Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ආර්ථික අර්බුදෙන් ලංකාව ගොඩ ගන්න මහින්දගෙන් කමිටුවක්

ආර්ථික සංවර්ධනය සඳහා කෙටි හා දීර්ඝ කාලීන විසඳුම් කුමක්ද යන්න කියා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට හිටපු ජනපතිතුමන් මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල

ජනපතිගේ ග්‍රහයා ප්‍රබලයි - 2025 වසර දක්වාම ජනපති මෛත්‍රීමයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ග්‍රහබලය ඉතාමත්ම ප්‍රබලයි. මේ ගෙවන කාලසීමාවන් තුළ කුමන්ත්‍රණකාරීන්ට එතුමාගේ ජීවිතයට කිසිදු හිරිහැරයක් කිරීමට

වෙඩි හුවමාරුවේදී... තුවාල ලබපු මධූෂ්ගේ ගෝලයා මරුදකී

වානේ සංස්ථාව අසල දී සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩිපහරින් බරපතල තුවාල ලබා

අත්අඩංගුවට ගත් ඉන්දියානුවාගේ සියළු රෝ සබදතා විමල් කියයි

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය ඝාතන කුමන්ත්‍රණයක් ගැන සැකපිට ගෙන සිටින ඉන්දීය

අපට වත්මන් ආණ්ඩුව හා තරහ වී වැඩ කරන්න බැහැ - සම්පන්දන්

ආණ්ඩු කිරීමේ බලය දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි. දෙමළ ජනතාව සමානාත්මතාවයෙන් හා ආත්මගරුත්වයෙන් යුතුව ජීවත් වෙනවා යන්න පැවැසිය හැක්කේ

වන්දි ඉල්ලා. FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩුවක් දානවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගතකර තිබීම පිළිබඳව.. පොලිස් මූල්‍ය අප

අලුත් පනතෙන් බදු සහන දෙන්න ඇමතිටත් බෑ - මංගල කියයි

අලුත් දේශීය ආදායම් පනත මගින් බදු සහන ලබාදීමට විෂයභාර ඇමැතිවරයාට තිබූ බලතල සීමා කර ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. දේශීය

නාමල් දුන්න හඬ පටයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නෑ

දූෂණ විරෝධී බළකා මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර විසින් ලබාදී  ඇති හඬපටයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජි

මහින්දගේ නිවසින් එළියට ඇවිත් වෙල්ගම මාධ්‍යට කියපු කතාව

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහනුවරදී තමන්ට එරෙහිව පල කරනු ලැබූ අදහස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල

එදා මෙදාතුර දී ජනතාව ඡන්දය දී ඇත්තේ..... පක්ෂවලට නොවෙයි කොල්ල කල්ලිවලට - ටිල්වින්

රටේ ජනතාව ඡන්දය දී පත්කරගන්නේ ආණ්ඩු නොවන බවත් ඒවා කුඩා කොල්ල කල්ලි, හොර කල්ලි බවත්, ජනතා විමුක්ති පෙර මුණේ ප්‍රධාන ලේකම්වන ටිල්වින්

අධිකරණය පිලිබදව. අපට කියලා දෙන්න හිටපු ජනපති එන්න ඕනෑ නෑ - අධිකරණ ඇමැතිවරිය කියයි

නීතිපතිව ගෙන්නලා නඩු පැවරීම සදහා උපදෙස් ලබා දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනපති

ජොන්ස්ටන්ගේ නඩුවේදී.. සාක්ෂි විකෘති කර බොරු ගණන් කියලා

අධිකරණයන් මඟින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර, රටේ අධිකරණ විෂය භාර ඇමැතිවරිය එම තීන්දුව - තීරණ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවයි හිටපු ජනපති

වැඩ තහනම් තෙබුවන සැරයන්ට මුහුණු පොතෙන් ලක්ෂ 3ක්

පසුගිය දිනවල දැඩිව කතාබහකට ලක්වුණු තෙබුවන පොලිසිෙය් සැරයන් සනත් ගුණවර්ධන වෙත ෆේස්බුක් සාමාජික කණ්ඩායමක් වැටුප් ගෙවීමට එක්වී සිටි. තමන්

විනෝජ් සුරංජය ද සිල්වා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යනවලු

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 200, මීටර් 100 සහ මීටර් 100×4 යන ඉසව්වලදී රන් පදක්කම් දිනාගනිමින් වඩාත් කැපී පෙනෙනම ක්‍රීඩකයා බවට පත් වූ

ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග දැයෙන් සමුගනී

ඊයේ (15 දා) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනිය මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වුණු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

සනත්ට ICCයෙන් සති 2ක් දෙයි. ෆෝන් කතාව ගැන හෙළිදරව්වක්

ශ්‍රීලංකා කණ්ඩායමේ තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන සනත් ජයසූරියට.... ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද සිට සති දෙකක කාල සීමාවක් නියම

දිගු කලකට පසු ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමක් පෙන්නුම් කරයි

දීර්ඝ කාලයක සිටම පැවතුණ අවප‍්‍රමාණය අවසන් කරමින් අද ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරය හමුවේ සුළු වශයෙන් ශක්තිමත් වීමක් පෙන්නුම් කලේය. අද දින

ශ්‍රීලනිප ඉතුරු 23 ත් ආණ්ඩුවෙන් එළියට ගන්නවා... ඩිලාන්

අපි එලියට ආව වගේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ඉතිරි 23න් දෙනාම එලියට ගන්නවාමයි. එන්න බැහැ කියල කට්ටිය ඉන්නව නම් ඒයාල එක්සත් ජාතික පක්ෂයේ සිරිකො

මාලදිවයිනේ ලොක්කෝ හතරක් ජීවිතාරක්ෂාව පතා ලංකාවට එති

මාලදිවයින් මැතිවරණ මණ්ඩලයේ හිටපු ප‍්‍රධානීන් හතර දෙනකු ජීවිතාරක්ෂාව පතා... ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත... ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිටපු ජනපති අබ්

විමල් වීරවංශයි නොනයි ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා

විමල් වීරවංශ එයාගේ නෝනත් ඔය හැම එකකම පිටි පස්සේ ඉන්නවා යැයි ජනපති, ගෝඨාභය ගාතණ කුමන්ත්‍රණය ගැන අදහස් දක්වමින් එජාපයේ පාර්ලිමේන්තු

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
ජයලත් මනෝරත්න..... සිය ප්‍රථම කාන්තා රංගනය ගැන කියයි
GossipClanka.com

විවිධ අකාරයේ රංගන පරාසයන් ඔස්සේ තම ප්‍රතිභා දක්ෂතා දක්වන ජයලත් මනෝරත්න නම් රංගන ශිල්පියා පිළිබඳව මේ දිනවල වැඩි කතාබහට ලක්ව තිබෙන්නේ... ඒ

 

ඔහු රගන රූගත කිරීම් සිදුවන චිත්‍රපටයක් නිසාවෙනි. එහි ඔහුගේ රංගන දායකත්වය ගැනත්, කලා කටයුතු පිළිබඳවත් කතා කිරීමට අප ඔහුව මෙලෙස එක්කර ගත්තෙමු.

මං මිස් ජෙනිස්’ චිත්‍රපටය තෝරා ගැනීම සහ ඒ චිත්‍රපටය ඔබට විශේෂ වෙන්නේ කොහොමද කියලා මුලින්ම සඳහන් කළොත්? පසුගිය වසර තුළ මම සිනමා නිර්මාණවලට වැඩි දායකත්වයක් ලබා දුන්නා. චිත්‍රපට අටකට පමණ දායක වීමට මට හැකියාව ලැබුණා. ඒ නිර්මාණවල ප්‍රධාන චරිත තමයි මට බොහෝ අවස්ථාවලදී හිමි වුණේ. ඒ චිත්‍රපට ඉහළ මට්ටමකින් තිබෙන, තරුණයන් කළ නිර්මාණ විදිහට තමයි මම දකින්නේ. සූම් සහ වෛෂ්ණාවී යන චිත්‍රපට දෙක මේ වන විට තිරගත වී තිබෙනවා. රන් කොල්ලා,සුවිසි විවරණ, ඉක්කා, අයිස්ක්‍රීම්, තක්කිට තරිකිට, ගෝල්, චිල්රන් සහ බුලට් පෘෘෆ්, කතුරු මිතුරු, මං මිස් ජෙනිස් යන චිත්‍රපටවලට මම රංගනයෙන් දායක වුණා. මේ සෑම චිත්‍රපටයකම රංගනයේ යෙදීමට විවිධ චරිත මට හිමිවුණා. මට චිත්‍රපටවලට වැඩිපුර දායක වෙන්න ලැබුණේ නෑ. වේදිකා නාට්‍යවලට තමයි වැඩි දායකත්වයක් ලබා දුන්නේ. මේ ‘මං මිස් ජෙනිස්’ චිත්‍රපටය ගත්තොත් මම ඒ චිත්‍රපටය තුළ චරිත තුනකට රංගනයෙන් දායක වෙනවා. ඉන් එක් චරිතයක් වෙන්නේ මධ්‍යම ප්‍රාන්තික ලිපිකරුවෙක්. ඔහු ජීවන අරගලය ජයගන්න කරන උපක්‍රමවලදී තමයි කාන්තාවන් දෙදෙනෙකු ලෙස පෙනී සිටින්න සිද්ද වෙන්නේ. චිත්‍රපටය තුළ මම රංගනයෙන් දායක වන කාන්තා චරිතය නිර්මාණය වෙන්නේ එලෙසින්. එවැනි චරිතයක් මෙතෙක් කල් නොකරපු නිසා එය විශේෂ වෙනවා. ඒ චරිතය රංගනයේ යෙදීම දුෂ්කර වුණා. තාමත් එහි රූගත කිරීම් සිදුවෙනවා.එහි නිර්මාණ කටයුතු අවසන් වුණාම තමයි එය කොතරම් සාර්ථකද කියලා බලන්න පුළුවන් වෙන්නේ.

ඔබ මෙවැනි චරිතයකට ඔබ දායක වන පළමු අවස්ථාව වගේම අධ්‍යක්ෂකවරයා වන සුසිරන්ද සිල්වාගේත් පළමු සිනමා අධ්‍යක්ෂණය. මේ අභියෝගය භාරගත්තේ ඇයි? මට සුසිරන් චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ආරාධනා කළා. මුලින්ම එහි තිර රචනය බැලුවම එවැනි දෙයක් කරන්නේ කොහොමද කියලා යම් තැති ගැන්මක් ඇති වුණා. මං ඔහුගෙන් ටික කාලයක් ඉල්ලුවා. ඉන්පසු අපි සාකච්ජා වට කිහිපයක්ම තිබ්බා. ඒ සාකච්චාවන් සිදුකරද්දී තමයි මට දැනුනේ මෙය නළුවෙකුට ලැබෙන හොඳ අවස්ථාවක් කියලා. බටහිර රටවල සිදුකරන චිත්‍රපටවල මෙවැනි අවස්ථා තිබෙනවා. පසුගිය කාලය තුළ යූටියුබ් හරහා එවැනි චිත්‍රපට දොළහක් පමණ බැලුවා. ලෝකයේ ඉතා දක්ෂ නළුවන් කාන්තා චරිත නිරූපණය කරනවා. රොබින් විලියම්ස්,ජෝන් ටැවොල්ටා,ඩස්ටින් ඔබ්මාන් වැනි ඉතා දක්ෂ නළුවන් කාන්තා චරිත නිරූපණය කරලා තියෙනවා. ඒ නිසා මටත් හිතුණා මෙය හොඳ අවස්ථාවක් කියලා. එය රංගන ශිල්පීන්ට විරලව හම්බෙන අවස්ථාවක්. ඒ නිසා මේ නිර්මාණය භාරගත්තොත් හොඳයි කියලා මම හිතුවා.

මේ සිනමා නිර්මාණයේ අන්තර්ගතය කෙබඳුද? මේ තුළ අන්තර්ගත වෙන්නේ මධ්‍යම ප්‍රාන්තික ලිපිකරුවෙකු ජීවත් වීමට දරන වෑයමයි. ඔහුගේ රුකියාව ඔහුට අහිමි වෙනවා. ඔහු සේවය කළ ආයතනයේ ප්‍රධානියා මේ පුද්ගලයාට නැවත රුකියාවකට යොමු වෙන්න බැරි තැනටම කටයුතු කරනවා. ඒ නිසා ඔහු ඉතා අසරණ තත්ත්වයට පත්වෙනවා. ඔහුගේ මිතුරෙක් තමයි මෙවැනි යෝජනාවක් කරන්නේ. ආයතන ප්‍රධානියාගේ නිවසේ ගැහැනු දරුවා බලාගන්න සුපර්වයිසර් කෙනෙකු ඉල්ලනවා. කාන්තාවක් ලෙස සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී මෙහු ඉන් සමත්වෙනවා. ඉන් පසු ඇතිවන සිදුවීම් ඔස්සේ තමයි මේ චිත්‍රපටය ඉදිරියට යන්නේ. කුටුම්භය ආරක්ෂා කරගෙන ඉදිරියට යන ගමනක් තමයි එහි තිබෙන්නේ.

ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වීම ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව මොකක්ද? ටෙලිනාට්‍යයන්ට දායක වීම සම්පූර්ණයෙන්ම මම නවතා දැමුවා. ටෙලි නාට්‍ය නිර්මාණ හයක් පමණ ලැබුණා. මම ඒ දේවල් ප්‍රතික්ෂේප කළා. මම අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යවල පමණක් අප්‍රධාන චරිතවලට දායක වෙනවා. පසුගිය වසර හයේම මම ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වුණේ නැහැ. අනෙක අපේ වයසත් එක්ක බැලුවම දැන් නම් රූපවාහිනී ටෙලිනාට්‍ය තුළ අපිට කරන්න දෙයක් නැහැ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ අවගමනයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. එවැනි දෙයකට කාලය මිඩංගු කිරීම තේරුමක් නැහැ කියලා හිතෙනවා. දැන් නිර්මාණකරුවට වඩා එහි මූලිකයා බවට වෙළෙන්දා පත්ව තිබෙනවා. වෙළෙන්දා තමයි ඒ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා කලාත්මක භාවිතාව හුඟක් අඩුයි. ඒ නිසා අපේ ප්‍රකාශනය වේදිකා නාට්‍යය තුළින් ප්‍රබලව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සිනමාව තුළිනුත් ඒ දේ ක‍ළ හැකියි. මෙවැනි කාලයක හොඳ සිනමා නිර්මාණ බිහිවෙනවා නම් එය තමයි වඩා වටින්නේ කියලා මම හිතනවා.

ඒ කියන්නේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කියන කටයුත්තට යොමුවෙන්නෙත් නැහැ කියන තැනද ඔබ ඉන්නේ? නැහැ. මම නිර්මාණ කරනවා. එය ලංකාවේ තිබෙන විශිෂ්ටතම නිර්මාණය නෙමෙයි. නමුත් කිසියම් ලෙසකින් මාධ්‍යට උචිත, ප්‍රේක්ෂකයාට කිසියම් රසයක් ලබාදිය හැකි හොඳ නිර්මාණ කිරීමට මා යොමු වෙනවා. පහුගිය කාලය තුළ එය සිදුකිරීම අභියෝගයක් බවට පත්වෙලා තිබුණේ. මුදල් වගේම මේ නාට්‍ය විකාෂය කර ගැනීමේ ගැටලුවත් තිබෙනවා.ඒ නිසාම මේ ක්ෂත්‍රය තුළ නිර්මාණ කිරීම ලොකු අභියෝගයක්ව තිබෙනවා. විශේෂයෙන්ම මුදලක් වැය කරලා හොඳ නාට්‍ය නිර්මාණය කිරීමේ ලොකු අවදානමක් තිබෙනවා. ඒ නිසා තමයි අපිට රූපවාහිනී නාට්‍ය නිර්මාණය කිරීමේ කම්මැලි බවක් ඇති වෙන්නේ.

ඒ නිසාද ඔබ වේදිකාවට වැඩි ඉඩක් වෙන් කරන්නේ? වේදිකාව කියන්නේ මට දීර්ඝ කාලයක් පලපුරුදු මාධ්‍යයක් . මම එයට සම්බන්ධ වී මේ වන විට වසර පනහකට ආසන්නයි. ඒ වගේම ලංකාවේ හිටපු කීර්තිමත්ම නාට්‍යකරුවන් යටතේ අපි නිර්මාණ කළා. ලෝකේ තිබෙන ඉතාමත් ශ්‍රේෂ්ඨ සජීවි මාධ්‍යයක් ලෙස මම වේදිකාව පිළිගන්නවා. වේදිකාව තුළ තමයි රංගන ශිල්පියෙකුට තමන්ගේ ප්‍රකාශනය ඉතාම සංවේදීව,විවෘතව හා සජීවීව ප්‍රදානය කළ හැක්කේ. අනිත් කාරණය ආයතන හෝ පුද්ගලයන් හෝ රජය එයට බලපෑම් කරන්නේ නැහැ. නිර්මාණකරුවාට හොඳ නාට්‍යයක් කිරීමට අවශ්‍ය නම් රූපවාහිනී හෝ සිනමාවට වඩා එහි පසුබිම තිබෙනවා. එහි වාසිය අපිට තිබෙනවා

ඔබ බොහෝ කාලයක් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා. ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන ඔබේ අදහස කෙබඳුද? වසරකට දෙවතාවක්වත් මම විදේශ ගමන්වල යෙදෙනවා. විශේෂයෙන් දියුණු රටවල. ගිය මාසයෙත් කැනඩාවේ ටික දිනක් සිටියා. එහිදී දකින්න ලැබෙන දෙය තමයි තියටර් කියන දෙයට කොතරම් තැනක් ඒ රටවල තියෙනවද යන්න. සංස්කෘතික මිනිසා සෑදීමේ එක්තරා ප්‍රබල පියවරක් තමයි වේදිකා නාට්‍ය කලාව කියන්නේ. ප්‍රේක්ෂකාගාරය හැදෙන්නේ රටේ තිබෙන නිර්මාණත් එක්ක. ඒ හරහා දෙන දේ තමයි ඔවුන් ලබා ගන්නේ. මං හිතන්නේ මෙහිදී වැඩි වගකීමක් තිබෙන්නේ නිර්මාණකරුවාට. දැන් දැන් හුදු හාස්‍ය පමණක් තිබෙන, සාහිත්‍යමය පක්ෂය එතරම් ප්‍රබල නැති, අශ්ශීල භාෂා විලාශය යොදාගෙන කරන නිර්මාණ අපිට දකින්න තිබෙනවා. එහි ඇති සරල රසාස්වාදය නිසා ප්‍රේක්ෂකයන් ඒ දේවල්වලට පෙළඹෙනවා. නිර්මාණ කරන අය අතේ තමයි එය තිබෙන්නේ. ඒ නිසා මධ්‍යස්ථව හෝ නිර්මාණය කරනවා නම් ප්‍රේක්ෂකාගාරයත් ඒ මට්ටමේ තිබෙනවා.

මෙවැනි වාතාවරණයක් තුළ නිර්මාණකරුවෙකු ලෙස ඔබේ ප්‍රකාශනයන් ගෙන එන්නේ වේදිකාව තුළින්ද? රූපවාහිනී නාට්‍ය නම් සිදුවන එකක් නැහැ.නමුත් වේදිකාව හා සිනමාව කියන්නේ මා බලාපොරොත්තුවක් තබා සිටින තැනක්. ඔබ සඳහන් කළා වගේ විශේෂයෙන්ම වේදිකා නාට්‍ය. මගේ ‘තලමල පිපිලා’ කියන වේදිකා නාට්‍යට මේ වසරට අවුරුදු තිහක් සපිරෙනවා. තවමත් එය මෙරට හා විදේශ රටවල වේදිකාගත කරනවා. ලංකාව වැනි රටක වසර තිහක් එකම පිරිසක් යොදාගෙන නාට්‍ය කිරීම හරි අමාරු දෙයක්. නමුත් අපි එය ජයග්‍රහණය කර තිබෙනවා. ‘අන්දරේලා’ යන නාට්‍යයටත් වසර විසි පහක්. එයත් තවම වේදිකාගත වනවා. ‘ගුරුතරුව’ නාට්‍යයට අවුරුදු විසි දෙකක්. තවම එයත් වේදිකාගත කරනවා. එවැනි සතුටු විය හැකි දේවල් තිබෙන නිසා මම හිතන්නේ අපිට වේදිකාව තමයි ඉදිරියේදී තිබෙන එකම ප්‍රකාශන මාධ්‍ය.

ඉදිරියේදී සිදුවන වේදිකා නාට්‍ය නිර්මාණ කටයුතු ගැන සඳහන් කළොත්? මගේ අලුත්ම නාට්‍ය වන්නේ ,’වන ලැහැබ’ යන නාට්‍යයයි. ලෝක ප්‍රකට සිනමාකරුවෙකු වන අකිරා කුරසාවගේ ‘රෂෝමෝන් චිත්‍රපටය පාදක කරගෙනයි මෙහි පිටපත රචනා වුණේ. මෙය නූර්ති නාට්‍යයක්. නවරත්න ගමගේ මහතා මෙහි සංගීතයෙන් දායක වනවා වගේම රවි බන්දු විද්‍යාපති මහතා මෙහි නර්තන වින්‍යාසය සිදුකරනවා. මෙහි ගීත රචනා සියල්ලම රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සිදුකරනු ලබනවා. ජුනි මාසයේ මැද සිට එහි පුහුණු වීම් සිදුකරනවා.

නිදුක් මදුෂික

2018-05-26

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

දිවුල්ගනේ සර් එක්ක යුග ගීතයක් කියන්න ඇත්නම් වාසනාවක්

වසර කිහිපයකට එහා දැයට කිරුළ ගී තරුව ලෙස අභිෂේක ලැබූ ඇය නිපුනි නයනතාරාය. සුභාවිත ගී ලෝලීන් අතර ජනප‍්‍රියත්වයකට පත්ව සිටින ඇය සහ ඇයගේ ගීත

අම්ම කෙනෙක් වෙන්න තාම නම් හිතලා නෑ - තිසරි යුවනිකා කියයි

තිසුරී යුවනිකා යනු පුංචි තිරයේදී අපට දකින්නට ලැබෙන රංගන ශිල්පිනියන් අතරින් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය පසුගිය කාලයේ කතා බහකට ලක් වූයේ

මොනව කළත් මට දුක සහ සතුට මගේ ගෙදර - විශ්ව කොඩිකාර

කාලයක් පුංචි තිරයේ අහිංසකම පෙම්වතා වුණේ ඔහුයි. ඒ නිසා ඔහුට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. තවම ඒ ප්‍රතිචාරවල නම් අඩුවක් වෙල නෑ. මේ වෙනකොට

එතන හිටපු කට්ටිය දන්නවා ඒක නිරුවත් විදිහට ෂූට් කලේ නැහැ කියලා - ශෂි ඇන්ජලීනා කියයි

මියුසික් වීඩියෝ තුළ ජනප්‍රියත්වයක් හෙබි චරිතයක් තමයි ශෂි ඇන්ජලීනා කියන්නෙ. ඇය කෙටි කාලයක් තුළදි.... ජනප්‍රියත්වයක් ලබාගෙන සිනමාවේ මෙන්ම පුංචි

කලාකරුවට ලබා දී තියෙන තැන ගැන කනගාටුවක් තියෙන්නේ

වේදිකාව සිනමාව පුංචි තිරය යන අංශ තුනම නියෝජනය කරන ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇය. සැබෑ නමට වඩා හැමෝම ඇයව

කලාකරුවන්ගේ.. මාසික දීමනාව ඉහළට - විස්තර මෙන්න

කලාකරු සුභසාධක අරමුදල හා ප‍්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි කලාකරුවන්ට

පුතාට ඉක්මනට සනීප වෙන්නැයි කියලා ප්‍රාර්ථනා කරන්න - දමිත් අසංකගේ මව කරන ඉල්ලීම

ගෙවුණු සතිය ගායන ලොවේ ජනප්‍රිය තරුව වූ දමිත් අසංක පිළිබඳ පුවත් මැවූ කාලපරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මෙන්ම මුහුණු පොතෙත් තරුණ

පෙම්වතෙක් තවම මට නෑ - අහස් මාලි­ගා‍ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි

අහස් මාලිගා හී පුංචි තිරයට පෙම් බඳින රසික රසිකාවන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි එන පොඩ්ඩි ඔබට මතකයිද? නිතරම අම්මාගෙන් බැනුම් අහන, අයියා

තාත්තාගේ හදිසි සමු ගැනීම ගැන රොනිගේ දියණිය කතා කරයි

අවුරුදු 45 කටත් වැඩි කාලයක් තම නිසග හැකියාවන්ගෙන් රටක් වසගයට ගත්තු රොනී ලීච් කලාකරුවා අද සදහටම සමුගෙන ගිහින්.. ඒ සහෝදර ගායන ශිල්පි

අම්මා හොයල දෙන කෙල්ලෙක්ද සාරංග ඊළඟට බඳින්නෙ

නිවේදනය ප්‍රධාන කර ගනිමින් ඔහු විටෙක රංගනයෙනුත් විටෙක ‍ලේඛනයෙනුත් රසික හදවත්වලට සමීප ඇය නමින් තිලකා රණසිංහ ශ්‍රී ලාංකීය හැම රසික හදවතකම

කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

මෙරට ප්‍රවීණ රංගන ශිල්පී සුනිල් ප්‍රේමකුමාර අභාවප්‍රාප්ත වෙයි.

මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා ද අභාවප්‍රාප්ත වී තිබෙනවාා. අසනිප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද (02) උදෑසන කොළඹ ජාතික

රොනී ලීච් මහතා අභාවප‍්‍රාප්ත වේ - මියයාමට හේතුව මෙන්න

මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ රොනී ලීච් මහතා අද (01) අලුයම හදිසියේ අභාවප‍්‍රාප්තව තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ යෙදි සිටි සංචාරය

අඩ නිරුවත් නිර්මාණ මමත් භාර ගන්නෑ - ආත්මගරුත්වය වටිනවා

නිරූපණ ක්ෂේත්‍රයන් සදහා නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනාවන් සඳහා රංගනයෙන් දායක වී තිබේ. ඇය නිරූපිකාවක් ලෙසට දිගු ගමනක්

නවලෝක රෝහ‍ලේ දී... සනත්ට හදිසි හෘද සැත්කමක් කරලා

දෛවය යනු හරිම පුදුමාකාර නොහිතන බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන්

මගේ පුතා ඉන්නේ ඔස්ට්‍රේලියවේ - දුවලා දෙන්නා නම් ලංකාවේ

මීට කලකට ඉහත දී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අප නිරන්තරව මුණගැහෙන චරිතයක් නමුත් දැන්නම් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්. සිවුරක් ‍පොරවන් පිස්සු නටලා

මානසික විකෘතියකින් හැසිරීම නිසා ඊයේ කුඩාඔය ‍පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන වැල්ලවාය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජනප්‍රිය ගායක දමිත් අසංකව

රගපාන්න ආසාවක් මට තියෙනව ඇරයුමක් ලැබුණොත් කරනවා.

විවාහයට පෙර චිත‍්‍රපට යකට මම සම්බන්ධ වෙලා හිටියා. විවාහ උත්සවය නිසාම ඒ චිත‍්‍රපටය මගදී නැවැත්වූවා. දැන් නැවත වරක් ඒ චිත‍්‍රපටයේ රූගත කිරීම් කරනවා.

අදටත් සමහරුන් මගෙන් අහනවා ඔයා බැඳලද කියලා - ශලනි

ස්.. ස්.. ස්... පහලටද යන්නේ ? පොඞ්ඩකට ෆෝන් එක දෙන්න පුළුවන්ද ලොකු අප්පටත් කෝල් එකක් ගන්න ?  මෙය හුගාක් දිගු කාලයක් මුහුණුපොතේ සංසරණ

චමල් රාජපක්ෂ මැතිතුමා ඉද්දී මා උපදේශකයෙක් විදිහට වැඩ කළා

මම වසර ගණනාවක් තිස්සෙ පවත්වන සුවඳ පද්ම උපහාර සම්මාන උළෙල මෙවරත් පැවැත්වෙනවා. මෙවැනි උපහාර සම්මාන උළෙල පවත්වන්න හේතුවුණේ කුමක්ද?

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status