Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඊයේ එජාපෙ ගෝල්ෆේස් රැළියට ලක්‍ෂ දෙකක් ආවා - එරාන්

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඊයේ දිනයේ කොළඹ ගෝල්ෆේස් පවත්වනු ලැබූ ජනරැළිය අවසන් වන තෙක්ම ලක්ෂ දෙකක පමණ ජනතාවක් රැදී සිටි බව එම පක්ෂ

දෙමල සන්දානය විපක්‍ෂයේ අසුන් ගනී.. එජාපය සුළුතර ආණ්ඩුවක් වෙයි.. ආසන 105ක් පමණයි..

අද පාර්ලිමේන්තුව තුලදී දෙමල ජාතික සන්ධානය විපක්‍ෂයේ අසුන් ගෙන සිටී. ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සුළුතර ආණ්ඩුවක් බවට පත්වන අතර ඔවුනට හිමිව

අපිව කොටි කියලා හඳුන්වන එක දැන්වත් නතර කරන්න

දෙමළ සන්ධානයේ පිරිස වහාම කොටි ලෙසට හඳුන්වාදීමේ ප්‍රතිපත්තිය දැන් අවසන් විය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපන දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්

මාර්තු දක්වා රජයේ වියදම් පියවා ගැනීමට අතුරු සම්මත ගිණුම 26 දා මැති සබයට ඉදිරිපත් කරයි

ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සදහා සූදානම් වේ. නව රජයේ මුදල් ඇ

මම.. එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි

තමා එක්සත් ජාතික පක්ෂයේ අයත් සමග එකතුවන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවස

අපිව කුණු කූඩයට දැම්මා - 2030 වෙනකම් රට පාලනය කරනවා.

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් ඒත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමුව බවත් එක්සත් ජාතික පක්ෂයේ.. උප නායක රවී

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අද වෙද්දී... මගේ පවුලේ ජීවතුන් අතර ඉන්නේ තුන් දෙනයි.
GossipClanka.com

මොනවද කරන අලුත් නිර්මාණයන් එහෙම? ඇත්තම කිව්වොත් මම එහෙම අලුත්නිර්මාණ කිසිම දෙයක් බාරගත්තේ නෑ. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා.

 

හැබැයි දැන්  මම ඒ සියලු වැඩකටයුතුවලින් අයින් වෙලා ඉන්නේ. නිර්මාණවලට දායක වෙලා ඒවාට මහන්සි වෙන්න තරම් හොඳ සුවයක් දැන් මට නැහැ. මහන්සි වෙන්න අමාරුයි. මම අන්තිමට රඟපෑවේ බන්ධන චිත්‍රපටයේ. ඒ චිත්‍රපටයත් පහුගිය කාලේදී තිරගත වුණා.

දැන් ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද? දැන් මගේ වැඩිපුරම දවස ගෙවෙන්නේ ගෙදර ඉන්නම තමයි. ගෙදර ඉඳිද්දී මම පොත්පත් කියවනවා. පත්තර බලනවා. තව මගේ පොඩි මුණපුරෙකුත් ගෙදර ඉන්නවා. ඉතින් දැන් වැඩිපුරම දවස ගෙවෙන්නේ ඒ පුංචි පුතාත් එක්ක තමයි. එයත් එක්ක දවස ගෙවෙද්දී දැන් තේරෙන්නේ නැහැ.

ඔබේ ජීවිතේ ආරම්භ වෙන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන්... එහෙම නේද? ඔව්...... කුරුණෑගල නගරයේ ඉඳන් තවත් හැතැප්ම දහයක් විතර ඈතකට වෙන්න තිබුණ පුංචි පිටිසර ගමකින් තමයි මගේ ජීවිතේ ආරම්භ වෙන්නේ. මම ඉපදුණේ 1932 ජනවාරි මාසේදී. ඒ කාලේදී ඒ ප්‍රදේශය බොහෝම නොදියුණු අතිශය දුෂ්කර ගමක්. ගමේ මිනිස්සු ජීවත් වෙන්න කළේ කෘෂිකර්මය විතරමයි. වී ගොවිතැනින් තමයි ඒ කාලේ අපි ජීවත් වුණේ. කුඹුරු වගාව, පොල්, බෝග ජාති වගා කරලා ඒ කාලේ මිනිස්සු ජීවත් වුණා. මගේ තාත්තා හොඳ ගොවියෙක්. මගේ අම්මා හොඳ ගෙවිලියක්. මම ගොවි පවුලක පුතෙක්.

ඔබත් සමඟ තවත් පවුලේ අට දෙනෙක් හිටියා නේද? ඔව්... අද වෙද්දී ජීවත් වෙලා ඉන්නේ තුන් දෙනයි. අනිත් හැමෝම කාලෙත් එක්ක ජීවිතෙන් සමුගත්තා. මගේ අක්කලා දෙන්නම ගුරුවරියන්. මගේ ලොකු අයියා ගුරුවරයෙක් වගේම පූජකවරයෙක්. ඊළඟ අයියා විදුහල්පතිවරයෙක්. මල්ලිත් ගුරුවරයෙක්. අපි හැමෝම ගුරුවරු තමයි.

ගොවි පරිසරයක ජීවත් වුණු ළමා කාලය හරි අපූරු ඇති නේද? අම්මෝ ඔව්... මම ඉගෙනගත්තේ ගමේ තිබුණ පොඩි සිංහල ඉස්කෝලෙක. ඒකේ ගුරුවරු අට දෙනයි හිටියේ. ළමයි හිටියෙත් දෙසීයක් විතර තමයි. සමහර දවස්වල ළමයි ඉස්කෝලේ ආවා. සමහර කාලවලදී ආවේ නෑ. ඉස්කෝලේ යන කාලේ හරි අපූරුයි තමයි. ඉස්කෝලේ ගිහින් ඇවිත් පොත් ටික පැත්තක තියලා අපි ඇති තරම් සෙල්ලම් කළා. හැංගිමුත්තම් සෙල්ලමට ඉස්සර අපි ආසයි. හැංගෙන්න ඕන තරම් තැන් ඒ කාලේ තිබුණා. ගොයම් කැපුවහම ඉපනැල්ලේ අපි ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ අපි කිව්වේ බැට් ගහනවා කියලයි. ඉතින් පිට ලෑලිවලින් පිති හදාගෙන රබර්වලින් බෝල හදාගෙන ඉපනැල්ලේ රෑ වෙනකල් අපි සෙල්ලම් කළා.

අද ඉන්න දරුවන්ට කොහෙද එහෙම ළමා කාලයක් නේද? ඒකනම් ඇත්ත. අද ඉන්න දරුවන්ගේ අතේම ෆෝන්, ගේම්. ඒ කාලේ ඒ මොනවත් තිබුණේ නැහැ. ඒ කාලේ දුව පැනපු ගස් නැගපු ජීවිතයක් තමයි තිබුණේ. ඒ කාලේ හරි සුන්දරයි. ගස්වල අපිට බඩගින්නට ඇති තරම් පළතුරු තිබුණා. තිබහට ඇල දොලවල ඇති තරම් වතුර තිබුණා. ඒ කාලේ ටී.වී, රේඩියෝ තිබුණේ නැහැ. අපිට ඇසුණෙම පැල් කවි විතරමයි.

කොහොමද ඒ පැල් කවිවල මතකයන්? හරිම අපූරුයි... හරිම අපූරුයි. ඉස්සර අපිට රෑ වෙද්දී ඈතින් හැම තැනින්ම කවි කියනවා ඇහෙනවා. මගේ තාත්තා හොඳ උඩරට නැට්ටුවෙක්. ඒ වගේම බෙර වාදකයෙක්. ගමේ තැනින් තැන උඩරට නැටුම් කලාව තිබුණා. සොකරි නාට්‍ය්‍ය ඒ කාලේ අපේ ගමේ හරි ජනප්‍රියයි. අලුත් අවුරුදු කාලෙට අපේ ගමේ සොකරි නාට්‍යයක් කරනවාමයි. ඒ කාලේ ටීටර් කියලා නාට්‍ය කලාවක් තිබුණා. ඒ කාලෙට දිග මඩුවක් හදනවා. පුවක් ගස් කලපා පොල් කොටන් දාලා පස් පුරෝලා එළිමහන් තැනක ස්ටේජ් එකක් හදනවා. ඒ නාට්‍යය බලන්න ගමේ හැමෝම එතනට එකතු වෙනවා. ඒ කාලේ අපේ ගමේ හිටපු ගුණයා කියලා තබ්ලා වාදකයා හරි අපූරුවට ඒ ටීටරයට සංගීතය සැපයුවා. මුල් කාලෙදී අපි ස්ටේජ් එක ඉස්සරහ ඉඳන් කටවල් ඇරගෙන ටීටර් බැලුවා. විසිල් ගැහුවා. අත්පුඩි ගැහුවා. ටික ටික ලොකු වෙද්දී අපිටත් ඒ ටීටරයට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. කොහොමහරි ඒ ටීටර රෑ නවය වෙද්දී පටන් අරගෙන පහුවදා පාන්දර වෙනකල් තියෙනවා. පැදුරු ගෙනල්ලා ඒවාවල වාඩිවෙලා තමයි අපි බලන්නේ. පන්සලේ තිබුණ පිංකම්වලටත් අපි සහභාගී වුණා. නැටුම් තරග තිබුණා. ඒවා තමයි ඒ කාලේ අපේ ජීවිතේ වෙලා තිබුණේ.

ඔබේ මුල්ම රැකියාව ගුරු වෘත්තියද? ඔව්... ඔව්... ඒ කාලේ ඉස්කෝලේ අවසන් විභාගයට පස්සේ පාරම්භය විභාගය තිබුණා. ඒ පාරම්භය විභාගයට අපි ගමේ ඉඳන් ටවුමට එන්න ඕනේ. ඒ විභාගයෙන් මම 1948 අවුරුද්දේ සමත් වුණා. ඉතින් ඊළඟ අරමුණු වුණේ පුහුණු ගුරු සේවයයි. ඒ කාලේ පේරාදෙණිය ගුරු පුහුණු විද්‍යාලයක් තිබුණා. 1953 වෙද්දී මම ඕකට ඇතුළත් වුණා. අවුරුදු දෙකක් ඉගෙනගෙන ඒ විද්‍යාලයේම ගුරුවරයෙක් විදහට මට පත්වීමකුත් ලැබුණා. ඒ කාලේ නුවර සංගීත විද්‍යාලයකුත් තිබුණා. ඒකටත් මම බැඳුණා. මම වයලීන් වාදනය ඉගෙන ගත්තා. මේ ඉගෙනගැනීමෙන් සංගීතය ගැන මගේ ආසාව තවත් වැඩි වුණා. ඒ නිසා මම සංගීතය හදාරන්න කොළඹට ආවා. එහෙම ඉදිද්දී බොරැල්ල වෙස්ලි විද්‍යාලයට මට ගුරු පත්වීමක් ලැබුණා.

මූදු පුත්තු නාට්‍යය සිරිල් වික්‍රමගේ නම් නිර්මාණවේදියාව වෙනස් කරපු නිර්මාණයක් නේද? ඔව්... ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යය 1960 දී තමයි නිර්මාණය වුණේ. ඊට පස්සේ ඔහුගේ නාට්‍යවල, හෙන්රි ජයසේනයන්ගේ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යයන් දක්වා නාට්‍යය කිහිපයකටම මම සම්බන්ධ වුණා. මූදු පුත්තු නාට්‍යය කරන කාලෙදී හර්බට් එම්. සෙනවිරත්නයන්ගේ හඳපානේ චිත්‍රපටයට මාව තෝරගත්තා. ඒ අනුව ඒ නිර්මාණයෙන් 1963දී මම සිනමාවටත් සම්බන්ධ වුණා.

සත් සමුදුර ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා නේද? ඇත්තටම ඔව්.. මූදු පුත්තු නාට්‍යය චිත්‍රපටයක් කරමු කියලා ඒ කාලේ අපි කතා වෙවියි හිටියේ. මමත් මහගම සේකරත්, ගුණසේන ගලප්පත්තිත් ඒ කතාබහේ හිටියා. කොහොමහරි ‍මේ කාලෙදී පබාවතී නාට්‍ය්‍ය මගේ තිරගත වෙනවා. ඒ දැකපු Dr. ලිනුස් දිසානායක තමයි මාව මේ නිර්මාණයට තෝරගත්තේ. ගලප්පත්තියි, සේකරයි දෙන්නම මූදු පුත්තු නාට්‍යය චිත්‍රපටයක් කරන්න උත්සාහ කළා. සේකරගේ ගෙදරදීම තමයි මුලින්ම පිටපත ලියන්න පටන් ගත්තේ. කොහොමහරි නොකයෙකුත් හේතූන් මත ඒක ටික ටික පස්සට ගියා. අවසානයේදී සත් සමුදුර කියලා මේක පිටපතක් වුණා.

සත් සමුදුර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණේ ඔබයි? ඔව්.. ඒක ඇත්ත. ඒ කාලේ සිනමාවේ ප්‍රධාන චරිතය වුණේ කොල්ලනේ. හැබැයි එහෙම ඒ කාලේ සිනමාවේ තිබුණ කොලු ලක්ෂණ මගේ තිබුණේ නැහැ. ඒ කාලේ හිටියේ හොඳට උසට මහතට හැඩිදැඩි ඉලන්දාරියෝ. හැබැයි ඒ ලක්ෂණ මට තිබුණේ නැහැ. මට මතකයි මම බොරැල්ලේ ඉඳන් නුගේගොඩ යන්න බස් හෝල්ට් එකේ ඉඳිද්දී කොල්ලෝ දෙන්නෙක් මගේ ළඟින් යද්දී එක පිරිමි ළමයෙක් මගේ දිහා හොඳට බැලුවා. ඒ මචං.. මෙන්න සත් සමුදුරේ කොල්ලා කියලා අනිත් පිරිමි ළමයට පෙන්නුවා. ඒයි.. මූ පෙන්දෙක්නේ බං.. කියලා අනිත් කොල්ලා කිව්වා. ඒ කාලේ ඒ හැඩිදැඩි පෙනුම මම ගාව තිබුණේ නැහැ. හැබැයි සත් සමුදුර චිත්‍රපටය විචාර සම්මාන රැසක් ලැබුවා.

එතනින් නොනැවතුණු සිරිල් වික්‍රමගේ නම් නිර්මාණවේදියා බොහෝ චිත්‍රපටවල රඟපෑවාද? ඔව්... මම හිතන්නේ චිත්‍රපට හැට ගණනාවක රඟපෑවා. බඹරු ඇවිත්, අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, සුද්දිලාගේ කතාව, කරුමක්කාරයෝ, සෙයිලම වගේම බොහෝ චිත්‍රපට ගණනාවකම රඟපෑවා.

එතනින් නොනැවතුණු ඔබ පුංචි තිරයටත් ගොඩවැදුණා.... ඒක ඇත්ත. මම මුලින්ම පුංචි තිරයේ රඟපෑවේ ළාහිරු දහසක් ටෙලි නාට්‍යයේ. ඒක තමයි පුංචි තිරය කරපු දෙවැනි ටෙලිනාට්‍ය වුණේ. ඊට පස්සේ සසර සයුර, පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වළව්ව, නුඹ නාඩන් සෙනෙහෙලතා, ගව්වෙන් ගව්ව වගේ නිර්මාණ කිහිපයකටම දායක වුණා.

ඔබේ දරුවන් ද කුඩා කාලයේදී කලාවට සම්බන්ධ වුණා. අද ඔවුන් කලාවෙන් ඈත් වෙලා නේද? අපිට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. හැබැයි ඒ අය වැඩියෙන් කලාවට එකතු වුණේ නැහැ. පුතා රට ගිහින් දැන් ඇවිත් ඉන්නේ. ඒ කවුරුවත් එහෙම කලාවට එකතු වෙන්න කැමති වුණේ නැහැ. මාත් බල කළේ නැහැ. මම දැන් ඒ අයගේ දරුවන්ගේ සතුට දිහා බලාගෙන සුවසේ ජීවිතේ ගත කරනවා. කලා නිර්මාණවලට ආරාධනා ලැබුණට දැන් මට ඒවාට යන්න එදා තරම් හයියක් නැහැ. ඒ නිසා මම විවේකීව ජීවිතේ ගත කරනවා.

► Text – Dishani /   Pic - Sumudu

2018-03-11

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements