Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨාභය දරුණු පාලකයෙක් වෙන්නේ නෑ... බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

අනතුරෙන් මියගිය බිරිඳ පැළඳ සිටි මාලෙයි, මුදුවයි මාරු කරලා මට දුන්නේ ඉමිටේෂන් බඩු

මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි

මට බෙහෙත් ගන්න ඇඹරැල්ලා විකුණාගෙන එන්න ගිය පුතා මෙහෙම එයි කියලා හිතුවේ නෑ - මියගිය හසාන්ගේ මව

ඇඹරැල්ලා අරන් කොළඹ ගිය මගේ පුතා ගෙදර ආවේ කිසිම කථා බහක් නැතුව. අම්මෙි මම දවල් 12 වෙනකොට ගෙදර එනවා අම්මා බෙහෙත් ගන්න යන්න

අධිකරණයෙන් ඇප ලැබූ ගණන් සර් මාධ්‍යට කියූ දේ

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියලා අයිතිකරුවන්ටම බෙදා දෙන්න

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක

වයස 14 දැරියක් එක්ක පවුල් කෑ 22 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට

දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් (01) පැවැති

ඔසාමා බින්ලාඩන්ගේ පුත්‍රයෙකු මියගිය බව ඇමරිකාව කියයි

අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ

මස්කෙළිය ගොවිපළක සිටි ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 200ම මරුට

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2017 මැයි මස 14වැනි දින කිරි ගවයන් 1994 දෙනෙක් හා 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයන් 3024 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 70%කින් පමණ ඉහල අගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කඩාවැටී තිබූ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය සති දෙක පමණ වනවිට සියයට හැත්තෑවකින් පමණ ඉහළ

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ සහය

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.ශ්‍රී ලංකාව

පිච්චමල් පූජාවේදී ගැට කපන්නට ආ කාන්තාවක් දැලේ

නුරාධපුර මහමෙව්නා පින්බිමේ ඉකුත් 27දා පැවැති පිච්ච මල් පූජාවට පැමිණ ගැට කැපීමේ නිරත වූ බවට සැකකරන තෙලිඟු ජාතික කාන්තාවක් අනුරාධපුර උඩමළුව

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට්

නන්පේරියල් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ

චීනයේ නාය යාමෙන් සිදු වූ මරණ ගණන 36 දක්වා ඉහළට

නිරිතදිග චීනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නාය යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙක් අතුරුදහන් ව

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල

අවිශ්ක පිටිය මැද සැණකෙළියක් මවද්දී තරඟය බැලූ පියා හදිසියේම රෝහල්ගත කරයි

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියාවන කොලින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර තිබෙනවා.රෝගී වන අවස්ථාවේ

රූමස්වල නෞකාව ඉවත් කිරිම කොටස්වලට වෙන්කිරීමෙන්

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි  අනතුරකට ලක්ව ඇති  ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
හතු පිපෙන්නාක් මෙන් දහස් ගණනින් බිහිවෙන අරාබි පාසල්
GossipClanka.com

පසුගිය දශකය තුළදී ශ්‍රී ලංකාවේ තුරාන් මදුසා සහ අරාබි විද්‍යාල හතු පිපෙන්නාක් මෙන් දහස් ගණනින් බිහිවී තිබේ මේ මගින් දකුණු ආසියා සම්ප්‍රදායට

 

එරෙහිව යන බටහිර ආසියාවෙන් ආනයනය කරන “ශුද්ධ වූ ” ගණයේ ඉස්ලාම් දහමක් පතුරුවා හරමින් පවතී.

බංග්ලාදේශය ඇතුළු මෙම කලාපයේ අනෙකුත් ප්‍රදේශවලත් සෞදි අරාබියෙත් අරමුදල් යොදවා, අරාබි පන්නයේ මුස්ලිම් පල්ලි ඉදිකිරීමේ සහ අරාබි අධ්‍යාපන ආයතන ඇතිකිරීමේ ගල්ෆ් බලපෑම් පෘථුල ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

ඇමෙරිකානු ඩොලර් මිලියන 95 යොදවා මුස්ලිම් පල්ලියක්, ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්, සහ සම්මන්ත්‍රණ ශාලාවක් සහිත අංගසම්පූර්ණ තට්ටු හයේ ගොඩනැගිල්ලක් මාලදිවයිනට දෙන්නට සෞදි අරාබිය ප්‍රතිඥා දී තිබේ.

මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පහසුකම් සැලසීම යටතේ අරාබි විද්‍යාල සහ මද්‍රසා පාසල් ඉදිවීම වේගයෙන් වර්ධනයවී ඇතැයි පවතින සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරේ. ඒවා අහාදියා නැතහොත් දහම් පාසල් ලෙසද ලියාපදිංචි කර තිබේ. ඒ මගින් ආගමික මතවාද වඩාත් පෝෂණය කර ඇත.

මද්‍රසා සහ අරාබි පාසල්වල ඉගැන්වීම පිණිස විදේශීය පූජකවරුන් නිරතුරුවම පාහේ ගෙන්වා තිබේ. මේ අයට වීසා ප්‍රදානය කර ඇත්තේ නිසි නියාමනයකින් හෝ විධිමත් අධීක්‍ෂණයකින් හෝ තොරවය. එය දෙපාර්තමේන්තුවේ නියමය පරිදි සිදුවූවකි. මේවාට ඇතුළුවී බුරුතු පිටින් එළියට එන වැඩිහිටි සිසුහු රැකියා වෙළෙඳපොළට නුසුදුස්සෝ වෙති. ඔවුන්ට තෝරාගන්නට ඉතිරි වන්නේ ආගමික උපදේශකයන් ලෙස ගත කරන ජීවිතය පමණකි. මේ අය, ස්ථායි ජීවන පැවැත්මක් සකස් කරගත් අනෙකුත් ස්වදේශීය ජනයාට වඩා වෙනස් වූවෝ වෙති.

2017දී මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අරාබි විද්‍යාල සඳහා, විභාග දෙපාර්තමේන්තුව යටතේ ඒකාබද්ධ පාඨමාලාවක් අනුව ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳ සොයා බලයි.

මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරුණද එම සැලසුම මල්ඵල ගැන්වුණේ නැත.

මේ වනවිට මද්‍රසා පාසල් 1669ක්ද අරාබි විද්‍යාල 317ක්ද පවතින බව දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය. මේවායේ උගන්වන්නේ ඉස්ලාමීය සම්ප්‍රදාය හා වත් පිළිවෙත්ය. කෙසේ වූවද මෑතකදී සිදුවූ පුපුරුවා හැරීම්වලට කුරාන මද්‍රසාවල සම්බන්ධයක් ඇති බව එහි වෙබ් අඩවියෙන් පෙනෙන්නට නැත.

අරාබි විද්‍යාල 317න් වැඩිහරියක් පිහිටා ඇත්තේ අම්පාර, පුත්තලම ත්‍රිකුණාමල මහනුවර, කොළඹ හා මඩකළපු දිස්ත්‍රික්කවලයි. මීට අමතරව අහාදියා නැතහොත් දහම් පාසල් යනුවෙන් හැඳින්වෙන ආයතන 277ක් වැඩි වශයෙන් අම්පාර, කොළඹ, කෑගල්ල, මහනුවර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිහිටුවා තිබේ.

කුරාන් මද්‍රසා පිළිබඳ සංඛ්‍යාලේඛන හෝ ඒවා පිහිටි ස්ථාන පිළිබඳ හෝ වෙබ් අඩවිවල තොරතුරු ප්‍රසිද්ධ කර නැත. එසේ වූවද දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යඵල වාර්තාවේ (අරාබි විද්‍යාල, කුරාන් මද්‍රසා සහ අදාහියා පාසල් පිළිබඳ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අංශයේ) මේ ගැන තොරතුරු හෙළිදරව් වේ. එකී අංශයෙන් මේවාට අදාළ පාඨමාලා සකස් කිරීමත් ඒවායේ පරිපාලනය පිළිබඳ සොයා බැලීමත් සිදු කෙරේ.

එසේම ඊජිප්තුවේ අල්-අස්හාර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව සඳහා අරාබි විද්‍යාලවලින් සිසුන් තෝරා ගැනීම කරන්නේද එම අංශයෙනි. එම විශ්වවිද්‍යාලය සුන්නි ඉස්ලාම් දහම ඉගැන්වීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකි.

2013 දී ඉල්ලුම් කළ සිසුන් 60කගෙන් ඉවාම්වරු (පූජකවරුන්) සිව් දෙනෙක් තුන් මස ශරියා අධ්‍යයන පාඨමාලාවක් සඳහා තෝරාගනු ලැබ සිටියහ. ඒ අතර අරාබි විද්‍යාලයේ මෞලවීවරුන් සත් දෙනෙක් අධ්‍යාපන උපාධි පාඨමාලාව සඳහා ශිෂ්‍යයන් ලෙස තෝරාගනු ලැබ සිටියහ. ඊට පසු අවුරුද්දේදී ශිෂ්‍යයන් 50ක් මේ සඳහා ඉල්ලුම් කරන ලදුව ඉවාම්වරුන් 5 දෙනකුත්, ඇතුළු සිසුන් 10 දෙනකු මේ සඳහා යවා ඇත. ඔවුන් ආපසු පැමිණියේ ආගමික ක්‍රියාකාරකම්වල නියැලීමටය. ඒ අනුව පොළොන්නරුව, අනුරාධපුර, මඩකළපුව, අම්පාර, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට ඔවුහු පත්කර යැවුණාහ.

2015න් මෙපිට කාර්යඵල වාර්තාවල විදේශ ශිෂ්‍යත්ව ලැබූ සිසු සංඛ්‍යා පිළිබඳ තොරතුරු සඳහන් නොවේ. රාම්සාන් උපවාස සමයේ ශුද්ධ වූ කුරාණය ගැන දේශනා කරන්නට, ඊජිප්තුවෙන් පැමිණි පූජකවරුන් පිළිබඳ සෑම වාර්ථාවකම කියැවේ. 2013 දී දිවයින පුරා මුස්ලිම් පල්ලි 35ක් අලුතෙන් ලියාපදිංචිවී ඇති බව වාර්තා වූවද ඉන් පසු අවුරුද්දේ එය 10 දක්වා අඩුවී තිබිණි.

2015 දී අලුතෙන් ලියාපදිංචිවී ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව 190කි. කුරාන් මද්‍රසා ආයතන 1600ක් ලියාපදිංචිව තිබේ. 2015 දී පමණක් ඊට 30ක් අලුතෙන් එකතු වී ඇති බව වාර්තා වේ. 2016 දී අලුත් මුස්ලිම් පල්ලි 50කි. අවසන් වාර්තාවලට අනුව දැනට පවතින කුරාන් මද්‍රසා පාසල් සංඛ්‍යාව 1675කි. 2017 දී අලුත් කුරාන් මද්‍රසා 12ක් ලියාපදිංචිවී ඇති අතර මුස්ලිම් පල්ලි 80ක් අලුතෙන් ලියාපදිංචිවී ඇති බව වාර්තාවල සඳහන්ය.

මේවාට අමතරව තව්හීද් ජමාත් සංවිධානය සතුවද යාඥා මධ්‍යස්ථාන පවතී. ඒවා ජුම්මා මුස්ලිම් පල්ලි නොවන අතර විවිධ නිකායවලට අයත්ය. ඒවා පවතින්නේ සාමාන්‍ය ගොඩනැගිලි ලෙසයි.

මෙරට ඉස්ලාමීය ආගමික ආයතනවල ඉගැන්වීම සඳහා පැමිණෙන ගුරුවරුන්ට සහ පූජකයන්ට, පදිංචිවීමට වීසා සඳහා නිර්දේශිත ලිපි නිකුත් කරනුයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු භාර අමාත්‍යාංශයෙන් හා දෙපාර්තමේන්තුවෙනි. 2016 දී 1409ක් සඳහා එසේ අනුමැතිය දී තිබේ. 2017දී පදිංචිය සඳහා වීසා 405කටද රටට පිවිසීම සඳහා වීසා 356 කට ද අනුමැතිය දී ඇත.

මද්‍රසා පාසල් පවත්වාගෙන යන්නේ විවිධ ඉස්ලාමීය නිකායන් වන අතර ඒ හැම එකක්ම තරුණ සහයෝගය ඇද ගැනීමට උනන්දුවෙයි. උදාහරණයක් ලෙසින් ඉදිහාඞ් අහ්ලි සුන්නාදි මල් ජම්මා - ආති නම් කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි සංවිධාන මූලස්ථානයෙන්, ගාල්ලේ, එරාවුර්, කල්මුණේ, මාතර, හම්බන්තොට සහ වැලිගම පිහිටි සුන්නත් ජමාත් මද්‍රසා සඳහා උපකාර ලැබේ.

සුන්නත් ජමාත් යනු පාකිස්ථානයේ බාරෙල්වි සංවිධානය නියෝජනය කරන්නකි. එය සුන්නි හනාෆි ගුරුකුලයේ නීති දර්ශනයට අනුග්‍රහය දක්වන අතර බොහෝ ‘සුෆී’ පිළිවෙත් අනුගමනය කරයි.

ග්‍රෙගරි පාරේ කණ්ඩායමේ ආරම්භකයා වන තලාත් ඉස්මයිල් සිය වෙබ් අඩවියේ පරිවේවන ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ‘ශ්‍රීලංකීය මුස්ලිම් සමාජයෙන් සම්ප්‍රදායික ඉස්ලාමීය ධර්මතා වේගයෙන් ගිලිහී යමින් තිබෙන බවයි. වේගයෙන් පැතිරී යන තාබ්ලික් ජමාත් සහ වහාබ් සංවිධානවල මතවාද නිසා මෙසේවී ඇති බවද එහි සඳහන්වේ. බටහිර ආසියාවේ රැකියාවලට ගොස් එන තරුණයන් එම නව මතවාද රැගෙන ඒම පිළිබඳ ඔහු දොස් කියයි.

එක්ඔඞ්ඩාම්වාඩියේ පදිංචිකරුවෙක් තම පුතා පිළිබඳව මෙසේ කීවේය හරිහැටි ඉස්කෝලෙ වැඩක් කළේ නෑ. තැනින් තැන රස්තියාදු ගගහ හිටියා.” එම නිසා ඔහුගේ බිරිය හොඳ මද්‍රසා පාසලකට බැඳී කුරාණය ගැනත් ආගම ගැනත් ඉගෙන ගන්නා ලෙස පුතාට කියා තිබේ.

“ලොකුම ප්‍රශ්නය තමා කොයි මද්‍රසා එකද තෝරාගන්නේ කියන එක” ඔහු කිවේය. - නිකායවල් හුඟක් තියෙනවා. හැම නිකායෙම අය කියන්නෙ අනිත් ඒවා වැරැදියි කියලයි. මගේ ශියා යාළුවො කීප දෙනෙක් ඉන්නවා” ඔඞ්ඩාම්වාඩියේ ශියා නිකාය අදහන කුඩා ජනකායක් ඉන්නා පෙදෙසක් පෙන්වා ඔහු කීවේය.

‘එයාලට ඕනෑ මගේ පුතා එයාලගෙ මද්‍රසා එකට දාගන්නයි. මං පුතාට එතෙන්ට දාන්න හදනකොට අනික් අය අහනවා. මට පිස්සුද කියල. මං තව්හිද් ජමාත් මද්‍රසා එකට පුතා දාන්න යනකොට තවත් කට්ටියක් අහනවා මට පිස්සුද කියල. අන්තිමේ මං එයාව තව්හීද් තාබ්ලික් ඉස්කෝලෙට දැම්මා.”

එහි ජමාත් - ඊ - ඉස්ලාම් නිකායක්ද තිබෙන අතර දියෝබැන්ඩිස්වරුන්ට ද තමන්ගේ උපදේශන මධ්‍යස්ථාන පවතී.

දකුණු ආසියාවේ මද්‍රසා සඳහා විශේෂයෙන් සෞදි අරාබිය ඇතුළු විදේශ රටවලින් අරමුදල් ලැබෙන බව ප්‍රකට රහසකි. මුස්ලිම් පල්ලිවලට ද සෞදි අරාබියෙන් මුදල් ගලා එන බව වාර්තා වේ. 2014 කාත්තන්කුඩියේ සින්නා කබුරාදි පාරේ 58 වැනි මුස්ලිම් පල්ලිය විවෘත කරන විට සන්ඬේ ටයිම්ස් පුවත්පත ඒ ගැන වාර්තා කළේය.

සෞදි කුමාරයන් තමන් අතර රැඳී ඉන්නා බව එහිදී රැස්ව සිටි පිරිමින්හට කියා තිබිණි. මෙහිදී ප්‍රදේශවාසියෙක් කියා සිටියේ ඉස්සර පල්ලි හදද්දී අපට ගමේ අයගෙන් සල්ලි එකතු කරන්න සිද්ධ වුණා. දැන් ඉතින් අපට සෞදි අරාබියේ උපකාර ලැබෙනවා.” මද්‍රසා ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාලයක් තනන්නට මුදල් සෞදි අරාබියෙන් දෙන්නට පොරොන්දු වූ බව නිවේදනය කළවිට ඔල්වර හඬ නැගුණේය.

මානව සංවර්ධනය උදෙසා වූ අන්තර්ජාතික කොමිසම නම් සෞදි අරාබීය ආයතනයෙන් මුදල් යොදවා ශ්‍රී ලංකාවේ හයිරා පදනමෙන් එම පල්ලිය ගොඩ නැගුවේය. ඒ සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා වෙතින්ද අනුග්‍රහය ලැබුණේය. අද වනවිට කාන්තන්කුඩියේ මුස්ලිම් පල්ලි 63කි. මද්‍රසා 6කි (ඉන් 3ක් කාන්තාවන් සඳහාය) ඒ 47125ක මුස්ලිම් ජනගහණයක් වෙනුවෙනි.
සෞදි අමුත්තන් පසෙකින් සිටියදී සමරු ඵලකය ඉදිරියේ ගැනුණ ඡායාරුපයකට හිස්බුල්ලා මහතා පෙනී සිටියේය. සැකයට භාජනය වූ කාරණය වන්නේ ඔහුගේ පදනම පිහිටුවා ඇත්තේ ඊට පසු වසරේ පාර්ලිමේන්තුවෙන් සම්මත වූ “කාන්තා හා ළමා අයිතිවාසිකම් සියල්ල ආරක්‍ෂා කිරීම සහ සංවර්ධනය කිරීම” සඳහා වූ පනතක් මගින් බව පිටට පෙන්වීමයි.

මුදල් රැස්කිරීමේ අරමුණෙන් පදනම් පිහිටුවීම සාමාන්‍ය දෙයක් වන අතර එය මුස්ලිම් ප්‍රජාවට පමණක් සීමා වූවක් නොවේ. ඒවා හරහා හිතකර නොවන විදේශ ආධාර ගලා ඒමද බොහෝ කල් පටන් පවතින ගැටලුවකි.

බටහිර ආසියානු පිළිවෙත් මුලින්ම අනුගමනය කිරීමට පෙළඹුණේ නැගෙනහිර ප්‍රදේශයේ අයයි. කළු නිකාබය, මුළු මුහුණම වැසෙන බුර්කා මුලින්ම අඳින්නට ගත්තෝ එම ප්‍රදේශයේ කාන්තාවෝය. දිගු රැවුල් වවමින් සුදුපාට ජුම්බාව පිරිමින් මුලින්ම අඳින්නට ගත්තේ එහිය. ඉන් පසු ඒවා අනෙක් ප්‍රදේශවලට ද පැතිරිණි.

දකුණු ආසියානු ප්‍රදේශවල මෙම වෙනස්කම් සිදුවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ විදේශ රැකියා සඳහා යාමයි. ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා දත්තවලට අනුව විදේශ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් 90% රැකියා කළේ ගල්ෆ් ප්‍රදේශවලයි. සංක්‍රමණික සේවකයන්ගෙන් 79%ක් ඇදගනු ලැබුවේ රැකියා වෙළෙඳපොළ 4කිනි. ඒවා නම් කටාර්, සෞදි අරාබිය, කුවේට් එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

රැකියා සඳහා විදේශ ගත වූවන්ගෙන් 13%ක් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11%කි. මහනුවරින් 9.2%කි. මඩකළපු දිස්ත්‍රික්කයෙන් 7.2% පිටත්ව ගොස් තිබේ. මෙම සේවකයන්ගෙන් බහුතරය ගොස් ඇත්තේ සෞදි අරාබියටය.

මුස්ලිම් විද්වතුන් කියන පරිදි රැකියා සඳහා ගොස් ආපසු පැමිණෙන පිරිස ශ්‍රී ලංකාව තුළ වහාබ් වාදයත් තව්හීඞ් සංවිධාන මත පතුරුවා හරින්නටත් දායකවී තිබේ. “සැබෑ” හෝ ශුද්ධ යනුවෙන් හඳුන්වන නිකායවලට අයත් වූවෝ සුෆී වාදින් දකුණු ආසියානු සම්ප්‍රදායට අයත් ගූඞ්වාදීන් හා සර්වදේවවාදය අදහන්නන් බව කියමින් ඒවා විවේචනය කරති. මෙම මතය 2009 සහ 2013 දී ඇතුළුව වාර ගණනාවක් සුෆීවරුනට එරෙහිව සහාසිකත්වය මුදා හරින්නට හේතුවිය. මේ වසරේ අප්‍රේල් 21 වැනිදා එය උච්ච අවස්ථාවට පත්වූයේය. පාස්කු ඉරිදා ලංකාවේ ක්‍රිස්තියානි පිරිස ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සමඟයි.

2019 මැයි 5 වැනිදා The Sunday Times පුවත් පතේ පළවූ  නාමිනි විජේදාස ලියූ Unravelling Growing Arabistation)  ලිපියේ පරිවර්තනයකි. (Sunday Times INSIGHT)

2019-05-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පාකිස්තානයේ ආරක්ෂාව සොයන්න - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා

සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ කොළඹ

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ

සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස

2015න් පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය

ලොවක් ආදරය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳව

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements