Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන්  තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසාසිටී. ඇතැම් පිරිස්වල

කොළඹ නගරය කැළි කසලවලින් තොරයි -ඇමති පාඨලී චම්පික

කොළඹ නගරය දැන් කැළි කසලවලින් සම්පූර්ණයෙන්ම තොර නගරයක් බවට පත්කළේ යැයි  මහානගර සහ බස්නාහිර  සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික

පළාත් සභා මන්ත්‍රී පසඳ යාපාගේ Free shoot එක

දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මහතා අනුරාධපුර රුවන්වැලිසෑය පසුබිම් කරගෙන ලබාගත් ඔහුගේ පූර්ව විවාහ ඡායාරූප කිහිපයක් අන්තර්

බය නැති අගමැති රනිල් රට පුරා පෝස්ටරේ....

අද පෙරවරුවේ රට පුරා බොහෝ ප‍්‍රදේශයන්හි එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ කිසියම් සංවිධානයක් විසින් පෝස්ටරයක් අලවා ඇත. අගමැති රනිල් වික‍්‍රම

2020 දී ලංකාවෙන් චන්ද්‍රිකාවක් - නිෂ්පාදන කටයුතු 2018දී

2020 දී ගුවන්ගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම නැනෝ චන්ද්‍රිකාවේ.... නිෂ්පාදන කටයුතු එළැඹෙන 2018 වසරේදී ආරම්භ කිරීමට නවීන තාක්‍ෂණය

පොහොට්‌ටුව සමග කිසිම හවුලක්‌ නෑ - දුමින්ද දිසානායක

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා කිසිම දේශපාලනමය පෙරමුණක්‌ හෝ සන්ධානයක්‌ ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නිල මට්‌

මහින්දගෙන් ආණ්ඩුවේ... අයටත් ඇරයුමක්

පක්ෂ කිහිපයක් එක්ව මැතිවරණයට තරග කරන බවත්, අවශ්‍ය නම් ආණ්ඩුවේ පිරිසටද ඒ සඳහා එක්විය හැකි බවත්හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේදී

ඉන්ධන අර්බුදයක් ඇතැයි බොරු කිවූ අය සොයන්න සීඅයිඩියට

ඉන්ධන අර්බුදයක් ඇති බවට ආරංචිය පතුරුවා අද (20) තෙල් පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීම පිළිබඳව පරික්ෂණයක්  පවත්වන්නැයි කියා ඛණිජ තෙල්

ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ.. දරුණු භූමිකම්පාවක අවදානමේ

ලබන දෙසැම්බර්මස 31 වන්නට ප‍්‍රථම ඉන්දියන් සාගරයේ පිහිටි රටවල් 11කට..... බලපාන දරුණුම භූමි කම්පාවක් ඇතිවීමේ අවධානම්ක් ඇති බවට ඉන්දීය භූ

කොළඹ නගරයේ... ආහාර ගන්න හොඳම තැන් 12 මෙන්න

කොළඹ නගරය තුළ ආහාර ගැනීම සදහා හොඳම ස්ථාන 12 කොළඹ මහ නගර සභාව විසින් ප්‍රකාශයට පත්කළේය. එහි පළමු ස්ථානය කිංග්ස්බරි හෝටලයට...

ශ්‍රී ලංකා ධජයේ... වෙනස්කම් සිදු කළ යුතුයි - පා.ම. ධර්මලිංගම්

රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම.. වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න..

හමුදා නිලතල පෙන්නලා... මුදල් ගැරූ කලාකරුවෝ 20ක් ගැන පරීක්ෂණ

ආරක්ෂක අංශවල තනතුරු භාවිතා කර මසකට රු.60000 බැගින්වූ මුදලක් ලබාගෙන ඇති කලාවට සම්බන්ධකම් තිබෙන.. පුද්ගලයන් 20 දෙනෙකු පිළිබඳව

කෝල් ආවේ සැපදුක අහන්න..... බැදුම්කරේ ගැන වෙන්න බෑ..

අර්ජුන් ඇලෝසියස් මහතාගෙන් කාටත් දුරකතන ඇමතුම් ලද පමණින් බැදුම්කර මගඩිය සදහා සම්බන්ධ යයි කිව නොහැකි බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ජනපති මෛත‍්‍රී එජාප ඇමතිවරුන් රහසේ හමුවෙති..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එක්‌සත් ජාතික පක්‍ෂය අතර විශේෂ රහස්‌ හමුවක්‌ පාර්ලි මේන්තුවේ... ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී... පෙරේදා පවත්වා

ගිංතොට මුස්ලිම් ගෙවල් 50 කට වඩා විනාශ කරලා.. - මුජුබර්

ගාල්ල ගිංතොට සිදුවූ කලහකාරි තත්වයේදී මුස්ලිම් ජාතිකයන්ගේ නිවාස 50 කට වැඩිය ප‍්‍රමාණයක් විනාශ කර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර්

කල්මුණේ 04කට බෙදන්න යයි - කමිටුවකුත් පත් කරයි

කල්මුණ මහනගර සභා සීමාව පළාත් පාලන ආයතන 4කට වෙන් කිරීමට... රජයේ අවධානය යොමුව තිබේ. කල්මුණ මහනගර සභා සීමාවේ සයින්දමර්දු ප්‍රදේශය

දකුණු මුහුද අක්කර 250ක් ගොඩ කර සංචාරක කලාපයක් හදනවා

දකුණු පළාතේ මුහුද ගොඩ කර සංචාරක කලාපයක් ඉඳි කිරීමට කටයුතු යොදා ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නාය

රනිල්ව ඉවත්කරලා.. රටට අලුත් අගමැතිවරයෙක්‌ පත්කරන්නැයි ඉල්ලනවා

අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුවට තවදුරටත් මේ රට පාලනය කිරීමට සාදාචාරාත්මක අයිතියක්‌ නැති බැවින් අගමැති ප්‍රමුඛ ඇමැතිවරු පිරිස ඉවත්කර

පිලිපීන ජාතිකයෙක් දින තුනක්ම කටුනායක. කටාර් යන්න බැරිවේ

දින තුනක් තිස්සේ කිසිදු ආහාරයක් හෝ දුරකථන ඇමතුමක් ලබා ගත නොහැකිව කටුනායක ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ.. රැදී සිටිනා 34

මහවිරු සැමරුම් බැහැ - උතුරේ.. පොලිසියේ නිවාඩුත් අවලංගුයි

මේ මස 26 වැනිදා දිනට මැරුණු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක දී මහවිරු සැමරුම් සංවිධානය කර

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
මහනුවර මහ රෝහලේ කළ විස්‌මිත සැත්කමක් මෙන්න.
GossipClanka.com

වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා කියලා ගැමි වහරේ කියන කතාව සත්‍ය ලෙසින්ම අත්විඳින්න අපට අවස්‌ථාවක්‌ පහුගියදා උදා වුණා. දිනය ජනවාරි දෙවැනිදා. වෙලාව හවස 7. නො 171 දෙහිඅංග මුරුතලාව කියන ලිපිනයේ පදිංචි

 

වෙලා හිටියේ නභීෂා උම්මාහ් සහ ඇගේ ස්‌වාමිපුරුෂයා කාදර්. මේ දෙන්නා විවාහ වෙලා අවුරුදු දහයකුත් ඉවරයි. ඒත් දරු සුරතල් බලන්න ඒ දෙන්නාට දෙවියෝ වරමක්‌ දීලා තිබුණේ නැහැ. මේ දෙන්නා එක්‌ක නභීෂාගේ තාත්තාත් නැවතිලා හිටියේ මේ ගෙදර.

නභීෂාගේ නංගී සාලියාබිබී. ඇයගේ ස්‌වාමිපුරුෂයා මොහොමඩ් හලීම් මොහොමඩ්. මේ අඹුසැමියන් කාලයක්‌ ඔවුන්ගේ, දරුවෝ දෙන්නත් එක්‌ක ගෙලිඔය පැත්තේ කුඩා කුලී නිවාසයක ජීවත් වුණා. දරුවෝ නැතත් නභීෂාට මේ දරුවෝ දුක්‌ විඳින හැටි බලාගෙන ඉන්න බැරි වුණා. ඇය දරුවෝ දෙන්නත් එක බඩවැල කඩා ගෙන ආපු තමන්ගේ නංගිත් නංගිගේ ස්‌වාමියත් තමන්ගේ ගෙදරට ගෙන්වා ගත්තේ සැබෑම සහෝදර ස්‌නේහයෙන්. ඔවුන් ඇවිත් මේ වෙද්දි හරියටම මාස දෙකක්‌ විතර ඇති.

පවුල් දෙකක්‌ එක වහලක්‌ යට ඉඳගෙන එක බත් හැලිය ලිපේ තැබුවොත් කෙළවර වෙන්නේ නොහොඳ නෝක්‌කාඩුවෙන් කියන්නා වාගේ මේ දෙගොල්ලෝ අතරේ පුංචි පුංචි විරසක වරින් වර ඇති වුණා. මොහොමඩ් හලීම්ගේ ඔළුවෙත් එක එක ප්‍රශ්න තිබුණා. ඒ අතරේ මේ ගෙදරම දිගටම ඉන්න තිබුණා නම් කියලත් කල්පනා කළා. එදා හවස රණ්‌ඩුව පටන් ගත්තේ පුංචි වචන හුවමාරුවකින්. හිතුවේ වත් නැති විදිහට මොහොමඩ් දරුණු වෙලා අක්‌කා නගෝ දෙන්නා එක්‌කම රණ්‌ඩු සරුවල් කළා.

රණ්‌ඩුව කොයිතරම් දුරදිග ගියාද කියනවා නම්, මොහොමඩ් එයා ළඟ තිබුණ පිහියෙන් අක්‌කාට වැරෙන් ගහපු පහරට අක්‌කාගේ අත මැණික්‌ කටුව ළඟින් වෙන්වුණා. නංගි විලාප තියාගෙන මොහොමඩ් ගේ අතේ තිබුණ පිහිය උදුරන්න ගිහාම මොහොමඩ් එයාටත් පිහියෙන් ගැහුවා. නංගිත් පිහිපාර කාලා ලේ විසුරුවාගෙන. අක්‌කාගේ වෙන්වුණ අතෙන් නොනැවතී ලේ ගලනවා. නභීෂාගේ මහත්තයා නභීෂාව ත්‍රිරෝද රථයක දාගෙන පේරාදෙණිය පොලිසියට ගිහින් පැමිණිල්ලට අදාළ සාක්‌ෂි හෙවත් නභිෂාව පෙන්නලා පේරාදෙණිය රෝහලට නභිෂාව ඇතුළත් කළා. අත මැණික්‌ කටුව ළඟින් වෙන්වුණු කොටස සින්ක්‌ එකේම දාලා ඇවිත් තිබුණ නිසා වෛද්‍යවරු නභීෂාගේ තාත්තාව ගෙදර යෑව්වා ඉක්‌මනින් අත අරගෙන එන්න කියලා. එදා පේරාදෙණියේ රෝහලට හදිසි ශල්‍යකර්ම සඳහා ඇතුළත් වන රෝගින් භාරගන්න දවසක්‌ නෙවෙයි. රෑ 8 විතර වීමත්, නභීෂාගේ ඇඟෙන් ලේ ගිහින් සුදු මැලිවෙලා තිබුණ නිසාත්, වෛද්‍යවරුන්ට සම්ප්‍රදාය බිදින්න සිදුවුණා. පේරාදෙණිය රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා ශල්‍ය වෛද්‍ය කණ්‌ඩායමට කියා තිබුණේ, හැකි ඉක්‌මනින් මේ රෝගියාගේ ජීවිතය බේරාගන්න සහ අත නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන්න උත්සාහ කරන්න ලෙඩා ආපහු යවන්න එපා කියා පමණයි. ඒ අනුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්‌. බී. ගල්කැටිය මහතා වගකීම භාර ගත්තා.

මේ අතරේ නංගි මහනුවර රෝහලට ඇතුළත් කළා. පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් ආරියවංශ මහතා මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට අවැසි නීතිමය පියවර ගැනීමට කටයුතු කළා.

නභීෂාගේ වෙන්වුණු අතේ මැණික්‌ කටුවෙන් ඉදිරියට වූ කොටස එයාගේ තාත්තා ඉක්‌මනින් රෝහලට රැගෙන ආවා. මේ වෙනකොට නභිෂාට අමතර රුධිරය වෙනත් ඖෂධ වර්ග සියල්ලක්‌ම දීලා තරමක්‌ යථා තත්ත්වය පත්වෙලා සිටියේ. ඒනිසා වෛද්‍යවරු ඇයගේ අත බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරන්න සූදානම් වුණා.

ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගල්කැටිය මහතාගේ උපදෙස්‌ අනුව ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (SR) වෛද්‍ය රංග අනුරාධ හීන්දෙණිය මහතා ශල්‍යකර්මය සිදු කිරීමේ වගකීම භාර ගත්තා.

මගේ වෛද්‍ය ජීවිතයේ මෙයට පෙර අවස්‌ථා දෙකකදී මෙවැනිම ශල්‍යකර්ම දෙකක්‌ සිදුකරන අවස්‌ථාවල මා ඊට සහාය වෛද්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මහාචාර්ය ළමාවංශ සර් ශල්‍යකර්ම සිදුකරන අන්දම මම හොඳින් බලාගෙන ඉඳලා තිබෙනවා. මේ සේරම මට ලොකු ශක්‌තියක්‌ වුණා මේ අවස්‌ථාවේ. ලෙඩාගේ අත කැපුව වෙලාවෙම දාලා තියෙන්නේ ගෙදර මුළුතැන්ගෙයි ඉදුල් සෝදන බේසමේ (සින්ක්‌). ඒ නිසා අතට විෂබීජ ඇතුල් වෙන්න තිබෙන ඉඩ කඩ බොහොම වැඩියි. අනිත් කාරණය අත ගෙනැත් තිබුණේ අයිස්‌ වල දාලා. කෙටි වෙලාවකින් ගෙනැත් තිබෙන නිසා ඉන් ලොකු අනතුරක්‌ වෙන්න තිබුණ ඉඩ අඩු වුණා.

නමුත් සාමාන්‍ය ජනතාව දැනගතම යුතු කාරණාව තමයි හදිසි අනතුරකදී සිරුරේ යම් කොටසක්‌ සිරුරෙන් ඉවත් වූයේ නම්, එය රෝහලට ගෙන ආ යුතු ක්‍රමය. අත වියළි පොලිතින් කවරයක දමා ගැටගසා ඇතුළට වතුර නොයන සේ තැබිය යුතුයි. පසුව එම කවරය වතුර සහ අයිස්‌ සහිත භාජනයක හෝ වෙනත් කවරයක දමා ප්‍රවේසම් සහිතව ගෙන ආ යුතුයි. එවිට සෛලවලට හානි වීම අවම තත්ත්වයේ පවත්වා ගත හැකියි. තුවාලයක වතුර ගෑවුණ විට සෛල මියයනවා.

ශල්‍යකර්මයේදී වෛද්‍යවරුන් වන දසනායක, උපුල්, සඳුනිකා, මුෂාරෆa, ලොකු සහායක්‌ ලබා දුන්නා.

මුලින්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වසන්ති ප්‍රින්ටෝ සහ වෛද්‍ය ලෝචන පෙරේරා යන වෛද්‍යවරුන් රෝගියා නිර්වින්දනය කළා. පසුව වෙන්වුණු අත බද්ධ කිරීම සඳහා කෙරෙන මූලික බද්ධ කිරීමේ කටයුතු ලෙස අත හොඳින් පිරිසිදු කරලා රුධිර වාහිනි සම්බන්ධ කිරීම් සිදු කළා. ධමනි දෙකක්‌ ශිරා තුනක්‌ බද්ධ කරන්නත් ස්‌නායු සියල්ල යථාපරිදි නැවත සකසන්නත් අපට හරියටම පැය හයකට වැඩි කාලයක්‌ ගත වුණා. අත බද්ධ කිරීමට වෛද්‍ය කණ්‌ඩායම් දෙකක සහාය අවශ්‍යයි. ස්‌නායු හා ධමනි ශිරා බද්ධ කිරීම ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කළ අතර විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුරවිර මහතාගේ උපදෙස්‌ මත වෛද්‍ය සෆaරාස්‌ අත කම්බි සහ අවශ්‍ය යකඩ කූරු යොදා බද්ධ කිරීම් සිදුකළා.

මෙම කාර්යයයේදී පේරාදෙණිය ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද සොයුරිය යූජිනි, සහාය හෙදියන් වන සදා, සානා සහ කුමුදුනී සෞඛ්‍ය කාර්යය සහායක සාමින්ද යන කණ්‌ඩායම දැක්‌වූ සහාය නොවන්නට මෙම ශල්‍යකර්මය සාර්ථක කරගන්න බැහැ. මේ කාර්යයට එක්‌වූ පිරිස එකා වගේ වැඩකළ නිසයි ශල්‍යකර්මය සාර්ථකව නිමකළේ. ගැටලුවකට තියෙන්නේ , අත ඉඳුල් සෝදන බේසමේ පැයකට ආසන්න කාලයක්‌ තිබිලා තියෙනවා. එහිදී විෂ බීජ ආසාදනය වීම හරහා බද්ධ කළ අතට හානියක්‌ ඇති වේද යන සැකය පමණයි. මුල් දින දෙක තුන කාලයේ බද්ධ කළ කොටස්‌ දෙක අතර ඉතා හොඳ රුධිර සංසරණයක්‌ සිදු වුණා. නමුත් තැන තැන පුංචි පුංචි සංකූලතා ඇතිවන අන්දමක්‌ ඊයේ 6 දා වනවිට පෙන්නුම් කරනවා. අපේ කාර්යය අපි උපරිම කැපවීමෙන් සිදු කළ බව කියන්න පුළුවන්.

වෛද්‍ය රංග හීන්දෙණිය කියා සිටියා.

මෙය ඉතාම දරුණු ගණයේ කෝපය පිටකිරීමක්‌. මිනිස්‌සු ආවේගශීලි වුණාම මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ. පවුල් ආරවුල් කියන්නේ විවිධ හැල හැප්පීම් එක්‌ක ගැටෙන දෙයක්‌ තමයි. නමුත් මේවා මිනිස්‌ ජීවිත හානි වන තරමට ඉදිරියට යනවා නම් ඒවා දරුණු ගණයේ අපරාධයක්‌ බවට පත්වෙනවා.

තමන්ගේ නිවසේ දෙන්නකුට පිහියෙන් ඇනලා කියන්නේ මහා අපරාධයක්‌. දැනට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා වෙත ඉදිරිපත් කළා. ඒ අනුව සැකකරු ලබන 13 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා. වැඩිදුර පරීක්‌ෂණ දැනටමත් ක්‍රියාත්මකයි.Ñ පේරාදෙණිය පොලිසියේ , ස්‌ථානාධිපති කමල් ආරියවංශ මහතා එසේ පැවසුවා.

සමන්තී වීරසේකර

2017-01-08
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

මට අවස්ථාව හදා දුන්නේ තාත්ත - අසංක ප්‍රියමන්ත පීරිස්ගේ පුතා

සංගීත ක්ෂේත්‍රයේ.... ජනප්‍රිය තරුවක් තමයි අසංක ප්‍රියමන්ත පීරිස් කියන්නේ. ඔහු යන අඩිපාරේම යමින් ඔහුගේ පුත් අසන්ත ශ්‍රීමාල් පීරිස් ද.. සංගීත ක්ෂේත්‍රයට යොමු

විවාහය ගැන රන්ජන් හිතන හැටි - නඩු 21 වැටෙන්න තියෙනවා.

විවාහය සම්බන්ධව මගේ පෞද්ගලික මතය තමයි කෙනෙක්‌ අනිවාර්යෙන් විවාහය විය යුතුමයි කියා නියමයක්‌ නෑ. අනික විවාහ වෙන්නම ඕන කියලා කාටවත්ම

රැල්ලට ගිහින් විනාශ වන්න මට ඕනැ නෑ.. - වත්සලා දියලගොඩ

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌. ඉතිං ඒ ලැබුණු ජනප්‍රියත්වය පසෙකලා ඇය කාලයක්‌ නැතුව හිටියා. ඒ වෙන හේතුවක්‌ නිසා නෙවෙයි. ඒ උත්තරීතර මවු පද

ඒ ආදර කතාව ඉවරයි... මම දැන් සින්ගල් - තනාෂා හතරසිංහ

සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටිමය වැඩසටහනක්. රංගන ශිල්පිනියක් විදිහට කොයි කාටත් හුරුපුරුදුම..

වසර 17 කට පසුව ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් - VIDEO

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් විය. ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන

හරියට ඉන්න අපි දැනගන්න ඕනෑ - නේත්‍රා සමරසිංහ

මෙම වසරේ දී මිස් ඕෂන් හෙවත් සාගර රැජින ලෙස කිරුළු පැළැදියේ මෙම සුන්දර තරුණිය. ඇය නමින් නේත්‍රා සමරසිංහය. උසස් අධ්‍යාපනය නිරතව සිටින

ප්‍රවීන ගායන ශිල්පීයකු වූ අයිවෝ ඩෙනිස් මහතාට අසාධ්‍යයි

මෙරට ප්‍රවීන ගායන ශිල්පීයකු වූ අයිවෝ ඩෙනිස් මහතා ස්නායු ආබාධයක් සඳහා සැත්කමකට.... ලක්වීමෙන් අනතුරුව මේ වෙද්දී කොළඹ ප්‍රධාන පෙළේ පුද්ගලික

උදාරි ලංකාවේ හොස්පිටල් එකක් දාන වැඩේ තාම අතඇරල නෑලු

මේ දිනවල ෂූටින් නැද්ද? පිනි ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා මේ දවස්‌ ටිකේ නම්.. පෝරිසාදයා චිත්‍රපටයේ සහ තවත් ළමා චිත්‍රපටයක ෂූටින් සහ ඩබින්

වේදිකාවෙන් ඈත්වෙලා හිටපූ..... නීටා ආයෙමත් වේදිකාවට

පසුගියද පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ... රංගන

ලස්සන ගී ලියන ගී ගයන අලව්ව ප්‍රාදේශීය ලේකම්

මේ දිනවල කවුරුත් ඔහු ගැන කතාබහ කරන්නේ කලා ලොවේ දැක පුරුදු මුහුණක් නිසා නම් නොවෙයි. ඔහු ලියූ හා ඔහු ගායනා කළ ගීත නිසාවෙනි. එක්

තෙල් ප්‍රශ්නෙන් තෙල් පෝලිමේ චාටර් වුණ අපේ කට්ටිය

නිමන්ති පෝරගේ - අම්මෝ... මේ තෙල් ප්‍රශ්නෙ නිසා අපිටත් පෝලිමට වෙලා ඉන්න වුණා... අපේ ගේ ළඟම තමයි ෂෙඩ් එක තියෙන්නේ. ඉතින්.. අපි දන්නේ

මම අාශ්‍රය කළේම කාෙල්ලෝ... - කෙල්ලෝ ආශ්‍රය කළේම නැහැ

මේ දවස්වල පියුමිගේ හොඳම කාලය වගේ ඔව්නේ... ඔව්නේ... මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍ය පහක් විකාශනය වෙනවා. ඉතින් ටෙලි නාට්‍ය පහේම.. ෂූටිං

රංගනය නිසා රැකියාව අත හැරීම ගැන මම දැන් පසුතැවෙනවා

සිනමා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස රොබින් ප්‍රනාන්දු මහතාව හඳුන්වන්න පුළුවන්. එදා ඔහුව... අපට නිතරම මුණ ගැහුණේ සටන්

තවම පෙම්වතියක් නම් නෑ - මම අරක්කු සිගරට් මාකට් කරන චරිත භාරගන් නෑ

නිතරම මිනිසුන් අතර රැඳෙමින් සිය ජනප්‍රිය තාවය නොනැසී පවත්වාගැනීම ‍හුගක් ලේසි පහසු කාර්යයක් නොවේ. ටීවී දෙරණ ලිට්ල් ස්ටාර් හරහා නිරන්තරෙන්

පර්පල් රේන්ජ් නැත්තම්.... චාමර වීරසිංහ කියලා ගායකයෙක් නෑ

තරුණ පිරිස් අතර... ගායකයෙකු ලෙස වඩාත් ජනප්‍රිය චාමර වීරසිංහ අපගේ  තරු කතා බහට සම්බන්ධ කරගත්තේමු. පසුගියදා පැවැති ‘අද දෙරණ’ සම්මාන උල

බදින්න යන කෙනා ගැන.. අනූෂා හෙළි කරයි. වෙඩින් එක 2018

රසික රසිකාවියන් වගේම බොහෝ මාධ්‍ය විටින් විට ඇගෙන් මේ ප්‍රශ්නය ඇහුවා. කව්ද ඔහු? මොනවද කරන්නේ? කවදද ඔබේ විවාහය? ඔබ දැන් පෙම්වති

ඒ කාලේ කොල්ලො මට කිව්වේ රොටියා කියලා - රොඩ්නි

මගේ ඉලංදාරි කාලේ තමයි යෞවන සමාජ මුලින්ම පිහිටෙව්වෙ. මම ඒ යෞවන සමාජවල හුගක් ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ විදිහට වැඩ කළා... මට මතකයි එදා අපි

රුපියල් හයදහසට පිඟන් හෝදපු කොල්ලෙක්‌ මම - රහල් අල්විස්

TV වැඩසටහනකදී කරපු කතාවක්‌ හින්දා රහල් අල්විස්‌ ගැන පසුගිය කාලේ.. හරියට කතාබහ කළා. ඒ ගැන අන්තර්ජාලයේ.... හරියට මඩගැසීම් පවා සිද්ධවුණා.

රංගනගේ බිරිද. පිට පිට දෙපාරක් හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව

ප්‍රවෘත්ති නිවේදනය කියන්නෙත් එක්තරා ආකාරයක කලාවක්’ මෙහෙම කියන්නේ.... පිට පිටම දෙවතාවක් සම්මාන උළෙලවල් දෙකකදී සිය හැකියාවට ඇගයීම

ටෙලි නාට්‍ය බැලෙන්නෙත් නෑ... බලන්න දේකුත් නෑ....

ජයලත් මනෝරත්න කියන්නේ වේදිකාව සිනමාව රූපවාහිනිය යන මාධ්‍ය තුනම.... නියෝජනය කරන ක්‍ෂේත්‍රයේ සිටින අතිදක්ෂ කලාකරුවෙක් ඔහු වේදිකාවට...

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad