් අත්සන් කර ඇති බව ආරංචියක්

නිරෝෂාගේ.. වෙබ් අඩවිය සදහා සම්මානයක් හම්බවෙලා...

රසිකයන්ගේ හදවත් දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනිය නිරෝෂා විරාජනීහට මෙරට කලාකරුවකුට නොලැබෙන අන්දමේ ශ්‍රීලාංකීය සම්මානයක් හිමිව තිබෙනවා... ඒ

මාමඑදා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ට

තමා විසින් ජයග්‍රහණ කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීම පිළිබදව පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට

Oura සංගීත කණ්ඩායමේ ගිහාන් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී

Oura කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Oura සංගීත කණ්ඩායමේ ඉන්න ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානිකර

මාලනී ෆොන්සේකා සිනමා දිවිය ට දසක පහක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක්. විස්තර මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමය මෙහෙවරක් කරන ලද අග්‍රගණ්‍ය රංගවේදිනීය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමිය මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට දසක

ප්‍රවීන ගායන ශිල්පී w ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන

මට ලැබෙන විශ‍්‍රාම වැටුපත් හුගක් දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා ඈ දැක්වූ දස්කම් නිසා. පබා ලෙසට නමක් දිනාගත්තු ඇය අද දවසේ

යාළුවො කොහේදී දැක්‌කත් තවම මට කියන්නෙ චීන කියලා.

ටිකක්‌ විතර නාහෙට අහන්නෙ නැති හොද චරිතයක්‌. මටම කියල යාළුවො හිටියෙ ටිකක්‌ අඩුවෙන්. වයසින් වැඩි අය තමයි ගොඩක්‌ වෙලාවට ආශ්‍රය කරන්නම හම්බ

ආදරයට එහෙම වෙන එකක් නෑ - එදා කාමරයේදී වුණේ කුමක්ද? ධනුෂ්ක සියල්ල හෙළි කරයි

මොහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවෙකි. වමතින් පන්දුවට පහරදෙන මොහු තරග උඩි යටිකුරු කරන්නෙකු ලෙසින් ප‍්‍රසිද්ධියක් උසුලයි. පිටිය සිසාරා

මම දන්නේ නෑ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද කියලා

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල දී පුංචි තිරයේ නිතර අපට දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව

ඉරාඡ් කරන අලුත්ම බිස්‌නස්‌ එක - ටී ෂර්ට්‌ විකුණන්නත් අරන්

ඉරාඡ් වීරරත්න යනු හැමදාමත් වෙනස්‌ම විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ... ඉරාඡ්

හෂිනි නිකම්ම නිකං ස්ත්‍රියක් හෝ කාන්තාවක් නෙමෙයි - වික්ටර්

පෞද්ගලික ජීවිතේදී ඔබ ගත් තීන්දු තීරන එක්ක සමාජ මාධ්‍ය ඔබට හරියට පහරදෙන්න ගත්තා නේද? මම පහරදෙන ඒවාට හරි කැමැතියි. එහෙම පහරදෙන එක

අසාම් ජනප්‍රියම මාධ්‍යවේදියා හට හිමි සම්මානය දිනාගනී...

ඔබට පසුගියද ලැබුණු ජයග්‍රහණය ගැන කතා කරමු. 2018 සමාජ මාධ්‍ය උළෙලේ සමාජ මාධ්‍ය තුළ වසරේ ජනප්‍රියතම මාධ්‍යවේදියාට හිමි සම්මානය මට හිමිවුණා. ඔබ

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

දයා ගමගේ ඇමැතිවරයගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කරනවා

ප්‍රසංග වේදිකාව සදහා නැතුවම බැරි ප්‍රසිද්ධ නිවේදකයකු වන තිලක් කුමාර රත්නායක පසුගිය දවස්වල ඕස්ට්‍රේලියා ගියා කියලා ආරංචියක් ලැබුණා. ඒ කියන්නේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad