Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

ඇමැති පාඨලීගේ චන්ඩි පාට් අපට හරියන්නේ නෑ - පාලිත රංගේ

කොළඹ කුණු ගෙනත් දමීමට පුත්තලම කුණු බක්කියක් නොවන බව වහාම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවබෝධ කර ගත යුතු බවත් ජනතා මතයට පිටුපාල

ඡන්දය කල් යද්දී TNA නිහඬ වීම අදහා ගන්න බෑ - බැසිල් කියයි

ඡන්දය දිගින් දිගටම ආණ්ඩුව කල් දැමීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය දිගින් දිගටම නිහඬම පිළිවෙතක් අනුගමනය කිරීම අදහගත නොහැකි කනගාටු

මෙවර 2019 අය-වැයෙන් මැජික් බලාපොරොත්තු වෙන්න එපා

පැහැදිලි ලෙස මෙවර අයවැය ලේඛනයෙන් ආණ්ඩුව මෙතෙක් අනුගමනය කරපු කොල්ලකාරීම ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙනයෑම පමණක් සිදුවන බැවින් අය - වැය

බැඳුම්කර හොරුන්ව.. හිරේ යවන පනතට එජාපයෙන් පොල්ලක්

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සිදු කරන පරීක්‍ෂණවලදී ඉදිරිපත් වන ලද සාක්කි පදනම් කරගනිමින්, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කළ, පරීක්‍ෂ

ආබාධිත දියණියව ඝාතනය කරපු පියාට මරණ දඩුවම

අවුරුදු 07ක් වයසැති තම අබාධිත දියණිය ඝාතනය කරන ලද සිද්ධියකට වරදකරු වූ පියෙකුට පුත්තලම මහධිකරණයේ විනිසුරු ආද්‍යතය කාන්ත මද්දුමපටබැදීගේ

ලංකාවේ සිටින වන අලි හීලෑ කර විදෙස් රාජ්‍ය නායකයන් හට තෑගි වශයෙන් දෙන්නැයි යෝජනාවක්

වන අලි වැඩිවීමේ ප්‍රශ්නයට විසඳුමන් ලෙස වනඅලි හීලෑ කරලා විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි වශයෙන් දෙන්නැයි තමන් පාලකයන්ට යෝජනා කරන බව

හිටපු ජනපති මහින්දට.. බෙල්ලේ වැල දමා ගන්නලු - වීඩියෝ

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. ඔබ තුමන් හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන්

ක්‍රිකට් ලේකම්වරියන් ක්‍රීඩා ඇමති යළි කොළඹට ගෙන්වයි

ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන්ගේ ලේකම්වරියන් බහුතර පිරිසක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද, ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් ඊයේ 11

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
ත්‍රි’මලේ තෙල් ටැංකි විකිණීමෙන් ඩොලර් උල්පතක් රටට අහිමි වේ
GossipClanka.com

රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජවීපෙ විසින් ජාතික මධ්‍යස්ථානයක් ගොඩනඟන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක.. පාර්ලිමේන්තු මන්ත්‍රි

 

බිමල් රත්නායක පවසයි. මන්ත්‍රිවරයා පැවැසුවේ ත්‍රිකුණාමලය හා හම්බන්තොට තෙල් ටැංකි ඛනිජ තෙල් සංස්ථාවට ලබාගැනීමට කටයුතු කරන්නේ නම් රටේ ණය හා ඩොලර් අර්බුදයට විසඳුමක් සොයාගැනීම පහසු බවය.

ජාතික ඇඳුම අඳින ඇමැති අර්ජුන රණතුංග රට පාවා දෙමින් තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම සඳහා පසුගිය ජූලි මස ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවෙන් පෙන්නුම් කරන්නේ 1987 රට පාවා දුන් ඉන්දු - ලංකා ගිවිසුමේ ක්‍රියාවලියම බවට ඒ මහතා චෝදනා කළේය. ඒ අනුව තෙල් ටැංකි පැවරීම ඇතුළු සමස්ත ඛනිජ තෙල් සංස්ථාවටම සිදුකර ඇති අක්‍රමිකතාවලට එරෙහිව 23දා ප්‍රබල හඬක් නඟන බවද ඔහු වැඩිදුරටත් කීය.

ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද කීය

නව පරිච්ඡේදයට අනුව 2003 පෙබරවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ එවකට ආණ්ඩුවේ "යළි පුබුදමු ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 ඉන්දියාවට පවරලා දුන්නා. නීති විරෝධී ගිවිසුමක් අස්සන් කරලා මේ මොහොතේ තෙල් ටැංකි 99 ඉන්දියාවට ලබා දුන්නේ අවුරුද්දක් සඳහා එක් ටැංකියකට ඩොලර් 1,000ක් අයකර ගැනීම යටතේයි. ඊට අමතරව සේවා ගාස්තු ලෙස තවත් ඩොලර් 1,000ක් අයකර ගැනීමට නියමිතව තිබුණා. මේ සියලු පහසුකම් සහිත මෙම තෙල් ටැංකි සංකීර්ණය අයි.ඕ.සී. සමාගමට විකුණා දැම්මා.

මාස 06ක් ඇතුළත බදු ගිවිසුම අස්සන් කළ යුතුව තිබුණත් අද වනතුරු එම ගිවිසුම අස්සන් කොට නැහැ. මේ වනවිට එම තෙල් ටැංකි 99න් ඉන්දියාව භාවිත කරන්නේ තෙල් ටැංකි 14ක් පමණයි. කිසිදු නීත්‍යනුකූල ගිවිසුමක් නැතිව ඔවුන් තෙල් ටැංකි පාවිච්චි කරනවා. එක් අවස්ථාවකදී ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් පිරිසක් මෙම තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට ගිය මොහොතක ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා. බදු ගිවිසුමක්වත් නැතිව ඉන්දියාව විශාල ආදායමක් මෙම තෙල් ටැංකිවලින් ගන්නවා. වසරකට මෙම තෙල් ටැංකියක් සඳහා ඩොලර් 1,000ක් අය කළත් එක් ටැංකියකින් ලබන ආදායම වරුවකට ඩොලර් 1,000කටත් වඩා වැඩියි.

ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබාදීමටයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. එය ඉන්දියාවේ ඉල්ලීමක් නොවෙයි. ඉන්දියාවට අවශ්‍ය වන්නේ එම තෙල් ටැංකි වෙනත් රටකට ලබා නොදෙනවා කියන තහවුරුවයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය මත මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදෙන්න යනවා.

ලංකාවට ආරක්ෂිත තෙල් තොග තබාගැනීම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් අද තෙල් ගබඩා කරන මුතුරාජවෙල, කොළොන්නාව, සපුගස්කන්ද කියන ගබඩාවල තෙල් තොග තබාගත හැක්කේ සති දෙකකට පමණයි. අපිට තිබුණු හම්බන්තොට තෙල් ටැංකි මේ වනවිට චීනයට දීලා ඉවරයි. එම නිසා තෙල් හිඟයකින් ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවිය හැකියි. අඩුම තරමේ මසකට හෝ තෙල් තොග තබා ගැනීමට ගබඩා අවශ්‍යයි. එවැනි ආරක්ෂිත තෙල් තොග තබාගැනීමට ඉතාම සුදුසු ත්‍රිකුණාමලය තෙල් ටැංකියි. රටට එවැනි ජාතික අවශ්‍යතාවක් තිබියදී ආණ්ඩුව එම තෙල් ටැංකි ඉන්දියාවට විකුණන්නේ ඇයි?

2016 කෝප් කමිටුවේදී නිර්දේශයක් ලබා දුන්නා, ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳව පරීක්ෂණයක් කරන්නකියලා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවේ ජාත්‍යන්තර පළපුරුද්ද සහිත ඉන්ජිනේරුවන් පිරිසක් සතියකට ආසන්න කාලයක් ප්‍රායෝගික පරීක්ෂණයක් කළා.

පසුව එම ඉන්ජිනේරු කණ්ඩායම ඩොලර් මිලියන 10ක වියදමකින් තෙල් ටැංකි 16ත් නළ පද්ධතියත් තෙල් බාන ජැටිත් ප්‍රතිසංස්කරණය කළ හැකි බවට වාර්තාවක් ලබා දුන්නා. එවකට වරාය හා ඛනිජ තෙල් ඇමැතිවරයා චන්දිම වීරක්කොඩි 2016 අප්‍රේල් 28 වැනිදා කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කොට තෙල් ටැංකි 16 සංස්ථාවට ලබාදෙන ලෙසත් එම වියදම සංස්ථාවෙන් දරන බවටත් යෝජනා කළා.

උතුරුමැදට තෙල් බෙදා දීමේදී කොළඹ හරහා සිදුකරන තෙල් ප්‍රවාහනයේදී ප්‍රවාහන ගාස්තු ලෙස රු. මිලියන 1500ක් වැයවන අතර එය තෙල් ටැංකි අලුත්වැඩියාවට යන වියදමට සමාන වියදමක්. ඒ අනුව කැබිනට් සන්දේශය අනුමත වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ 2016 ජුනි 05 වැනිදා නැවත කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරනවා එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට. ඒ විතරක් නෙවෙයි ඉන්ජිනේරුවන් කණ්ඩායම රට වෙනුවෙන් හදපු වාර්තාවත් රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැතිවරයාට ලබා දෙනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99ම වසර 50 සිට 99 දක්වා බදු දෙන්න තීරණය කොට තිබෙනවා. බදු ගිවිසුමක් නැතිව තෙල් ටැංකි 14ක් පාවිච්චි කරන අයි.ඕ.සී. සමාගම නැව්වලට පවා තෙල් අලෙවි කරනවා. එමගින් ඉන්දියානු සමාගම අතිවිශාල ලාභයක් ලබනවා. ඊට අමතරව නැව්වලට තෙල් සපයනවා. එමඟින් විශාල ඩොලර් ආදායමක් ලබනවා. ඛනිජ තෙල් සංස්ථාවේ සපුගස්කන්ද තෙල් ගබඩාවෙන් අත්හදාබැලීමක් ලෙස තෙල් ටොන් 3,000ක් අලෙවි කරලා රු. මිලියන 1,000කට වැඩි ආදායමක් ලබා තිබෙනවා. හම්බන්තොට තෙල් ටැංකිවලින් (චීනයට විකිණීමට පෙර) 2014 ජනවාරි සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා තෙල් ටොන් 69,000ක් අලෙවි කරලා රු. බිලියන 04ක විදේශීය විනිමයක් ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට අතිවිශාල ඩොලර් අදායමක් ලබාගන්න පුළුවන් ඩොලර් උල්පතක් විකුණා දැමීමටයි ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ.

එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න හා පිළිතුරු මෙසේය.

ආර්ථික අර්බුදය විසඳන්න බලය දෙන්න කියලා රාජපක්ෂ කණ්ඩායම ඉල්ලීමක් කරනවා.
මහින්ද රාජපක්ෂලාට රට හදන්න වැඩපිළිවෙළක් නැහැ. ඒ බව ඔහු මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වීමෙන්ම පැහැදිලියි. රුපියල අවප්‍රමාණ වීම මහින්ද රාජපක්ෂලාගේ, රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩු පසුගිය වසර 40ක කාලය තුළ අනුගමනය කළ ආර්ථික වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක්. මෙම ආර්ථික කඩාවැටීමට හේතුව මහින්දලාගේ රනිල්ලාගේ ආර්ථික ප්‍රතිපත්තිවල අසාර්ථකභාවයයි.

මෛත්‍රි - මහින්ද විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා? දැනට අපිට තිබෙන විශ්වාසවන්ත තොරතුරු අනුව මෛත්‍රි - මහින්ද - බැසිල් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහෙම සාකච්ඡාවක් කරපු නිසා තමයි ඔවුන් දෙදෙනාම නැහැ කියලා කියන්නේ. මෛත්‍රි ජනාධිපතිවරයා අද ඉව වැරදුණු කෙනෙක් වගේ හැම එකකටම ඉව අල්ල අල්ලා යනවා.

ඔහු ජනවරම පාවා දීලා ඊළඟ වතාවේ ජනාධිපතිවරයා වෙන්න උත්සාහ කරනවා. මහින්දට අගමැති තනතුර ලබාදීලා හරි තමන්ට ජනාධිපතිකම ගන්න උත්සාහ කරනවා. නමුත් ඔහුට මීට පෙර ඡන්දය දුන් ජනතාව හෝ මහින්ද රාජපක්ෂ නියෝජනය කරන ඡන්ද දායකයන් හෝ සහායක් ලබානොදෙන බව අපිට විශ්වාසයි.

අනුරාධා හේරත්

2018-10-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status