අපි වෙන්වුණා.. කියූ ආරංචි බොරු - අමිල අබේසේකර කියයි
Advertisements
GOSSIP C LANKA NEWS

මෙදා ලොකුම මැයි රැලිය කාගෙද - ලොකුම රැලි පවත්වන්නේ ඇයි

කැම්බල් පිටිය එදාට අපි පුරවනවා. අපේ ශක්තිය එදාට පෙන්න නවා එක්සත් ජාතික පක්ෂය අය කියන්නේ එහෙමය. ඉතිහාසයේ දැවැන්තම රැලිය අපි මහනුවර දී

පෙම්වතා සමඟ ගංජ ගැසූ කැම්පස් කෙල්ලට 5,000ක් දඩ

ගංජා... සුරුට්ටුවක් ළග තබා ගැනීම... සහ පානය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට.. ඉදිරිපත් කරන ලැබූ විශ්වවිද්‍යාල සිසුවියකට.. කොටුව මහෙස්ත්‍රාත්

ජී.එස්.පී+ ලංකාවට දෙන්න එපැයි ගෙනා යෝජනාව පරාජය වෙයි

ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන් තුවට ඉදිරිපත් කළ මෝසම.. අද දින පරාජයට පත්විය. ශ්‍රී ලංකාව

ආණ්ඩුවේ.. බහින කලාව ඇරැඹිලා - මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 මේ ආණ්ඩුවේ බහින කලාව ආරම්භ වුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මාතලේ මොයිසි ක්‍රසන්ට් පාරේදී ඊයේ මාධ්‍ය ඇමතූ හිටපු ජනාධිප

මීතොටමුල්ල යනු රෝගය නොව. රෝගයේ ලක්ෂණයක්

දැන් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටි අවසන්ය. මිනිස් ජිවිත හා දේපල බිමට සමතලා වී රටම කතා කරන ඛේදවාචකයක් බවට එය පත්ව තිබේ. දේශපාලකයන්

ආණ්ඩුව දෙදරවන ප්‍රහාරයක් එල්ල කරනවා - විමල් වීරවංශ කියයි

මාව... අත්අඩංගුවට අරගෙන දැනට මාස තුනකට වැඩි. වෙනදා මාසෙකට දෙන්නා ගාණේ හිරේ ගියා... නමුත් මාව අත්අඩංගුවට ගත්තට පස්සේ.. තවම ඒකාබද්ධ

පිටපත රනිල්ගේ.... අධ්‍යක්ෂණය අනුරගේ. නිෂ්පාදනය රෝ ඔත්තු

තෙල් සංස්ථාවේ... සේවක වර්ජනය රඟ දැක්වුණු නාටකයක් බවත් සාකච්ඡා සාර්ථක වූ බැවින් එම සංස්ථාවේ.. සම්පත් විකිණීම නතර වන්නට ඇති බව ජනතාව

ඒකාබද්ධයේ.. තවත් සෙට් එකක් ලබන සතියේ ‍‍දොට්ට?

ශීලනිපයේ... ආසන සංවිධායකයින් ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් ලබන සතියේදී.. එම සංවිධායක ධුරවලින් ඉවත් කිරීම සඳහා තීර

මවගේ අනියම් සැමියා 18 හැවිරිදි සිසුවිය තුන්මස් ගැබිනියක කරළා

තම මව විවාහ වෙලා සිටින දෙවන සැමියා විසින් 18 හැවිරිදි පාසල් සිසුවියක බලහත්කාරයෙන් දූෂණය කොට තුන්මස් ගැබිනියක බවට.. පත්කර ඇති පුවතක් නානු

ප‍්‍රාදේශිය දේශපාලඥයකු.. රංජන් ගේ පක‍්ෂ කාර්යාලයට පහරදීලා

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ මරදගහ මුල පිහිටි පක්ෂ කාර්යාලයට.... ඊයේ 24 පස්වරු 4.00 ට පමණ කඩා වැදුනු ප‍්‍රාදේශි දේශපාලඥය

මේ දිනවල පවතින උණුසුම. මැයි මස 25 දක්වා තියෙනවලු...

දිවයින පුරා පවතින දැඩි උණුසුම් සහිත කාලගුණික තත්ත්වයන් ලබන මස 25 පමණ වන තෙක් පැවැතිය හැකි බවයි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

නිමල් සිරිපාල ජනපතිවයි පක්ෂයයි දාලා පොහොට්ටුවට යන් නෑලූ

රජයේ නායකත්වය දරන ජනාධිපතිතුමන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එදා ජයග්‍රහණය කළේ එදා එක්සත් ජාතික පක්‍ෂය දුන්න ඡන්දවලින්මයි. ශ්‍රී ලංකා නිදහස්

ඇස නොගැටුණු සුන්දර අලුත් දිය ඇල්ලක් බළන්ගොඩින් මතුවේ

බළන්ගොඩමැතිවරණ කොට්ඨාසයට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ රක්ෂිත වන ලැහැබක මෙතෙක් දෙස් විදෙස් සංචාරකය න්ගේ... ඇස නොගැටුණු ඉතාම

ශ්‍රී ලංකාවේ.. ආර්ථික සංවර්ධනය යහපත් - ලෝක බැංකුව පවසයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය මේ වන විට යහපත් අතට පත්ව තිබෙනා බව ලෝක බැංකුව පවසයි. එහි උප සභාපති ඇන්ටි ඩික්සන් ප්‍රකාශ කර.. ඇත්

GSP + ශ්‍රී ලංකාවට ලබාදීමට... එරෙහිව යෝජනාවක් ඉදිරිපත් වේ

ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව වෙතට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ... යුරෝපා පාර්ලිමේන්තුවේ.. පනස්

රොඞ්නි වර්ණකුලත් කුණු සටනේ මහපාරට බැස විරෝධතා..

කොළඹ නගරයේ... එකතුවන කැලිකසල මුතුරජවෙල බෝපිටි ප‍්‍රදේශයට බැහැර කිරීමට විරෝධ පාමින් පැවති විරෝධතයට ප‍්‍රවීණ රංගන ශිල්පී.. රොඞ්නි වර්ණකුල

බිල් ගේට්ස් සිය දරුවන්ට.. ජංගම දුරකතන භාවිතය තහනම් කරලා

ලෝකයේ පෝසත්ම පුද්ගලයා වෙන බිල් ගේට්ස් සිය දරුවන්ට වයස අවුරුදු 14ක් වන තෙක්ම.. ජංගම දුරකත භාවිතය... තහනම් කර තිබේ. දරුවන් තිදෙනෙකුගේ

අඩුම වශයෙන් ජනපතිට කැබිනට් සංශෝධනයවත් සිදු කරන්න බෑ

මේ වසරේ ජනවාරි මාසය උදාවීමත් සමඟ ජනාධිපතිවරයා විසින් දේශපාලනය සහ ආර්ථික වශයෙන් රැඩිකල් තීන්දු තීරණ... රැසක් ගන්නා බවට.. මුදල් රාජ්‍ය

රාජපක්‍ෂ රජයේ පුත්තලම සැලසුම මුළුමනින්ම අසාර්ථක වැඩක්

පසුගිය රජය විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කරපු ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බවයි නියෝජ්‍ය කතානායකතුමා තිලංග

කුණු කන්දේ.. මරණවලට වගකිව යුතු අයට එරෙහිව නඩු දානවා

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියට සම්බන්ධව නගර සභා ආඥා පනතට අනුව.. වගකිව යුත්තන්ට නඩු පැවරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම්

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
අපි වෙන්වුණා.. කියූ ආරංචි බොරු - අමිල අබේසේකර කියයි
GossipClanka.com

අමිල පුංචි තිරයේදී.. ආදරණීය පෙම්වතෙක් ඔහුගේ.... පෙම්වත් චරිතවලට වයස් භේදයක් තොරව ප්‍රතිචාර ලැබෙනවා. පෙම්වතාගේ චරිතවලටම කොටු වෙලා ඉන්න

 

අමිලගේ කලා තොරතුරු වගේම පෞද්ගලික තොරතුරු ගැන කතා කරන්න ඔහුව මෙවර රිවිසරසියට එකතු කරගත්තා. මේ ඒ ගැනයි.

අමිලව පුංචි තිරයේදි නිතරම දකින්නේ පෙම්වතාගේ චරිතයෙන්. අමිලව අලුත් අවුරුද්දේවත් අලුත් චරිතවලින් දකින්න ලැබෙනවද කියලම අපේ කතා බහ ආරම්භ කරමු අලුත් ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙනවා. ඊට අමතරව නිර්මාණය කළ ටෙලි නාට්‍ය පහක් විතර තව ටික දවසකින් විකාශය ආරම්භ කරයි. ඒ චරිත එකිනෙකට වෙනස්. ඒත් පෙම්වතාගේ චරිතයම තමයි.

පෙම්වතාගේ චරිතයෙන් මිදෙන්න කැමති නැහැ වගේ.. ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර අඩුවෙයි කියලද වෙනත් චරිතවලට දායක නොවෙන්නේ..? සොඳුරු දඩයක්කාරයා කියලා මේ දවස්වල අයි.ටී.එන්. එකේ ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. මාළු මුදලාලි කෙනෙක්ගේ චරිතයක්. ඒත් පෙම්වතාම තමයි. ඒත් වෙනස්. එහෙම පෙම්වතාගේ චරිතයෙන් ඉවත් වෙලා වෙනත් චරිත රඟපෑවාට මට ප්‍රතිචාර අඩු වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් මට ගොළු චරිත, පිස්සු චරිතයක් ලැබුණොත් මම කොහොමද තාත්වික විදිහට රඟපාන්නේ. මම ඒ වගේ චරිතයකින් පෙනී ඉඳලා ඒ චරිත හරියාකාරව රඟපෑවේ නැත්තම් මට ප්‍රේක්ෂකයින් ඇත්තටම හිනා වෙයි. නොදන්න දේවල් කරන්න ගිහිං අසාර්ථක වුණා කියලා. ඒ නිසා දන්න දේ කරන එක හොඳයි කියලයි මම නම් හිතන්නේ. අනික චරිතවලට පෙරේතකමට භාර ගන්න එක තේරුමක් නැහැ.

අමිලට වෙනස් වු චරිතවලට ආරාධනා ලැබෙන්නෙත් නැද්ද..? ආරාධනා ලැබෙන්නේ නැහැ. ආරාධනා ලැබෙන හැම චරිතයම පෙම්වතා හැටියටයි රඟපාන්න ලැබෙන්නේ.

ඔබ රඟපාන්නෙම ප්‍රධාන චරිත. අවුරුදු කීයක් පුංචි තිරයේ පෙම්වතා වෙමින් ප්‍රධාන චරිත රඟපෑවාද මට වයස අවුරුදු දහනවයේදී මම රඟපෑම ආරම්භ කළේ. ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් ගියාට පස්සේ 2004 අවුරුද්දේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. එදා ඉඳලා මේ වෙනතුරුම මම ප්‍රධාන චරිත බොහෝමයකට දායක වුණා. ඒ වගේම 2004 ඉඳලා අඛණ්ඩව මම රඟපෑවේ පෙම්වතාගේ චරිතයම තමයි. ඒකත් එක අතකට වාසනාවක්. මොකද එහෙම කාටවත් පෙම්වතාගේ චරිතම ලැබෙන්නේ නැති නිසා. කෙටියෙන්ම කිව්වොත් පෙම්වතාගේ චරිතයට තමයි ඉල්ලුමත් වැඩි.

ඔබ නිර්මාණ කිහිපයකට එකවර රංගන දායකත්වය ලබා දෙනවා.. එකදිගට රඟපාන විට රංගනයේ ප්‍රමිතියත් අඩු වෙනවා නේද..? මම නිර්මාණ තුන හතරකට එකවර සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. සමහර නිර්මාණ විකාශය කරන්නත් කලින් වෙන නිර්මාණවලට ආරාධනා කරනවා. ඒ නිර්මාණයේ මට ලැබෙන චරිතය හොඳ නම්. මට වෙනසක් කරන්න පුළුවන් නම් මම වේලාව වෙන් කරගන්නවා. මගේ රඟපෑමේ කොලිටිය අඩුයි කියලා මම හිතන්නේ නැහැ. මට එහෙම කවුරුත් චෝදනා කරලත් නැහැ.

අමිල අබේසේකරව චිත්‍රපට නළුවෙක් විදිහට හඳුන්වනවාට අකැමැති නිසාද, රිදි තිරයට සම්බන්ධ වෙන්නේ නැත්තේ..? නිර්මාණාත්මක චිත්‍රපටවලට මට ආරාධනා ලැබෙනවා. ගොඩක් වෙලාවට ඒවාට සම්බන්ධ වෙන්න මට වේලාවක් නැහැ. සම්බන්ධ වුණ නිර්මාණවලට කාලය වෙන් කරලා තියෙන නිසා. ඒත් මට නම් දුකක් නැහැ ඒවා මග හැරුණා කියලා. මොකද මම අද ජනප්‍රිය වෙලා තියෙන්නේ ටෙලි නාට්‍ය නළුවෙක් නිසයි. චිත්‍රපටවලට සම්බන්ධ වුණාට ඒවා විකාශය වෙද්දී පරක්කු වෙනවා. විකාශය වෙනකල් විශ්වාසයක් නැහැ. ඒ වගේම හඳුනා ගන්නේ කිහිප දෙනයි. නළුවෙක් කිව්වට ජනතාව අඳුරන්නේ නැහැ. ඒ නිසා මාව ඔය විදිහට හඳුන්වා නොදුන්නාට කමක් නැහැ.

දැන් ජනප්‍රිය කලාකරුවන් යොදාගෙන රියැලිටි වැඩසටහන් බොහෝමයක් නිර්මාණය වෙනවා. ඒවායේ නටන්න ගයන්න ආරාධනා ලැබෙන්නේ නැද්ද..? මම ප්‍රතිපත්තියක් විදිහට කිසිම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්නේ නැහැ. එස්.එම්.එස් තරගනේ ඕවා. මම නටන්න දන්නෙත් නැහැ. ගයන්න දන්නෙත් නැහැ. නොදන්න දේවල් කරන්න ගිහිං ලැජ්ජා වෙන්න බැහැ. ආරාධනා ලැබෙනවා. මම අකැමැතියි කියලා දැන දැනත් කැමැත්ත ලැබෙයි කියලා ආරාධනා කරන පිරිස ඉන්නවා. ඒත් කවදාවත් සම්බන්ධ වෙන්නේ නැහැ.

ව්‍යාපාරිකයෙක් විදිහට අනාගතයේදී දකින්න ලැබෙන නිසා අමිල රංගනයෙන් විශ්‍රාම යනවා කියලා ආරංචියි තවම රංගනයෙන් විශ්‍රාම යන්න අදහසක් නැහැ. ඒත් මම ව්‍යාපාර කටයුතු නම් පටන් ගන්න සැලසුම් කරගෙන යනවා. බොහෝ දුරට ඒ ව්‍යාපාරය පිටරටක පටන් ගන්න ඉඩ තියෙනවා.

ඔබේ බිරිඳ කියන්නේ නැද්ද රංගනයෙන් සමු අරගෙන ඇය ඉන්න රටට එන්න කියලා..? සමහර වෙලාවට එයා කියනවා රඟපෑවා ඇති එන්න කියලා. ඒත් එයා මාව නළුවෙක් හැටියට දිගටම දකින්න කැමැතියි. ඒ නිසා ඒ බලකිරීම හැමදාම කරන්නේ නැහැ. මට වෘත්තීයමය හැකියාව තියෙන්නේ රඟපෑමෙන් කියලා එයා අවබෝධ කරගෙන ඉන්නවා.

විවාහ වෙලා කාලයක් ගත වුණා. ඒත් දෙන්නා දෙපැත්තේ. ඒ නිසා දෙන්නා වෙන් වෙලා කියලත් කට කතා පැතිරෙනවා නේද..? කවුරු මොනවා කිව්වත් ඒ දේවල් අපි දෙන්නාට අදාළ වෙලා නැහැ. අපිට ප්‍රශ්න නැහැ. අපි අවුරුදු ගණනක් රටවල් දෙකක ජීවත් වෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද මම හැම මාසේම එයා ඉන්න රටට දෙතුන් වතාවක් යනවා. එයත් මාසෙකට කිහිප සැරයක් එනවා. අපිට නම් දැනෙන්නේ අපි ළඟ ඉන්නවා කියලයි. එයා තව අවුරුදු දෙකක් විතර වැඩ කරලා ලංකාවේ නතර වෙන්නම එයි.

අලුත් අවුරුද්දේ පුංචි පවුල සම්පූර්ණ කරන්න අමුත්තෙක් පවුලට එකතු වෙයිද..? ඒකට තව කාලය තියෙනවා. අපේ පවුල සම්පූර්ණ කරන්න අපි කාලයට භාර දුන්නා.

කොහොමද තේජාගෙන් ඔබට ලැබෙන සහයෝගය..? එයා ළඟ නොහිටියත් මට උදව් කරනවා. මම රඟපාන හැම නිර්මාණයක්ම එයා නරඹනවා. ඒවා නරඹලා ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්නේ නැහැ.

බිරිඳ ගෙදර නැති නිසා අමිල ගෙදර වැඩ කරන්න දන්නවත් ඇති..? තේජා නැති නිසා මගේ අම්මා මගේ ළඟ ඉන්නවා. අම්මා තමයි මගේ වැඩවලට උදව් කරන්නේ.

තේජා කියන්නේ උයන්න පිහන්න දන්න බිරිඳක්ද..? ඔව්. එයා දෙණියාය ගමේ හැඳුන වැඩුන කෙනෙක්. එයාගේ අම්මට රසට උයන්න පුළුවන්. අම්මාගේ අත්ගුණය එයාටත් පිහිටලා තියෙනවා. එයා පිටරට ජීවත් වුණාට හොඳ ගෘහණියක්.

2017 අවුරුද්දේවත් අමිල අබේසේකරව අධ්‍යක්ෂවරයෙක් හැටියට දකින්න ලැබෙයිද කියලම අපි කතාව අවසන් කරමු..? නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න තරම් මට පළපුරුද්දක් තවම නැහැ. අපි තවම තරුණ වයසේ ඉන්න අත්දැකීම් අහුලමින් ජීවත් වෙන අය. තව අත්දැකීම් ඕන ඒවගේ කටයුත්තක් කරන්න.

හර්ෂණී වීරරත්න | ඡායාරූප- ජානක කඳනආරච්චි

2017-01-08

Advertisements
WEEKEND ARTICLES

මගෙ බලාපොරොත්තුව.... හොඳ නමක් තියාගන නිළියක් වෙන්න

රංගනය, නර්තනය මෙන්ම නිරූපණය තුළ දක්ෂතා දක්වන තවමත් පාසල් වියේ පසුවන ඇය නමින් තරුකායි. ඈ රංගනයෙන් දායක වන.. ටෙලි නාට්‍යයක් මේ

සුභානි හර්ෂණී මුතුකුමාරණ.. මව් පදවියට සූදානම් වෙනවලු

එක කාලයක්‌ ප්‍රසංග වේදිකාව තුළ ඇයගේ හඬ... නිබඳව රසික රසිකාවියන්ට අහන්න ලැබුණා... ඒත් පසු කාලීනව පුංචි නිහැඬියා වක්‌ ප්‍රසංග වේදිකාවේ වගේම....

නිරූපිකාවක් ලෙස. කරලියට ආපු යොවුන් තරුවට නිළිවරම්

ටීනා ෂැනෙල් ගැන මේ දවස්වල කවුරුත් කතා කරනවා. ඒ නිරූපිකාවක් ලෙස කරලියට ආ යොවුන් තරුවක් නිසා. පසු ගිය දවස්වල කා අතරත් ජනප්‍රිය වුණු

නිරූපිකාවක් නොවුනා නම්.. පියුමි අද කවුරු වගේ වෙයිද?

හ්ම්.. ඇත්තටම මම නිරූපිකාවක් වුණේ නැත්නම් අද කවුරු වෙයිද කියලා හිතාගන්න බැහැ. පුංචි කාලේ ඉඳල හිතුවේ ගුවන් සේවිකාවක් වෙන්න තමයි ඉතින්

අපි විවාහයෙන් පසුව සැමරූ පළමු අවුරුද්ද මේක - පූජා උමාෂන්කර්

ලැබූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පූජා උමාශංකර්ට නම් විශේෂ අවුරුද්දක් වුණා. ඒ ඇය විවාහයෙන් පසුව සමරන පළමු අලුත් අවුරුද්ද මෙය වීම. ඉතින්

රීතූ අන්ධයට කිරි කවන්න ගිහින් දෙනුවන්ගේ මුළු මුණෙම කිරි

රිතූ ආකර්ෂා මෙදා අලුත් අවුරුද්ද ගත කළේ හරිම අපූරු විදිහට. ඒ ගැන රිතූ කිව්වේ මේ විදිහට.‘මමනම් හැමදාමත්  අලුත් අවුරුද්දට හුඟක්ම බීසී වෙනවා..

අනූෂා දමයන්ති මෙවර අවුරුද්දට කතරගම ගිහින් නුවරඑළිත් ගිහින්

රංගන ශිල්පිනියක වන අනූෂා දමයන්ති අවුරුද්දට කතරගම වන්දනාවේ ගියා කියල අපිට දැන ගන්නට ලැබුණා. බුදුන්, දෙවියන් සිහිකර අවුරුදු සමරන්න ලැබුණු

දැඩි සත්කාර ඒකකයේ... ප්‍රතිකාර ලැබූ ශිහාන් මිහිරංග සුව අතට

ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග ඩෙංගු වැළඳී දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබමින් සිටි අතර, මේ වනවිට ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව අප

අපේ මිනිස්සුන්ට සිංහලකම මතක් වෙන්නෙ අවුරුදු කාලෙට විතරයි

කොළඹ ආනන්දයෙන් පාසල් අධ්‍යාපන නිමා කළ සහන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ලැබූ විශේෂ උපාධියක්ද ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන්

මට අසභ්‍ය වචන කියලා බැන්නා. කරපුව කියපුව කියන්න අමාරුයි

යශෝධා විමලධර්ම නම් අපේ කාලයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය ශාස්ත්‍ර ගෞරව ප්‍රණාම උපහාරයක් පුදන්නට.. පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලය.. පියවර

වසන්ත ඔබේසේකර.. රඟමඩලින් සමුගනී - ප්‍රවීණ සිනමාවේදියෙක්

ප්‍රවීණ සිනමාවේදී... වසන්ත ඔබේසේකර මහතානන් කොළඹ පෞද්ගලික රෝහලක දී අද (8) පෙරවරුවේ අභාවප්‍රාප්ත වි ඇත. මිය යන විට.. ඔහු අසූවැනි වියේ

ඩිල්ෂාන් කෝපි කඬේට ඇවිල්ලා. පොල්පිති බැට් එකේ අත්සනකුත්

හැමදාමත් වගේම.. කෝපි කඬේ ඉන්න ගම්වාසීන්ට තවත් අලූත් ඉර උදාවක අසිරිය බලන්න වාරය එළැඹුනා... උදේ පාන්දරම කුකුළත් එක්කම නැගිටපු. කෝපි

තිස්ස අත්තනායකට දුව බලන්න.. රට යන්න අවසර දෙයි

එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් මෙන්ම පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වුණු තිස්ස අත්තනායක මහතාට.. විදෙස්ගත

කැසිනෝ ශාලාවක.... ඇරයුමකට ශිල්පා ෂෙට්ටි ලංකාවට අැවිත්

මෙරට ධනපතියෙකුට අයත් වන කැසිනෝ ශාලාව සිය 18 වන සංවත්සරය පසුගිය දිනක සමරනු ලැබුවා. එම සංවත්සරයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස පැමිණිල

ගයේෂාට පුතෙක්‌ ලැබිලා... තාම නමක් දාල නෑ. විස්තර මෙන්න

ගයේෂා පෙරේරා... රංගන ශිල්පිනියක්‌, රූ රැජනක්‌ ලෙසත් දේශපාලන ක්‍රියාකාරිනිය ලෙසත් කවුරුත් දන්න හඳුනන ජනප්‍රියම චරිතයක්‌. පහුගිය දවසක ඇය ඒ

අනික් හැමෝටම වඩා... මම දැන් මුල් තැන දෙන්නේ මහත්තයාට

නදීශා කියන්නේ බය නැති නිළියක් කියල කිව්වත් වැරදි නැහැ. ඒ ඇය සංස්කෘතිය ගැන නොහිතා කලාවේ නිරත වෙන නිසා.. මේ නදීශා සමග අපි කළ කතාබහක්.

අැඟ ලස්සන නම් බිකිනිය අැන්දම මොකද - ඩ්‍රින්ස් නම් ගන්නවා

ආක්ෂා... මොකද මේ දවස්වල කරන්නේ ? ම්...ම්.... මියුසික් වීඩීයෝ කීපයක්ම.. රිලීස් වෙන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක තව වැඩ කීපයක්ම එන්න තියෙනවා..

මගේ තිබුණු ආසාව නිසාම අම්මා නම් විරුද්ධ වුණේ නැහැ.

දෙවැනි ඉනිම කියන් නේ... ටීවී දෙරණ නාළිකාව ගෙනෙන නවතම ටෙලි සිත්තමයි.මේ දින වල.. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක, අපි දෙවැනි ඉනිම සොයා

ක්‍රීඩා කරන කාලේ ඉඳන් ගොඩාක්‌ කට්‌ටිය මාව වට්‌ටන්න බැලුවා

චමින්ද වාස්‌ කියන් නේ ලෝක පූජිත වූ ක්‍රීඩකයෙක්‌. ඔහු පන්දුවෙන් සුවිශේෂී දක්‍ෂතා දැක්‌ වූවෙක්‌... හැබැයි අද දවසේ ඔහු ගැන කතාබහ වෙන්නේ... ක්‍රිකට්‌

අවුරුදු කුමාරිය තෝරන්න ගිහින්. මමත් කුමාරයෙක්‌ හොයාගත්තා..

අහස හැන්දෑවට එක වගේම වෙන්නෙ නැහැ. හැන්දෑවට කොළඹ අහස යටින් නියොන්එළි දැල්වෙනවා. ගමේ වෙල් එළියට තියෙන්නෙ හඳපාන විතරයි. කවි

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status