Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

පොල් ගෙඩියක මිල රු:75 ක් විය යුතුයි. පොල් මණ්ඩල සභාපති

පොල් ගෙඩියක මිල උපරිම රුපියල් 75ක් විය යුතු බව පොල් වගා කිරීමේ... මණ්ඩලය පවසයි. එහි සභාපතිවන කපිල යකන්දාවල මහතා පෙන්වාදෙන්නේ.... පොල්

ලංකාවට ආවේ හොරෙන් නොවේ. ජනපති මෛත‍්‍රීගේ ආරාධනයෙන් - ගෝලීය දෙමල සංසද ප‍්‍රධානී

තම ලංකා සංචාරය කිසිදු ආකාරයේ රහසිගත සංචාරයක් නොවන බවත් තමාට ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයක නිරත වනලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

28 හැවිරිදි... අවිවාහක තරුණයාට මරණ දඬුවම් හතරක් නියම කරයි

එප්පාවල සඳරැස්ගමදී එකම පවුලේ පියාට මවට, දියණියට සහ පුතාට.... අත් පොරවකින් කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ අනුරාධපුර මහාධිකරණය හමුවේ

සමාජ වෙබ් අඩවිවලින් සහා මුහුණු ‍පොතේඅපරාධ සෙවීමට ඒකකයක්

අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි වලින් සහා මුහුණු ‍පොතෙන් සිදුවන... අපරාධ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්

මරික්කාර් ජනාධිපති කොමිසමට.. ස්වකැමැත්තෙන්ම සාක්ෂි දෙයි

මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ... සිදුවීම සම්බන්ධව වගකියන්න යුතු අපරාධකරුවන්ව ජනපති කොමිසමට හොයාගන්න හැකිවේවා කියා.. තමන් ප්‍රාර්ථනා

සිසුවියකට... අමුතුම ක්‍රීඩා පාඩමක් ඉගැන්වූ නිලධාරියා අත්අඩංගුවට

යාපනය වේලනෙයි ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණුවීම කරන අතරවාරය තුළදී සමෘද්ධි නිලධාරියකු විසින් සිපගත් තැයි සැකපිට එම සමෘද්ධි නිලධාරි

පුත්තලමේ.. සන්ධාන මන්ත්‍රීවරුන් පිරිසක් පොහොට්ටුවට එක් වෙති

පුත්තලම් දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජන කරන මන්ත්‍රීවරු පිරිසක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. මේ

සිල් රෙදි දඩය ගෙවන්න... භික්‍ෂූන් පිණ්ඩපාතේ යාම කැත වැඩක්.

සිල් රෙදි බෙදා දීමේ වරදට සිර දඬුවම් පනවා සිටින අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට නියම කර තිබෙන දඩ මුදල ගෙවා දැමීම සදහා භික්‍ෂූන් වහන්සේලා.. පිණ්ඩ

කොදෙවුවන් එංගලන්තයට පරදී.. ශ්‍රීලංකාව 2019 ලෝක කුසලානය අවධානමෙන් ඉවතට

2019 පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරග වයටයට තරග කිරිමේ අවදානම ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරමින්...

අබිරහස් හෙලිකොප්ටරයක් අමුතු උපකරණයකින් නිධන් සොයයි

ඊයේ දින මිල්ලනිය, පාතකඩ ඉහල අහසේ බොහෝ වේලාවක් සැරි සරණ ලැබූ හෙලිකොප්ටර් යානාවක් නිසා ප‍්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ඇති විය. ඒ

හාමුදුරුවරුන් වඩින්නේ....... සුපිරි වාහනවලින් බව කවුද කට කැඩිච්ච මනුස්සයෙක් කියලා තිබුණා...

හාමුදුරුවරු තමයි මේ රටේ සුඛෝපභෝගී තම වාහන පාවිච්චි කරන්නේ කියලා මේ ළඟදි කවුද අර.... කට කැඩිච්ච මනුස්සයෙක් කියල තිබුණා. බෙන්ස් කාර්වලින්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සදහා මිලියන 460ක් ගෙව්වේ ලංවිමෙන්.

මහින්ද රාජපක්ෂගේ රජය සමයේදී ඔහුගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ... අභ්‍යාවකාශ ගතකරපු සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක් මුදල් ලබා

වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාව අත්අඩංගුවට ගන්නැයි... කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද(18) වරෙන්තු නිකුත් කළා. ඒ, ජානිපෙ

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ට ලංකාවෙන් උත්තරයක්

මියන්මාරය වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයින් හට කිසිසේත්ම ලංකාවට ඇතුළුවීමට ඉඩක් නොමැති බවයි ශී‍්‍ර ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු

ෆොන්සේකා නහින්නේ කට හින්ද - සුනිල් හඳුන්නෙත්ති කියයි

සරත් ෆොන්සේකා මහතා නහින්නේ කට නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. තමන් සරත් ෆොන්සේකා

ජනාධිපති තුමන් කතා කරන විට... 'හිටං' කියන්නේ ඇයි? - වීඩියෝ

දේශපාලනික කරුණු  වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති තව හේතු කාරණා කිහිපයක්ම ඇත... නිසැක

සනත් ජයසුරියගේ තැන... ග්‍රැහැම් ලැබ්රෝයිට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත්කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය... තීරණය කර තිබේ. ඒ හිටපු තේරීම් කමිටු

පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී... PC වෙඩි තබාගෙන සියදිවි හානි කරන්

 බණ්ඩාරවෙල, ඇති බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී පොලිස් කොස්තාපල්වරයෙකු... වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව අපට වාර්තාවේ.

සිංගර් ශ්‍රී ලංකා සමාගම... ධම්මික පෙරේරා මිලට ගනී...

ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම ශ්‍රී ලංකාවේ අංක එකේ.... බිලියනපතියාද වෙන.. ධම්මික පෙරේරා සිංගර් ශ්‍රී ලකා සමාගමත් මිලට ගෙන තිබේ... ඒ

තවත් ඡන්ද පොල්ලක්. ආරියරත්න ඇතුගල මහතාටත් ‍නඩුවක්

2015 වසරේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අට වසරක සංවර්ධන කටයුතුවලට අදාළ කෙටි සටහන්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
2011 අවසන් තරගය ගැනත් පරීක්ෂණ.. පවත්වන්න
GossipClanka.com

2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි තමන්ද ඉල්ලා සිටින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. එමෙන්ම

 

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටී. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ  සුදු පිරුවටින් වැසී සිටින ක්‍රීඩකයින්ගේ අභ්‍යන්තරය ගැන තමන් හොඳින් දන්නා බවයි. අද (13) උදෑසන පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් ඔහු මේබව කියා සිටියේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති එම හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ 2009 වර්ෂයේ පාකිස්ථාන සංචාරය සිදු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ව සිටි එස්. ලියනගම මහතා බවයි.

දැන් ඔය සංගක්කාර මහත්තයා කියනවා නම් පරීක්ෂණයක් පවත්වන්න කියලා පරීක්ෂණයක් පවත්වන්න. මමත් කියන්නේ පරීක්ෂණයක් පවත්වන්න. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස සිටියේ ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයි. පී. එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා.  ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා. ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුණේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්ථානයට ගිය ක්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවැති ආසියානු කුසලානයට ගියා. ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා. මම වෙනම පුද්ගලයෙක්ව යැව්වා ඒ ආරක්ෂාව බලන්න. ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය යනකොට ඕනතරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයි. පී. එල්. ඕනේ නැහැ කියලා. නමුත් රටට ගහන්න වෙන කොට බෝම්බ ගහනවා කියලා කථා කරන්න නම් ක්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා.

මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා. තරගවල උඩ පන්දු අතහරින ඒවායි, බඩවල් ගැනයි කථා නොකර තරග පරදින හේතු හොයලා බලන්න. ඔය කථා කරන ක්‍රීඩකයින්ටත් දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා, මොනවා හරි වෙලා තියෙනවා නම් මෙන්න වෙච්ච දේ කියලා ඇවිල්ලා කියන්න. ඒ තරගාවලියේදී මමත් ඉන්දියාවේදී විස්තර විචාරයේ යෙදුණා. මටත් ලොකු කනස්සල්ලක් සහ සැකයක් ඇති වුණා. මට දැන්ම කියන්න බැහැ ඒවා මොකද්ද කියන එක. මම කරුණුත් එක්ක කවදක හරි දවසක ඒවා කියනවා. මං නම් කියන්නේ පරීක්ෂණයක් කරන්න ඕන නම් කරන්න ඕන මෙවැනි දේවල් ගැන.

විශේෂයෙන්ම අමතක කරන්න එපා, පකිස්ථානය 96 ලෝක කුසලාන තරගාවලියට පෙර තමන්ගේ රටේ කණ්ඩායමෙන් භාගයක් ඉන්දියාවත් එක්ක අපේ රටට එව්වා. එදා ඔවුන් අපේ රටේ ප්‍රශ්නයක් නැහැ, ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා ලෝකයටම පෙන්නුවා. ඒවත් අපි අවධානයට ගන්න ඕන. පාකිස්ථානය අපේ ආසියාවේ සහෝදර රටක්. ඒව ගැන දන්නේ නැතිව මේ එක එක ක්‍රීඩකයෝ එක එක දේවල් කියනවා. අනෙක් පැත්තෙන් ගත්තහම ඉන්දියාවේදි තමයි එල්. ටී. ටී. ඊ තර්ජනය අපිට වැඩියෙන්ම තිබුණේ. නමුත් ඔය එකම ක්‍රීඩකයෙක්වත් ඉන්දියාවට යන්න බැහැ කිව්වේ නැහැ. මොකද ඒ ගොල්ලෝ දන්නවා බැහැයි කිව්වොත් අයි. පී. එල්. තරගාවලිය ලැබෙන්නේ නැහැයි කියලා. අයි. පී. එල්. තරගාවලියට යනකොට බෝම්බයක් ගියත් ඒවා මේ ක්‍රීඩකයින්ට පේන්නේ නැහැ.

අපේ ක්‍රීඩකයින්ට වැදගත් විය යුත්තේ රටේ ක්‍රිකට්. ඒ ගොල්ලන්ගේ මැනේජර්ලයි, ඒගොල්ලන්ට සල්ලි හම්බ කරලා දෙන අයයි නෙමෙයි වැදගත් විය යුත්තේ. අද රටේ ක්‍රිකට් වැටිලා. ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කථා කරන්නේ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේර ගන්න කථා කරනවා. මම නම් කියන්නේ ඒජන්තවරුන් සම්බන්ධයෙන් වන නීති පැනවිය යුතුයි. එක් ඒජන්තවරයකුට ක්‍රීඩකයෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් කියලා නීතියක් ගෙන ආ යුතුයි. මම දන්න විදියට එක කණ්ඩායමකට ඔය චාලි ඔස්ටින් කියන තැනැත්තගේ ක්‍රීඩකයෝ පහ, හය, හත ගහලා තියෙනවා. අනිත් එක මේ පුද්ගලයා පිටරටින් ආපු පුද්ගලයෙක්. ඔහු මේ රටෙන් උපයන මුදලට බදු ගෙවලා තියෙනවද ? ඒව ගැන සොයන්න. මම කිසිම ක්‍රීඩකයෙක් පහත් කරලා කථා කරන්නේ නැහැ. නමුත් සුදු පිරුවටින් වහන් ඉන්න අයගේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මම දන්නවා....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

2009 දී ක‍්‍රිකට් කණ්ඩායම මරවන්න හැදුවා - සංගාගෙන් බරපතල චෝදනාවක්..
පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉලක්ක කරමින් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් වසර 08කට පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසීය.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට හැමෝටම අමතකවී ඇති බවත්, තමන්ට නොයෙකුත් චෝදනා එල්ල කරන පුද්ගලයන් මෙම ප්‍රහාරයට අදාළව වචනයක් හෝ කතාකර නොමැති බවත් සංගක්කාර එහිදී පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංගක්කාර, “මම හිතන්නෙ ලාහෝර් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලක මණ්ඩලයක් විදිහට එවකට හිටපු ලෝක පාලක මණ්ඩලය ගත යුතුයි. මොකද අපි ඒ දවස්වල ඇහුවා මෙම සංචාරයට සහභාගීවන්න හොඳයිද? ඒකට පරිස්සමක් තිබෙනවාද? අපිට රක්ෂණයක් ලබාගන්න පුළුවන්ද, මොනවාහරි වුණොත් කියලා.

ඒ සියලු ප්‍රශ්න අපි එවකට හිටපු පාලක මණ්ඩලයෙන් ඇහුවා. ක්‍රීඩකයන් හැටියට අපි කවදාවත් සංචාරයක් යන්න බැහැ කියලා නැහැ. අපි ගියා. අපි ලාහෝර් ප්‍රහාරයට මුහුණ දීලා ලංකාවට ආපුවාම අපි කවදාවත් වන්දි ඉල්ලලා කෑගහලා නැහැ. ක්‍රිකට් පාලන මණ්ඩලයට හෝ ඉස්සෙල්ලාම ඒ තරගාවලිය සංචාරය ලෑස්ති කරපු කට්ටියට අපි කෑගහලා අරවා මේවා කරලා නැහැ. හික්මීමකින් මානසිකත්වය දැඩි කරගෙන අපි නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළා.

දැන් මම පකිස්තානු සුපර් ලීග් එකේ ක්‍රීඩා කළා. ඔවුන් අවසන් තරගය ලාහෝර් නගරයට ගෙනියන්න තීරණය කළා. පසුව අපෙන් ඇහුවා ජාත්‍යන්තර ක්‍රීඩකයන් විදිහට ඊට සහභාගීවෙනවාද කියලා. මම කිව්වා මම යන්නෙ නැහැ කියලා. මහේලත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයනුත් විශාල පිරිසක් කිව්වා යන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් කිව්වා නෑ අපි මේකට ගෙවීමක් කරනවා කියලා.

සමහරුන්ට ඩොලර් ලක්ෂයක්, තවත් අයට ඩොලර් පනස්දාහක් ගෙවනවා කියලා. එතකොට අපි කිව්වා මේක මුදල් ගෙවලා යවන දෙයක් නම් අපි කවදාවත් එන්නේ නැහැ කියලා. මොකද ජීවිතයක් මුදලකින් තක්සේරු කරන්න බැහැ. එතකොට අඩුවෙන් ගෙවන කෙනාගේ ජීවිතය අපේ ජීවිතයට වඩා අවතක්සේරු කරලද ඔයගොල්ලෝ බලන්නේ කියලා අපි එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා.

අපි ක්‍රීඩකයන්ගෙන් ආරක්ෂාව පළමුව බලනවා. ඒ දේ හරියට කරන්න හැම පාලක මණ්ඩලයක්ම බැඳිලා ඉන්නවා. එහෙත් මට කනගාටුයි සමහර වෙලාවට ලාහෝර් සිද්ධිය ගැන. ඒ සංචාරය අපිව යවන්න ඉස්සෙල්ලාම තීරණය කරලා, ඒ සියලු දේ සැලසුම් කරපු එක්කෙනෙක්වත් අද වනතුරු වගකීමක් හෝ කිසිම දෙයක් අරගෙන නැහැ. ඒක කරන්න ඕනනම් කරන්න පුළුවන්. එහෙම හොයනවානම් හුඟාක් දෙනෙක්ට ඇඟිලි දික්කරන්න පුළුවන්.

2009 දී අපි අහපු සියලු ප්‍රශ්න නොතකා, අපේ ආරක්ෂාව ගැන නොතකා මැරෙන්නම කියලා වගේ අපිව පකිස්තානු සංචාරයක් යැව්වා. එහිදී සමහර ක්‍රීඩකයන්ට වෙඩි වැදිලා තුවාල වෙලා ආවේ. මගේ ඇගේ ඒ වෙඩි වැදිච්ච යකඩ කුඩු තාමත් තිබෙනවා. ඉතින් මං හිතන්නේ ඒ දේ ගැනත් බලන්න ඕන.

ඇත්තටම ඒ සංචාරය සූදානම් කළේ වගකීමකින්ද? නැත්නම් පෞද්ගලික වුවමනාවකටද? නැත්නම් අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හරියට බලලද යන්න මේ සියලුම දේවල් ගැන පරීක්ෂණයක් කළ යුතුයි. ඒ සඳහා සුදුසුම කාලය මේ. අද වනතුරු මම කිසිම පාලක මණ්ඩලයකින් කතාවක් කරලා නැහැ. ඒ පිළිබඳව අමතක කරලා තියෙන්නේ. කවුද මේකට මුල් වුණේ, කවුද මේක බැලුවේ කියලා. ඒ සියලු දත්ත දිහා බලලා පරීක්ෂණයක් කළ යුතු” යැයි ප්‍රකාශ කළේය.

2017-07-13
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

සුමති සම්මාන උළෙලේ... හොඳම නළුවා සහ නිළිය මෙන්න...

පුංචි තිරයේ අසිරිමත් මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල... (20) කොළඹ, නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 22වෙනි වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින්

ජනප්‍රිය නිළියක වන විනූ සිරිවර්ධන උපන්දිනය සැමරූ හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ.. ක්‍රිකට් තරුවක් විවාහකර ගැනීමට යන බවට පැතිර ඇති කතාව අසත්‍ය බව.... ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන කියා සිටී. සතිඅන්ත ජාතික පුවත්පතක

මේ දවස්වල සෙනසුරාදා සුදර්ශියේ මම Class කරනවා...

කාලයක් තිබ්බ ලොකු අයියගේ Workshop එක හරහා නළු නිළියන් බොහොමයක් අද වෙද්දී දක්ෂම නළු නිළියන් වෙලා තියෙ නවා. ඒත්.... අද ලොකු අයියාගේ

බිරිද ඩිසයින්කරන සාරි විකුණන්න අමිල තැනක්‌ හොයනවා...

පුංචි තිරයේ කඩවසම් පෙම්වතා ඔහු. ඔහු පුංචි තිරයට අලුත් සුන්දර මුහුණු රාශියක්‌ එක්‌ කරපු නිහතමානිම.. රංගන ශිල්පියෙක්‌. ක්‌ෂේත්‍රයේදී කවුරුත් දන්නා නිසා

කෙල්ලන් හත් දෙනකුට දවස් 7 ට ආදරේ කරන කොල්ලෙක් මෙන්න

ලස්සන කෙල්ලන් 7 දෙනකුට දවස් හතට ආදරේ කරන සුපිරි කොල්ලෙක් ඉන්නවා කිව්වම ඔබ පුදුම වේවි. හැබැයි ඉතින් එහෙම කොල්ලෙකුත් ඉන්නව ඒ කොල්ල

මම තමයි මේ ක්ෂේත්‍රයේ ඉන්න.... කම්මැළිම ගායිකාව - බේබි ශානිකා

ශානිකා වෙනදාට වඩා දැන් කාර්යබහුල වෙලා නේද? අනේ.. ඇත්තටම ඔව්. පාසල් නිවාඩුවත් එක්ක... ටිකක් කාර්යබහුල වුණා. සංගීත වැඩකටයුතුවල දැන් ලොකු

අපි විවාහ උත්සවේ ගන්න තීරණය කරල තියෙන්නෙ ලබන අවුරුද්දෙ

සද්ද බද්ද නැතුවම කසාද බැන්ද නේද? ඇත්තටම අපිට සද්ද කරන්න වෙලාවක්‌ තිබුණෙ නෑ... අපි විවාහ වෙන්න.. තීරණය කර ගෙන හිටියෙ ලබන අවුරුද්දෙ....

ජනාධිපති තාත්තා ගැන... ‍පොතක් ලියන්න හිතුණේ ඇයි - චතුරිකා

ඇය චතුරිකා සිරිසේන නම් විය. මෛත්‍රීපාල සිරිසේන නම් වූ රජරටින් බිහි වත්මන් ජනාධිපති වරයාගේ ආදරණීයම දියණිය වූ චතුරිකා සිරිසේන ග්‍රන්ථයක් ලීවා

සචින්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට ළංවෙයි

ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම පිතිකරුවෙක් මෙන්ම, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත චරිතයක් වන... ඉන්දීයා සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු අර්ජුන් තෙන්ඩුල්කාර් වෘත්තී

පෙම්වතියගේ උපන්දිනයදා ඇයව පුදුම කරන්න අකිල කරපු දේ

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය තරුණ නළුවෙක්. කලාව තුල ඉහළින්ම වැජඹෙන අකිලගේ

අපේ විවාහ දිනයේ පින්තූර.. කිසිම පත්තරයක පළවුණේ නෑ - දිල්හානි

සිංහල සිනමාවේ.... ස්‌වකීය රංගන මුද්‍රාව තබන දිල්හානි ඒක නායක ජනප්‍රියත්වයෙන් මෙන්ම සම්මානනීයත්වයෙන්ද උපරිමය කරා ගමන් කරපු ශිල්පිණියක්‌ය.

මට වැඩිපුර ඉල්ලුමක් තියෙන්නෙ අහිංසක චරිතවලට.

ජීවිතේනම් හොඳයි. හොඳින් ගෙවිලා යනවා. සංකාරා සහ මහදැනමුත්තා කියලා ටෙලිනාට්‍ය දෙකක් ඉදිරියෙදි විකාශය වෙන්න තියෙනවා. දුෂේනිට... වැඩිපුර වැඩ

මගේම ගීතයක් කරන්නත් මට..... අදහසක් තියෙනවා - සාරංග

කොහොමද ජීවිතේ? වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා. දැන් ඔය මේ දවස්වල දී කරන වැඩ ටික මොනවද කියලත් කියමු නේද? චාමර පීරිස් මහතා

යෝජනා එනවා - මොනවා රිප්ලයි කරන්නද කියලා හිතාගන්න බෑ.

වෙනස් වූ අධ්‍යාපන පැතිකඩක් ඔස්සේ ඇය ස්වර්ණාභරණ නිර්මාණ කලාවට පිවිස පසුව සිය සුන්දර පෙනුම හේතුවෙන් ලැබුණු ආරාධනා මත.... රංගන ක්‍ෂේත්‍රයට

මගේ සතුට රැඳිලා තියෙන්නේ..... මගේ මහත්තයයි පුතයි ළඟ.

නිරූපිකාවක් ලෙස සිය වෘත්තිය ගමන අරඹන ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිස පැලඳීමට තරම් භාග්‍ය සම්පන්න වෙනවා එතැන් සිට නිරූපිකාවක, රංගන ශිල්පිනි

මගෙයි... නිල්මිණිගෙයි... කැඩුණු කසාදෙ එකතු කරන්න මගේ දුව නොකළ දෙයක් නෑ

නලින් සහ නිල්මිණි විවාහවෙලා මුලින් ආසාවෙන් හිටියේ දුවෙකුටද... ? පුතෙකුටද... ? අපි දෙන්නා විවාහ වුණේ 1994 රේ දෙසැම්බර් මාසේ.... කොහොමත්

කෝපි කඩේ... කුරුං අසනීපෙන් - බෙහෙත් ගන්න උදව් ඉල්ලයි

ශ්‍රීලංකා කලා කෙතට අපරිමිත මෙහෙයක් ඉටු කළ කේ.ඒ. පියකරු කලාකරුවාණන් සුවහසක් රසික ජනයාගේ ජීවිත අරුතින් හා රසයෙන් සුපුෂ්පිත කරන්න සමත්

අපිට අපේ ජීවිතේ කවදාවත්ම මග ඇරිලා නෑ - අමිල අබේසේකර

අමිල අබේසේකර කියන්නේ කවදත් ජනප්‍රියතම රංගන ශිල්පියෙක්. රංගනය වගේම...... පුද්ගලික ජීවිතේ පිළිබඳවත් කතා කරන්න මෙවර ඔහු අපිත් සමග..

අවුරුද්දක් විතර සද්ද නැතුව හිටිය චිලී.. චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරයි

උසට සරිලන ඇඟක්. ඊට නොදෙවනි තරුණ කම. සියල්ල එකතු වුණු කඩවසම්කම, ඔහු මෙතෙක්‌ කල් දුරට රැගෙන එන්නට ඔහුට වාසනා ගෙන ආ හේතු සාධකයන්.

චතුරිකයි - ගයානුයි එකතුවෙලා... ළඟදීම ගීතයක්‌ කරනවාලු...

කෙටි වුවත් ගැඹුරු නිහැඩියාවක කෙළවර ඇය නැවතත් නැවුම් තොරතුරු රැසක්‌ සමඟින් කරළියට පැමිණ සිටිනවා. පුංචි තිරයේ අති ශය ජනප්‍රියත්වයක්‌ හිමිකරගෙන

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad