Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් වෙඩි පහරින් මරුට - වීඩියෝ

මාතර ප්‍රදේශයේදී.... ස්වර්ණාභරණ අලෙවි සැල මංකොල්ල කෑ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23දා) උදැසන

අර්ජුන ඇලෝසියස්ව රඳවා සිටින ස්ථානයේ දුරකතන තිබී අල්ලයි

මැගසින් බන්ධනාගාර ය තුළ රඳවා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ වරයා අර්ජුන ඇලෝසියස් - එහි ප්‍රදාන විධායක කසුන් පලිසේන යන දෙදෙනාව..

වේගෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය

ඉතා වේගයෙන් වැඩ නිමවෙමින් පවතින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ඒ අසලම අලුතින් ඉදි වූ දෙතිස් මහලකින් යුතු ගාලුමුව දොර කාර්යාල සංකීර්ණයේ.. සිට

ඇප මත නිදහස් වූ ඥාණසාර හිමි මාධ්‍ය අමතා කී සම්පූර්ණ කතාව

නඩුවකට ආ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී... මරණ තර්ජනය කරමින් බැන වැදීමේ සිද්ධියකට වරඳකරු වී රක්ෂිත බන්ධනාගාර

අර්ජුන නැකතකට පිටත් කර යැවූ බවුසර් දෙකම හරවා එවයි

ඛණිජ තෙල් අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද.... තෙල් පිරිපහදුවේ පෙරේදා (20) දහවල් පැවති දියර තාර හදුන්වාදෙනු ලැබූ උත්සවයේ

අධිකරණ ඇමැතිනි අඹ ගැන ඇසූ විට දෙල් ගැන කියලා

අධිකරණ ඇමැතිනිය විසින් කෝට්ටේ සංඝ සභාව වෙත ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල් ගැන පිළිතුරක් යැයි රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට. රාජයෝගයක් තියෙනවා...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නක්ෂත්‍රයට අනුව රාජයෝගයක් පවතින බව සිංහල රාවය සංවිධානයේ... මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි බොදුබ

හමුදාවේ... පිරිස් බලය 25% කින් කප්පාදු කරයි. බලඇණි 33ක් හා හමුදා කඳවුරු 100ක් ඉවතට…

සංස්ථා යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යන ශීර්ෂය යටතේ යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ජී. ඩීඅයි කරුණාරත්නගේ අත්සනින්

යකෝ කවුරුහරි එල්ලාපන්.. රට අරාජිකයි. නීතියක් නෑ. ගංගාරාම හාමුදුරු මේ කියන්නේ කාටද

අද වන විට රට තුල නීතියක් නැති බවත් රට අරාජික තත්වයට පත්ව ඇති බව හුණුපිටිය ගංගාරා මාධිපතිවන ගලබොඩ ඤාණිස්සර හිමියෝ පවසති. එක එක්කෙනා

ලෝක කුසලානය බලන්න පාපැදි යෙන් රුසියාවට ගිය ඉන්දියානුවා

දකුණු ඉන්දියාවේ සිය නිවසේ සිටින විට ඔහුගෙන් මිතුරෙක් විමසූවේ මෙවර ලෝක කුසලාන තරගය බලන්න යන ප්‍රශ්ණයයි. ක්ලිෆින් ෆ්‍රැන්සිස් නම් උපකාරක

කොටි සැගවූ වස්තු සොයා හමුදා සෙබලුන් වෙල්ලමුල්ලිවයික්කාල් පොළව හාරලා - අත්අඩංගුවට

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළව හාරමින් සිටිය ගුවන් හමුදා සෙබලුන් තිදෙනෙකු ඊයේ 20වනදා මුලතිව් පොලීසිය

අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් - රාජිත

රජය අපහසුතාවයට පත්කෙරෙන ,අසත්‍ය තොරතුරු පතුරවන සමාජ මාධ්‍ය ජාලා 80ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය

ගණිකා මධ්‍යස්ථාන 2 කින් රූමත් කතුන් 11ක් අත්අඩංගුවට

ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් ජා ඇල සහ කඳාන යන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන යනලද නීති විරෝධී ලිංගික සේවා ස්ථාන 2ක් වැටලීමට පෑලියගොඩ

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය - ඡායාරූප

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ ලංකාව හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජ පක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිනබව

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීන් 10ක් පොහොට්ටුවට ඒක් වෙයි

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රීලනිප නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (19) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය ලබා

මිල වැඩි කෑම ඔයාල කන්න එපා වට්ටක්කා-මඤ්ඤොක්කා ලාබයි. ඒවා කන්න.. ඇගටත් ගුණයි..

කැරට්, බෝංචි මාළු මිරිස් ආදයේ මිල වැඩි වී තිබුනත් මේ දිනවල වට්ටක්කා, මඤ්ඤොක්කා ඇතුළු ගමේ එලවලූ මිල ඉතාමත් පහල මට්ටමක තිබෙන බව කෘෂිකර්ම

ICC විසින් චන්දිමාල්ව.. වරදකරු කෙරේ. තරඟ තහනමක් පනවයි. තරග ගාස්තුවේ සියළු මුදල් දඩ

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ්

තැපැල් සේවකයන්ගේ.. වර්ජනය ආර්ථිකයට හොඳයි

තැපැල් සේවකයන් ගෙන යන වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තු දෛනික පාඩුව අවම වන බවක් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි එම

ඇමති ධුරයක් ලබා ගත්ත බුද්ධික ඇල්ලේ ගුණවංස හිමි බැහැ දකී

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරි

ඇමෙරිකාව.... එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉවත් වීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගයන් ඊයේ (19) සඳහන් කළේය ජීනිවා

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
මොරගහකන්ද ජලාශය හදන්න... රාජගිරියේ ගුවන් පාලම හදන්න.. මුදල් වෙන් කළේ මගේ කාළේ
GossipClanka.com

2018 ජනවාරි 9ය, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් විසින් ලංකාවේ.. සෑම ක්‍ෂේත්‍රයක් පුරාම

 

දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලය හා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළි දක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත්  භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36 ක කෙටි කාලය  ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය, ගත වූ අවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 7.2 ක මුදල,  2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ් වලින් ලබාගත්  ඇ.ඩො.බිලියන 3.6 ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 1.7 ක සින්ඩිකේටඩ් ලෝන් මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො.බිලියන 2.2 ක කරන්සි ස්වප් ණය, හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016 දී ලබාගත් ඇ.ඩො.බිලියන 1.5 ක ණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමය ණය ප්‍රමාණයක් ලබාගෙන නැත.

ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් වැනි මුදල් කණ්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදි කිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කලේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් ණය බිලියන 5,706 ක්ද  ලබාගෙන ඇත.

මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තන වැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්, ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.

යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉඳි කරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුලු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණයද සඳහා – ඇ.ඩො. මිලියන 1,300; කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 292; හා මත්තල ගුවන් තොටුපොල සඳහා – ඇ.ඩො මිලියන 209 වශයෙනි.

ඉහත සඳහන් සියලුම මහාපරිමාන ව්‍යාපෘති සදහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900 කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6 න්, මම ඉහත නම් කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා ගිය මුලු වියදම සිවු වතාවක් ගෙවා නිම කල හැක. යහපාලන ආණ්ඩුව ගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේ සිට, රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පාවිච්චි කිරීම නිසා  කිසිඳු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩිවිය. මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වානිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.
විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුලු වෙනසකින්වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහබැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478 ක් එකතු  වී ඇත. බැඳුම්කර මඟඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොළී අනුපාතය 50% කින් පමණ වැඩිවීම නිසාද ආණ්ඩුවේ ණයබර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස්  ණය ලබා ගත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මුදල් අමාත්‍යංශයේ වාර්ථා වලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.

2008 – ඇ.ඩො. මිලියන  881
2009 – ඇ.ඩො. මිලියන 1,041
2010 – ඇ.ඩො. මිලියන 826
2011 – ඇ.ඩො. මිලියන 971
2012 – ඇ.ඩො. මිලියන 1,620
2013 – ඇ.ඩො. මිලියන 1,160
2014 – ඇ.ඩො. මිලියන 1,306

මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිඳු ප්‍රශ්ණයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්ථමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි. 2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොළිය පහත දැක්වෙන ආකාරයට වෙයි.

2015 –  ඇ.ඩො. මිලියන 1,828
2016 – ඇ.ඩො.මිලියන 1,604
2017 –  ඇ.ඩො.මිලියන 2,132
2018 –  ඇ.ඩො.මිලියන 2,891
2019 –  ඇ.ඩො.මිලියන 4,217
2020 –  ඇ.ඩො.මිලියන 3,699
2021 –  ඇ.ඩො.මිලියන 3,344
2022 –  ඇ.ඩො.මිලියන 3,743
2023 –  ඇ.ඩො.මිලියන 2,120
2024 –  ඇ.ඩො.මිලියන 2,067
2025 – ඇ.ඩො.මිලියන 4,155
2026 – ඇ.ඩො.මිලියන 2,758
2027 – ඇ.ඩො.මිලියන 3,448

ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්වයත් ඊට පසුව ඇති වූ තත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩිවන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටි කාලීන විදෙස් විනිමය වානිජ ණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.

2015 දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි. මහ බැංකුවේ නිල වාර්තා වලින් පෙන්වා දෙන පිරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම් වලින්ද 2010 – 2014 යන කාලපරිච්ඡේදය ඇතුලත වසරකට ඩොලර් මිලියන 350 ක් වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව  තිබියදී බවත් මතක තබා ගත යුතුය.

නමුත් 2015 වසරේදී කිසිඳු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9 කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016 දී 6 වතාවකදීද 2017 දී සිව් වතාවකදී ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත.   තත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000 ක විදෙස් විනිමය වානිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන  ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව  ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු, වාහන බදු, භාණ්ඩ ආනයන බදු, දඩ මුදල්, රජයේ මුද්දර ගාස්තු යනාදිය වැඩි කර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුලු ජනගහනයම ආදායම් බදු දැළ තුළට ගැනීමටද සැලසුම් කර ඇත.

රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘති වල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුලු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාල ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමු කර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායි පොළියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදු හදිස්සියක් නැත.

නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොළියට ගත් කෙටි කාලීන වානිජ  ණය ජනතා දේපොල විකුණා ලබාගන්නා මුදල් වලින් හෝ ගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි.   අන්ත දූෂිත, වැඩබැරි ආණ්ඩුව රටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

2018-01-08
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

නංගි කෙනෙක් - මල්ලි කෙනෙක් හරි ඕන කියලා දෝණි කියනවා

නම කියපු සැණින්ම කාගෙත් මතකයට එන ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. ඇයට දැන් ආදරේ කරන අය හුගාක් ඉන්නවා

අනෝමා මෙදා පාර කරන්න යන දේ මෙන්න

මට පසුගිය වසරේ නොවැම්බර් 02වනදා ලොස් ඇන්ජලීස්හි පවත්වණ ලද තරගකයදී හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය

අද නිවේදන වෘත්තියට බලන්නේ පෙනුම පමණයි - නාරද

රූපවාහිනී නිවේදන කලාව වෙනස් මාවතකට ගෙනගිය තරුණ නිවේදකයෙකි. ඔහු සතුව නිවේදන හැකියාව ‍කොතරම්දයනු කිවහොත් දැනට දශක 2ක් පුරාම

කලාවෙන් ලැබෙන මුදල.... අපට ඇති ජීවත් වෙන්න - ඕෂධි

නිරූපිකාවක් ලෙසට රංගන ක්ෂේත්‍රයට ආ ඇය මේ දිනවල දී කාගෙත් කතාබහට ලක්වූ ජනප්‍රිය චරිතයක්. ඕෂධි හිමේෂා චාවින්දි වන ඇයගේ තොරතුරු දැනගන්න

විශ්ව බලන්න පියුමිලා ගිහින් ඇද උඩ නැග රෝහලේ ගත් ඡායාරූප

නිරූපණ ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන විශ්ව පෙරේරා අසනීපව රෝහල් ගත කර සිටිනවා. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව විමසීමට පියුමි

මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි

කාලෙකින් සිනමාවත් එක්ක ඔබ සම්බන්ධ වුණේ නැද්ද විනූ? මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේම නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ

චම්පා කල්හාරි එක් තැන් වෙලා - මාව බිමටම ඇදගෙන වැටුණා.

චම්පා කල්හාරි යනු කුඩා වියේ සිටම සිය උපතින් ලැබූ ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එක්කාසු කරගත් ගායන ශිල්පිනියක්. චම්පාගේ ගායන දිවි

අපි මේ කාලේ විලාසිතා නොකර වයසට ගියාම ඒවා කරන්නද?

නිරූපණ හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ටීනා ෂනෙල් මේ වන විට රංගනය තුළත් ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක්. සිය විලාසිතා නිසා නිතර කතාබහට ලක්වෙන

මම ගොඩාක්ම ලස්සනයි. දක්ෂයි කියා රුවන්ට හිතෙනවා ඇති

මීට කලකට ඉහත දී පුංචි තිරයේ දී මහත් ජනප‍්‍රියත්වයක් දිනා ගත්ත අමා ටෙලි නාට්‍යය අමාගේ චරිතය තුළින් පේ‍්‍රක්‍ෂකයින් වසඟ කරගත්තූ.. ෂෙරිල් ඩෙකර් ඔන්න

ටෙලි බදු අහෝසිය අලි බොරුවක්‌ - සුදත් රෝහණ කියයි

ටෙලි නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක්‌ යෑයි නිදහස්‌ කලා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක වන සුදත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. එම

ලෝක පූජිත සුපිරි හොලිවුඩ් නළු රම්බෝට ලිංගික හිංසා චෝදනා

ලෝකපූජිත හොලිවුඩ් නළු සිල්වෙස්‌ටර් ස්‌ටැලෝන් වෙත ලිංගික හිංසා චෝදනාවක්‌ එල්ල වී ඇත. 71 හැවිරිදි වියේ පසුවන රම්බෝ නමින් හඳුන්වන ස්‌ටැලෝ

ඕස්ට්‍රේලියාවේ 2018 රූප සුන්දරී තරගයට ලංකාවේ වෛද්‍යවරියක්

ඕස්ට්‍රේලියාවේ පර්ත්හි The Miss British Empire 2018 රූප සුන්දරී තරගයට අපේ ශ්‍රි ලංකාව නියෝජනය කරමින් යන වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන පිළිබද මේ

අසත්‍ය කටකතා වලට රැවටෙන්න එපා - මහේෂ් නිස්සංක

ජනප්‍රිය නිවේදකයකු වූ මහේෂ් නිස්සංක මහතා සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය කටකතා වලට නොරැවටෙන ලෙස සියළුම මුද්‍රිත විද්‍යුත් සහ සමාජ ජාල මාධ්‍යයන්

සැපක් කියා ලොකුවට මම සැපක් විඳින කෙනෙක් නෙමෙයි.. පියුමි

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල ඇය ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ ඇගේ අලුත්ම විලාසිතා නිසාවෙනි. දැන් යළිත් ඇය ගැන කතාබහ කරන්නට.. පටන් අරන්

හරිගිය තැන්වලට වැඩිය.. වැරදුන තැන් තමයි වැඩියෙන් තියෙන්නේ

මධුමාධ අරවින්ද යනු කවදත් කතාබහකට ලක්‌වූ කලාකරුවෙක්‌. ළඟදීම තවත් ආන්දෝලනාත්මක වැඩකින්ම ඔහු කරළියට එන්නයි නැවත හදන්නේ. ඔය අතරේ ඔහු

ඇමැති අකිලගේ පාසල්වල ක්‍රිකට්‌ හදන සැලැස්‌ම බොරුවක්

ලෝකයේ කඩුලු දවා ගැනීමේ සුරත පිහිටා තිබුණේ ඔහු අතේය. ටෙස්‌ට්‌ (800) සහ එක්‌දින (534) තරග දෙඅංශයෙන්ම මුත්තයියා මුරලිදරන් නම් වූ දඟ පන්දුවේ රජු

අනතුරෙන් පසු මම ඊට පහුවදාම අම්මාව බලන්න රෝහලට ගියා.

දීපානි සිල්වා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පැදවූ මෝටර් රථය පසුගිය දා හදිසි අනතුරකට ලක්වී තිබුණා. පුවත පුවත්පත්වල, රූපවාහිනී නාළිකාවන්හි මෙන්ම

උපන්දිනය දවසේ දී අසරණ පවුල් 250කට හාල් බෙදල දුන්නා

සල් සපුනා නාට්‍යයේ පුංචි පත්තරකාරියට වගේම නාට්‍යයේ පුංචි සුරංගනාවිට ලැබෙන්නේ ඉහළම ප‍්‍රතිචාරයක්. මෙම චරිත දෙකටම රංගනයෙන් දායක වන්නේ මිෂෙ

ලබන අවුරුද්දේ මීටත් වඩා හොඳ උපන් දින සාදයක් පවත්වනවා

රූපලාවණ්‍ය ෂේත්‍රයේ දක්ෂම රූපලාවණ්‍ය ශිල්පියෙක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. මේ දිනවලදී වැඩිපුරම ඔහු ගැන කතා වෙන්නේ.. චන්දිමාල්ගේ රෝයල්

කලාකරුවන්ව නොසලකා හැරිය මේ වගේ ආණ්ඩුවක් අපේ රටේ කවදාවත් තිබුණේ නෑ....

ඉතා අසාධාරණ ලෙස බදු ගහලා කලාකරුව මෙතරම් අසීරුතාවට පත් කරපු ආණ්ඩුවක්, නිදහසින් පසුව ඉතිහාසයේ නොසිටි බවයි රංගන ශිල්පීයෙකු වූ ජනක් ප්‍රේම

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad