Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

එල්ලුම්ගහ වහා ක්‍රියාත්මක කිරීම සදහා අලුගෝසු තනතුරට අද සිට අයදුම්පත් කැඳවයි

මරණ දණ්‌ඩනය වහා ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති දැඩි හදිසි තීරණයත් සමග එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍යවන අලුගෝසු තනතුරට.. දෙදෙනකුව

පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමය යටතේ පවත්වන්න ජනපතිතුමන් උපදෙස් දුන්නා

එළැඹෙන පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමය යටතේ ප්‍රමාද නොකර පැවැත්වීම සදහා කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්ව වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන..

අපි දෙන්නගේ ආදරයට හැමෝම විරුද්ධ වුණා - දිවි නසා ගනු ලැබූ තරුණියන් දෙදෙනාගේ කතාව

මිනුවන්ගොඩ, මීගමුව ප්‍රදේශයන්හී පදිංචි ලස්සන තරුණියන් දෙන්නෙකු පසුගියදා ගම්පහ සහ දාරළුව යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියට ගෙළ තබා සියදිවි හානික

2019 අපේක්‍ෂකයා ගෝඨාභයමයි ප්‍රචාරක කටයුතු වේගවත් කරයි

මෙරට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා 2019 ජනපතිවරණය ඉලක්‌ක කරගත්ත තම ප්‍රචාරක මෙහෙයුම වේගවත් කර ඇත. ඔහුගේ මූලිකත්වයෙන්

කටකතා යනව. දෙනවද කියන්න මම දන්නෑ - දයාසිරි කියයි - දැන් ඉන්න තාවකාලික මහ ලේකම් ගේ කාලය බදාදා අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය තමන්ට දෙන බව විවිධ කටකතා යන බවත්. ඒ පිළිබදව තමන් නොදන්නා බවත්, මහලේකම් ධුරය දෙන බවට මාධ

පොලිසියේ 04ක් තනි මිනිසෙකුට මහ පාරේ බිම දමාගෙන ගුටි අනී - බිරිද ගහන්න එපා කියා හඩයි

බේරුවල නගරයේ දී පොලිස් නිලධාරීන් සිවු දෙනෙකු විසින් පුද්ගලයෙකුට බිම දමාගෙන පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරනය වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මම කියනවා අලුගෝසු තනතුර භාර ගන්න කියලා - දුනේෂ් ගන්කන්ද

පුරප්පාඩු වී තිබෙන අලූගෝසු තනතුර බාර ගන්නා ලෙසට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව නියෝජ ඇමති දුනේෂ්

ඒකාබද්ධ විපක්ෂය භේද කිරීමට ආණ්ඩුව වෙල්ගම යොදා ගනී

එකාබද්ද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුව විසින් බ්ලැක්මේල් කර ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ

රනිල්ට ආණ්ඩු කරන්න බැරි බව මෛත්‍රිට දැන් තේරිලා - එස්.බී

අගමැති රනිල් සමඟ තවදුරටත් ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි බවට ජනාධිපතිවරයා දැන් හොඳට තේරුම්ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසා

ජනපති අත්සන් කලොත් මුලින්ම එල්ලා මරන්නේ ප‍්‍රබල ඇමතිගේ ගෝලයෙක්..? ඇමති කැළඹෙයි.

මත්ද‍්‍රව්‍ය සම්බන්ධව වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිටින සිරකරුවන් හට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තීරණය කිරී

ආණ්ඩුව පිහිටුවන්න යන.. විශේෂ අධිකරණයෙන් මගේ නඩු ටික මුලින්ම අහන්න - ගෝඨාභය

හිටපු ජනපතිතුමාගේ ආණ්ඩුව යටතේ උතුරේ ත්‍රස්තවාදයත් දකුණේ පාතාලයත් නැති කරලා. නීති විරෝධී මත් කුඩු ජාවාරමත් අවසන් කළා. මේ වෙනකොට ඒ

අපට ඕන මහින්ද විතරයි.. ගෝටා ගැනනම් කතා කරන්නවත් එපා.. මහින්දගේ නිවස ඉදිරිපිට කුමාර වෙල්ගම ඇවිලේ…

අපට අවශ්‍ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හොද නායකයෙක් බවත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් බවත් එතනින් එහාට ලෝකයක්

රත්නපුරේ චණ්ඩි හිමිනම පොලිස් සැරයන්ගේ ඉළඇට 11ක් බිඳලා

භික්ෂුවක විසින් කළ පහරදීමකින් මියගිය බව කියන රත්නපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ සැරයන් වූ සමරවික්‍රම මියගොස් ඇත්තේ බෙල්ලට සහ පපුවට සිදු

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට මුදල් එවීමේදී බදු අය කරන්න බෑ

ජාතික ආර්ථීක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇත.... ඊට මංගල සමරවීර, මහින්ද සමරසිංහ අර්ජුණ රණතුංග, සියඹලාපිටියත්

රියදුරු බලපත්‍ර ලිඛිත විභාග හෙට සිට පරිගණකයෙන්

මෙරට රියදුරු බලපත්‍ර ලබාදීමට පවත්වන ලිඛිත විභාගය හෙට (12දා) සිට පරිගණක පද්ධතියක් හරහා සිදුකිරීමට සැලසුම් කරල තිබේ. මේ වැඩපිළිවෙළ වේරහැර

යළිත් මරණ දඩුවම ගේන්න යයි - කැබිනට් මණ්ඩලයේදී ජනපති ඇතුළු බහුතරයේ අනුමැතිය

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙතට කරන

තායිලන්ත ගුහාව තුළ සිරවී සිටිය සියළු දෙනා බේරා ගැනේ.

තාම් ලුආන්ග් නොන් ගුහාව තුළ සිරවුණු දරුවන් 12 දෙනාත් ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුවත් පිටතට රැගෙනඑමින් වයිල්ඩ් බෝ පාපන්දු කණ්ඩායම බේරාගැනීමේ

ප්‍රභාකරන් සිටිය නම් අපේ දෙමළ ජනයාට ආණ්ඩුව මීට වඩා හොදට සලකනවා - සුමන්තිරන් කියයි

එල්ටීටීඊය ක්‍රියාත්මක වුණු කාලයේ මෙරට නායකයන් දෙමළ ජනතාවට... ලබාදීමට පොරොන්දු වුණු විසඳුමක් ලබාදීම මේ වනවිට ප්‍රතික්ෂේප කරල ඇති බවත් විජය

සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දී විදුර වික්‍රමනායකගේ විරෝධය

හොරණ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අතරතුර ඊයේ (09 දා) උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. ඒ රැස්වීම සඳහා තමන් හට ආරාධනා කර නොමැති බවට

වතු කම්කරුවන් වෙනුවෙන් තමා ඇමතිධු‍රෙන් ඉල්ලා අස් වෙන්න සුදානම් - පලනී දිගම්බරන්

වතු කම්කරුවන්ට රුපියල් 1000 ක මූලික වැටුපක් ලබා දිමට තමන්ගේ අමාත්‍යධුරය බාධා වක් නම් තමා එ් අමාත්‍යධුර යෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි කඳු

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
එදා මම හොරෙන් බස් එකේ ගියා තාත්තත් එක්ක රබර් කිරි කැපුවා
GossipClanka.com

මම මාගම්මන කියන ගමේ හත්ලාගොඩ කියන අනුග්‍රමයේදී තමයි උපන්නෙ. අදටත් පදිංචිවී ඉන්නෙ එහෙමයි. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි

 

විතරයි. අද මගේ අම්මා ජීවතුන් අතර නෑ. පවුලේ එකම පිරිමි ළමයා විදිහට තමයි මම පවුලට එකතු වුණේ.

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ...? එහෙම ලොකු හීනයක් මගේ හිතේ තිබුණේ නෑ. අපේ පන්තියේ සමහර කොල්ලන්ට ඔය දොස්තරවරු වෙන, නීතිඥවරු වෙන උණක් තිබුණට මට එහෙම හීනයක් තිබුණේ නෑ. හැබැයි කවදාහරි දවසක ලෝකයට බරක් නැති හොඳ කෙනෙක් වෙන්න මට ඕනවුණා. හැබැයි පුංචි කාලේ ඉඳන් උස පැනීම වගේ මළල ක්‍රීඩා කළා. හැබැයි ඉගෙනගෙන මළල ක්‍රීඩකයෙක් වෙන ටාගට් එකක්වත් මගේ ඔළුවේ තිබුණේ නෑ.

ඔබ ඉගෙන ගත්ත පාසල මොකක්ද...? මම ගමේ ඉස්කෝලවලින් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. මුලින්ම පහ වසර වෙනකම් දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ගියා. ඊටපස්සෙ බ්‍රාහ්මණගම ශ්‍රී මේධානන්ද මහ විද්‍යාලයට ගියා. ඊටත් පස්සෙ උසස් පෙළ සුභද්‍රාරාම විද්‍යා ආයතනය. ඒක පිරිවෙණට අනුබද්ධ පාසලක්. ඉතින් පාසල් තුනක අධ්‍යාපනයක් ලබපු මම අද කලාකරුවෙක් වෙලා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

පාසලේදී ඔබ මොනවගේ චරිතයක්ද...? හිතාගන්නවත් බැරි චරිතයක්. ක්‍රීඩා කටයුතුවල පොඩ්ඩක් නිරතවෙලා වැඩ කළාට මම මගේ පාඩුවේ හිටපු චරිතයක්. පිට්ටනියේ නිතරම හිටපු චරිතයක්. හැබැයි අනවශ්‍ය දඟ චරිතයක් වුණෙත් නෑ. පාසලේදීනම් කලා මාධ්‍යයට පොඩ්ඩක්වත් මගේ සම්බන්ධයක් තිබුණේ නෑ. පාසල් වේදිකාව මට ආගන්තුකයි. මට මතකයි ඉස්සර හැම මාසයකම සිකුරාදා පාසල් රැස්වීම් වෙලාවේදී මොනවහරි දේකට දාවි කියලා මම ඒ දවසට ඉස්කෝලෙ යන්නෙ නෑ. ගොඩක් වෙලාවට සිකුරාදා දවසේ උදේට මට මොකක්හරි බොරු අසනීපයක් හැදෙනවා. පාසල් වේදිකාව මට නුහුරු තැනක් වුණා. ඇත්තටම පාසල් කාලෙදී මට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න මොකක්දෝ සබකෝලයක් තිබුණා.

නාට්‍යවලට සම්බන්ධ වුනේ කොහොමද...? උසස් පෙළ විභාගය සමත්වෙලා මම රස්සාවල් කිහිපයක්ම කළා. මට මතක හැටියට මම රස්සාවල් 18 ක් විතර කළා. ජීවිතේ ඒ අපූරු කාලය මට අමතක වෙන්නෙ නෑ. අවුරුදු හය හතක් වගේ කාලයක් ඇතුළත තමයි මම ඔය හැම වැඩක්ම කළේ. ගෙවල්වලට ගිහින් අලුත් උපකරණ හඳුන්වාදීලා ඒවා විකිණුවා. හෝටල්වල වැඩ කළා. මට මතක හැටියට මගේ මුල්ම රස්සාව වුණේ කිරි කැපිල්ල. අපේ ගමේ කිරි කපන රස්සාව හොඳටම තිබුණා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම අපේ වත්තේ කිරි කැපුවා. ඉතින් එහෙම කැපුවාම මගේ අම්මා පොඩි කාසි ටිකක් මගේ අත මිට මොළවනවා. ඒක මට ඒ කාලේ හරියට වටිනවා. මගේ තාත්තා රැකියාව විදිහට රබර් එක්කාසු කළා. අපේ ගමේ විතරක් නෙමේ, අහල ගම්වලටත් උදේ හවස ගිහින් තාත්තා රබර් කිරි එක්කාසු කළා.

කිරි කපනවට අමතරව සරත් තාත්තගේ රස්සාවටත් උදව් කළා...? ඔව්.. ඔව්... අපිට තිබුණු රබර්වල කිරි බොහොමයක් කැපුවේ මම. මට මතකයි හැමදාම හැතැප්ම හතක් විතර ගිහින් රබර් කිලෝ අසූවක විතර ගෝනිමලු දහයක් පහළොවක් මම අපේ බයිසිකලේ ගැටගහගෙන අරගෙන එනවා. ඒක හරි අමාරු වැඩක්. අද කාලේ වගේ ඒ කාලේ මේ පාරවල්වල තාර දාලා තිබුණේ නෑ. පාරවල් පිළිවෙළට හදලා තිබුණෙත් නෑ. ඉතින් ගොඩක් වෙලාවල්වල ගෝනිමලු ෆුට් බයිසිකලේ බැඳගෙන හැතැප්ම ගණන් බයිසිකලේ තල්ලුකරගෙන එන වෙලාවල් තියෙනවා. ඉතින්... ඒ එක ගමනකට තාත්තා මට රුපියල් පහක් දුන්නා. ඒ ගාණ මට ඉතින් ඇතිත් නෑ. මදිත් නෑ. ජීවිතේ මම රස්සාවල් කරන්න පටන් ගත්තෙ තාත්තා ඒ දුන්න රුපියල් පහෙන් තමයි.

ඔය කාලෙදීම ඔබ ගමේ නාට්‍යයක් කළා නේද...? ඔව්... 1989 දෙසැම්බර් මාසෙ 30 වැනිදාත්, 31 වැනිදාත් තමයි අපි ඒ නාට්‍ය ගමේ පෙන්නුවේ. ගමේ හතළිහක් විතර තරුණයන් පිරිසක් එක්කාසුකරගෙන තමයි අපි ඒ නාට්‍ය පෙන්නුවේ. ඒකට ප්‍රධානතම හේතුව වුණේ අපේ ගමේ දහම් පාසලේ පොඩි පුස්තකාලයට ඕන කරන පොත්පත් ගන්න. මමයි මගේ ගමේ යාළුවෙකුයි එකතුවෙලා නාට්‍ය පිටපතකුත් ලිව්වා. ඉතින් කොහොමහරි හොඳ පිටපතක් ලියැවුණා. ගමේ හැමෝම ඒ නාට්‍ය ලස්සනයි කියලා කිව්වා. ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක කලාවට තිබුණු ආසාව මගේ වැඩිවුණා. ඔය කාලෙදී මම පෞද්ගලික ආයතනයක ගබඩා සහකාරකයෙකු විදිහට වැඩ කළා.

ඒ කියන්නෙ... ඒ වෙද්දී සරත් ඒ රස්සාවට කැමැත්තෙන්ද හිටියෙ...? පිස්සුද... ඒ රස්සාවත් මට එපාවෙලා තිබුණේ. නිවාඩුවක් ඇත්තෙම නෑ. ඉරිදාට වරුවක් විතරයි නිවාඩු තිබුණේ. ඒ වෙද්දී මම විවාහවෙලා හිටියෙ නෑ. ඒ නිසා ලොකු වගකීමක් හිතේ තිබුණේ නෑ. ඒ නිසා ආයෙ ආයෙත් හිතන්නෙම නැතිව මම ඒ රස්සාවෙන් අයින්වුණා. එහෙම රස්සාවෙන් අයින්වෙලා මම කලාව ඉගෙන ගන්න යොමුවුණා. අපේ ඉස්කෝලවල කලා විෂයට චිත්‍ර විෂය විතරයි. අද කාලේ වගේ නාට්‍යකරණය විෂයක් විදිහට පාසල්වල ඒ කාලේ තිබුණේ නෑ. මේ නිසා කලාව ඉගෙන ගන්න මට ලොකු ආසාවක් ඇතිවුණා. ඒ නිසා අවුරුදු දහයක් මම මේ කලා විෂය හැදෑරුවා.

කරපු රස්සාවෙන් අයින්වෙලා කලාව පූර්ණකාලීනව අවුරුදු දහයක් ඉගෙන ගැනීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද..? අම්මෝ... පුදුමාකාර අභියෝගයක් වුණා. අපි ලොකු සල්ලිකාර දරුවෝ නෙමේ. ඒ වගේ පවුලක තරුණ දරුවෙක් රස්සාවක් නොකර ඉඳීම ඇත්තටම ලොකු වැරැද්දක්. මම මුලින්ම ගුවන් විදුලි සංස්ථාවේ පාඨමාලාවක් හැදෑරැවා. ඊටපස්සෙ තරුණ සේවා සභාවේ ඇතුළු ලංකාවේ බොහෝ නාට්‍ය පාඨමාලා මම හැදෑරුවා. අවුරුදු දහයක් පුරාවට ලංකාවේ තිබුණු හැම වැඩමුළුවක්ම මම කළා. මේ අවුරුදු දහය පුරාවට කලාව ඉගෙන ගන්න මිස හොඳ නිර්මාණයක රඟපෑවෙත් නෑ. හැබැයි ඒ අතරේ යාළුවන්ගෙ කෙටි චිත්‍රපට කිහිපයකම රඟපෑවා. තරුණ සේවා සභාව හරහා තිබූ නාට්‍යවල කෙටි නාට්‍ය උළෙලවල තිබූ නාට්‍යවල පවා මම රඟපෑවා.

ඒ අවුරුදු දහය බොහෝ දුෂ්කර කාලසීමාවක් වෙන්න ඇති...? ඔව්... අතිශයින්ම දුෂ්කරයි. ඒ අවුරුදු දහය මුලදී ගෙවල්වලින් වුණත් එහෙම ලොකු සහයෝගයක් ලැබුණේ නෑ. ඒකෙ ඇත්තටම වරදක් මම දකින්නෙ නෑ. අත් පා හතර හොඳට හැදුණු උස් මහත් වුණු තරුණ කොල්ලෙක් රස්සාවකුත් නැතිව ආතක් පාතක් යද්දී මොන අම්මා තාත්තාද කැමති වෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙදී තාත්තගේ වැඩවලට උදව් වුණාට ඉස්කෝලෙන් පස්සෙ මගෙන් ඒ වැඩ මඟහැරුණා. උදේ පාන්දර අම්මා ඔතලා දෙන බත් එකත් බැඳගෙන පාන්දර බස් එකේ නැඟලා මම කොළඹ ආවා. ඒ ඇවිත් වැඩමුළුවලට, පුහුණුවීම්වලට සම්බන්ධවෙලා ආයෙමත් මහ රෑ බස් එකේ ගෙදර යනවා. ඔය කාලෙදී මම වීදි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. සමහර දවස්වලට කිසිම හේතුවක් නැතිව කොළඹ ඇවිත් මම තැන් තැන්වල නාට්‍යවල වැඩ වෙනුවෙන් රස්තියාදු වුණා. මම එක්ක ඉගෙන ගත්තු ගමේ යාළුවෝ බොහෝ දෙනෙක් ඒ වෙද්දී හොඳ රස්සාවල් පවා කළා. ඒ අතරින් සමහරු මම නඟින බස් එකේම උදේ නැඟලා මාත් එක්ක කොළඹ ගියා. ඒ අයට යන්න තැනක්, කරන්න වැඩ කොටසක්, ජීවිතේ අරමුණක් තිබුණට ඒ වෙද්දී ඒ කිසිම දෙයක් නැතිව මම ඉබාගාතේ ඒ බස් එකේම නැඟලා කොළඹ ආවා. මේ නිසාම සමහරදාට මගේ අම්මට තාත්තාට වුණත් මගේ වැඩ නිසාම කලකිරුණු අවස්ථා තිබුණා. මොනවද මේ උඹ කරන්නෙ... රස්සාවක් හොයාගනිං කියලා කියපු සහ එහෙම නොකිව්වට හැමදාමත් හිතේ තියාගෙන කතා කරපු දවස් අනන්තවත් තිබුණා.

මගේ අම්මා තමයි ඒ අවුරුදු දහයෙම හැමදාම උදේට බස් එකට යන්න එන්න සල්ලි දුන්නෙ. උදේට දෙන කෙසෙල් කොළෙන් බැඳපු බත් එක මගේ බඩගින්න නිව්වා. අම්මා මට උදේට බත් මුලයි එයා කිරි කපලා ලැබෙන සොච්චම් මුදලෙන් කාසි ටිකකුයි දෙන්නෙ හරියට රස්සාවකට යන පුතෙකුට දෙන දෙයක් විදිහටයි. ඔය කාලෙදී මට හොඳ යාළුවෝ පිරිසකුත් ළංවෙලයි හිටියෙ. ඉතින් ඒ අයත් මට උදව් කළා. අම්මාගෙන් බත් එක නොලැබෙන කාලෙදී යාළුවන්ගෙ බත් මුල මගේ කුසගිනි නිව්වා. ඔය අවුරුදු දහය පුරාවට මම සල්ලි හෙව්වේ නැතිවුණාට මිනිස්සුන්ව ජීවිතයට ළංකරගත්තා. කලාව ඉගෙන ගත්තා. ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම කාලය තමයි ඒ අවුරුදු දහය. මම ජීවිතේ ඉගෙන ගත්තෙ ඒ අවුරුදු දහයෙන් තමයි. සමහරදාට මම කොළඹට බස් එකේ යන්නෙ සල්ලි දෙන්නෙ නැතිව හොරෙන්. හැමදාම රෑට හෝමාගමෙන් හරි කොට්ටාවෙන් හරි බැහැලා මම ගෙදරට පයින් තමයි එන්නෙ. කිලෝමීටර් අටක් වගේ දුරක් මම හැමදාම රෑට පයින් ආවේ. සමහරදාට ගෙදර එද්දී පාන්දර එකයි දෙකයි. හැබැයි හැමදාම පහුවදා පාන්දර ආයෙමත් කොළඹට යනවා. ඒ කාලේ ඇත්තටම දුෂ්කර වුණාට හරි සුන්දරයි.

කලාව ඉගෙන ගත්තු ඔබ ඊටපස්සෙ රංගනයට එකතු වුණා...? ඔව්... වීදි නාට්‍යවලට සම්බන්ධවෙන කාලෙදී මට හොඳ යාළුවෝ පිරිසක් මුණගැහුණා. ඔවුන් මට බොහෝ උදව් කළා. 1999 අවුරුද්දේ සුනිල් පතිරණ මහතාගේ සොල්දාදුවා සහ සඳ එළිය කියන වේදිකා නාට්‍යයට මට රාජ්‍ය නාට්‍ය උළෙලෙදී සම්මානයක් හිමිවුණා. ඊටපස්සෙ මට ජයන්ත අමරසිංහ මගේ මිත්‍රයා කලාවේ නිරතවෙන්න බොහෝ උදව් කළා. මගේ පළමු චිත්‍රපටය වුණේ පාදඩයා කියන චිත්‍රපටයයි. ඒකෙදී සහාය අධ්‍යක්ෂකවරයා වුණෙත් ජයන්ත. ඉතින් එතැන් පටන් මට බොහෝ සිනමා නිර්මාණවලට වගේම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඇත්තටම අවුරුදු දහයක් පුරාවට දුෂ්කර කාලයක් ගත කරපු මට ඊටපස්සෙ ඒ අස්වනු නෙලන්න පුළුවන් වුණා. අද මට බොහෝ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. හොඳ සමහර නිර්මාණ බාරගෙන පුළුවන් උපරිමයෙන් කරනවා. හැබැයි අදටත් මගේ වැඩි කැමැත්ත සිනමාවට සහ වේදිකාවට තමයි තියෙන්නෙ.

මේ වන විට ඔබ දරු දෙදෙනෙක්ගෙ පියෙක්.. එහෙම නේද...? ඔව්... විවාහ යෝජනාවක් මත මම පුෂ්පා සමන්ති එක්ක විවාහ වුණා. එයාත් අපේ ගමේම කෙනෙක්. අපිට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. අපේ දුවගේ නම ඉසුරි සංදීපනී. පුතාගේ නම ඉසුර මනෝජ්.

සරත්... ඔබයි කුමාර තිරිමාදුරයි දෙන්නා එකතුවෙලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා කියලයි ආරංචිය...? ඔව්... සිනමාව ගැන මම ෂෙල්ටන් පයාගල මහතාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම බොහෝ පොත්පත් කියෙව්වා. ඒ දේවල් තුළින් බොහෝ අත්දැකීම් ලබාගත්තා. ඉතින් කුමාරයි මමයි දෙන්නා එකතුවෙලා සිනමා පිටපතක් ලිව්වා. ඒ සිනමා පිටපත සිනමා නිර්මාණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ දවස්වල සූදානම් වෙන්නෙ. ඒ නිර්මාණය අපි News papers කියලා තමයි නම්කරලා තියෙන්නෙ. මේ දවස්වල අපි ඒ චිත්‍රපටය රූපගත කිරීම් කරන්න සුදුසු ප්‍රදේශ සොයමින් තමයි ඉන්නෙ. ඉතින්... වැඩිපුරම කාලය යොදවලා තියෙන්නෙ ඒ නිර්මාණය වෙනුවෙන් තමයි. ඊට අමතරව තවත් චිත්‍රපට තුනක වැඩ මේ දවස්වල කරගෙන යනවා. ඇත්තටම කලාකරුවෙක් වීම ගැන අද මම ඉන්නෙ සතුටින්.

► Text - Dishani  /  Pic – Sumudu

2018-07-01
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

පුතා උසස් අධ්‍යාපනයට... විදේශ ගත වෙලා ඉන්නේ - දිල්හානි

කලා දිවියට වසර තිහක් සපිරුණත් ඇය තවමත් එදා වගේම සුන්දර නිහතමානී චරිතයක්. ඇය පිළිබද ජනප්‍රියත්වය තවම අඩුවක් වෙලා නැහැ. නමින් ඇය දිල්හානි

මම නිහඬ කවු­රුත් මගේ හඬ අවදි නොක­රන නිසා රෝහණ බද්දගේ

ජනශ්‍රැති පර්යේෂකය, ප්‍රවීණ දක්ෂතම ගීත රචකයෙක්, දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වශයෙන්ද රෝහණ බැද්දගේ යනු

විවාහ වී වසර එකොළහකට පසුව අපිට පුතෙක් ලැබුණා - හිමාලි

හිමාලි සිරිවර්ධන යනු වත්මන් පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඇය පසුගිය දිනවල තිබූ හිරු dancing star තරගයේ

අප්පච්චි පොලීසිවලින් මාරුවෙවී යද්දී අපේ ඉස්කෝල මාරුවුණා

නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ. ඔන්න ඔහොම තමා උප්පැන්න සහතිකයේ ලියැවිලා තියෙන්නෙ. කියමුද කුරුණෑගල

දරුවෝ තුන්දෙනාම එකම දවසේ කසාද බන්දනවා - තුන් දෙනාම උපාධි තියෙන උගත් දරුවෝ

කලාකාරිණියක්‌ ලෙස ප්‍රසිද්ධ ඇයට ඇත්තේ ඇයටම ආවේණික වූ අනන්‍යතාවක්‌. කාර්යබහුල කලා පවුලක බිරියක් හා අම්මා විදිහට ඇයට ඇත්තේද එසේම වූ අනන්‍ය

අපේ සියලු දේටම.. දේශපාලනය බලපානව. ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ

එකම ක්ෂේත්‍රයක දස්කම් දක්වන ඔවුහු එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ. එකම වැඩසටහන එකටම මෙහෙයවන ඔවුන් ජීවත් වන්නේද නාවල එකම පෙදෙසක.

අම්මගේ හිත හදන්න රූමත් දුවල දෙන්නත් තට්ටය ගෑවා

මේ ඉන්නේ අක්කගෙ දුවලා දෙන්නයි මමයි. අක්කගෙ කොණ්ඩේ ගියාට පස්සේ ඒ දෙන්නා හුඟක්ම දුක් වුණා ඒ නිසා මාත් කොණ්ඩය කැපුවා. මමත් කොණ්ඩේ මුඩුකළ

සීමා සහිතව තමයි අපිට එදා පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබුණෙ

මැණිකක්‌ සේ දිස්‌නය දෙමින් කලා ලොව නමක්‌ රැන්දූ මැණිකේ අත්තනායක නම් වූ ඇය ගැටිස්‌සි කාලෙ කළ කී දේ පිළිබඳ මතකය මෙසේ අවධි කළා. ගැටිස්‌සි කාල

අව්වේ හිටියා කියලා.. අවලස්සන වෙන්නේ නෑ - ප්‍රවීණා

ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව සදහා එතරම්ම ස්ථානයක් නොමැතිවුවත් අපගේ ක්‍රීඩිකාවෝ උපරිම දක්ෂතා දක්වමින් සිටිති. ඒ අතරින් ප්‍රමුඛතම ක්‍රීඩිකාවක ලෙස

මහේෂි මධුසංඛා.... කොල්ලෙක්ට ගහපු හැටි - වීඩියෝව මෙන්න

මහේෂි මධුසංඛා යනු මේ දිනවල පුංචි තිරේ නිතරම අපට දක්නට ලැබෙන කාගෙත් හිත දිනා ගත්ත ආදරණීය දක්‍ෂ රංගන ශිල්පිනියක් මහේෂි කොල්ලෙක්ට බිම දාගෙන

කවී ගත්ත තීරණයකට මම ඇඟිලි ගහන්නේ නෑ - සමිතා

ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප චිත්‍රපටයේ රංගනයට කවින්ද්‍යාට ආරාධනා ලැබෙද්දී ඔබට මොකද හිතුණේ...? ඇත්තටම කවින්ද්‍යා කවදාවත් රඟපෑමට එකතුවෙන්න

කවියෙන් හොඳින් ම මතු කරන්න පුළුවන් විරහවයි - සංජීවනී

ස්වප්නයක සමාප්තිය සංජීවනී අමුණුගමගේ මුල්ම කුලුදුල් කාව්‍ය නිර්මාණයයි. තමා අත්විඳින හෝ තවත් පුද්ගලයකුගේ.... අත්දැකීම් තමන්ට දැනෙන ආකාරය ප්‍රකාශ

ආදරය බොරුවක්‌. කසාදයක්‌ නම් එපා - වීඩියෝවලින් හිට්‌ වුණ ශෂී

ඇගේ සුන්දරත්වයත් දක්‌ෂතාවයත් නිසාම ඇයට රූප රචනාවන් සඳහා ලැබෙන ආරාධනා එමටයි. ඇය රූපවාහිනී තිරයේ දී දක්‌නට නොලැබෙන දවසක්‌ නැති තරම්ය

එජාප මන්ත්‍රීවරෙක් සමග විවාහ වී දික්කසාද වූ රොෂානා ඔන්ඩච්චිට යළිත් මංගල සීනු

උත්තම පුරුෂ හා සිඳූ ටෙලි නාට්‍යවලින් මේ දිනවල දී ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගෙන සිටින ඇය රොෂානා ඔන්ඩච්චි. කලින් විවාහ වෙල දික්කසාද වූ නිළියක්. ඉතින්

සිංහලෙන් ප්‍රවෘත්ති කියන අවුරුදු 21 මුස්ලිම් කෙල්ල - වීඩියෝ

නිවේදන කලාව තුළ සිංහල මාධ්‍යයෙන් නිවේදනයෙහි නිරත වන මුස්ලිම් ජාතික තරුණියක්ව මේ දිනවල ක්ෂේත්‍රය තුළ කාගේ කාගෙත් කතාබහට ලක්වේ. ඇය

අපි මුලින්ම හදන්නේ පුතෙක්නේ - දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆ්නි

දුෂ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆ්නි සිරිවර්ධන කියන්නේ.... පසුගිය දිනවල කලා ලෝකයේ වැඩිපුරම කතාබහට ලක් වූ යුවළ කිව්වොත් නිවැරැදියි. එයට හේතුව දුෂ්‍යන්ත්

මම සෙනසුරාදා ඉරිදා ගල්කිස්සේ නැටුම් පන්ති කරනවා - මේනකා

රනිල්... මේ දවස්වල වැඩිපුරම තම කාලය ගතකරන්නේ පූරි එක්ක කියලයි ආරංචිය...? ඔව්... ඒක ඇත්ත... පූරි කියන්නේ මගේ පළවෙනි නිර්මාණය. මේ ටෙලිනා

බුකිය කැළඹූ කවුද මේ කෙල්ල - මෙයාගේ වැඩ මෙන්න - වීඩියෝ

මේ දවස්වල සමාජ මාධ්‍යයන් තුළ අළුත් අළුත් ට්‍රෙන්ඩ් හැදිලා තියෙනවා. මේ දවස් වල අලුත්ම එක තමයි Musically කියන ඇප් එක. මේකට ගොඩක් තරුණියෝ

චාමර ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සිදු කෙරේ - ඡායාරූප

සිළු­මිණ සහ රැස යන පුවත්පත්වල ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු ඊයේ (04දා) ඒ මහතාගේ නිවසේ සිදුවු අතර චාරිත්‍රානු කූලව මහා සංඝර

එදා මම හොරෙන් බස් එකේ ගියා තාත්තත් එක්ක රබර් කිරි කැපුවා

මම මාගම්මන කියන ගමේ හත්ලාගොඩ කියන අනුග්‍රමයේදී තමයි උපන්නෙ. අදටත් පදිංචිවී ඉන්නෙ එහෙමයි. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad