Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ඉකුත් මහ මැතිවරණයේ දී මාවත් පැරැද්දුවා - මහින්ද සමරසිංහ

අවසන් වූ පසුගිය මහ මැතිවරණයේදී මම පැරැදුණේ නැහැ. මාව සංවිධානාත්මකව පැරැද්දුවා යැයි වාරය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ පසුගිය

උතුරේ.. දෙමළ දේශපාලනඥයන් නන්දිකඩාල්වලට එන්නේ පහන් පත්තු කරන්න විතරයි

ශ්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත්වල සංවර්ධනය ඉල්ලලා මහජනයා විරෝධතා පැවැත්වුවද උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මහජනයා කිසි දවසක

ඉහළ ගිය 5,649 ක ජීවන වියදම පඩියට එකතු කරන්න

පසුගිය කාලය යටතේ ඉහළ යන ලද ජීවන වියදම වන රුපියල් 5,649 සමස්ත සේවකයන්ගේම මූලික වැටුපට එකතු කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන

මුස්ලිම් සේවක වැටුප් 22 වනදාට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්

හජ්ජි උත්සවය මේ මස 22දා පැවැත්වෙන බැවින් ඊට පෙර සියලු රාජ්‍ය අංශයන් හී මුස්ලිම් සේවක සේවිකාවන්ට මේ මාසයට අදාළව ගෙවිය යුතු වැටුප ලබා දෙන්නැයි

කීත් නොයාර් පැහැර ගැනීම ගැන ප්‍රකාශයක් ගන්න සිකුරාදා CIDය මහින්දගේ ගෙදරට යයි

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් කෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැවැත්වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ විරෝධතා අවසන්

දින දෙකක් තිස්සේම කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මතට නැගලා කළ උද්ඝෝෂණය නවතා දැම්මට තීරණය කර තිබේ. රැඳවියන් සහ බන්ධනාගාර ඇමති

අම්මා - මුත්තා කිව්වත් ආයෙනම් මහින්ද දාලා යන්නේ නෑ - හිටපු නියෝජ්‍ය අමැතිවරයා කියයි

ආයෙනම් ඉතින් අම්ම මුත්තා කීවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා මම නම් යන්නේ නැහැ. 16 කණ්ඩායමෙන් මුලින්ම ඒකාබද්ධ විපක්ෂයට එකතුවුණේ මමයි. මා

විජිත් විජිතමුණි සොයිසා යාපනය ගිහින් වැල්ලේ වැඩ පෙන්වයි

ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මේ දිනවල සිටින්නේ යාපනය ප්‍රදේශයේ.... සංචාරයක නිරතවයි.  මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමයන්හි නිරත වන ආකාරය

ශ්‍රීලංකාවේ මුදල් නෝට්ටු චීනයත් අච්චු ගසයි - විස්තර මෙන්න

ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක් වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් විශ්‍රාම වැටුපක් දෙන්නැයි ඉල්ලති

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කහවත්ත ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරු

විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි - විස්තර මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම - ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දි හෙට (14දා) පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ප්‍රවේශ

බස්වල රූපවාහීනි තහනම් කිරීමට ගත් තීරණයට මගීන්ගේ ප්‍රසාදය

බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් කොළඹ

ස්වීඩන් ආයෝජකයෙක්ට.. ගුවන් හමුදා නිලධාරියෙක් පහර දීලා?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයකට පහර දී , තම දූ දරුවන්ද බිය කළ

ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවාද නැද්ද - සංගක්කාර කියයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි පල වනලද

ශ්‍රී ලංකාවට ලකුණු 178 ක ජයක් - ධනංජය ලකුණ 39ට කඩුලු 6

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරගයෙන් ලකුණු 178ක දැවැන්ත.. ජයක් වාර්තා කිරීමට ශ්‍රී

මැතිඇමති වැටුප් කප්පාදු කරන්න - ධම්මානන්ද හිමි කියයි

ජනතා මුදල් වලින් නඩත්තුවන මැති ඇමති මණ්ඩලය රටට සේවයක් නොකරන්නේ නම් කළ යුතු දේ වන්නේ වැටුප් වැඩි කිරීම නොව ඔවුන්ගේ වැටුප් - වරප්‍රසාද

15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් - හේතුව මෙන්න

රජය රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්ම මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ආරම්භ කරන බව

ජනපතිතුමාගෙන් කැබිනට් එකට තද නියෝගයක්

කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචන නොකරන ලෙස කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන් හට

උපාධිධාරීන් 4000 කට 20 වනදා පත්වීම් - විස්තර මෙන්න

ගැටළු කිහිපයක් නිසා දීර්ග කාලයක් තිස්සේ ඉදන් කල් යවමින් සිටි රැකියා විරහිත උපාධිධාරී පත්වීම් මේ මස 20වැනි සදුදා ලබා දෙන බවයි අප ගොසිප් සී ලංකා වෙබ්

බැසිල් සහා ගෝඨාභය ඇමෙරිකා යති - හේතුව මෙන්න

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ‍ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රතිකාර ලබාගැනීම

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
නිශාන්ත ශ්‍රී වර්ණසිංහ දුන් සාක්ෂි බොරු බවට දිවුරුම් ප්‍රකාශ 4ක්
GossipClanka.com

රාඩා ආයතනයට අයත් රුපියල් මිලියන 200ක මුදලක් සාවද්‍ය ආකාරයට පරිහරණ කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ ප්‍රධානතම සාක්‍ෂිකරු වන

 

ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් දී ඇති සාක්‍ෂි අසත්‍ය බව පෙන්වා දෙමින් ඊයේ (02දා) කොළඹ මහාධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ හතරක් ඉදිරිපත් කෙරිණි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදී එහි පළමු විත්තිකරු වූ ටිරාන් අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් මෙම දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉකුත් 24 වැනිදා අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් සාක්‍ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණයට ප්‍රකාශ කර සිටියේ 2005 වසරේ කොටි සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය විවෘත කරන්නැයි බල කරමින් තමා සහ අතුරලියේ රතන හිමියන් එම ප්‍රදේශයට ගොස් සෙරොව්ව විවෘත කරන්නැයි බලපෑම් කිරීමේ ව්‍යාපාරයකට එක්ව සිටි බවය. එම අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන අය තමා අමතා මෙම ගැටලුව එමිල් කාන්තන් නමැත්තකු මඟින් එලිලන් නමැති කොටි සාමාජිකයකු හරහා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට උත්සාහ කරන හෙයින් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටි බව දිවුරුම් පිට ප්‍රකාශ කර තිබිණි.

මෙම කරුණු සම්බන්ධයෙන් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් විසින් අස්සන් කළ දිවුරුම් ප්‍රකාශයක් ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම දිවුරුම් ප්‍රකාශය මඟින් අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කර තිබුණේ මාවිල්ආරු සටනට තමන් වහන්සේද එක්ව සිටි බවයි. එහෙත් එම සටනින් ඉවත් වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හෝ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටි බවට සාක්‍ෂිකාර වර්ණසිංහ මහතා දී ඇති සාක්‍ෂිය අසත්‍යක් බව උන්වහන්සේ ප්‍රකාශ කර ඇතැයිද ජනාධිපති නීතිඥ ලද්දුවහෙට්ටි මහතා පෙන්වා දුන්නේය.

ඊට අමතරව මීට පෙර දින අධිකරණය හමුවේ සාක්ෂි දුන් වර්ණසිංහ මහතා රාඩා මූල්‍ය වංචාවට අදාළ පැමිණිල්ල පොලිසිය වෙත ඉදිරිපත් කළේ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් කමිටුවට සම්බන්ධ නීතිඥ ශිරාල් ලක්තිලක, මෛත්‍රි ගුණරත්න, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, රවී ජයවර්ධන, රජිත් කීර්ති තෙන්නකෝන් යනාදීන්ගේ සහභාගිත්වය සහිතව බවද ප්‍රකාශ කර තිබිණි.

එහෙත් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා, කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශය මඟින් සඳහන් කර තිබුණේ රාඩා ආයතනය සම්බන්ධ මූල්‍ය වංචාවකට අදාළව දූෂණ විරෝධී පෙරමුණ විසින් සිදුකළ පැමිණිල්ලකට තමා දැනුවත් නොමැති බවයි.

උලපනේ සුමංගල හිමියන් විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් සඳහන් කර තිබුණේ එම නඩුවට පාදක වී ඇති පැමිණිල්ල පිළිබඳව තමන් වහන්සේගේ දැනුවත්කමක් නොමැති බවයි.

රාඩා මූල්‍ය වංචාවට අදාළ පැමිණිල්ල 2015 වසරේ පෙබරවාරි මස 25දා පොලිසිය වෙත භාර දුන් බව සාක්ෂිකාර වර්ණසිංහ මහතා සාක්ෂි දෙමින් සඳහන් කර තිබිණි. එහෙත් මෙම කරුණ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කරමින් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ තමා දූෂණ විරෝධී පෙරමුණේ උපදේශකයකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ 2015 වසරේ අගෝස්තු මස සිට බවත් මෙම නඩුවට පාදක වී ඇති කාරණය පිළිබඳව සිය දැනුවත්කමක් නොමැති බවයි.

ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා - ඔබ මූලික සාක්ෂි දෙමින් සඳහන් කර තිබුණා ඔබ අ.පො.ස. උසස් පෙළ සමත් වූ බවට.?

සාක්ෂිකාර වර්ණසිංහ මහතා - මා උසස් පෙළ හැදෑරුවා. එහෙත් 1988 වකවානුවේ රටේ පැවැති කලබලකාරී වාතාවරණය නිසා උසස් පෙළට පෙනී සිටීමට නොහැකි වුණා.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - ඒ කියන්නේ ඔබ සාමාන්‍ය පෙළ දක්වා තමයි අධ්‍යාපනය ලබා තිබෙන්නේ. පාසල් ගිය වකවානුවේ සිට දේශපාලනයේ නිරත වූ බව ඔබ මූලික සාක්ෂි දීමේදී සඳහන් කර තිබුණා. ඔබ පාසල් කාලේ කුමන දේශපාලන පක්ෂයකට සම්බන්ධවද කටයුතු කළේ?

සාක්ෂිකරු - පිළිතුරු දීමෙන් වැළකී සිටිනවා ස්වාමිනී.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - ඒ කියන්නෙ ඔබ පාසල් ගිය අවධියේ විනාශකාරී ක්‍රියාවල නියැළුණු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී සිටි නිසා තමයි ඔබ එම ප්‍රශ්නයට උත්තර දීමෙන් වැළකී සිටින්නේ.?

සාක්ෂිකරු - එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - සාමාන්‍ය පෙළ විභාගයට ඔබ පෙනී සිටියේ කවර නමකින්ද?

සාක්ෂිකරු - ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ නමින්.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - ඔබට කමල් දේශප්‍රිය යනුවෙන් නමක් තිබුණද?

සාක්ෂිකරු - ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - කමල් දේශප්‍රිය කියලා කෙනෙක් ඔබ දන්නවාද?

සාක්ෂිකරු - දන්නේ නෑ. කමල් පිළිතුරු ලබා නොදෙන පුද්ගලයකු බවත්, එම නිසා අධිකරණ නියෝගවලට අවනතව පිළිතුරු ලබාදෙන ලෙස ඔබතුමා අවවාද කර තිබුණා.

විනිසුරු විකුම් කළුආරච්චි මහතා - සාක්‍ෂිකරුට අවශ්‍ය නම් පිළිතුරු දීමෙන් වැළකී සිටින්න පුළුවන්.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - මෙම නඩුවට අදාළව පොලිසියට පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ කවදාද?

සාක්‍ෂිකරු - 2015 වසරේ පෙබරවාරි මස 25 වැනිදා

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - එහෙත් පොලිස් ලේඛනවල සඳහන් වෙනවා මෙම පැමිණිල්ල භාරදුන්නේ 2015 පෙබරවාරි මස 01 වැනිදා ලෙස. එම දිනයට අදාළ දින මුද්‍රාව තමයි එම ලේඛනවල සඳහන්ව තිබෙන්නේ.?

සාක්‍ෂිකරු - පොලිස් මූලස්ථානයේ කටයුතු පිළිබඳ මට වගකීමක් දරන්න බෑ ස්වාමිනී.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - පොලිස් ලේඛනවලට අනුව ඔබ සඳහන් කරන දිනයට වඩා දින 24කට කලින් තමයි මෙම පැමිණිල්ල භාරදී තිබෙන්නේ.?

සාක්‍ෂිකරු- එය ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - මෙම නඩුවට අදාළ ඔබගෙන් කටඋත්තර පොලිසිය විසින් ලබා ගත්තේ කුමන ස්ථානයක සිටද?

සාක්‍ෂිකරු- බත්තරමුල්ල ජාතික හෙළ උරුමය කාර්යාලයේදී තමයි මෙම කටඋත්තරය සටහන් කර ගත්තේ.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - ඔබගේ ප්‍රකාශය හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී සටහන් කර ගත්තේ ඔබ විසින් පෞද්ගලික මට්ටමින් කළ පැමිණිල්ලක් නිසා නේද?

සාක්‍ෂිකරු - නැහැ ස්වාමිනී, පොලිසිය කතා කළ අවස්ථාවේ මා සිටියේ බත්තරමුල්ල පක්‍ෂ කාර්යාලයේ. එම නිසා ඔවුන් පක්‍ෂ කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් සටහන් කරගත්තා.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - ඔබ සඳහන් කළා දූෂණ විරෝධී පෙරමුණේ තීරණයක් මත ඔබ විසින් පොලිසියට මෙම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බව. එහෙත් එම ව්‍යාපාරයට සම්බන්ධව සිටි නීතිඥ මෛත්‍රි ගුණරත්න, උලපනේ සුමංගල හිමියන් සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන අය දිවුරුම් ප්‍රකාශ දී සඳහන් කර තිබෙනවා ඔවුන් මෙම පැමිණිල්ල පිළිබඳව දැනුවත් නොමැති බවට.?

සාක්‍ෂිකරු - එය ප්‍රතික්‍ෂේප කරනවා. දැන් විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කරනවා.

ජ.නී. ලද්දුවහෙට්ටි මහතා - මෙය දූෂණ විරෝධී පෙරමුණේ අනුදැනුමකින් තොරව ඔබත් ඔබගේ දේශපාලන ගුරුතුමාත් වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේත් පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා ඉදිරිපත් කළ පැමිණිල්ලක් බව මා යෝජනා කරනවා.

සාක්කිකරු - එය ප්‍රතික්‍ෂේප කරනවා ස්වාමිනී.

ඉන් අනතුරුව නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර දැනට අධිකරණය මඟහැර සිටින ඇන්තනී එමිල් කාන්තන් නමැති විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාගේ හරස් ප්‍රශ්නවලට සාක්‍ෂිකාර නිශාන්ත වර්ණසිංහ මහතා පිළිතුරු දුන්නේය.

ජ.නී. රණසිංහ මහතා

ඔබගේ දේශපාලන ගුරුතුමා වන චම්පික රණවක මහතා විදුලිබල ඇමැති ලෙස කටයුතු කළ අවධියේ විද්‍යා අමරපාල නමැති අයකු විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර තිබෙනවාද?

සාක්‍ෂිකරු - ඔව් ස්වාමිනී

ජ.නී. රණසිංහ මහතා - විද්‍යා අමරපාල මහතා අතීතයේදී කොළඹ දිස්ත්‍රික්කයට ජාතික හෙළ උරුමයෙන් තරග කර තිබෙනවාද?

සාක්‍ෂිකරු - මතක නෑ ස්වාමිනී

ජ.නී. රණසිංහ මහතා - විද්‍යා අමරපාල මහතා වර්තමානයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදේශකයකු ලෙස කටයුතු කරනවා නේද?

සාක්‍ෂිකරු - ඔව්

මෙම අවස්ථාවේ විද්‍යා අමරපාල නමැත්තා සහ මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින ඇන්තනී එමිල් කාන්තන් එක්ව සිටින බව කියන ඡායාරූපයක් ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ඡායාරූප ඉදිරිපත් කරමින් සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම ඡායාරූප බැලූ බැල්මට ව්‍යාජ ඒවා ලෙස පෙනී යන බව කීවේය.

අනතුරුව ඒවා පරීක්ෂාවට ලක් කළ විනිසුරු කළුආරච්චි මහතා මෙම ඡායාරූප ඔප්පු කිරීමේ භාරයට යටත්ව සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න ඇසීමට අවසර දුන්නේය.

ජ.නී. රණසිංහ මහතා - මෙම ඡායාරූපයේ එමිල්කාන්තන් සමඟ සිටින්නේ විද්‍යා අමරපාල නේද?

සාක්ෂිකරු - හඳුනාගැනීමට අපහසුයි ස්වාමිනී.

ජනාධිපති නීතිඥ රණසිංහ මහතා - 2015 වසරේ විද්‍යා අමරපාල මහතා ඩුබායිවලට ගොස් එමිල් කාන්තන් හමුවී රජයේ සාක්ෂිකරුවකු වී රාඩා නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දෙන ලෙස ඉල්ලා සිටියා නේද?

සාක්ෂිකරු - ප්‍රතික්ෂේප කරනවා ස්වාමිනී.

ජ.නී. රණසිංහ මහතා - එම යෝජනාවට එමිල් කාන්තන් අකැමැති වීම නිසා තමයි ඔහුව මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර තිබෙන්නේ.?

සාක්ෂිකරු - මා එය ප්‍රතික්ෂේප කරනවා.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 4දාට කල් තැබිණි.

මෙම නඩුවේ පළමුවැනි විත්තිකාර ටිරාන් අලස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටි අතර, දෙවැනි විත්තිකාර එමිල් කාන්තන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා පෙනී සිටියේය.

තුන්වැනි විත්තිකාර සාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය. හතරවැනි විත්තිකාර ජයන්ත ඩයස් සමරසිංහ මහතා වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

2018-08-03
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

වැඩිපුර ගෙවන ලද බදු ලබාගන්න කලාකරුවන්ට අවස්ථාව - මංගල

මසකට රුපියල් පනස් දහසකට වැඩියෙන් උපයන කලාකරුවන් සහ කර්තෘවරුන්ගෙන් අයකරපු සියයට 14 ක අදායම් බද්ද නැවත සියයට 5 දක්වා අඩු කිරීමට රජය

කිස්එක ඕන කියල අගමැතිතුමාට කිව්වේ මම - පූජා උමාශන්කර්

මෙවර පැවති සරසවි සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි වුණු සම්මානය දිනා ගත්තේ පූජා උමාෂන්කර් ඉතින් මෙම සම්මාන උළෙලේදී ඇය විසින් ලබාගත්තු

රජිතගේ කුකුල් කේන්තියට බිරිද ඇන්ඩ්‍රියා කැමැති නෑලු

සියට දෙසීයක් ගෙදර වැඩ වලට සහයෝගය දෙනවා. එයා ගෙදර හිටියොත් ගෙදර වැඩවලටත් උදවු කරනව. එයා කැමතී ඉන්ටර්නෙට් එකෙන් බලලා අලුත් කෑම වර්ග..

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයයි එහෙන් මාස් පතා ලැබුණු ලක්ෂ 9යි මට නැතිවුණා - ගීතා කියයි

මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක. ඒ දේශපාලනය නිසයි මට තිබිච්ච ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය

අම්මාත් හිතන් ඉඳලා තියෙන්නේ මම ගීතාව කසාද බඳී කියලා

මම තවම තනිකඩයි. ගීතයි මමයි හොඳ යාළුවෝ. ගුරුවරියක් වුණු සිනමාව පිළිබඳ ඉතාමත් අඩු උනන්දුවක් දැක්වූ මගේම අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම

පිරිමියක් විදිහට ඉපදී ගැහැණියක් වුණු භූමිට සම්මානයක් - අගමැති සමග ගත්තු සෙල්ෆිය මෙන්න

භූමිට. මෙවර සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ඔබට ලැබුණා.. මේ භූමිට ලැබුණු තුන්වැනි සම්මානය...? ඔව්... මේ වනවිට මට සම්මාන 3ක් ලැබුණා.

හේමාල්ට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රචාරක හා ප්‍රවර්ධන තනතුරක්

ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා, ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ... පීපල්ස් ලීසිං සමාගමත් සමග.. ගිවිසුමක් අත්සන් කර ඇති බව ආරංචියක්

නිරෝෂාගේ.. වෙබ් අඩවිය සදහා සම්මානයක් හම්බවෙලා...

රසිකයන්ගේ හදවත් දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනිය නිරෝෂා විරාජනීහට මෙරට කලාකරුවකුට නොලැබෙන අන්දමේ ශ්‍රීලාංකීය සම්මානයක් හිමිව තිබෙනවා... ඒ

මාමඑදා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ට

තමා විසින් ජයග්‍රහණ කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීම පිළිබදව පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට

Oura සංගීත කණ්ඩායමේ ගිහාන් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී

Oura කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Oura සංගීත කණ්ඩායමේ ඉන්න ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානිකර

මාලනී ෆොන්සේකා සිනමා දිවිය ට දසක පහක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක්. විස්තර මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමය මෙහෙවරක් කරන ලද අග්‍රගණ්‍ය රංගවේදිනීය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමිය මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට දසක

ප්‍රවීන ගායන ශිල්පී w ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන

මට ලැබෙන විශ‍්‍රාම වැටුපත් හුගක් දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා ඈ දැක්වූ දස්කම් නිසා. පබා ලෙසට නමක් දිනාගත්තු ඇය අද දවසේ

යාළුවො කොහේදී දැක්‌කත් තවම මට කියන්නෙ චීන කියලා.

ටිකක්‌ විතර නාහෙට අහන්නෙ නැති හොද චරිතයක්‌. මටම කියල යාළුවො හිටියෙ ටිකක්‌ අඩුවෙන්. වයසින් වැඩි අය තමයි ගොඩක්‌ වෙලාවට ආශ්‍රය කරන්නම හම්බ

ආදරයට එහෙම වෙන එකක් නෑ - එදා කාමරයේදී වුණේ කුමක්ද? ධනුෂ්ක සියල්ල හෙළි කරයි

මොහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවෙකි. වමතින් පන්දුවට පහරදෙන මොහු තරග උඩි යටිකුරු කරන්නෙකු ලෙසින් ප‍්‍රසිද්ධියක් උසුලයි. පිටිය සිසාරා

මම දන්නේ නෑ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද කියලා

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල දී පුංචි තිරයේ නිතර අපට දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව

ඉරාඡ් කරන අලුත්ම බිස්‌නස්‌ එක - ටී ෂර්ට්‌ විකුණන්නත් අරන්

ඉරාඡ් වීරරත්න යනු හැමදාමත් වෙනස්‌ම විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ... ඉරාඡ්

හෂිනි නිකම්ම නිකං ස්ත්‍රියක් හෝ කාන්තාවක් නෙමෙයි - වික්ටර්

පෞද්ගලික ජීවිතේදී ඔබ ගත් තීන්දු තීරන එක්ක සමාජ මාධ්‍ය ඔබට හරියට පහරදෙන්න ගත්තා නේද? මම පහරදෙන ඒවාට හරි කැමැතියි. එහෙම පහරදෙන එක

අසාම් ජනප්‍රියම මාධ්‍යවේදියා හට හිමි සම්මානය දිනාගනී...

ඔබට පසුගියද ලැබුණු ජයග්‍රහණය ගැන කතා කරමු. 2018 සමාජ මාධ්‍ය උළෙලේ සමාජ මාධ්‍ය තුළ වසරේ ජනප්‍රියතම මාධ්‍යවේදියාට හිමි සම්මානය මට හිමිවුණා. ඔබ

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad