Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ජනපතිතුමන් ඇහුම්කන් දෙන්නේ නැත්නම් කරනදේ රනිල් කියයි

පසුගිය ජනපතිවරණේ දී මෙන්ම පැවති මහ මැතිවරණේ මහින්ද රාජපක්ෂලාව ප්‍රතික්ෂේප කරමින් ජනවරමක් ලැබී තිබියදී එම ජන වරමට පයින් ගසා කටයුතු කිරීමට

අපි රාජපක්ෂ ආණ්ඩුව පෙරළුවේ මෛත්‍රිපාල සිරිසේනගේ මෙවැනි බලාපොරොත්තුවකින් නොවේ.

අපි රාජපක්‍ෂ ආණ්ඩුව එදා පෙරලා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ හැසිරීම

ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට හැදූ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න. වීඩියෝ

පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධව පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳව වහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත

රනිල් මන්ත්‍රී ධූරය කටයුතු කිරීම වළකාලන්නයි ඉල්ලා පෙත්සමක්

ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සදහා සූදානමක් පවතින බව වාර්තා වේ.

මහින්ද තමයි අගමැති - යෝජනා සම්මත කළත් යළි රනිල් අගමැති කරන්න බෑ - ගම්මන්පිළ කියයි

රනිල් වික්‍රමසිංහ යළි අග්‍රාමාත්‍යධුරයට පත් කරන්නයි ජනාධිපතිට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අපේ පාස්පෝට් එකට 84වැනි තැන

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වනි ස්ථානය දක්වා ඉහළ අග යට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජි

මෝදර වෙඩි තැබීම පිටුපස.. කුඩු රොෂාන් - හයකට තුවාල

කොළඹ - මෝදර - රෝයල් ගාර්ඩ්න් නම් නිවාස සංකීර්ණය අසළ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයකු වූ ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රො

තිස්සගේ අනාවැකිය - අධිකරණ.. තීන්දුවෙන් පසු තීන්දුවක් ගන්නව

වර්තමානයේ ඇති වී ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධව තමන් වසර 04කට පෙර ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනාය

මෙහෙම ගියොත්.. විනාඩි පහෙන් පහට අගමැතිවරු සහා කැබිනට් මණ්ඩලය වෙනස් කරාවි.

මම නව අමාත්‍යතුමා ලෙස පත්වූ පසුව එක් කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට පමණයි හැකියාවක් ලැබුණෙ. ඩොලරයට සාපේක්ෂව රුපියල 160 දක්වාම ලබන වසර

ජනාධිපතිවරයා පරිස්සම් විය යුතු යැයි ඩලස් අලහප්පෙරුම කියයි

අධිකරණය නිවාඩුව ලබා දිමට පෙර නඩු තින්දුව අධිකරණය ලබාදුන්නොතින් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.. ශි‍්‍ර

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් මැතිවරණයක් පැවැත්වෙනවා

ජනපති පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධව අධිකරණමය තීන්දුව කුමක් වුව ද ළගදී මැතිවරණයක් පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා

සටන දිනුවැයින් පස්සේ.. මුලින්ම කරන දේ සජිත් කියයි

මේ සටන දිනුවැයින් පස්සේ එජාපේ අපිට තියෙනවා ලොකු වැඩ කොටසක් කරන්න. කළ යුතුම පළමුවැනිම දේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. රාජ්‍ය ප්‍රතිපත්තියන්

මීළග පොදු අපේක්ෂකයා එජාපෙ කෙනෙක් විය යුතුයි - ඒ බලපෑම අපි කරනවා - රවුෆ් හකීම්

මීළග ජනපතිවරණය සදහා ඉදිරිපත් කරන කෙනා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ම විය යුතුයි, ඔහු තරුණ කෙනෙක් වියයුතුමයි. අපි ඒ බලපෑම කරන බව මුස්ලිම්

පාර්ලිමේන්තු වෙත කැදවන රාජ්‍ය නිළධාරීන් ගැන පාඨලී කියයි

අගමැති ලේකම්තුමා ඇතුළු ප්‍රදාන රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව හමුවට ඉදිරියේ දී කැදවා ප්‍රශ්ණ කිරීමට බලාපොරොත්තුවන බව එක්සත්

එස්. බී. කෙකර ගානවා.... තාමත් බැරිවුණා 113න හදාගන්න

මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ප්‍රශ්ණයක් තිබ්බ නම් එතු මාට එක දෙයක් කරන්න තිබුණා මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ඔක්

අධිකරණයේ තීන්දුව කුමක් වුවත් ඡන්දෙට වැඩ අරඹනවා - මහින්ද

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුමක් වුවත් ලබන සතියේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු ආරම්භ කරන බවයි හිටපු ජනපති

ලංකාවේ ආණ්ඩුවක් නැතයි කියා උතුරට සාම හමුදාවක් ඉල්ලයි

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩයන්ව සමූල ඝාතනයකට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිර

පාර්ලිමේන්තව විසුරුවීමට එරෙහි නඩු තීන්දුව මාසයක් කල් යයිද ? දේශපාලනය කැළඹෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණයක් කැඳවීමට විරුද්දව අධිකරණය හමුවේ ගොනු කරලා ඇති නඩු වල තීන්දුව ලබා දීම තව

නව ව්‍යවස්ථාවේ.. ෆෙඩරල් වලට එහා ගිය විසදුමක් අපිට ලැබෙනව - සුමන්තිරන් කියයි - වීඩියෝ

පළාත් සභා බලතල කිසිම දෙයක් ආපසු පවරාගත නොහැකි අයුරින් ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය විසඳුමක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇතැයි

හමාස් සංවිධානය. හෙළා දැකීමේ යෝජනාවකට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි

අමෙරිකා රජය විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දකින යෝජනාව එක්සත් ජාතීන් ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ... හමාස් සංවි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම වැඩිපුර කියවන්නේ.. බෞද්ධ පොතපත - සබීතා පෙරේරා
GossipClanka.com

මා නේදෝ සබීතා... ‘සබීතා’ චිත්‍රපටයේ රඟපාමින් ඈ ගැනම ගැයූ හැටි මට මතක් වෙනවා. ඒ මීට දශක ගණනාවකට ඉහතදී. ඒ වෙනකොටත් ඇය.. පාසල් ශිෂ්‍යා

 

වක්. මේ ඉන්නෙත් ඒ සබීතාම තමයි. ඒත් ඈ දැනුමින්, අත්දැකීමෙන්, වයසින් සියල්ලෙන් මුහුකුරා ගිය සොඳුරු ගැහැනියක් ලෙසින් ජීවිතේ ගැන පෙර නොවූවිරූ විසල් අවබෝධයක් ඇති තැනැත්තියක් ලෙසින්. හැබැයි ඒ තුළ පෙරදා අපි ආදරය කළ සුරූපිණිය, නිරූපණ ශිල්පිණිය, සිනමා තාරකාව නොසිඳෙන ලෙසින් ආදරයෙන් ආරක්ෂා කර ගනිමින්.

සබීතාට වාසනාව ගෙනාවේ ‘සබීතා’ම තමයි. ඒ ඇගේ පළවෙනි චිත්‍රපටය. සුවිසල් සිනමා ගමනක ඇරඹුම එතැනයි.

මගේ ජීවිතේ හුඟක් කුඩා කාලෙදි වෙච්ච දෙයක් වුණත් මට හීනයක් වගේ තාමත් ඒවා මතකයි. මට අවුරුදු තුනේදී විතර මිදුලේ සෙල්ලම් කරමින් ඉන්නකොට තාත්තා ඇවිත් කතා කළා පුතේ අපි ගමනක් යමු කියලා. මමත් ලෑස්ති වෙලා ගියා. තාත්තා කියන කියන විදියට මමත් හිටියා. එක සැරයක් තාත්තගේ දුව විදියට. තව සැරයක් අම්මගෙ දුව විදියට. ඒක තමයි පළවෙනි සිනමා අත්දැකීම. මට ප්‍රධාන චරිතයක් ලැබුණ පලවෙනි චිත්‍රපටය ‘සබීතා’. ඒක මගේ නමින්ම හැදුණු හැටි ගැන අදත් මට පුදුමයි.

සබිතාට පුදුම වෙන්න දෙයකුත් නෑ. ඒක ඇගේ දෛවයේ ලියවිලා තියෙන්න ඇති. ඈට උරුම සිනමාව පමණක්ම වෙන්න ඇති. අම්මා තාත්තා දෙන්නම සිනමා නළු නිළියෝ වුණාට සබීතාටත් හැකියාවක්, දක්ෂතාවයක් නොවුණා නම් සිනමාවේ මෙපමණ දුරක් ආ හැකිද? ගෙවුණු දශක ගණනාව පුරාම ඈ ඒක ඕනවටත් වඩා ඔප්පු කොට තිබෙනවා. ඉතා සරල චිත්‍රපටයකින් පටන් අරගෙන සිනමාව තුළ විවිධ චරිත නිරුපණයේලා ඈ පෑ දක්ෂතාවය අපමණයි. කලාත්මක සිනමාව ගත්තත්, වාණිජ සිනමාව ගත්තත්, මැද මාවත ගත්තත් මේ සියල්ලේ ඇග් නම තිබෙනවා.

මම සිනමාවට ආවේ සිනමාවේ ස්වර්ණමය යුගයක. ඒ කාලේ විවිධ ගණයේ චිත්‍රපට ඕන තරම් හැදුණා. මට ඉතාම හොඳ අධ්‍යක්ෂවරු ලැබුණා. ‘සබීතා’ චිත්‍රපටය ඒ ගමන එන්න අඩිතාලම දැම්මා. ඊට පස්සේ මම ‘හස්ති වියරුව‘ ‘ඇර සොයිසා’ වගේ චිත්‍රපට දෙක තුනක් කළාට සිනමාවේ මගේ දෙවැනි උපත සිදු වුණේ ‘දෙවැනි ගමන’ චිත්‍රපටයෙන්.’

ඈ අතීත මතක අතරට යනවා. දෙවැනි ගමන අදටත් අපේ ආදරය රැඳුණ චිත්‍රපටයක්. ඒ කාලයේ හැටියට චිත්‍රපටයකින් කතා නොකළ වැඩිහිටි තේමාවක් වුණු ස්ත්‍රියකගේ කන්‍යාභාවය ප්‍රස්තුත කරගත්තක්. සිනමා පේ‍්‍රක්ෂකයන් අතර සබීතා පෙරේරා නම් නිළිය කෙරෙහි ආකර්ෂණීය පසුබිමක් නිර්මාණය වෙන්නේ ඒ හරහා.

දෙවැනි ගමන මගේ සිනමා ජීවිතෙත් දෙවැනි ගමන වුණා. මං හිතන්නේ ඒ චිත්‍රපටය මුළු ලංකාවම බැලුවා. ගිය සතියේ දවසක රූපවාහිනී නාළිකාවකින් ආයෙත් විකාශය වෙනවා දැක්කා. මට හිතුණා මේක තවත් බලන් ඉන්න පුළුවන් නේද කියලා. චිත්‍රපටය ඉවර වෙනකම් බලන්න මට ආසාවක් තිබුණත් හදිස්සියේ එළියට යන්න වුණා.

ඈ කියන්නේ හිතේ උපන් කනගාටුවකින්. සිනමාව වෙනුවෙන් ජීවිතෙන් හරි අඩකටත් වඩා කැප කළ සිනමා නිළියකට නිර්මාණ තරම් සැනසුමක්, ආශ්වාදයක් තවත් නැති බව ඈ පසක් කරනවා. අද ඈ ගෙවන්නේ සිනමාව නිසා කාර්යබහුල නොවන ජීවිතයක්. තමන්ට ගැළපෙන තෝර බේරා ගත් නිර්මාණයක පහසුවෙන් රඟපෑම ප්‍රතික්ෂේප නොකරන්නේ ඈ සිනමාවෙන් උපන් නිළියක් නිසා. ඈ රඟපෑ අවසන් චිත්‍රපටය වුණේ ජැක්සන් ඇන්තනීගේ ‘ඇඩ්‍රස් නෑ’ චිත්‍රපටය. ඒක තිරගතවීත් දැන් වසර හතර පහකට වැඩියි.

මගේ සිනමා ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳලා මම කාර්යබහුල වුණා. කොටින්ම කිවුවොත් මට පෞද්ගලික ජීවිතයක් ගැන ඒ කාලේ හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඒ තරමට මම සිනමාව වෙනුවෙන් කැප වුණා. මට විවිධ වර්ගයේ ඉතාම හොඳ නිර්මාණ ලැබුණා. විවිධ අධ්‍යක්ෂවරු යටතේ රංගනයට ඉඩ සැලසුණා. ඒ චිත්‍රපට නිසා අති විශාල ජනතා ප්‍රසාදයක් හිමි වුණා. මිනිස්සුන්ගේ ආදරේ මට නොඅඩුව ලැබුණා. බෞද්ධ කෙනෙක් විදියට මම විශ්වාස කරනවා මේ දේවල් ලබන්න මම ගොඩාක් පින් කරලා තියෙනවා කියලා. මාව සිනමාව තුළ ජීවත් කෙරෙව්වේ ඒ ආදරය.

මෑත භාගයේ වුණත් මට චිත්‍රපටවලට ආරාධනා නොලැබුණා නොවෙයි. නමුත් විවිධ හේතු මත තෝරා බේරාගෙන රඟපාන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මගේ ජීවිතේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නේ ගෙදරට. බිරිඳක්, මවක් විදියට මට ඉටු කරන්න සහ පැවරෙන සුවිශේෂී වගකීම් තියෙනවා. ගෘහණියක් විදියට ඉටු කළ යුතු යුතුකම් තියෙනවා. ඒවට බාධාවක් නොවන අයුරින් රංගනය කිරීම මගේත් යුතුකම වෙනවා.

සබීතා පෙර දින සිනමාව වෙනුවෙන් නොපිරිහෙළා යුතුකම් ඉටු කළ කැප කිරීම් කළ නිළියක්. එහෙත් ඈ අද දින නිළි ජීවිතය පසුපසින් දැවැන්තව නැඟී සිටින ගෘහණියක, බිරිඳක, මවක යන භූමිකාවන් තුළ ජීවත්වන ගැහැනියක්. ඒ තුළ ඈ කාර්ය බහුලයි.

මම සිනමාවෙන් ඈත් වුණේ මගේ විවාහයත් සමඟමයි. මුල් යුගයේ සිනමාවට කැප වුණා වගේම මම විවාහ වෙනකොට හිතුවා ඒකටත් මම කැප වෙනවා කියලා. මම ගතකරපු ජීවිතේ හැටියට විවාහ ජීවිතයට හුරුවන එකත් අපහසු කාර්යක් වුණා. ගෙදරක වගකීම්, බිරිඳකගේ වගකීම් පිළිබඳ සිතන්න කාලයක් ඉස්සර මට තිබුණේ නෑ. ජීවිතේ පුරාම කළේ චිත්‍රපට රංගනය විතරක් නිසා. නමුත් මම ඒකට කැප වෙලා ඒ තුළ සාර්ථක ගමනක් ආවා. මේ ජීවිතේ හරියට හදා ගන්න මට ගොඩාක් මහන්සි වෙන්න වුණා. ඒකට මට මගේ සැමියා උපාලි ගොඩක් උදව් කළා. දැන් අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 20 ක් ගතවුණා. පුතාට දැන් අවුරුදු 18 ක්. මේ කාලය ඇතුළත ගෙදර වගකීම්, පුතාගේ වගකීම් සියල්ලම මගේ අතේ. උපාලිගේ ව්‍යපාරික කටයුතුත් එක්ක එයා කාර්යබහුලයි. ගෙදර දොර කටයුතු පිළිවෙලට පිරිසුදුව, කලට වෙලාවට උපාලි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඒකට කැප වුණා.

අපි විවාහ වූ දා සිටම අවුරුදු 20 ක් යනතුරු හිටියේ රාජගිරියේ පිහිටි නිවසේයි. දැනට මාස දෙකකට විතර කලින් අපි නව නිවෙසක් තනාගෙන එහි පදිංචියට ආවා. දැන් අපි ඉන්නේ නො, 66 ඒ වෝඩ් පෙදෙසේයි. අපි තවමත් මේ අලුත් තැනට පුරුදු වෙමින් ඉන්නවා. පසුගිය කාලෙ පුරාම රථවාහන තදබදය නිසා අපි ලොකු අපහසුතාවයකට පත්වෙලා හිටියා. දැන්නම් ටික ටික ඒකෙන් මිදෙමින් ඉන්නවා. පසුගිය ටිකේ අලුත් නිවෙසේ වැඩ කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙලා හිටියා. අලුත් චිත්‍රපටයක් කරන්න කැමති වෙලා ජනවාරි මාසේ දින දීලත් තිබුණා. ඒත් ඒක කල් ගියා.

සබිතා කාලෙකින් චිත්‍රපටයක රඟ නොපෑව ද අදටත් ඈ සිනමාව තුළ සජීවීය. සිනමා උත්සව කලාකරුවන්ගේ උත්සව මෙකී නොකී තැන්හි ඇගේ සහභාගිත්වය නිතර දකිනවා. මේ සියල්ල අතරතුර අදටත් ඇගේ ජීවිතයේ ලොකුම විනෝදාංශය චිත්‍රපට නැරඹීමයි. පොත් කියවීම සහ සිංදු ඇසීමත් ඊට සමගාමීව නිතර සිදුවන්නක්.

මම චිත්‍රපට නරඹන්න පුරදු වුණේ රංගනයට ආව මුල් කාලය්දීමයි. අදටත් ඒ පුරුද්ද මගෙන් අතහැරිලා නෑ. ඉස්සර තනිකඩව ඉන්න කාලේ නම් අසීමිතව ඒකට ඇබ්බැහිවෙලා හිටියා. ඒත් දැන් ඒක ටිකක් අඩුයි. අපේ පවුලේ තුන්දෙනා පිටරටකට ගියත් අපි වැඩිපුර කරන්නේ චිත්‍රපට බලන එක. පුතයි, උපාලිත් ඒකට කැමතියි. පොත් කියවන පුරුද්දත් මට ඉස්සර ඉඳලම තිබුණා. දැන්නම් වැඩිපුර කියවෙන්නේ බෞද්ධ පොතපත. ඒක මගේ මනස පහසුවෙන් තියාගන්න හරියට උදව් වෙනවා.

සබීතා පෙර පුරුදු ලෙසටම ආගම දහමට වැඩියෙන් නැඹුරු වෙන්නියක්. ඒ වෙනුවෙන් මඟ පෙන්වන, අවස්ථාව සලසා දෙන කළ්‍යාණ මිතුරු සමාජයක් ඈ වටා ඉන්නවා කියලයි ඈ කියන්නේ. උත්සවයකට යනවට වඩා සතුටකින් බණ අහන්න යන්න ඈ සූදානම්.

බණ භාවනා පැත්තට යොමු වෙන්නේ ජීවිතේ කලකිරිලා නොවෙයි. බණක් අහන්න යන්න තියනවා නම් ඒකට ලොකු උනන්දුවක් තියෙනවා. පාටියකට නොයනවා කියන එක නෙවෙයි. පාටි එකකට යන්න අකමැති නෑ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. නමුත් අර පැත්තට වැඩි නැඹුරුවක් තියෙනවා. බුදු දහමත් සමඟ ජීවත් වෙන එක ජීවිතේට ලොකු සැනසුමක් කියලා මම දන්නවා. පසුගිය කාලය ඇතුළත ජීවිතය අර්ථවත් කරගන්න ලැබුණු එවැනි අවස්ථා වැඩියි. සමහරු ඉන්නවා කොච්චර සල්ලි තිබුණත් දෙන්න හිතක් ඇති වෙන්නේ නෑ. පන්සල කොච්චර ළඟ තිබුණත් යන්න හිතක් නෑ. එහෙම හිතක් ඇති වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ. මට හිතෙනවා ඒ වාසනාව මට ලැබිලා තියෙනවා කියලා.

සබීතාගේ මේ ආගමට දහමට ළැදි ජීවිතය ඇගේ පුතාට ද බෙහෙවින් බලපාලා. ඔහු ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත්ත ද කුඩා කාලයේ සිටම දහම් පාසල් ගිය අයෙක්. සබීතා කියන්නේ බත්තරමුල්ලේ සුදර්ශනාරාමයේ මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව ඔහු බොදු දරුවෙක් වූ බවයි.

පුතා ලබන අවුරුද්දේ තමයි උසස් පෙළ කරන්නේ. පසුගිය කාලය පුරාම එයාගේ අධ්‍යාපන කටයුතු පසුපස්සේ මම හිටියා. එයා උපදින දවසේ සිටම එයා ළඟ මම හිටිය නිසා මම වැඩිය කාර්යබහුල වෙනවට එයා කැමති නෑ. ඒ වුණාට එයා මගේ නිර්මාණ අගය කරනවා. පසුගිය කාලේ කරපු ‘මහරජ අජාසත්’ සහ ‘ඇඩ්‍රස් නෑ’ කියන චිත්‍රපට දෙකම එයා බැලුවා. මම හිතුවේ නෑ එයා කැමති වෙයි කියලා. ඒත් එයා ඒ දෙකටම කැමති වුණා. මම හොඳ දේවල් කරනවට එයා කැමැතියි. දවසක් උත්සවයක නටනව දැකලා කියනවා අම්මි ඔයාට හොඳට නටන්න පුළුවන්නේ කියලා. එයා අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යනවා. වැඩියෙන් ව්‍යාපාර ඥාණය තමයි පිහිටලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒ මොනවා වුණත් මට ඕන එයා හොඳ මනුස්ස ගුණධර්ම තිබෙන පුද්ගලයෙක් කරන්නයි. එයාගේ ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් එයා හොඳ දරුවෙක් කියන එක මම කීප වතාවක්ම අහලා තියෙනවා. මගේ ජීවිතේ මම සම්මාන ඕන තරම් අරගෙන තියෙනවා. ඒත් ඒ සම්මානය තරම් වටිනා සම්මානයක් අම්මා කෙනෙක් විදියට මට තවත් නෑ.

සබිතා පවසනුයේ අසීමිත දරු සෙනෙහසකිනි. ගැහැනියකගේ ජීවිතයේ මවක් වනවා තරම් කිරුළක් තවත් ඇතැයි කිව නොහැකියි. සබීතා නිළියක ලෙස කිරුළු කොපමණ දරන්නට ඇත්ද? එහෙත් මවකවීමේ කිරුළ තරම් කිරුළක් අද ඇයට තවත් නැත.

ඈ සිනමාව තුළ මුද්‍ර‍්‍රා තැබූ ගැහැනියක්. දෙවෙනි ගමන, විරාගය, සිසිල ගිනි ගනී සේම වාණිජ සිනමාවේ නර්තනයෙන්, සටන්කාමීත්වයෙන් සිනමාව හැඩ කළ තැනැත්තියක්. පෞද්ගලික ජීවිතය තුළ කෙතරම් කාර්යබහුල වුණත් කෙතරම් යුතුකම්, වගකීම් පැවරුණත් ඇගේ ආත්මය හා බැඳී පවතින සිනමාවෙන් තොර දිවියක් නොසිතයි.

මම මිය ගියත් සබීතයි - සිනමාවයි වෙන් කරන්න බැරි වෙයි. සිනමාවෙන් ඈත් වෙලා හිිටියත් ඈ ජීවත් වෙන්නෙත් සිනමා නිළියක් විදියට. මිය යන්නෙත් සිනමා නිළියක් විදියට. ඒ හින්ද ඉස්සරහටත් ඔයාට මෙහෙ එන්න වෙයි. මටත් මෙහෙම කතා කරන්න වෙයි’ ඇය කිව්වේ සුපුරුදු සෙනෙහසින්මයි.

හේමාලි විජේරත්න
ඡායාරූප - නිශ්ශංක විජේරත්න
හැඬගැන්වීම - තුෂාර සොයිසා

2018-06-03

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

ප්‍රවීණ රංගන ශිල්පියකු වූ ජයලත් මනෝ­ර­ත්න­යන්ට දැන් සුවයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න පසුගියදා හිටි හැටියේ අසනීප වූයේ හපුතලේ ප්‍රදේශයේ අලුතෙන් නිර්මාණය කරන චිත්‍ර පටයක රූ ගත කිරීම් කරන අතර

ගල්කිස්ස මැද කොළඹ විද්‍යාලයේ තමයි මම උගන්වන්නේ.

පුංචි තිරයේ නිතරම අපිට ඔබව දකින්න නොලැබෙන්නේ රංගනය සීමා කර තිබෙන නිසාද? අනේ එහෙම නැහැ. වෘත්තියෙන් ගුරුවරයෙක් නිසාම ගොඩක් වැඩ

හරියන වෙලාවට හරි කෙනා මාව හොයාගෙන ඒවි - සෙනාලි

සාහිත්‍ය කීර්ති ඩබ්ලියු සිල්වා මහතා රචිත විජයබා කොල්ලය නම් නවකතා ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ... තිර රචනයකට අනුව මහාචාර්ය සුනි

මං සමලිංගික කෙල්ලෙක් නෙමේ මට පෙම්වතෙක් ඉන්නවා.

චමත්කා ඔබ නිර්භය තරුණියක්ද නැතිනම් ඇය පූර්ණ වෘත්තිමය මට්ටමේ නිරූපිකාවක්ද? ඔව්, මම හිතන්නේ ඇය ඇගේ වෘත්තියත් තුළ වෘත්තීය මට්ටමේ සිටින නිසා

නොයෙල් රාජ්ගේ.. අලුත්ම ගීතය රූ ගත කළ හැටි - වීඩියෝ

ජනප්‍රිය ගායකයකු වු නොයෙල් රාජ්ගේ නවතම ගීතයේ රූප ගත කිරීම් ආරම්භ කර තිබෙනව. වීඩ්යෝ එකේ ප්‍රධාන තම නිලිය විදිහට මේ සැරේ දී තෝරා ගෙන

දුලීකා මාරපන සැමියා එක්ක හිම සෙල්ලම් කරපු හැටි - ඡායාරූප

ලෝරන්ස් මනමාලි නාට්‍ය කණ්ඩායම අද මේ වෙද්දී ඉන්නේ සුවිට්සර්ලන්තයේ චාරිකාවකයි. එම නාට්‍යයේ ප්‍රධාන භුමිකාවක් වන නිළි දුලිකා මාරපන හා ඇය

ඔහුගේ සමුගැනීම පෞද්ගලිකවම ගොඩක් දැනුණා - විනූ උදාරි

මම ඇත්තටම මේ දවස්වල ටෙලි නාට්‍ය වැඩ කටයුතු එක්ක ටිකක් කාර්යබහුලයි. වෙස්, සහ සිද්ධාර්ථ ගෞතම, සංහිඳ පාමුල' නිර්මාණ මේ දවස්වල දී විකාශය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements