Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ගෝඨාභය දරුණු පාලකයෙක් වෙන්නේ නෑ... බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයේදී නිල වශයෙන් පක්ෂ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තෝරාපත් කරගන්නා

ඉදිරි ජනාධිපතිනරණයේ දී රට ආරක්ෂා කළ හැකි නායකයෙකු හා එක්වෙනවා

එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය ජනාධිපතිවරණ සටනේදී එතරම් සුබදායක නොවනු ඇති බව ක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

අනතුරෙන් මියගිය බිරිඳ පැළඳ සිටි මාලෙයි, මුදුවයි මාරු කරලා මට දුන්නේ ඉමිටේෂන් බඩු

මා යුධ හමුදාවේ සේවය කරමින් සිට රැකියාවෙන් ඉවත් වූයේ මගේ දරු තුන්දෙනා ගැන හිතලයි. මට ඒකෙ ප‍්‍රතිඵල ලැබුණා. මට මගේ ලොකු දුව රිෂානි

මට බෙහෙත් ගන්න ඇඹරැල්ලා විකුණාගෙන එන්න ගිය පුතා මෙහෙම එයි කියලා හිතුවේ නෑ - මියගිය හසාන්ගේ මව

ඇඹරැල්ලා අරන් කොළඹ ගිය මගේ පුතා ගෙදර ආවේ කිසිම කථා බහක් නැතුව. අම්මෙි මම දවල් 12 වෙනකොට ගෙදර එනවා අම්මා බෙහෙත් ගන්න යන්න

අධිකරණයෙන් ඇප ලැබූ ගණන් සර් මාධ්‍යට කියූ දේ

කළගෙඩිහේනේදී වෑන් රථයකට පහරදීමේ සිද්ධියට තමන් වැරදියැයි පිළිගන්නා බව ගණිත ආචාර්ය දිනේෂ් නුවන් අමරතුංග ප්‍රකාශ කරයි. අද (05) අත්තනගල්ල

අත්අඩංගුවට ගත් කඩු තොග උත්සවයක් තියලා අයිතිකරුවන්ටම බෙදා දෙන්න

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම

රවුෆ් හකීම්ගේ නිවසෙන් ලක්ෂ 60ක් සොරාගත් සේවිකාව - සේවකයා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නිවසේ නිදන කාමරයේ ඇඳ යට තිබූ රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරාගත්තැයි කියන නිවසේ සේවිකාවක

වයස 14 දැරියක් එක්ක පවුල් කෑ 22 හැවිරිදි තරුණයා රිමාන්ඩ්

දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට

දිවයිනේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්?

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් ගණනාවක පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟය උග්‍ර වී ඇති බව වෛද්‍යවරුන් ඇතුලු පාර්ශව කිහිපයක් (01) පැවැති

ඔසාමා බින්ලාඩන්ගේ පුත්‍රයෙකු මියගිය බව ඇමරිකාව කියයි

අල්කයිඩා සංවිධානයේ නිර්මාතෘ ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් මියගොස් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ

මස්කෙළිය ගොවිපළක සිටි ඕස්ට්‍රේලියානු කිරි ගවයන් 200ම මරුට

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2017 මැයි මස 14වැනි දින කිරි ගවයන් 1994 දෙනෙක් හා 2017 දෙසැම්බර් 27 දින කිරි ගවයන් 3024 දෙනෙක් ඕස්ට්‍රේලියාවේ

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 70%කින් පමණ ඉහල අගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කඩාවැටී තිබූ සංචාරකයන්ගේ පැමිණීම පසුගිය සති දෙක පමණ වනවිට සියයට හැත්තෑවකින් පමණ ඉහළ

නකල්ස් අධි සංවේදී කලාපයේ වන වගාවකට එ.ජා. සංවිධානයේ සහය

නකල්ස් අධි රක්ෂිත කලාපයේ හිස් භූමී ආවරණය වන පරිදි හෙක්ටයාර් 6500 ක් නැවත වන වගා සිදුකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය හිමිවී තිබේ.ශ්‍රී ලංකාව

පිච්චමල් පූජාවේදී ගැට කපන්නට ආ කාන්තාවක් දැලේ

නුරාධපුර මහමෙව්නා පින්බිමේ ඉකුත් 27දා පැවැති පිච්ච මල් පූජාවට පැමිණ ගැට කැපීමේ නිරත වූ බවට සැකකරන තෙලිඟු ජාතික කාන්තාවක් අනුරාධපුර උඩමළුව

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට්

නන්පේරියල් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහාය

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.ඒ අනුව හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් බෙල් 212 වර්ගයේ

චීනයේ නාය යාමෙන් සිදු වූ මරණ ගණන 36 දක්වා ඉහළට

නිරිතදිග චීනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ නාය යාම හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 15 දෙනෙක් අතුරුදහන් ව

හඳුන්කූරු දුමෙන් අලි එලවන හැටි

වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල

අවිශ්ක පිටිය මැද සැණකෙළියක් මවද්දී තරඟය බැලූ පියා හදිසියේම රෝහල්ගත කරයි

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සුපිරි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගේ පියාවන කොලින් ප්‍රනාන්දු මහතා රෝහල්ගත කර තිබෙනවා.රෝගී වන අවස්ථාවේ

රූමස්වල නෞකාව ඉවත් කිරිම කොටස්වලට වෙන්කිරීමෙන්

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි  අනතුරකට ලක්ව ඇති  ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම කවදාවත් පක්ෂවලට නායකයන්ට වන්දනාමාන කරන කෙනෙක් නෙවෙයි.
GossipClanka.com

ඊට පැහැදිලි උත්තරය අවශ්‍ය නැත. 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති බලය ගැන අපිම විවේචනය කළා. ඒක ඇත්ත. හැබැයි අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වතාවත්

 

කෑලි එල්ලලා ටින්කරින් කරලා තමයි දැන් ව්‍යවස්ථාව තියෙන්නෙ. මුල් අවස්ථාවේ ගෙනාවට වැඩිය විධායක බලය සම්පූර්ණයෙන් අද විකෘතියක්. මොකද ව්‍යවස්ථාව ගෙනාවේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිතව ස්ථාවර කර ආණ්ඩුව පවත්වාගෙන යන්න ඡන්ද ක්‍රමය එක්ක. ඒ ඡන්ද ක්‍රමයත් දැන් විකෘතියක්. දිස්ත්‍රික්කයක ඡන්ද ප්‍රතිඵලය වලංගු ඡන්දවලින් 12.5%කට වැඩිය ගත්ත පක්ෂවලට පමණක් ආසන ගන්න තිබුණ අයිතිය ප්‍රේමදාස ඔහුගේ ඡන්දෙට දවස් දෙකකට පෙර 15 වැනි සංශෝධනයෙන් 5% දක්වා අඩු කළා. ඒක කළේ මුස්ලිම් ඡන්ද අෂ්රොෆ් විසින් ලබාදෙනවයි කියලා. ඒ දුෂ්ට ගනුදෙනුවක ප්‍රතිඵලයක්.

ඒකෙ ප්‍රතිඵලයක් ලෙස අද ස්ථාවර ආණ්ඩු හදන්න බැහැ තාමත්. ඒකට හේතුව මොකක්ද? දැන් ව්‍යවස්ථාවට රිංගාගෙන තියෙන 13 වැනි සංශෝධනය හරහා දීපු විශාල බලතල පරිමාණය එක්ක රටේ විධායක බලය මෙහෙයවන හස්තයට ප්‍රමාණවත් බලයක් ව්‍යවස්ථාවෙන් නැති කළොත් තියෙන බලය දියාරු කළොත් රට කැඩෙන එක වළක්වන්න බැහැ.

ඔබ කියන අන්දමේ අනතුරුදායක තත්ත්වයක් නොමැති බවට ආණ්ඩුව පාර්ශ්වයෙන් සහතික කරනවා? එවැනි දෙයක් කියන්න පුළුවන්. නමුත් ව්‍යවස්ථාවක් කියන්නෙ අවුරුදු සිය දහස් ගණනක් බලාත්මක වෙන්න හදන එකක්. ඒ අනතුරුදායක තත්ත්වය දැන් තියෙනවා.

නමුත් වත්මන් ආණ්ඩුව යටතේ 19 වැනි සංශෝධනය හරහා විධායක බලතල ප්‍රමාණයක් ඉවත් කළා නේද? ඔව්. නමුත් ඒකීය රටක් ඕනෑ නම් මේ ව්‍යවස්ථාවේ හර පද්ධතියට වෙනස්කම් එකතු කරන්න බැහැ.

බොහෝ පාර්ශ්ව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කියද්දී ඔබ එවැන්නක් අවශ්‍ය නැති බව කියන්න හේතුව මොකක්ද? අද රටේ තියෙන ප්‍රශ්නය ව්‍යවස්ථාව නෙවේ. ආර්ථිකය මේ අවුරුද්ද අවසාන වෙනකොට ඍණ වෙනවා. අද රුපියලේ අගය පාලනය කරන්න ආණ්ඩුවට බැරි වෙලා. මුළු රටම කුඩු මාෆියාවෙන් වෙළාගෙන. මුළු රටම පාතාල කල්ලි විසින් තැන තැන පාලනය කරනවා. අවශ්‍ය දේ නොකර මේ ව්‍යවස්ථාවක් ගැන තර්ක කරන්නේ විදේශීය සහ එන්.ජී.ඕ. බලවේගවල හා ඩයස්පෝරාවේ වුවමනාවට. ඒ වගේම මේ වෙලාවේ විශේෂඥයෝ යැයි කියාගන්නා අය පාර්ලිමේන්තුවට දැම්මේ ව්‍යවස්ථාවක් ගේන්න වුවමනාවට නෙවේ. ආණ්ඩුවට පාලනය කරගන්න බැරි මාතෘකා ටික ඔක්කොම යට ගහන්න සහ බැඳුම්කර මගඩිය තුළින් ආණ්ඩුවේ නායකයන්ට එන දැඩි ප්‍රහාර හා විවේචන වෙනතකට යොමු කරන්න. ඒ දිරච්ච ලණුව අද මාධ්‍ය ආයතනයි ජනතාවයි හොඳට ගිලලා තියෙනවයි කියලා පේනවා.

ව්‍යවස්ථාවට යම් සංශෝධන අවශ්‍ය බවවත් ඔබ පිළිගන්නෙ නැද්ද? හදිසියෙ සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාවක් නැහැ.

19 වැනි සංශෝධනය ගෙනෙද්දී එහි මූලිකව කටයුතු කළ පුද්ගලයෙක් ඔබ. එදා සරත් වීරසේකර මහතා හැර අනෙක් සියල්ලම 19ට පක්ෂව අත එසෙව්වා. අද ඒ අයම විරුද්ධයි. මොකක්ද මේකෙ තේරුම? මෙය සම්මත කරන වෙලාවේ බොහොම හොඳ චේතනාවකින් කළේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට නිර්පාක්ෂක ජනාධිපතිවරයෙක් ගෙනත් මේක හැදුවේ. එතකොට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් අපිට දිගටම හිටියා නම් අද ඔය අතරින් පතර මතුවන ගැටලු මතු නොවෙන්න ඉඩ තිබුණා.

ඔබ ව්‍යංගයෙන් කිව්වේ අද ජනාධිපතිවරයා නිර්පාක්ෂික නොවන බව නේද? මම ජනාධිපතිතුමාගේ ඡන්ද නියෝජිතයා. එතුමා අපි පත් කළේ නිර්පාක්ෂික ජනාධිපති ලෙස. හැබැයි එතුමා ඇවිල්ලා දවස් කිහිපයක් ඇතුළත සන්ධානයේ සහ ශ්‍රී ලනිපයේ නායකකම ගත්තා. ඒක ගත්ත ගමන් එතුමට නිර්පාක්ෂික වෙන්න බැහැ. ඒක ප්‍රතිඵලයක් විදියට පළාත් පාලන ඡන්දෙට යනකොට සහ මහ මැතිවරණයට යද්දී එතුමට සිද්ධ වුණා. ශ්‍රී ලනිපය ඇතුළු සන්ධානයට ප්‍රහාර එල්ල කරන්න. පළාත් පාලන ඡන්දෙට එද්දී යූ.එන්.පී. යටත් පහර ගහන්න එතුමට සිද්ධ වුණා. සිද්ධ වුණාට පස්සේ එතුමාගේ නිර්පාක්ෂිකභාවය තියාගන්න බැහැ. ඒ තුළ ඇති වූ ගැටුමෙන් තමයි පසුගිය කාලෙ රට අරාජික තත්ත්වයට ගියෙ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ මෙහෙයුම් කමිටු මණ්ඩලයෙ සාමාජිකයකු ලෙස ඔබත් හිටියා. ඔබ කියන කාරණා මෙයට පරස්පරයි නේද? ඒ කමිටුවේදී අපි බොහොම සද්භාවයෙන් කල්පනා කළා අපි පාවිච්චි කරන්නෙ අපේ ව්‍යවස්ථාදායක බලය කියලා. නමුත් එය ආරම්භ කර කෙටි කලක් යනකොට ඒකට විදේශීය බලවේග පුදුම විදියට රිංගා ගත්තා. විදේශීය රාජ්‍යයන් සල්ලි දෙන්න පටන් ගත්ත අගමැතිතුමා ඇතුළු මේ කමිටුව ගෙනියන්න, ව්‍යවස්ථාව හදන්න. මං ඒකට විරුද්ධ වුණා. අනෙක් එක ඒ කමිටුවේදී අපේ අදහස්වලට කිසි පිළිගැනීමක් නෑ. මොකද ඒක පාලනය කිරීමේ සම්පූර්ණ වගකීම අගමැතිවරයා පවරා තිබුණෙ සුමන්තිරන්ට හා ජයම්පති වික්‍රමරත්නට යන ෆෙඩරල් මතවාදී පියවරුන්ට. මම එදා කිව්වා මේ ව්‍යවස්ථා මණ්ඩලය නීති විරෝධීව යන්නෙ, එය විසුරුවා හැරිය යුතු බව.

ආණ්ඩුව පාර්ශ්වයත්, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්ව කිහිපයත් ප්‍රකාශ කරන්නෙ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ සැකසී නොමැති බව. එවැනි තත්ත්වයක 'ව්‍යවස්ථාවක්' කියන එක වචනයකට ලඝු කොට විවිධ මත ප්‍රකාශ කිරීම සාධාරණද? ප්‍රශ්නය තමයි හදන්න යන ව්‍යවස්ථාව මොකක්ද දන්නෙ නැහැ. කෙටුම්පතක් හදලත් නැහැ. එතකොට ලෝකෙ අපි නොදන්න මිනිස්සු කට්ටියක් ඇවිත් වාර්තාවක් ඇයි පාර්ලිමේන්තුවට දාන්නෙ. මගේ නීති තර්කය පාර්ලිමේන්තුවේ සියලු සභාවක්ම කමිටුවක්ම පත් කරනු ලබන පාර්ලිමේන්තුවේ වාර අවසාන කරලා කල්දාන මොහොතේ පටන් අහෝසියි එය. දැන් කෝප් කාරක සභාව අහෝසි වුණා. ඒවට අලුතින් සාමාජිකයෝ පත් කළා. මේකත් නීති විරෝධියි. අලුතින් ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගේන්න ඕනෑ.

රට බෙදන, රට කඩන ව්‍යවස්ථාවක් මාතෘකාව මතු කිරීම රටට බරපතළ අනතුරක්. ඇයි මෙවැනි තත්ත්වයක් දිනෙන් දින මතු කරන්නෙ එහෙනම්? ජනතාවයි මාධ්‍යයි නොමඟ ගිහින්. වැඩකට නැති දෙයක් උඩට අරගෙන. ඇත්ත ප්‍රශ්න රටේ වෙන හොරකම්, වංචා, දූෂණ, කුඩු ව්‍යාපාර එකක්වත් ගැන කතා නොකර ජනතාවත් මෝඩකමට මේ ආණ්ඩුවේ දිරච්ච ලණුව කාලා ඒකෙ එල්ලිලා ඉන්නවා. මාධ්‍ය ආයතනත් ඒක පස්සෙම යනවා.

ඔබ ව්‍යවස්ථාව සම්බන්ධව හසළ දැනුමක් ඇති පුද්ගලයෙක්. නමුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සිදුවන අතරේ විවිධ පාර්ශ්ව ගෙන ආ යෝජනාවල එල්ලිලා සිටීමත් අනුමත කළ නොහැකියි නේද? ඒ කමිටු 6 යෝජනා ගෙන එන වෙලාවෙ මම විරුද්ධ වුණා.

දෙමළ ජාතික සන්ධාන පාර්ශ්වය ඔය මතුවන බරපතළ චෝදනා අනුව ඔවුන් රට අහිතකර යෝජනා ගෙන ආවද?

ටී.එන්.ඒ. පාර්ශ්වය රටට වැඩිය දෙමළ ජනතාවට අහිතකරයි. අද උතුරේ කොච්චර ප්‍රශ්න තියෙනවාද? අද උතුරට යන සල්ලි වියදම් කරන්නෙ නැතිව ආපසු හරවලා එවනවා. අද උතුරේ රටේ අනෙක් පළාත්වලට වැඩිය බරපතළ විදියට කුඩු ව්‍යාප්ත වෙලා තියෙනවා. එතනෝල්, ගංජා ව්‍යාප්ත වෙලා. මේ උතුරේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම දේශපාලනඥයකුට උතුරේ ජනතාව ගැන කිසිම කැක්කුමක් හැඟීමක් නැහැ. තුන්සිය හැටපස් දවසෙම බලය ඉල්ලනවා මිසක් ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නෙ නෑ ඒ එක්කෙනෙක්වත්.

කුමක් වුවත් නව ව්‍යවස්ථාවක් සම්මත වීමේ පුළුල් ක්‍රමවේදයක් පවතිනවා. හිතුණු මොහොතක අත්තනෝමතිකව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නොහැකියි. එසේ තිබියදී පාර්ශ්ව කිහිපයක් එක්ව රට බෙදන ෆෙඩරල් කිරීම් ගැන ප්‍රසිද්ධ මත එළියට ගේනවා.

ඇයි කිසිවෙක් උත්සාහ නොගන්නේ අවම කරමින් මේ තත්ත්වය හෝ සමනය කරන්න. ජනතාව අද ඔල්මොරොන්දන් වෙලා ඉන්නෙ? නෑ මෙහෙමයි. මේකෙ දෙතුන් පැත්තක් තියෙනවා කියනවා. තම තමන්ගේ වාසිය තකා දේශපාලන වාසි ගන්න කතා කරනවා මිසක් ඇත්ත කතා කරන අය අද දකින්න නැහැ. ප්‍රායෝගිකව කුමන ව්‍යවස්ථාවක් එහෙම නැත්නම් ලෝකෙ තියෙන හොඳම කෙටුම්පත මේ ආණ්ඩුව ගෙනාවත් මේ පාර්ලිමේන්තුවේ 2/3ක් ගන්න බැහැ. මේ ආණ්ඩුව ගේන්නෙ ලෝකෙ හොඳම ව්‍යවස්ථාව කියමුකෝ. ඒත් මේ රටේ ජනමත විචාරණයකින් කවදාවත් මේ අයට ව්‍යවස්ථාවක් සම්මත කරන්න බැහැ.

එය ඔබේ තර්කය වුවත් සමස්ත ආණ්ඩුවේ තර්කය නෙවෙයි? මේ ආණ්ඩුව මේ ව්‍යවස්ථාව තුළින් ඉලක්ක තුනකට යනවා. එකක් තමයි මුලින්ම මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න යට කිරීම. දෙක මේ ව්‍යවස්ථාව මඟින් මේ ව්‍යවස්ථාවේ යෝජනා නෙවෙයි මේවා කතන්දරනේ. මේ කතන්දර මඟින් ඩයස්පෝරාවත්, අපේ රටට මැදිහත් වෙන විදේශීය බලවේගත්, එන්.ජීඕ. කාරයොත් සියලු දෙනා සහ දෙමළ ජනතාව රවට්ටන්න ආණ්ඩුවේ උත්සාහය. මොකද ඉදිරියේදී සුළු ජන කොටස්වල ඡන්ද නැතිව ආණ්ඩු පක්ෂයට කිසිම ඡන්දයක් දිනන්න බැහැ. ඒ නිසා ඒ ජනතාව රවට්ටන්න මේක පාවිච්චි කරනවා. තුන් වැනි එක ජාත්‍යන්තරයෙන් මේ අයට යම් යම් උපකාර ලබාගන්න තියෙන බලාපොරොත්තු නිසා එළියට පෙන්නනවා අපි තවමත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න සුළු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා.

ඔබ දැන් නියෝජනය කරන පක්ෂය කුමක්ද?එක්සත් ජාතික පක්ෂය.

නමුත් ඔබ අවස්ථා කිහිපයකම ආන්දෝලනාත්මක ප්‍රකාශ කළා. ඒ බොහෝ අවස්ථාවල විජයදාස රාජපක්ෂ මේ කරන්නේ ඩීල් එකක්. කාගෙ හරි කොන්ත්‍රාත්තුවක් කියලයි චෝදනාව එන්නේ? ඒකට හේතු ගණනාවක් තියෙනවා. මම කවදාවත් පක්ෂවලට නායකයන්ට වන්දනාමාන කරන කෙනෙක් නෙවෙයි. මං ඒ තරම් නිවට දේශපාලනඥයෙක් නෙවෙයි. 2007 මහින්දට ඇඟිල්ල දික් කරන්න තියා බුරන්න බල්ලෙක්වත් හිටියෙ නැති කාලෙක මම එතුමට අභියෝග කරලා විපක්ෂයට ගිහින් ස්වාධීනව හිටියෙ. ඒ නිසා මට පක්ෂ හෝ නායකයන් වැදගත් නැහැ. මේ ආණ්ඩුවත් එහෙමයි. අපි බොහෝම අමාරුවෙන් නායකයා රකින්න මං හිතන්නෙ මං විතර කැපවුණේ නැහැ කවුරුත්. ඔබේ පත්තරෙනුත්, සිරසෙනුත් අවුරුදු 3ක් මට එක දිගටම ගැහුවෙ වෙන මොකුත් නිසා නෙවෙයි, මේ නායකයා රකිනවා කියලා.

ඔබේ නායකයා රැක්කා කියලා ඒ කැප වුණ ප්‍රතිඵල ලැබුණද? ඒ නායකයා රැකලා අපි ආණ්ඩුවක් හැදුවට පස්සේ ඒ ආණ්ඩුව මොකද කරන්නෙ. ආණ්ඩුව ජනතා හිතවාදී නැත්නම් මොකද කරන්න ඕනෑ. ඒ වගේම මේ රටේ ඇමැතිකම් දරන්න නම් ඒ නායකයාගේ වහලෙක් වෙන්නම ඕනෑ. මම ඒකට ලෑස්ති නැහැ. විශේෂයෙන්ම මාත් එක්ක මේ පැටලිල්ල ආණ්ඩුව හදාගත්තෙ හේතු 2ක් නිසා. එකක් තමයි අධිකරණ ඇමැතිවරයා විදියට බැඳුම්කර කොමිසම පිළිබඳ කරුණු අනාවරණය කිරීමේදී ජනාධිපති පරීක්ෂණ කොමිසම හරහා ඒ මොහොතේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න ගිය උත්සාහය මං වැළැක්වූවා. ඒක නිසා ගිය ආණ්ඩුවේ හොරකම් කරපු හොරු ටික ආරක්ෂා කරන්නෙ මමයි කියලා මතයක් ඒ ආණ්ඩුව හැදුවා.

ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැළැක්වුවෙත් ඔබ කියලා ඒ කාලය තුළ ප්‍රබල චෝදනාවක් මතු කළා? ඔව්. එවැනි මතයක් හැදුවා. ඒ වුණේ ගෝඨාභය කරපු අනෙක් වැරැදි ගැන මම දන්නෙ නැහැ. ඔවුන් ඔය ඇවන්ගාඩ් ගනුදෙනුවේදී ඒකට ගෝඨාභයගේ අපරාධ වගකීමක් නැහැ කියන මතයෙ මම හිටියා විතරක් නෙවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨයන් 6 දෙනෙක්ගෙ කමිටුවක් පත් කරලා ඒක දීලා තියෙනවා. ඒක තමයි ආන්දෝලනාත්මක වුණේ.

එතකොට හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමට අදාළව ඔබට නැඟුණු චෝදනාවත් පදනම් විරහිතයි කියලද කියන්න හදන්නේ? මම කියපු එකේ ඇත්ත තේරෙන්න නෑ තවම මේ රටේ මිනිසුන්ටත්, දේශපාලනඥයන්ටත් මේක තේරෙන්න තව අවුරුදු 2ක් විතර යන්න ඕනෑ. මොකද කොළඹ වරායෙ 75%ත් වෙන්නෙ ප්‍රතිඅපනයන. හම්බන්තොට වරාය සම්පූර්ණ මෙහෙයුම් පටන් ගත්තාම ඒ 75%ක් හම්බන්තොටදී ගනුදෙනු කරලා යයි. තව නාවික සැතපුම් 250ක් කොළඹට එන්න නැව්වලට ඕනෑ නැහැ.

එතකොට ඒකෙන් එන ලාභය ඔක්කොම චීනෙට ගෙනියයි. කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙයි නොමිලේම.

ඔබට ඇමැති ධුරයක් ලැබුණා. එය නැති වුණා. නැවත ලැබුණා. නැවත එය නැති වුණා. දින 52 තුළත් ඔබ කැබිනට් ඇමැති ධුරයක් භාරගත්තා. නැවත එය නැති වුණා. නැවත ඇමැතිකමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවාද? අනේ මං ගන්නෙ නැහැ. මං පැහැදිලිව කිව්වා. යූඑන්පී එකේ ඇමැතිවරු 20කට වඩා මේ ගෙදරට ආවා. මට ඇමැතිකම් අරගෙන මට යූඑන්පී එකේ සභාපතිකම දෙන්නත් ඇමැතිවරු ඇවිත් කතා කළා.

ඇයි ඔබ භාරනොගත්තේ? මේ එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැහැ. එජාපය රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් කියලා රට පිළිගන්නෙ නැහැ. ඒක නිසා ඒ වගේ වඳබැහැපු පක්ෂයක තවදුරටත් තනතුරු දරන්න මං ලෑස්ති නැහැ.

ඔබම කියන වඳබැහැපු එජාපයේ තවදුරටත් මන්ත්‍රි ධුරය දරන්නේ ඇයි? මන්ත්‍රි ධුරය දරන්න මට අයිතියක් තියෙනවා. මොකද ජනතාවගේ ඡන්දෙන් මං ඇවිල්ලා ඉන්නෙ.

විජයදාස රාජපක්ෂ ඉදිරියටත් පක්ෂය මාරු කරයිද? මට පක්ෂය වැදගත් නැහැ. මාරු කිරීමේ ගැටලුවකුත් නැහැ. දැනට මම තීරණය කරලා තියෙන්නෙ මේ පාර්ලිමේන්තු වාරයෙන් පස්සෙ මම දැනටමත් මගෙ වෘත්තිය පටන්ගෙන තියෙන්නෙ මේ දේශපාලනයෙන් නිදහස් වෙන්න.

පසුගිය ඔක්තෝබර් 26 වූ දේශපාලන කලබැගෑනියත් සමඟ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමක් සිදු වුණා. එතැනදී ඔබ පමණක් පාර්ලිමේන්තුවේදී කතාවක් කළා. ඔබ එවැනි කතාවක් කරමින් උත්සාහ කළේ මේ ප්‍රශ්නයෙ මැදිහත්කරුවකු වීමට නේද? නෑ. මේ රටේ පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්වෙලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ආණ්ඩුව දුන්නෙ එකසිය විසිගාණක් තියනවායි කියලා විශ්වාසයකින්. හැබැයි මාසයක් ගිහිල්ලත් එකසිය දහතුන නැහැ. එහෙම නම් ඒක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. ඒක කොතැන හෝ වරද්දා ගත්තනේ.

ඒ වැරැද්ද පිළිඅරගෙන බහුතරයට ආණ්ඩුව දෙන්න ඕනෑනේ. නැත්නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදය නෑනේ. ඒක නිසා මම පෞද්ගලිකව කිව්වා මේක දීලා ඉවරයක් කරන්න කියලා ඔය නායකයො ඔක්කොටම. අන්තිමට ඒ ටික තෙරෙන්නෙ නැති නිසා මං පාර්ලිමේන්තුවට ගිහිල්ලා මගෙ ස්ථාවරය කිව්වා.

හැබැයි ඒක නොකරපු නිසා අධිකරණ නියෝග දීලා පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් කළා. අද හැමදේටම අධිකරණය නියෝග දෙන්න ඕනෑ. උත්තරීතයි කියන පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ අද අධිකරණය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට ජනපතිට උපදෙස් දුන්නෙ ඔබ කියලා කතාබහක් තිබෙනවා?ඒක සම්පූර්ණයෙන් වැරැදියි. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා දිවුරුම් දෙන එකත් මං දැනගත්තෙ රූපවාහිනියෙන්. අපිට කිසිම අදහසක් තිබුණෙ නැහැ ජනාධිපතිවරයා මොකක්ද කරන්න යන්නෙ කියලා.

හැබැයි අවසානයේදී එතුමාට ඒ පැත්තටත් මේ පැත්තටත් යන්න බැරිව හිරවෙලා ඉන්න වෙලාවේ එතුමට උපදෙස් ලැබිලා තිබුණා මේක විසුරුවන්න පුළුවන් කියලා.

ජනාධිපති විසින් අවස්ථා කිහිපයකදී ව්‍යවස්ථාව උල්ලංඝනය කළා. ඒ බව අධිකරණය විසින් තීන්දු කළා. අධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් පවා ලබා දුන්නා. මේ ගැන මම ඔබෙන් ඍජු පිළිතුරක් අපේක්ෂා කරනවා?

නෑ. ව්‍යවස්ථාව කැඩීමක් නෙවෙයි. දැන් ඇමෙරිකා ජනාධිපති ගත්ත තීන්දු ව්‍යවස්ථාවට විරුද්ධ තීන්දු බවට නඩු තීන්දු දීලා තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා ගත්ත තීන්දු ඒ අධිකරණය විසින් දීලා තියෙනවා වැරැදියි කියලා. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදක් කරනවා කියලා. ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨයෙක් වෙන මන්ත්‍රි කුමාර වෙල්ගම ඍජුවම කිව්වා ජනාධිපති මෛත්‍රි ව්‍යවස්ථාව උල්ලංඝනය කළා.

ඔහුට විරුද්ධව ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා යුතු බව. එවැනි ප්‍රකාශ ආවට ගියාට කරන්නෙ නැහැ නේද? එක එක විශේෂඥයන්ගෙ උපදෙස් පිළිබඳව මම අදහස් පළ කරන්න කැමැති නැහැ. ඒක ඒ විශේෂඥයන්ගෙන්ම අර්ථ නිරූපණය ගන්න ඕනෑ.

ඔබ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් 2007 එළියට ආවා. එජාපයට ගියා. නැවත එජාපයෙන් එළියට ආවා. ඔබත් එහෙට මෙහෙට පනින මන්ත්‍රිවරයෙක් ලෙස ලේබල් වැදුණා නේද? ඔව් ඉතින් වැදුණා. හැබැයි ඉතින් වෙනස මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට විපක්ෂයෙන් 62ක් ගියා. හැබැයි මම විතරක් ආණ්ඩුවෙන් එළියට ගිහින් විපක්ෂයට ගියා. ඒ වෙනස ජනතාව දන්නවා. මම රට ගැන හිතුවේ. සමහරුන්ට පක්ෂය වැදගත්. පක්ෂය තියෙන නිසායි ඇමැතිකම් තනතුරු තියෙන්නෙ.

ඔබ දින 52 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් භාර ගැනීමෙන් පෙන්නුම් කරන්නෙ අර චෝදනාවල සත්‍යතාවක් නේද? ඒක එහෙම වෙනවා. මොකද අවසාන දවසෙත් කැබිනට් මණ්ඩලය ගිනි අරගෙන රණ්ඩු වෙලා මාත් එක්ක ලොකු විවාදයක් ගිහින් තමයි එළියට ආවේ. මම එදා අධිෂ්ඨාන කරගෙන එළියට ආවේ මට ලැබෙන පළමුවැනි මොහොතෙම මේ ආණ්ඩුව කඩන්න පුළුවන් නම් මම වට්ටනවා. ඒකට හයියක් නැති බව මම දන්නවා. නමුත් දවස් හතරක් ඇතුළත ජනාධිපතිවරයා ඒ තීන්දුව ගත්තා. හේතුව අපි දන්නෙ නැහැ.

නමුත් ඔබ කරන ඇතැම් ආන්දෝලන ප්‍රකාශ හරහා ජනතාව මනින්නෙ විජයදාස රාජපක්ෂ තනියම බුදුවෙන්නයි මේ කතා කියන්නෙ කියලා? මම කළේ කැපකිරීමක්. මොකද මට ඒ ආණ්ඩුවත් එක්ක ඔය අන්තිම කැබිනට් රැස්වීම්වල සිද්ධ වූ දුප්පත් ගොවියන් පාරට ඇදලා දාන ඉඩම් පනත, අපට තියෙන එකම කොළඹ නැඟෙනහිර වරාය ජැටිය රනිල් ඉන්දියාවට දෙන්න හදනවයි කියලා අප්පගේ බූදලේ බෙදනවා වගේ වැඩ කරද්දී අපි සටන් කළා. ඒක ආත්මාර්ථකාමි කියලා මිනිස්සු දකිනවා නම් ඒක ජනතාවට තීරණය කරන්න අයිතියක් තියෙනවා. මේ දේශපාලනයෙන් අෑත් වෙන තරමට මට සත පහක අලාභයක් සිදුවෙන්නෙ නැහැ. ජනතාවට පමණයි ඒක බලපාන්නේ.

මම නැවත ඔබෙන් අහනවා, බව කියන විදියට අන්ත දූෂිත පක්ෂයකින් ඉවත් නොවන්නේ මන්ත්‍රි ධුරය රැක ගන්න නේද? දේශපාලනයේදී එළියෙ කරන සටන් වෙනම තියෙනවා. ඇතුළෙ ඉඳලා කරන සටන් වෙනම තියෙනවා. ඇතුළෙ ඉඳලා මං සටන් කළ නිසා තමයි තවමත් ලංකාවේ රණවිරුවා දඩයම් කරන්න දෙමුහුන් යුද අධිකරණය දාගන්න බැරි වුණේ මං නිසා. මට මන්ත්‍රි ධුර හෝ තනතුරු අදාළ නැහැ.

ඉතින් ඔබේ සටන්වල අවම හෝ ප්‍රතිඵලයක් ජනතාවට පෙන්වන්න හැකි වුණාද?ඒ දේවල් ඔබලා නොදන්නවා වුණාට දෙමුහුන් අධිකරණය නතර කරන්න හැකි වුණේ මං නිසා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරලා දියාරු පනතක් ත්‍රස්තවාදීන්ටම වාසි සැලසෙන පනතක් ගෙනා එක වැළැක්වූවේ මම. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයට වගන්තියක් එක් කර සමලිංගික සේවනය නීතිගත කරන්න ගෙනා පනත නතර කළේ මම. ඩොලර් ලක්ෂ 3ක් මේ රටට ගෙන්නන මිනිස්සුන්ට අවුරුදු 5ක 10ක වීසා දෙන්න ගිය එක නතර කළේ මම. ඒවගේ නතර කළ හැකි ඒවා නතර කළා.

මැතිවරණ කිහිපයකට නියමිත මේ වසර තුළ ඔය ප්‍රකාශත් සමඟ ඔබේ දේශපාලනය තුළ නැවතත් පෙරළියකටද මේ අරඅඳින්නේ? මට පෙරළිකාර චරිතයක් වෙන්න එවැනි ගායක් රුදාවක් නැහැ.

මුලින් ආ යුත්තේ කුමන මැතිවරණයක්ද? පළාත් සභා මැතිවරණය මුලින් පැවැත්විය යුත්තේ. එක්කෝ මේක එන්න ඕනෑ. මම නම් කැමැති පළාත් සභා අහෝසිම වෙලා යන තරමට. මොකද ඒක සුදු අලියෙක්.

ඔබේ පක්ෂය පැත්තෙන් මේ ප්‍රශ්නය යොමු කරන්නෙ. පිරිසක් දරන මතය අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනපති අපේක්ෂකත්වයට නුසුදුසු බව කියනවා. ඔබේ මතය මොකක්ද? නෑ. එයා සුදුසු නැති නිසා තමයි ගිය පාර මම මෛත්‍රිපාල මහතාගේ නම ගේන්න ඕනෑ කියලා දැඩි ලෙස සටන් කළේ. ඒ අනුව සිරිකොතේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමත කරගත්තෙ මම. ඉතින් ගිය සැරෙත් සුදුසු නැතිනම් 2010ත් එයා සුදුසු නැතිනම් 2020 කොහොමද සුදුසු වෙන්නෙ?

එජාපය හතරට පහට බෙදිලා කාකොටා ගන්නෙත් මේ අපේක්ෂකකම බෙදාගන්න බැරිවද? මං නම් ඕවා ගැන හොයන්නෙ නැහැ. මම දන්නෙ එක දෙයයි. ඔය කණ්ඩායම ඉදිරිපත් කරන කිසිම පුද්ගලයකුටවත් දිනන්න බැහැ කියලායි මම දන්නෙ.

ඔබ කිව්වා නිර්පාක්ෂික අපේක්ෂකයකුගේ නම දැම්මේ ඔබ මැදිහත්ව බව? ඔව්

එසේ නම් ඉදිරි ජනාධිපතිවරණයටත් ඔබ එවැනි තීරණයක් ගන්නද ඉන්නෙ? දැනට නැහැ. මම දිගු කලක් දේශපාලනය කළානේ. ඉදිරියේදී අපිටත් අපේ විශ්‍රාම කාලේ සුවසේ ගත කරලා වෘත්තීය කටයුතු කරන්න තමයි අදහස. අපිට මැරෙනකම් දේශපාලනය කරන්න අවශ්‍යත් නැහැ. එහෙම කරන්නත් බැහැ.

රටේ අඩියටම ගිලා බැහැලා තිබෙන ආර්ථිකය ගැන කතා කළාට කිසිවෙක් මීට මැදිහත් වීමක් නැහැ. ඉතින් කොහොමද අනෙක් ක්‍ෂේත්‍ර ගොඩගන්නෙ? ආර්ථිකය මම විශ්වාස කරන්නෙ ලබන අවුරුද්දෙ ආර්ථික විශේෂඥයන්ගේ බලාපොරොත්තුව මොකක් වුණත් බිලියන තුන්දාස් පන්සියය පන්නගන්න බැහැ කියන එක තමයි මේ යන තත්ත්වය එක්ක තේරෙන්නෙ. ව්‍යාපාරිකයො හොඳටම ඇද වැටිලා. අපිට අමාරුයි.

ඔබලාට ඔච්චර අමාරු නම් එදා වේල හම්බ කරන ජනතාව කොහොමද මේ ආර්ථික අසීරුව ගළපන්නෙ? ඒගොල්ලන්ටත් බලපානවා. නමුත් ඊටත් වැඩිය ව්‍යාපාරිකයන්ට බලපා තිබෙන විදිහ බලන්න. බදු ටික විතරක් 40%ක් ගෙවනවා. මතක තියාගන්න ඕනෑ මේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රය වැටුණොත් කොහෙන්ද ආණ්ඩුවට ආදායමක් එන්නෙ.

සංවාදය - අනුරාධා හේරත්

2019-02-02

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

පාකිස්තානයේ ආරක්ෂාව සොයන්න - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුමක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඊට පෙර එහි ආරක්ෂාව ගැන සහතිකයක් ලබා

සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ කොළඹ

කුලේ වෙනුවෙන් නම්කළ තරගයේ ජයත් ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති තෙවැනි එක්දින තරගයද ලකුණු 122කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

අපේ ඇඟයි දායක වන ෂූට් එක අනුව තමයි අපේ පැවැත්ම තියෙන්නේ

සිරස අවුරුදු කුමරිය තරඟාවලිය හරහා පැමිණි නිරූපණ ශිල්පිනියන් රැසක් අද වනවිට ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල රැඳී සිටිනවා. ධනුෂ්කා කියන්නෙත් සිරස

2015න් පසුව ශ්‍රී ලංකාවට ලංකාවේදී තරග ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම දෙවැනි තරගයෙන් කඩුලු 7කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය

සුපිරි ක්‍රිකට් තරුවගේ ජීවිත කතාවෙන් හැදෙන සුපිරි සිනමා කෘතිය

ලොවක් ආදරය කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ලෝක පූජිත මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන චිත්‍රපටයක් පිළිබඳව

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements