Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.ශ්‍රි ලංකා

බරපතළ මානව ගැටලුවක් තියනවා. මම පෙරේදා හිරේ ඉඳලා ආවේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ

අනුරාධපුර සතිපොළ කුණු ගොඩක් වෙලා

අනුරාධපුර මහ නගර සභාව මඟින් පාලනය වන ශ්‍රී ලංකාවේ විශාලතම සතිපොළ වශයෙන් සැලකෙන අනුරාධපුර මහජන පොළ පැවැත්වීමෙන් පසුව වෙළෙඳුන්

ඉරාකයේ ටයිග්‍රිස් නදියේ මගී යාත්‍රාවක් ගිලී 40ක් මරුට

ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 40ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.නියමිත මගීන්

රට හදන්න ඇමතිවරුන්ගේ දේපළ විකුණන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින

යකඩවලට වඩා මනුස්සකම ශක්තිමත් බව මුද්‍රණාල හිමිකරුවා පෙන්නවයි

පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අතක් මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.පසුව

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී තවත් මාරක බස් රථ අනතුරක්

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්

සා/පොළ ප්‍රථිපල නිකුත් වෙයි ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන්

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්
GossipClanka.com

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

 

සිල්වා මහතා පැවැසීය. රට හදන - රට රකින ජනතාවාදී පාලනයක්' යන මැයෙන් රට පුරා පවත්වන ජනහමු දස දහසේ වැඩසටහන යටතේ ඉකුත්දා කොත්මලේ, මෑතගමදී පැවැති ජනහමුවක් අමතමින් ටිල්වින් සිල්වා එසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.
රජයේ සේවකයන්ට වසර 5කට සැරයක් පොඩි වාහනයක් ගන්න පර්මිට් එකක් දෙනවා. ඒකත් අත්හිටෙව්වා. අත්හිටුවලා ආණ්ඩුව කිව්වා ඇමැතිවරුන්ටත් අත්හිටෙව්වා කියලා. ඒක පට්ටපල් බොරුවක්. මැති ඇමැතිවරු ඒ වෙනකොට වාහන අරගෙන ඉවරයි. රජයේ සේවකයන්ට මේක ගන්න බැරිවෙන්න නැවැත්තුවා. ඒකෙනුත් පහර දුන්නේ පහළ පන්තියට. ඊළඟට සීමා කරන්න කීවා වියදම. ජනාධිපතිතුමයි, අගමැතිතුමායි මාරුවෙන් මාරුවට රට යනවා. හරියට සීසෝ පදිනව වගේ. මේවට වියදම් කරන්නේ රුපියල්වලින් නෙවෙයි ඩොලර්වලින්. ඩොලර්වලින් සල්ලි වියදම් කර කර දෙන්නා යනවා මාරුවෙන් මාරුවට රට.

නිව්යෝර්ක්වලට ජනාධිපතිතුමා ගියේ කොහොමද? එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ ජනාධිපතිතුමා. එතුමා යන්න ඕන. ඒ ගැන අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ගියේ ලේකම් එක්කවත් උදව්වට දෙතුන් දෙනෙක් අරගෙනවත් නෙවෙයි. ජනාධිපතිතුමා 63 දෙනෙක් අරගෙන ගියා මහජන මුදල්වලින් නිව්යෝර්ක්. ඒ පිරිස සකස් වුණේ නෝනයි ළමයි ටිකයි, ළමයින්ගේ මහත්තයලයි, නෝනලයි, ඇමැති මණ්ඩලයේ ඉන්න යාළුවෝ ටිකයි, ඒ අයගේ නෝනලයි ළමයි ටිකයි ආදී වශයෙන්. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන්නේ ජනාධිපතිතුමා විතරයි. 63 දෙනෙක් එක්ක ගිහින් සාප්පු සවාරි ගහලා, රස්තියාදුවක් ගහලා.

විනෝද වෙලා මෙහෙ ඇවිත් අපට කියනවා වියදම් අඩු කරගන්නලු. රුපියල බාල්දු වෙන එක වළක්වා ගන්නලු. ඒ අය ආදර්ශයෙන් මේක කරලා නෑ. මේ රටේ ජනතාවට බණ කිය කියා රටේ ප්‍රශ්න විසඳන්නේ නැතිව තමයි මේ අය කටයුතු කරන්නේ.

මේ ආණ්ඩුව ආව ගමන් මහ බැංකුවට සුද්දේ දුන්නා. බැඳුම්කර වංචාවෙන් කවුද හම්බ කර ගත්තේ? රවි කරුණානායක මහත්තයට ඇමැතිකම නැති වුණා. ඇයි? මහ බැංකුවේ වංචාවට උදවු කරලා.

ඒ උදව්වට ප්‍රතිඋපකාර ලෙස අර්ජුන් ඇලෝසියස්ගෙන් ගෙයක් ගත්තා. ඒක අහුවුණ නිසා ඇමැතිකම නැති වුණා. තව කට්ටියක් ඉන්නවා උදවු ගත්ත අය. මේ ගොල්ලෝ ආණ්ඩුව ගත්ත ගමන් මහජන මුදල් වංචා කළා. ඇත්ත ගත්තොත් අපි ඡන්දේ දීලා පත් කරගන්නේ ආණ්ඩු නෙවෙයි. පොඩි කොල්ල කල්ලි. පොඩි කොල්ල කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය අපෙන් ඡන්දේ ඉල්ල ගන්නවා බොරු කියලා. ඡන්දේ ඉල්ලලා බලය අරගෙන ඒ බලය පාවිච්චි කරල මහජන මුදල් කෝටි ගණනින් කොල්ල කනවා. අපි ඒ අය අවුරුදු 5කින් අයින් කළාට පසුව අනෙක් අය එනවා. එන්නේ හොරකම් අල්ලන්න කියලා. හොරකම් අල්ලපු එක්කෙනෙක්වත් නෑ.

දෙගොල්ලෝ මාරුවෙන් මාරුවට හොරකම් කරනවා. මෙතැන තියෙන්නේ හොරා පොලිස් සෙල්ලමක්. අපි ඉස්කෝලේ යන කාලේ දෙපැත්තට බෙදිල කරපු හොරා පොලිස් සෙල්ලම වගේ එක වෙලාවක එක කණ්ඩායමක් හොරා වෙනවා. අනෙක් කණ්ඩායම පොලිස්, පොඩ්ඩකින් ආයේ නවත්තලා කලින් හොරා පොලිස් වෙනවා. පොලිස් කට්ටිය හොරු වෙනවා. දැන් මේ යන්නේ ඒ වගේ එකක්.

ලංකාවේ දැන් තියෙන්නේ ණයට කන ආර්ථිකයක්. මහජන මුදල් නාස්ති කරල කොල්ලකාලා ඊට පස්සේ රටේ අර්බුදයක් ආව වෙලාවේ ආණ්ඩුව ණය ගෙවාගන්න මොකද්ද ගන්න පියවර. මුදල් උපයන නිෂ්පාදන මාර්ග දියුණු කරන්නේ නෑ. වංචා දූෂණ නවත්වන්නේ නෑ. වියදම් අඩු කරන්නේ නැතිව ජනතාව මත බර පටවනවා. හැම ආණ්ඩුවක්ම මොකද්ද කරන්නේ තමන්ගේ ආණ්ඩුවට සල්ලි නැති වුණාම සල්ලි හොයන්න ජනතාවට ගහනවා කෙළවරක් නැතිව බදු පිට බදු. බදු වැඩි කරනවා. දඩ වැඩි කරනවා. දැන් දඩයි බදුයි ගෙවන ආර්ථිකයක් අපිට තියෙන්නේ.

අපේ රටේ පසුගිය අවුරුදු 70 තුළම සිදු වුණේ මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලනය පිරිහිලා යෑම. අද රුපියල බාල්දු වෙලා. අපි සතු සම්පත් අපිට නැති වෙලා ගිහිල්ලා. දැන් වරාය අපට නෑ. තව ටික දවසකින් ගුවන් තොටුපොළ අපට නැති වෙනවා. තෙල් ටැංකි ටික නැති වෙනවා. දැනටමත් කල්පිටියේ දූපත් 14න් දෙකක් විකුණලා.

ඉඩම් විකුණලා. කොළඹ නගරයේ අක්කර 7ක ඉඩමක් විකුණලා තියෙනවා ෂැංග්‍රිලා සමාගමට. අපේ රටේ සම්පත් ටික විකුණ විකුණා යද්දී අපි දුප්පත්කමින් මිරිකෙනවා. රට පිරිහිලා යනවා.

ආණ්ඩුවේ දේශපාලනෙත් පිරිහිලා. හැම ආණ්ඩුවකම ලොක්කෝ හොරුනේ, ඇමැතිවරුත් හොරුනේ. කල්පනා කරලා බලන්න රටකට ආඩම්බරද කියලා මේ වෙන දේවල්. කලින් ආණ්ඩුවේ ජනාධිපතිට චෝදනා තියෙනවා. ජනාධිපතිගේ මල්ලි ආර්ථික ඇමැතිකම දරාපු බැසිල් රාජපක්ෂ මහත්තයාට චෝදනා තියෙනවා. දරුවන්ට චෝදනා තියෙනවා. ඇමැතිවරුන් ගොඩකටත් නඩු තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ අගමැතිට චෝදනාවක් තියෙනවා. ඇමැතිවරුන්ට ඉල්ලා අස්වෙන්න වෙලා තියෙනවා. නඩු වැටෙන්නේ නැත්තේ මේ අය ආණ්ඩුවේ ඉන්න නිසා. ඇමැතිවරු හොරකම් කරනවා නම් අගමැති හොරකම්වලට උදවු කරනවා නම්, ජනාධිපති පගා ගහනවා නම් අපේ රටේ දේශපාලනය පිරිහිලා නැද්ද? පාර්ලිමේන්තුවේ අද මොකක්වත් කෙරෙන්නේ නෑ.

පසුගිය කාලේ ආණ්ඩුව තීන්දුවක් ගත්තා පාර්ලිමේන්තුව පෙන්නන්න පැය දෙකක කාලයක් රූපවාහිනියෙන්. රූපවාහිනියේ පෙන්නන පැය දෙකක කාලය තුළ ඔය ඔක්කොමලා එනවා. ඒ විතරක් නෙවෙයි ඒ සජීවී පැය දෙක ඇතුළේ මේ පිරිස උපරිම සෙල්ලන් ටික දානවා. හරි සද්දෙට. පැය දෙක ඉවර වුණාට පස්සේ කැන්ටිමෙන් කාල කට්ටිය යනවා. හවස් වරුවේ ඡන්දේ විමසනකොට කට්ටිය නෑ. නමුත් අපේ ජනතා විමුක්ති පෙරමුණේ හය දෙනා එහෙම නෙවෙයි.

අපි සක්‍රියව පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි දැන් අවුරුදු තුනක් පිට පිට පාර්ලිමේන්තුවේ සක්‍රිය හොඳම මන්ත්‍රිවරයා ලෙස සමීක්ෂණයකින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා තේරී පත් වීම. දෙවැනියා බිමල් රත්නායක සහෝදරයා. මුල් 10 දෙනා තුළ අපේ සහෝදරවරු 5 දෙනෙක් ඉන්නවා. අපි එහෙමයි.

හැටන් - චන්න අද්දරගේ

2018-10-17

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements