Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා විමල් කියයි

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය

අපට වත්මන් ආණ්ඩුව හා තරහ වී වැඩ කරන්න බැහැ - සම්පන්දන්

ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වෙනවා යන්න පැවැසිය හැක්කේ

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

නව රජයකින්. රට ගොඩනගන්න පුළුවන්ද - එස්බී දිසානායක

ශී‍්‍ර.ල.නි.ප.යේ ඉන්න පිරිස සම්පූර්ණෙන් ආණ්ඩුවෙන් එළියට අරගෙන.... ඒකාබද්ධ විපක්ෂයට එකතු කරලා යු. ඇන්. පීය නැති රජයක් ඇති කිරීම සඳහා කටයුතු

අපේ රට දැන් තියෙන්නෙ අන්තිම අඩියේ. රටේ ආර්ථිකය ඉවරයි.

බල පෙරළියත් සමග එළැඹි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදුම මැතිවරණයට තරග කිරීමට හෝ අවස්ථාවක් නොලද ඒ මහතා ටික

බඬේ... ලීටර් දෙකහමාරක් පමණ ලේ තිබුණා - පපුවේ ඇනුණු ලීය ගලවපු පුදුම සැත්කම

ජීවිතයක් රැක ගන්න ඇතැම් අවස්ථාවල වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් දැක්කම ඇත්තෙන්ම පුදුම සහගතය. හදිසි අනතුරකින් ජීවිතයත් මරණයත් අතර සටනක්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
අප්පච්චි පොලීසිවලින් මාරුවෙවී යද්දී අපේ ඉස්කෝල මාරුවුණා
GossipClanka.com

නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ. ඔන්න ඔහොම තමා උප්පැන්න සහතිකයේ ලියැවිලා තියෙන්නෙ. කියමුද කුරුණෑගල

 

ගමේ ඉපදුණු ඒ අතීතය ගැන...? මගේ අම්මගේ ගම කුරුණෑගල. හාරිස්පත්තුවේ වරකාගොඩ කියන ගම තමයි මගේ අප්පච්චිගේ ගම වෙන්නෙ. හැබැයි මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ මගේ අම්මගේ ගමේ. මගේ අප්පච්චි පොලිස් නිලධාරියෙක්. මම ඉපදුණු කාලේ අප්පච්චි අලව්ව පොලීසියේ ස්ථානාධිපති විදිහට තමයි රාජකාරි කළේ. මම ඉපදුණේ 1933 අවුරුද්දෙ. කුරුණෑගල ටවුමේ ඉඳන් අපේ අම්මලාගේ ගෙදරට හැතැප්ම ගාණක් තියෙනවා. ඒක ලේසි පහසු දුරක් නෙමේ.

අප්පච්චි පොලිස් නිලධාරියෙක් නිසාම ඔබටත් විවිධ තැන්වලට යන්න වුණා නේද...? ඔව් ඔව්... අප්පච්චිගේ මාරුවීම් එක්කම මුළු පවුලම විවිධ පැතිවලට මාරුවෙන්න සිද්ධවුණා. ඒ නිසා අලව්වෙන් කුරුණෑගලට, එතැනින් මාරවිලට, පුත්තලමට, කුරුණෑගලට, හෙට්ටිපොළට වගේ විවිධ පැතිවලට ගෙදර හැමෝටම මාරුවීම් ලැබුණා. ඔහොම රවුමක් ගහලා ආපහු අප්පච්චි කුරුණෑගලට ආවා.

ඔය පොලිස් මාරුවීම් එක්ක ඔබට පාසල් ගණනාවකම ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙන්න ඇති..? ඔව්... පොලීසිවලින් මාරුවෙවී යද්දී අපේ ඉස්කෝලත් මාරුවුණා. ඒ කාලේ වැඩිපුර ඉස්කෝලත් තිබුණේ නෑ. වැඩිපුරම කතෝලික ඉස්කෝල තමයි තිබුණේ. ඉතින් මුලින්ම මම මාරවිල කතෝලික විදුහලෙන් හෝඩිය ඉගෙන ගත්තා. ඊටපස්සෙ පුත්තලමේ ශාන්ත ඇන්ඩ_ කන්‍යාරාමයෙන් දෙවැනි කැලෑසිය මම ඉගෙන ගත්තා. අද ඒක ලොකු ඉස්කෝලයක්. ඒ කාලේ ඒ කන්‍යාරාමයේ ඉගැන්වුවේ කන්‍යා සොහොයුරියන්. ඊටපස්සෙ කුලියාපිටිය ශාන්ත ජෝසප් විදුහලෙනුත් ඉගෙන ගත්තා. ඔන්න ඉතින් කුලියාපිටියේ හෙට්ටිපොළට අප්පච්චි මාරුවෙලා ගියාම ඉගෙන ගන්න හෙට්ටිපොළ ඉස්කෝලයක් තිබුණේ නෑ. ඒ තරම්ම නොදියුණු පළාතක් තමයි එහේ තිබුණේ. ඒ නිසා මාව වරකාගොඩ ගමේ ගලගෙදර පාසලට ඇතුළත් කළා. ඒකෙ අවුරුද්දක් ඉගෙන ගනිද්දී අප්පච්චි කුරුණෑගලට මාරුවෙලා ආවා. ඊටපස්සෙ මම කුරුණෑගල ශාන්ත ආනා විදුහලට ඇතුළත් වෙලා එස්.එස්.සී විභාගයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වුණා.

බොහෝ පාසල්වල ඉගෙනගත්තු ඔබ බොහෝ රැකියාවලුත් කළා නේද..? ඔව් ඔව්... ඒකත් හරිම රසවත් මතකයක් තමයි. මම ඉගෙනගෙන ඉවරවුණාට පස්සෙ මටම රස්සාවක් කරන්න ඕනෙ කියලා හිතිලා රස්සාවල් පහකටම එකපාර ඉල්ලුම්පත්‍ර දැම්මා. ඒ කාලේ රස්සාවල් හොයාගන්න අද කාලෙ වගේ දේශපාලනඥයන් පිටිපස්සෙ යන්න ඕනෙ නෑ. කාගෙන්වත් ලියුම් ගේන්න ඕනෙත් නෑ. තමන්ගේ හැකියාවන්වලට අනුව රස්සාවල් තියෙනවා. මම මුලින්ම සමූපාකාර පරීක්ෂක තනතුරට, ග්‍රාමීය සංවර්ධන නිලධාරී තනතුරට, ලංකා බැංකුවේ ලිපිකරු තනතුරට සහ පොලීසියට අයදුම්පත්‍ර දැම්මා. ඔය හැම තනතුරුවලින්ම මට උත්තර ආවා. මුලින්ම මාව ලංකා බැංකුවට තමයි බඳවාගත්තෙ. ලංකා බැංකුවේ මට මුලින්ම ලැබුණු රාජකාරිය තමයි චෙක්පත් මාරුකිරීමේ රාජකාරිය. ඔය කාලයේදී මම පෙනීහිටිය ලිපිකරැ විභාගයෙන් මම ඉහළින්ම සමත්වෙලා තිබුණා. දිවයිනෙන්ම මම දෙවැනියා විදිහට සමත් වුණා. ඒ නිසා මට කුරුණෑගල කච්චේරියට පත්වීම් ලැබුණා. ඊටපස්සෙ මම බැංකුවට ආයුබෝවන් කියලා කච්චේරියේ වැඩ බාරගත්තා.

නමුත් කච්චේරියෙත් දිගුකාලයක් ඔබ රාජකාරියේ යෙදුණේ නැහැ නේද...? නැහැනෙ... ඒ කාලේ ලංකා බැංකුවේ මගේ පඩිය වුණේ මාසයකට රුපියල් හැටයි. හැබැයි අපේ අප්පච්චිට ඕනවුණේ මාව රජයේ රැකියාවක් කරන පුතෙක් කරන්න. ඉස්සර ලංකා බැංකුවේ විශ්‍රාම වැටුප් ක්‍රමය තිබුණේ නෑ. ඉතින් කච්චේරියේ රැකියාව කරන අතරතුරේ පොලීසියෙනුත් මට කැඳවීමක් ලැබුණා. ලිඛිත පරීක්ෂණයෙන් මම පාස්වුණා. හැබැයි කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් උසයි පපුවයි මනිද්දී උසින් මම පාස්වුණාට පොලීසියට හරියන පපු ප්‍රමාණයක් මගේ තිබුණේ නෑ. ගෙදර ගිහින් මම උළුවස්සේ එල්ලුණා. බිත්තර ගහලා බිව්වා. ව්‍යායාම් කළා. ඒ හැමදෙයක්ම කරලා ඊළඟ පාර ගිය ගමන් ඒකෙනුත් මම පාස්වුණා. කොහොමහරි අවසාන පරීක්ෂණ තුනකට මම ගියා. 1956 වසරේ උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට මම වැඩ බාරගත්තා. මම හය මාසයක් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊටපස්සෙ මට කොළඹ නගරයේ මුල්ම පත්වීම ලැබුණා.

කොළඹ කොටුවේ පොලිස් නිලධාරියෙක් විදිහට සේවය කරන එකත් ලේසි නැහැ නේද...? ඔව් ඔව්... ලේසි නෑ. පොලිස් ජීවිතේ ඉතාමත් අමාරු රාජකාරි තියෙන තැනක් තමයි පිටකොටුව කියන්නෙ. මාවයි මගේම ඥාති සහෝදරයෙක් වුණු පුස්සැල්ලවයි තමයි අපේ බැච් එකෙන් පිටකොටුවේ රාජකාරියට දැම්මේ. අපි දෙන්නම එකම පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් පවා කළා. ඉස්සර මම හොඳ ක්‍රීඩකයෙක්. ඉස්කෝලවල ඒ කාලේ මම හරි ජනප්‍රියයි. ඉතින් ඒ කාලේ පිටකොටුවේ පොලිස් ස්ථානාධිපති වුණේ ඒ.සී. ලෝරන්ස් මහතායි. ඔහු අවංක නිලධාරීතුමෙක්. ඉස්සර මම පොලීසියට ආව ගමන් මගේ මුල්ම රාජකාරිය වුණේ රාත්‍රී මුර සංචාරයයි. ඉතින් අපි පැය අටක් විතර පිටකොටුවේ රාත්‍රියේ මුර කළා. එකදිගටම මාසයක් විතර රාත්‍රී මුර සංචාරය කරලා ඉවරවුණාට පස්සෙ ලෝරන්ස් මහත්තයා මට පිටකොටුවේ එකතැනක් බාරදීලා එතැන රාජකාරිය කෙරෙව්වා. ඒක ලේසි පහසු රාජකාරියක් නෙමේ. ඊටපස්සෙ මාව ට්‍රැෆික් ඩියුටි දැම්මා. රථවාහන අංශයේ හිටපු සාජන් ප්‍රනාන්දුගේ බයිසිකලේ පිටිපස්සෙ නැඟලා මම ඒ රාජකාරියත් කළා. සාජන් ප්‍රනාන්දුට පිටකොටුවේ බිස්නස් කරපු අය හරි බයයි. බස්වල කොන්දොස්තරවරැ ඩ්‍රයිවර්වරු අපේ බයිසිකලේ දැක්කාම දෙකට තුනට නැවෙනවා. ඊටපස්සෙ මාව අපරාධ පරීක්ෂණ අංශයට යොමුකළා. ඔය වගේ පොලීසියේ හැම අංශයකටම මාව දැම්මා. ඒ හැමදෙයකින්ම අලුත් අත්දැකීම් ගොන්නක් ජීවිතයට එකතු කරගත්තා. මට මතකයි පිටකොටුව වැඩ බාරගත්ත ගමන්ම පොලීසියේ අවුරැදු විසිපහ තිහ රාජකාරි කරපු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මට පැත්තකට කතා කළා. පුතා.. උඹ ඇවිත් තියෙන්නෙ පොලීසියේ රත්තරන් නිදානයකට. පිටකොටුවෙන් හොඳට හම්බකරන්න පුළුවන්. මාස්පතා උඹට ඇනිලොප් ගලාගෙන ඒවි. ඒවා ගන්න ඕනෙ... කියලා කිව්වා. හැබැයි මම කවදාවත් කාගෙන්වත් පගාවල් ගත්තෙ නෑ. මම පොලිස් නිලධාරියකු ලෙස අවංකව සේවය කළා.

පොලීසියේ රාජකාරිය කරන කාලෙදීම ඔබට කලාවට සම්බන්ධ වෙන්න ලැබුණනෙ... ඒ මතකය ටිකක් අවදි කළොත්...? ඔව්... මම කොටුව පොලීසියේ ඉන්න කාලේ පොලීසියේ සංගීත වැඩසටහන් තිබුණා. නත්තල් මාසෙ සංගීත වැඩසටහන් අවුරුදු පතාම පැවැත්වුවා. තනිකඩයන්ගේ බැරුක්කේ තමයි ඔය ප්‍රසංගය පැවැත්වුවේ. ඉතින් එකපාරක් ඔය ප්‍රසංගය සංවිධානය කරන්න මට බාරවුණා. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ කලාකරුවන්ට කලාකාරියන්ට තමයි මේ ප්‍රසංගයට ආරාධනා කළේ. ලංකාවේ නම් දරාපු සියලුම ගායක ගායිකාවන් මේ ප්‍රසංගයට ආවා. සල්ලි සතපහක්වත් ගෙවන්නෙ නෑ. හැබැයි හොඳට කන්න බොන්න දුන්නා. ඉතින් ඔය ගායක ගායිකාවන්ට ආරාධනා කරන රාජකාරිය පැවරුණේ මට. හැම ප්‍රසංගයකටම මමත් සින්දුවක් දෙකක් කිව්වා. ඒ කාලේ මට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඔය අතරේ පී.එල්.ඒ. සෝමපාල මහත්තයා ගුවන්විදුලියේ ආධුනික පැය කියලා වැඩසටහනක් තියෙනවා, ඇවිත් සින්දුවක් කියන්න කියලා මටත් ආරාධනා කළා.

එදා ආධුනික පැය වැඩසටහනේ ඔබ ගැයූ ගීතය මතකද..? හොඳට මතකයි. එදා මම කිව්වේ සිසිර සේනාරත්නගේ යනවද මා දමා කියන්න සුන්දරිය කියන සින්දුව. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් එක්කම ගුවන්විදුලියේ සරල ගී ගායකයන් තෝරාගැනීමේ පරීක්ෂණයක් තිබිලා ඒකටත් මම සහභාගි වුණා. ඒකෙදීත් මම කිව්වේ මේ ගීතයමයි. ඒකෙන් මම a ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් හැටියට තෝරාගත්තා. ඔන්න මම ප්‍රසිද්ධ කලාවට අවතීර්ණ වුණු විදිහ. ඒ 1960 වසරේදීයි. ඒ අවුරුද්දෙම ගුවන්විදුලියේ නාට්‍ය ශිල්පීන් තෝරාගැනීමේ පරීක්ෂණයක්ද තිබුණා. ඒකටත් මම ඉදිරිපත් වුණා. ඒකෙන් මම සමත්වෙලා ගුවන්විදුලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා.

පොලීසියේ ඉන්න කාලෙම ඔය දේවල් කරන්න කාලය තිබුණද...? ඔව්... පොලීසියේ රාජකාරිය කරද්දී මම ඒ වෙනුවෙන් කාලය යෙදෙ‍ව්වා. ඊටපස්සෙ කලාවට කාලය යෙදෙව්වා. ඉස්සර මම රාජකාරිය ඉවරවෙලා බයිසිකලේ චිත්‍රපට එහෙම ෂූටිං කරන තැන්වලට ගිහින් බලාගෙන ඉන්නවා. මම කලාවට හරි ආදරෙයි. ඉතින් 1962 අවුරුද්දෙ ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණු රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් රූපගත කිරීම් කරන තැනට ගිහින් මමත් බලාගෙන හිටියා. දවසක් උසාවියක තිබුණු දර්ශනයක රඟපාන්න හිටපු නීතිඥවරයෙක්ගෙ නොපැමිණීම නිසා රොබින් හිටියේ හරිම අප්සෙට් එකෙන්. බැරිම තැන රොබින් මා ළඟට ඇවිත් වරක්ස් මේ චරිතය කරන්න පුළුවන්ද? කියලා ඇහුවා. මම එකපාරටම කැමති වුණා. ඔන්න ඉතින් සුහද දිවිපිදුම චිත්‍රපටයෙන් මම සිනමාවටත් අවතීර්ණ වුණා. ඊටපස්සෙ ගම්පෙරළිය, ලා දලු, දෙ‍ලොවක් අතර, අක්කර පහ, බැද්දේගම, බාඳුරා මල්, දරුවනී වගේ බොහෝ චිත්‍රපටවල රඟපෑවා.

ඔබේ මුල්ම වේදිකා නාට්‍ය වුණේ අජාසත්ත වේදිකා නාට්‍ය...? ඔව්.. 1962 අවුරුද්දෙ තමයි අජාසත්ත නාට්‍යයට සම්බන්ධ වුණේ. ගුවන්විදුලියේ ඉඳිද්දී පී. වැලිකල මහත්තයා කලා මණ්ඩලයෙන් තියන නාට්‍ය තරගයකට නාට්‍යයක් කරනවා. ඒකෙ චරිතයක් කරන්න කැමතිද? කියලා ඇහුවා. ඉතින් මාව ඔන්න අජාසත්ත නාට්‍යයට තෝරගත්තා. ඒ නාට්‍යයේ බිම්බිසාර රජුට මම රඟපෑවා. ඒ නාට්‍ය තරගයෙන් හොඳම ශෛල්‍යගත නළුවා වුණේ මමයි. එතැනින් පස්සෙ මනමේ, සිංහබාහු, කුවේණි, අපට පුතේ මඟක් නැතේ, හුණුවටේ කතාව මෙන්ම තවත් බොහෝ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

ඔය නාට්‍ය තරගාවලියේදී නේද ඔබේ ආදරණීය බිරිය මුණගැහුණේ...? ඔව් ඔව්.. ඒ තරගයට හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයත් ඉදිරිපත් වුණා. එතකොට කුවේණිගේ දුවට රඟපෑවේ චිත්‍රායි. එතකොට මගේ නෝනා ඉස්කෝලෙ යන දැරිවියක්. ගවුම් කොටේ ගහගෙන ඇවිත් නාට්‍ය පුහුණුවීම් කරන පුංචි දැරිවියක්. ඉස්සර අපි කොළඹ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරවල තමයි පුරුදු වුණේ. අපි එක කාමරයක අජාසත්ත පුරුදු වුණා. තව කාමරයක කුවේණි පුරැදු වුණා. ඉතින් අපි නිතර නිතර දැක්කා. හැබැයි ඊටපස්සෙ මාව හෙන්රිගේ කුවේණි නාට්‍යයේ පූරකගේ චරිතයට තෝරගත්තා. ඉතින්... රට පුරාම කුවේණිත් එක්ක අපි ගියා. චිත්‍රායි මමයි ගොඩක් කිට්ටු වුණා. හැබැයි ඒ කාලේ මේ පුංචි කෙල්ලගේ අම්මත් තනි නොතනියට ආවා. හැබැයි ඉතින්... කොහොමහරි අපි 1963 ඉඳන් අවුරුදු හතක් ආශ්‍රය කරලා ආදරය කරලා විවාහ වුණා. අපිට දරුවන් දෙදෙනෙක් ලැබුණා. දුව වින්ද්‍යා වරකාගොඩ. පුතා ජනනාත් වරකාගොඩ. කාලයත් එක්ක ඒ දරුවන් දෙදෙනාම කලාවට ආදරේ කළා. කලාවට සම්බන්ධ වුණා. අද මමයි චිත්‍රායි මිණිපිරි මුණුපුරන්ගේ ආදරය ලබන ආච්චියි සීයයි. ඒ ආදරය ජීවිතයට හරි වටිනවා.

ඔබ අවුරුදු ගණනාවක්ම මුවන්පැලැස්සේ කෝරළේආරච්චි. ඒක හරි අපූරුයි නේද...? ඔව්... අදටත් අපි නොකඩවාම මුවන්පැලැස්ස පටිගත කිරීම් කරනවා. හැම සඳුදාම ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ රෑ අටහමාරේ සිට රෑ නවය වනතුරු ප්‍රචාරය වෙනවා. දැන් මේ මුවන්පැලැස්ස පටන්ගෙන අවුරුදු පනස් හතරක් වෙනවා. ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය වගේම ලෝකයේ දෙවැනි දීර්ඝ ගුවන්විදුලි නාට්‍ය ලෙසින් මුවන්පැලැස්ස හඳුන්වනවා. ඒ ගුවන්විදුලි නාට්‍යයේ මුල්ම කෝරළේආරච්චි තමයි තවමත් මේ ඉන්නෙ. එකම චරිතය අවුරුදු පනස් හතරක් රඟපානවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙමේ.

මුවන්පැලැස්සට අමතරව මේ දවස්වල කරන නිර්මාණ මොනවද...? පැරණි කැලෑහඳ චිත්‍රපටය ටෙලිනාට්‍යයක් කරනවා. ඒකෙ මම රඟපානවා. ගිහාන් රෝහණගේ ටෙලිනාට්‍යයකත් මමයි චිත්‍රායි දෙන්නම රඟපානවා. කොහොමත් මම සම්බන්ධ වුණු චිත්‍රපට හය හතක් විතර තිරගත වෙන්න තියෙනවා. ඒවා කවදා පෙන්නයිද කියලා කියන්න මම දන්නෙ නෑ.  තවම චිත්‍රපට පෝලිමේ ඒ හැම එකක්ම තියෙනවා. මේ දවස්වල අපි රාවණා කියන වේදිකා නාට්‍යයක් පුහුණුවීම් කරනවා. ඒක නාමල් වීරමුණි තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. ඉතින්.. මොන දේ තිබුණත් අදටත් මම කලාවට හරි ආදරෙයි. වේදිකාවට හරි ආදරෙයි.

2018-07-15

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status