Loading...
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

එජාපයට තනි ආණ්ඩුවක් හදන්න බෑ - මනෝ ගනේෂන්

අනාගතයේදී එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සෑදිය නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිඳියාව හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. අමාත්‍ය

රනිල්ට එරෙහිව... එක්සත් ජාතික පක්ෂයෙන් ගරිල්ලා මෙහෙයුමක්

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වහා රනිල් වික්‍රමසිංහ ඉවත් කරලා ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ... පසුපෙළ මන්ත්‍රිවරුන් ගරිල්ලා සහ නින්ජා

උතුරු පළාත් සභාවට නීතිය සහා සාමය පිළිබඳ බලතල ඕනෑ

උතුරු පළාත් සභාවට නීතිය සාමය පිළිබඳ බලතල ලබාදිය යුතු බවක් දෙමළ ජාතික සන්ධානය පවසයි. එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවන පාර්ලිමේන්තු මන්ත්‍රි

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වාර්ෂික ණය පොලී අනුපාතයන් සියයට 30ක් දක්වා සීමා කරන්න නව නීති

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වල වාර්ෂික ණය පොලී අනුපාතයන් සියයට 30ක් දක්වා සීමා කිරීමට නව නිති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර

මහින්ද- ගොඨා කාලයේදී අපරාධ 55,000ක් - පාඨලි කියයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුළ දී අපරාධ 55,000ක් සිදුව ඇති බවත් පාතාල ලෝකය

සැප්තැම්බර් දෙවැනිදා දින දයාසිරි ජයසේකරට තීරණාත්මකයි

සැප්තැම්බර් මස 02 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේදී පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි

එක්සත් ජාතික පක්ෂ පසු පෙළින් මහින්දට ලියුමක්

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිතව ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ. ඒ නිව්යෝර්ක් ටයිම්ස්

අලුගෝසු තනතුරට ඉහළ වැටුප් - නිල නිවාස - විස්තර මෙන්න

අලුගෝසු තනතුරට (වධක තනතුර සදහා) බඳවාගනු ලබන පුද්ගලයාට මෙතෙක් හිමි නොවූ ආකර්ෂණීයම වැටුපක් හා අමතර වරප්‍රසාද රැසක් ලබාදීම කෙරෙහි

පොහොට්ටුව මුස්ලිම් පෙරමුණක් හදයි - විස්තර මෙන්න

සිය නව දේශපාලන ව්‍යාපාරයට මුස්ලිම් ජනතාවගේද පුළුල් සහභාගිත්වයක් ලබාගැනීමේ දැඩි අරමුණ ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව මුස්ලිම් පෙරමුණක්

ලංකාවට ජපාන වාහන ගෙන්වීම නවතා දමයි. අධි වියදම් යුරෝපා වාහන පමණක් ගෙන්වයි.

ජපානයේ නිෂ්පාදිත වාහන මෙරටට ගෙන්වීම ඉදිරියේදී නතර කිරීමට සිදුවනු ඇති බවක් ලංකා වාහන ආනයන කරුවන් පවසයි. වාහන ආනයන කරුවන්

ගාල්ල... ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය ඉවත් නොකරයි මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාගාරය ගලවා ඉවත් කරයි…

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සැලසුමක් නොමැති බවයි ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද කියාසිටියේ

අල්ලස්‌ ලබා ගත්ත අකුරණ හිටපු ප්‍රා. ලේකම්ට සිර දඬුවම්

පුපුරන ද්‍රව්‍යක් ලබා ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍රයක්‌ ලබාදීමට නිර්දේශ කිරීම සඳහා ගල්කොරි හිමිකරුවකුගෙන් රුපියල් 50000 ක අල්ලසක්‌ ලබා ගැනීම සහ එම

මා ළඟ පාතාලයෝ නැහැ - සරත් ෆොන්සේකා කියයි

තම ආරක්ෂාව සදහා ‍බොඩි ගාඩ්ලා වශයෙන් පාතාලය යොදා‍ ගෙන ඇති බවට එල්ල වී ඇති මාධ්‍ය ප්‍රචාර තරයේ තමන් ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රාදේශීය

මරණ දඬුවම නැවතත් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි

මරණ දඬුවම නැවතත් ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත. වසර 42 කට පසු ශ්‍රී ලංකාව

ජනාධිපති කමට ගෝටාභයට වඩා මම සුදුසුයි - මර්වින් සිල්වා කියයි

මීලග ජනාධිපති ධූර අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට වඩා තමන් සුදුසු බව හිටපු ඇමති මර්වින් සිල්වා පවසයි. ගෝටාභය

වසර 25ට වැඩි මහල් නිවාස කඩා ඉවත් කිරීමට නව නීති

අවුරුදු 25කට වඩා පැරණි ප්‍රමිතියෙන් තොර සියළුම රාජ්‍ය පෞද්ගලික අංශ මහල් නිවාසයන් කඩා ඉවත් කිරීම සදහා නව නීති සකස් කරන බව ආපදා කළමනා

ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරයි - ගොඩනැගිලි ගලවයි

අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩිම තරග ජයග්‍රහණයන් ලබාදෙනු ලැබූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක්

ඇමතිතුමාගේ ආරක්ෂාවට පාතාල සාමාජිකයන් පස්දෙනක්

පාතාල සාමාජිකයන් පස්දෙනකු ප්‍රබලතම ඇමතිවරයකුගේ පෞද්ගලික ආරක්ෂකයන් ලෙස සේවයේ යෙදී සිටින බවටත් එම පාතාලයන් පස්දෙනා එම ඇමතිත්

ඇඹිලිපිටිය ප්‍රා සභාපතිට බරපතල වැඩ සහිතව මාස තුනක් හිරේට

කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදීම සහ දැඩිව සාපරාධී බලහත්කාරකම් පෑම සම්බන්ධව වරද පිළිගත් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් MK අමිල

අදියරයන් කීපයක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා

අදියර කීපයක් යටතේ රැකියා විරහිත සියළු උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමට රජය තීරණයක් ගෙන ඇති බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වන

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
Loading...
පුංචි කාලේ ඉඳන් තිසුරි දුව මගේ ඇඟේ දැවටි දැවටි හිටපු දරුවෙක්
GossipClanka.com

චූටි කාලේදි... තිසුරි මොන වගේද? හුගක් අය කියන කතාවක් තමයි මමයි කුමරුයි දෙන්නම.... එක වගේ කියලා. අපි දෙන්නව දන්නේ නැති අය අහනම දෙයක්

 

තමයි කුමරු කියන්නේ මගේ අයියද කියලත්. ඉතින් දුවගේ හැඩරුවත් අපි දෙන්නගෙන් කවුරු වගේද කියලා කියන්න තේරෙන්නෙත් නැහැ.

තිසුරි පුංචි කාලේ දඟයිද? ඔව්... දඟයි... ඒ වුණාට අහිංසකයි. පුංචි කාලේ ඉඳන් තිසූ මගේ ඇඟේම දැවටි දැවටි හිටපු දරුවෙක්. තිසූ පොඩි කාලේ කුමරැ වැඩියෙන්ම හිටියේ නැවේ. මාස නවයකට සැරයක් තමයි කුමරු ලංකාවට ආවේ. ඉතින් තිසූ වැඩිපුරම හිටියේ මගේ ගෙදර අය එක්ක. පුංචි කාලේ තිසූ හරිම ආත්මාර්ථකාමියි. මම එයාගේ විතරයි. තාත්තත් එයාගේ විතරයි. හැමෝම එයාගේ විතරයි. කාවවත් බෙදාගන්න එයා කැමති නෑ. මම වෙන දරුවෙක් වඩාගෙන හුරතල් කරනවටවත් තිසූ කැමති වුණේ නෑ. මෙයාට ඕනේ එයාට විතරක් ආදරය කරන්නත්, වර්ණනා කරන්නත් හැමදේම එයා වින්දේ තනියමයි. ඒ ආදරයට එයා පුංචි කාලේ ඉඳන් ලෝභ වුණා. ඒ නිසා එයාගේ තනියට මල්ලියෙක් හරි නංගියෙක් හරි එනවට එයා ආසා කළේ නෑ.

තිසුරි පාසැලේදී මොන වගේ චරිතයක්ද? එයා ගියේ නුගේගොඩ අනුලා බාලිකාවාට. තිසූ හරිම දඟයි. එයාට හිතුණ දේ එයා කරනවා. පුංචි කාලේ ඉඳන් තිසූ හරියට ආදරේ හොයනවා. හැමවෙලේම ටීචර්ලාගේ සාරි පොටේ එල්ලිලා ඒක ඔළුව වටේ ඔතාගෙන ටීචර්ලා පස්සෙන් යන හරි ආදරණීය දරුවෙක්. හැබැයි පන්තියෙන් එළියට යන්න ඕන වුණොත් ටීචර් මම එළියට යනවා කියලා එයා ගියා. ටීචර් හා එපා කියන්නත් කලින් මෙයා ගිහින් ඉවරයි. මව්පිය රැස්වීමට ගියාම ටීචර්ලා මට කියන්නේ අනේ චන්ද්‍රමාලි ඔයාගේ දුවට හෙමින් ගමනක් ඇත්තෙම නැහැ කියලයි. ටීචර් පොඩ්ඩක් එළියට යනකන් ඉඳලා මෙයා ඩෙස්ක් උඩ එහාට පනිනවලු, මෙහාට පනිනවලු. හරිම දඟයිලු. මොනදේ කළත් මෙයා පන්තියේ වැඩ ටික හොඳට කළා.

තිසුරිගේ හොඳම යාළුවා වුණේ එයාගේ අම්මා නේද? ඔව්.... ඒක එයා දකින්න ඇත්තෙත් මගෙන්. මට යාළුවෝ ඉන්නවා. හැබැයි මගේ ජීවිතේ අංක එක වුණේ මගේ ගෙදරයි. මගේ ලෝකය වුණේ මගේ ගෙදරයි. දුව ඒක දැක්කා. නොදැනුවත්වම එයාට මගෙන් වැටකඩොළු තැනෙන්නත් ඇති. එයා අපේ එකම දරුවනේ. මෙයාව කොහේවත් අපි යාළුවෝ එක්ක යැව්වේ නැහැ. යන්න ඕනෙ කියලා කිව්වොත් මමත් එයත් එක්ක යනවා. ඒ ගිහින් එයාට යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න ඉඩ දුන්නා. හැබැයි ඒ හැම දෙයක්ම කළේ අපේ ඇස් මානේ තියාගෙනයි. ඒ හැමදේකින් එයාට මම ගොඩක් ළංවුණා. දෙයියනේ කියලා තිසූ අපිට හොඳ රුවෙක් වුණා. එයා තමන්ගේ ප්‍රමාණය දැනගෙන ජීවත් වුණු දරුවෙක්. අපි ගම්වල ජීවත් වුණු අය. ඒ නිසා අනාගතයේදී එයාට පැලක ජීවත් වෙන්නත් පුළුවන්. මාලිගාවක ජීවත් වෙන්නත් පුළුවන්. ඒ විශ්වාසය මට තියෙනවා.

එහෙම ඇස් දෙක වගේ බලාගත්තු දුව ළඟදිම මනාලියක් වෙන්න සූදානම් වෙනවා. අම්මා තාත්තා තනි ව‍ෙනවා නේද? ඒක ඉතින් ස්වභාවයනේ. හැම අම්මෙක්ටම ඒ තනිකම ඉවසන්න පුරුදු වෙන්න වෙනවා. අපි අමාරුවෙන් හරි ඒ තනිකම, ඒ දුක විඳදරාගන්න පුරුදු වෙන්න ඕනේ. මගේ ජීවිතේ අත්දැකීම් එක්ක මාත් ටික ටික ඒකට හුරු වේවි. මම හැමවෙලේම උත්සාහ කළේ අපේ දරුවව මේ සමාජයේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් දරුවෙක් කරන්නයි. තිසූ හැමවෙලේම වෙලි වෙලී හිටියේ මාත් එක්ක. මගේ ජීවිතේ අති පෞද්ගලික දේවල් පවා තිසූ එක්ක මම කතා කරනවා. ඉතින් එහෙම ළඟින්ම හිටපු මගේ කෙල්ල යද්දී ලොකු දුකක් හිතට දැනේවි. ඒ දෙන්නා විවාහ වෙලා මේ ගෙදර ජීවත් වුණත් දුක දැනේවි. එතකොට තිසූ වෙනස් කෙනෙක්නේ. ඒ දුක මටත් දැනේවි. අම්මා කෙනෙක් විදිහට ඒ වේදනාව දැනේවි. ඒ වුණාට මගේ දරුවගේ සතුට ගැන හිතලා මේ අම්මට ලොකු සතුටක් දැනේවි. හැබැයි මගේ හිත නිදහස් වේවි. හැබැයි ඊට පස්සේ මම හිතන්න පුරුදු වේවි. මට එතකොට වෙන ලෝකයක් නැහැනේ. නින්දට ගියත්, නින්දෙන් ඇහැරැණත්, කන්න ගියත්, තේ එකක් බොන්න ගියත් මට නිතරම මතක් වේවි මගේ දරුවාව. ඒක හැම අම්මා කෙනෙකුගේම ජීවිතේට සතුටක් එක්ක එකතු වෙලා එන මහ පාළුවක්. මම ඒ පාළුව විඳ දරා ගනීවි.

ඔබේ ආදරණීය සැමියා රුකියාවෙන් ඉවත්වෙලා ලංකාවේ ඉන්නවා නේද? ඔව්.... ඒකත් කිව්වේ තිසූම තමයි. තිසූ ඕනෑවටත් වඩා දේවල් ගැන හිතනවා. පුංචි හරි අසනීපයක් හැදුනත් එයා ලොකුවට ඒ දේවල් ගැන හිතනවා. එයා හරිම සංවේදී දරුවෙක්. ඉතින් තිසූ හැමවෙලේම කුමරුට කිව්වා තාත්තා දැන් ගෙදර නවතින්න කියලා. ඉතින්... ඒ නිසාම කුමරැ ලංකාවේ නැවතුණා. තිසූ ඕනෑම දෙයක් ඕනෑවට වඩා හිතනවා. හැබැයි ජීවිතේ ගැන තිසූට හොඳ අවබෝධයක් තියෙනවා.

මේ දවස්වල අම්මටයි, තාත්තටයි, දුවටයි වැඩ වැඩියි වගේ.. ඔව්... තිසූගේ වෙඩින් එකට අපි මේ දවස්වල හෙමි හෙමීට සූදානම් වෙනවා. ඉතින් අපි තුන්දෙනා ඒ වැඩවලට මහන්සි වෙනවා. ගෙදර ඉඳිද්දී ආස කරන කෑමක් උයා පිහාගෙන කාලා ගෙදර ඉන්නවා. අපි ‍තියෙන ඉඩ ප්‍රමාණයේ මල් පැළ වවලා තියෙනවා. ඉතින් ඒවට සාත්තු කරනවා. හිතුණම අපි තුන්දෙනා වාහනයට නැග්ගා ඔය කොහේහරි විනෝද ගමනක් යනවා. කොහොමහරි කාලේ ගෙවෙනවා කියලා නොතේරෙන තරමට අපි දෙයියනේ කියලා හොඳින් ජීවත් වෙනවා. දරුවෙක් හැදුවා. අපිට සතුට ගෙනාපු ඒ දරැවා හොඳ දරුවෙකුට බාර කරන්න දැන් මේ අම්මටයි තාත්තටයි කාලය ඇවිත් තියෙන්නේ.

අම්මගෙන් දුව ගැන විස්තර අහපු එකේ දුවගෙනුත් විස්තර ටිකක් අහන්න අපිට හිතුණා. ඒ නිසාම තිසුරිවත් අපි මෙහෙම කතාවට එක්කර ගත්තා. තිසුරි.. මේ අවුරුද්දේ ළඟදිම දවසක ඔයාගේ විවාහය සිද්ධ වෙනවනේ... කියමුකෝ ඔහු ගැනත් ටිකක්. එයා නැවක සේවය කරන කෙනෙක්. මගේ තාත්තාගේ හොඳම යාළුවාගේ පුතා තමයි සුරාජ් විජේසිංහ. අපි පුංචි කාලේ ඉඳන්ම අපේ පවුල් දෙක හරිම හිතවත්. මම එයාව දන්නේ පුංචි කාලේ ඉඳලා. තාත්තලා දෙන්නගේ යාළුකම නිසාම පවුල් දෙක හඳුනාගෙන එයා මගේ හොඳ යාළුවෙක් වුණා.

යෝජනාව ගෙනාවේ සුරාජ්ද නැත්නම් ගෙදර අයද? එයා තමයි මගෙන් ඇහුවේ. එයයි, මමයි, එයාගේ මල්ලිලා දෙන්නයි පොඩි කාලේ ඉඳන් එකට සෙල්ලම් කළා. දවසක් එයා මගෙන් කෝල් කරද්දි ඇහුවා. එයාගේ හිතේ හුඟ දවසක ඉඳන් මම ගැන අදහසක් තිබිලා තිබුණා. හැබැයි අහලා අපේ යාළුකම නැතිවෙයි කියලා බයටම එයා මගෙන් අහන්න බය වෙලා තිබුණා. ඉතින්... කොහොමහරි කෝල් කරලා මගෙන් එයා ඇහුවා.

ඇත්ත කියන්න.... සුරාජ් අහද්දිත් තිසුරිගේ හිතෙත් ආදරයක් තිබුණා නේද? ඇත්තටම එයා ගැන මට ලොකු පැහැදීමක් තිබුණා. ඒ කාලේ මට ගොඩක් යෝජනා ඇවිත් තිබුණා. හැබැයි මම ඒ එකකටවත් කැමති වුණේ නෑ. මම කාත් එක්කවත් යාළු වුණෙත් නෑ. සුරාජ්ට කැමති වෙන්න මූලිකම හේතුව වුණේ සුරාජ් සහ එයාගේ පවුලේ අයව මම හොඳින් දන්නවා. අපි දොගොල්ලන්ට හංඟන්න දේවල් නෑ. යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දිත් ඔහු හරි හොඳ කෙනෙක්. ඒ නිසා අහන්න කලින් හොඳ පැහැදීමක් තිබුණා. මගෙන් ඇහුවමත් මගේ යටි හිත මෙයා හොඳයි කියලා කිව්වා. හැබැයි මම ටික කාලයක් ඉල්ලුවා.

ඒ ටික කාලය කොච්චර කල්ද? ඒක හරියටම අවුරුදු තුනහමාරක්, හතරක් විතර වුණා. ඇත්තටම මේක මුළු ජීවිත කාලයටම ගන්න එක තීරණයක්. ඒ නිසා ඒ තීරණය එක පාර ගන්න මම බය වුණා. ඒ කාලය පුරාවට ඔහු මම වෙනුවෙන් බලන් හිටියා. යාළුකම සුපුරුදු පරිදිම ගෙවුණා. මම හොඳාකාරවම දැනගෙන හිටියා මව්පියන්ගෙන් ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඒත් පොඩි බයක් තිබුණා. මම හැම දෙයක් ගැනම ටිකක් වැඩිපුර හිතනවා. ටික කාලයක් ගියාට පස්සේ මම මේ ගැන මගේ අම්මට කිව්වා. කොහොමහරි සුරාජ් ගෙවල්වලින් ඇහුවා. අන්තිමට දෙපාර්ශවයේම ආශිර්වාදය අපිට ලැබුණා. මම හිතපු නැති විදිහට විවාහය ඉක්මනට ගමු කියලා කට්ටිය කතා වුණා.

පවුලේ එකම දරුවා. විවාහ උත්සවය සැලසුම් කරගෙන තියෙන්නේ කොහොමද? ලොකුවටම නැතිව හෙමීට හෙමීට අපි ඒ දේවල් ප්ලෑන් කරගෙන යනවා. මටවත්, සුරාජ්ටවත් ලොකු විවාහ උත්සව ගන්න එහෙම ලොකු ආසාවක් නෑ. ඒ වුණාට අපේ පවුලේ මම තනි දරුවා. මගේ අම්මටයි, තාත්තටයි ආසාවල් ඇති. එයා පවුලේ ලොකු පුතා. ඉතින්... ඒ අම්මට තාත්තාටත් ආසාවල් ඇති. ඉතින්.... ඒ ආසාවල් එක්ක අපි විවාහ උත්සවයක් ගන්න තීරණය කළා. ඒ දේවල් මේ දවස්වල ප්ලෑන් කරගෙන යනවා.

ඔයා වැඩිපුරම කිට්ටු අම්මට... ඔයයි අම්මයි, තාත්තායි බොහොම සමීපයි. විවාහ වුණ ඕනෑම දරුවෙක්ට අම්මා, තාත්තාගෙන් පොඩ්ඩක් ඈත්වෙන්න සිද්ධ වෙනවා...? ඕනෑම දරුවෙක් විවාහ වුණාම පොඩි ඈත්වීමක් වෙනවා. හැබැයි මම හිතනවා සුරාජ් මාව දන්නවා. මගේ අම්මා, තාත්තා එයා දන්නවා. අපේ පවුල් දෙක හිතවත්. ඒ නිසා මම අම්මගෙන් තාත්තාගෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ. හෙටටත් මම එයාලාගේ ආදරණීය දුව. ජීවිතේ කවුරු මට සමීප වුණත් මගේ අම්මා තාත්තට දක්වන ආදරය සෙනෙහස මගෙන් ඈත් වෙන්නේ නෑ.

► Text -Dishani /  Pic - Sumudu

2018-02-04
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

දයා ගමගේ ඇමැතිවරයගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කරනවා

ප්‍රසංග වේදිකාව සදහා නැතුවම බැරි ප්‍රසිද්ධ නිවේදකයකු වන තිලක් කුමාර රත්නායක පසුගිය දවස්වල ඕස්ට්‍රේලියා ගියා කියලා ආරංචියක් ලැබුණා. ඒ කියන්නේ

අයිරාංගනී හොඳ සුවෙන්. ඒ කතා අමූලික බොරුවක්‌....

කොහොමද ඉතිං? මම ගෙදරට වෙලා හොඳින් ඉන්නවා... අසනීපෙන් කියලා ආරංචි වුණා? මටත් ඒකනම් ආරංචි වුණා. ඔබට කොහොමද ආරංචි වුණේ...? මට

කලාවට බහින මෝඩ වැඩේ මගෙ දරුවො කරන්නෙ නෑ - ජයසිරි

මේ දවස්වල දී ඔබව අපට නිතරම දකින්න ලැබෙනවා නේද? සිඳු ටෙලි නාට්‍යයට මම රංගනයෙන් දායක වෙනවා. මිණිගංදෑල, සඳ එළිය, අළු, නීල පබළු කියන නාට

ආදරය කරන දර්ශනවලදී චුට්ටක් විතර චුරු චුරු ගානවා

තිසුරි යුවනිකා පුංචිම කාලයේ ඉඳන්ම කලා ශේත්‍රයට ආ කෙනෙක් ඒ නිසාම ඇය මේ වනවිට කළා ක්ෂේත්‍රයේ ස්ථාවරයක් හදාගත්ත දක්ෂ ජනප්‍රිය ශිල්පිනියක්. අද ඇය

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම බිහි කළ පුංචි දියණිය මෙන්න

රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම යනු අපි කවුරුත් ආදරය කරන කාගෙත් ආදරය දිනාගත්ත දක්ෂම රංගන ශිල්පිනියක්. මොලොවට ඇය බිහිකළ පුංචි දියණියක් ගැන

පියා පිළිබදව කටකතා නවතන්න අමරසිරි කලංසූරියගේ පුතා කියයි

පියා වෛද්‍ය ප්‍රතිකාර යටතේ රෝහලේ පසුවන අතර කටකතා පැතරවීමෙන් වලකින්නැයි ඉල්ලා ජනප්‍රිය නළු අමරසිරි කලංසූරිය මහතාගේ පුත්‍රයා ඡායාරූප ශිල්පී

පුතා උසස් අධ්‍යාපනයට... විදේශ ගත වෙලා ඉන්නේ - දිල්හානි

කලා දිවියට වසර තිහක් සපිරුණත් ඇය තවමත් එදා වගේම සුන්දර නිහතමානී චරිතයක්. ඇය පිළිබද ජනප්‍රියත්වය තවම අඩුවක් වෙලා නැහැ. නමින් ඇය දිල්හානි

මම නිහඬ කවු­රුත් මගේ හඬ අවදි නොක­රන නිසා රෝහණ බද්දගේ

ජනශ්‍රැති පර්යේෂකය, ප්‍රවීණ දක්ෂතම ගීත රචකයෙක්, දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වශයෙන්ද රෝහණ බැද්දගේ යනු

විවාහ වී වසර එකොළහකට පසුව අපිට පුතෙක් ලැබුණා - හිමාලි

හිමාලි සිරිවර්ධන යනු වත්මන් පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඇය පසුගිය දිනවල තිබූ හිරු dancing star තරගයේ

අප්පච්චි පොලීසිවලින් මාරුවෙවී යද්දී අපේ ඉස්කෝල මාරුවුණා

නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ. ඔන්න ඔහොම තමා උප්පැන්න සහතිකයේ ලියැවිලා තියෙන්නෙ. කියමුද කුරුණෑගල

දරුවෝ තුන්දෙනාම එකම දවසේ කසාද බන්දනවා - තුන් දෙනාම උපාධි තියෙන උගත් දරුවෝ

කලාකාරිණියක්‌ ලෙස ප්‍රසිද්ධ ඇයට ඇත්තේ ඇයටම ආවේණික වූ අනන්‍යතාවක්‌. කාර්යබහුල කලා පවුලක බිරියක් හා අම්මා විදිහට ඇයට ඇත්තේද එසේම වූ අනන්‍ය

අපේ සියලු දේටම.. දේශපාලනය බලපානව. ඇත්තටම අපි දෙන්නා රණ්ඩු වෙලාම නැහැ

එකම ක්ෂේත්‍රයක දස්කම් දක්වන ඔවුහු එකම ව්‍යාපාරයක හවුල්කරුවෝ. එකම වැඩසටහන එකටම මෙහෙයවන ඔවුන් ජීවත් වන්නේද නාවල එකම පෙදෙසක.

අම්මගේ හිත හදන්න රූමත් දුවල දෙන්නත් තට්ටය ගෑවා

මේ ඉන්නේ අක්කගෙ දුවලා දෙන්නයි මමයි. අක්කගෙ කොණ්ඩේ ගියාට පස්සේ ඒ දෙන්නා හුඟක්ම දුක් වුණා ඒ නිසා මාත් කොණ්ඩය කැපුවා. මමත් කොණ්ඩේ මුඩුකළ

සීමා සහිතව තමයි අපිට එදා පිරිමි ළමයි ආශ්‍රය කරන්න ලැබුණෙ

මැණිකක්‌ සේ දිස්‌නය දෙමින් කලා ලොව නමක්‌ රැන්දූ මැණිකේ අත්තනායක නම් වූ ඇය ගැටිස්‌සි කාලෙ කළ කී දේ පිළිබඳ මතකය මෙසේ අවධි කළා. ගැටිස්‌සි කාල

අව්වේ හිටියා කියලා.. අවලස්සන වෙන්නේ නෑ - ප්‍රවීණා

ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව සදහා එතරම්ම ස්ථානයක් නොමැතිවුවත් අපගේ ක්‍රීඩිකාවෝ උපරිම දක්ෂතා දක්වමින් සිටිති. ඒ අතරින් ප්‍රමුඛතම ක්‍රීඩිකාවක ලෙස

මහේෂි මධුසංඛා.... කොල්ලෙක්ට ගහපු හැටි - වීඩියෝව මෙන්න

මහේෂි මධුසංඛා යනු මේ දිනවල පුංචි තිරේ නිතරම අපට දක්නට ලැබෙන කාගෙත් හිත දිනා ගත්ත ආදරණීය දක්‍ෂ රංගන ශිල්පිනියක් මහේෂි කොල්ලෙක්ට බිම දාගෙන

කවී ගත්ත තීරණයකට මම ඇඟිලි ගහන්නේ නෑ - සමිතා

ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසර්ප චිත්‍රපටයේ රංගනයට කවින්ද්‍යාට ආරාධනා ලැබෙද්දී ඔබට මොකද හිතුණේ...? ඇත්තටම කවින්ද්‍යා කවදාවත් රඟපෑමට එකතුවෙන්න

කවියෙන් හොඳින් ම මතු කරන්න පුළුවන් විරහවයි - සංජීවනී

ස්වප්නයක සමාප්තිය සංජීවනී අමුණුගමගේ මුල්ම කුලුදුල් කාව්‍ය නිර්මාණයයි. තමා අත්විඳින හෝ තවත් පුද්ගලයකුගේ.... අත්දැකීම් තමන්ට දැනෙන ආකාරය ප්‍රකාශ

ආදරය බොරුවක්‌. කසාදයක්‌ නම් එපා - වීඩියෝවලින් හිට්‌ වුණ ශෂී

ඇගේ සුන්දරත්වයත් දක්‌ෂතාවයත් නිසාම ඇයට රූප රචනාවන් සඳහා ලැබෙන ආරාධනා එමටයි. ඇය රූපවාහිනී තිරයේ දී දක්‌නට නොලැබෙන දවසක්‌ නැති තරම්ය

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad